Japanese Cafe Online Institute

  • Home
  • Japanese Cafe Online Institute

Japanese Cafe Online Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Japanese Cafe Online Institute, .

🇯🇵Japanese Cafe Online Institute
JLPT N5•N4•N3
Spoken classes with native Japanese teachers
Teachers based in Japan
Sinhala notes & explanations
Visa Consultations & Guidance

🌸 Your Journey to Japan starts here 🌸

21/09/2026

🇯🇵📚 JLPT N3 過去問 解説|Part 2

JLPT N3 විභාගයට සූදානම් වෙන ඔබ වෙනුවෙන්! 💪✨

මෙවරත් පසුගිය N3 ප්‍රශ්න පත්‍රයෙන් එක ප්‍රශ්නයක් බැගින් අරගෙන, නිවැරදි පිළිතුර තෝරාගන්නේ කොහොමද? 🤔
ඒ වගේම ඇයි ඒ පිළිතුර නිවැරදි? කියන එක සරලව පැහැදිලි කරමු. ✍️🇯🇵

🎯 N3 Exam එකට සූදානම් වෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න!

☕ Japanese Cafe Online Institute
📖 Learn Japanese | JLPT Preparation

ඔබට පිළිතුර කලින්ම හිතාගන්න පුළුවන්ද? 🤔
👇 Comment එකකින් ඔබේ පිළිතුර කියන්න!

#日本語勉強 #過去問

🇯🇵 ජපානයේ අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් ලක්ෂය ඉක්මවයි! 👵👴ජපානයේ අවුරුදු 100 හෝ ඊට වැඩි වයසැති පුද්ගලයින්ගේ සංඛ්‍යාව පළමු...
16/09/2026

🇯🇵 ජපානයේ අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් ලක්ෂය ඉක්මවයි! 👵👴

ජපානයේ අවුරුදු 100 හෝ ඊට වැඩි වයසැති පුද්ගලයින්ගේ සංඛ්‍යාව පළමු වරට ලක්ෂය ඉක්මවා තිබෙනවා.

📊 සැප්තැම්බර් 1 වන විට ජපානය පුරා අවුරුදු 100+ පුද්ගලයින් 107,677 දෙනෙකු ජීවත් වන බව වාර්තා වේ.

➡️ පසුගිය වසරට වඩා 7,914 දෙනෙකුගේ වැඩිවීමක්!

මෙය ජපානයේ අවුරුදු 100 ඉක්මවූ ජනගහනය අඛණ්ඩව 56 වැනි වසරටත් වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමක්.

👵 තවත් විශේෂ කරුණක්:
මෙම පිරිසෙන් 88%ක් පමණ කාන්තාවන්!

🎂 ජපානයේ වයස්ගතම කාන්තාව ලෙස Kyoto නගරයේ 114 හැවිරිදි Kishimoto Fuyo සඳහන් වන අතර, වයස්ගතම පිරිමියා ලෙස Kumamoto නගරයේ 112 හැවිරිදි Kato Hikaru සඳහන් වේ.

📌 1963දී ජපානයේ අවුරුදු 100+ පුද්ගලයින් සිටියේ 153 දෙනෙකු පමණයි.
අද වන විට එම සංඛ්‍යාව 107,677ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

🇯🇵 ජපානයේ දිගු ආයු අපේක්ෂාව ලෝකයට පෙන්වන තවත් විශේෂ සංඛ්‍යාලේඛනයක් වුණත්, වයස්ගත ජනගහනය වැඩිවීමත් සමඟ සෞඛ්‍ය සේවා, වැඩිහිටි රැකවරණය සහ සමාජ සුබසාධනය සම්බන්ධයෙන් ජපානයට ඉදිරියේදී විශාල අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත.

💬 ඔබ ජපානයේ ජීවත් වෙනවා නම්, අවුරුදු 100 ඉක්මවූ කෙනෙක් හඳුනනවාද? 🇯🇵❤️

#ජපානය #ජපානපුවත්

🌸「とても・たくさん・大勢」මේ වචන තුනම සිංහලෙන් “ගොඩක් / ඉතාම” වගේ අදහසක් දුන්නත්, යෙදෙන්නේ වෙනස් විදිහට. 1) とても(totemo)✨👉 ඉතාම / ගොඩ...
07/09/2026

🌸「とても・たくさん・大勢」

මේ වචන තුනම සිංහලෙන් “ගොඩක් / ඉතාම” වගේ අදහසක් දුන්නත්, යෙදෙන්නේ වෙනස් විදිහට.

1) とても(totemo)✨

👉 ඉතාම / ගොඩක්
➡️ විශේෂණ (Adjective) එක්ක භාවිතා කරනවා.

とても + い形容詞 / な形容詞

とても暑いです。
ඉතාම උණුසුම්. ☀️

とてもきれいな町です。
ඉතාම ලස්සන නගරයක්. 🌸

❌ とても人がいます。
⭕ たくさん人がいます。

2) たくさん(takusan)🍎

👉 ගොඩක් / බොහෝ
➡️ දේවල්, මිනිසුන්, ආහාර වගේ ප්‍රමාණය වැඩි බව කිවීමේදී භාවිතා කරයි.

Noun + たくさん

りんごをたくさん買いました。
ඇපල් ගොඩක් මිලදී ගත්තා. 🍎

日本には外国人がたくさんいます。
ජපානයේ විදේශිකයන් ගොඩක් ඉන්නවා.

💡 たくさん ක්‍රියාපදයක් සමඟත් යෙදෙන්න පුළුවන්.

たくさん食べました。
ගොඩක් කෑවා.

3) 大勢(おおぜい)👨‍👩‍👧‍👦

👉 මිනිසුන් ගොඩක් / විශාල පිරිසක්
➡️ මිනිසුන්ට පමණයි භාවිතා කරන්නේ.

大勢の + 人

大勢の人が来ました。
මිනිසුන් විශාල පිරිසක් ආවා.

大勢の学生が参加しました。
ශිෂ්‍යයන් විශාල පිරිසක් සහභාගී වුණා.

❌ 大勢のりんご
❌ 大勢の車
⭕ 大勢の人

#日本語 #日本語勉強 #日本語学習 #日本語文法 #とても #たくさん #大勢 #日本語教師 #日本語オンラインレッスン 🇯🇵🌸

06/09/2026

📚✨ 2025 JLPT N3 – 出題された「受け身形」問題を徹底解説!🇯🇵

2025 වසරේ JLPT N3 විභාගයට ඇතුළත් වූ 受け身形(うけみけい) ආශ්‍රිත ප්‍රශ්නයක් අද අපි සාකච්ඡා කරමු! 💡

❓ ප්‍රශ්නය හරියට තේරුම් ගන්නේ කොහොමද?
🔎 නිවැරදි පිළිතුර තෝරාගන්නේ කොහොමද?
📝 මෙහිදී 受け身形 භාවිතා වන ආකාරය මොකක්ද?

මේ වීඩියෝවෙන් ප්‍රශ්නයට පිළිතුර විතරක් නෙමෙයි, ඒ පිළිතුර නිවැරදි වීමට හේතුවත් සරලව පැහැදිලි කරලා දෙනවා. 🥰

JLPT N3 සඳහා සූදානම් වෙන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න! 💪🇯🇵

📌 Japanese Cafe Online Institute
「日本語を楽しく学び、JLPT合格を目指そう!」🌸

#受け身形 #うけみけい #日本語勉強 #日本語学習

🇯🇵 වයස අවුරුදු 15දී Curry Restaurant එකක Part-Time සේවිකාවක්… අවුරුදු 22දී සමාගමේ President! 👩‍💼🔥මේක ජපානයේ සිදුවුණු ඇත්...
02/09/2026

🇯🇵 වයස අවුරුදු 15දී Curry Restaurant එකක Part-Time සේවිකාවක්… අවුරුදු 22දී සමාගමේ President! 👩‍💼🔥

මේක ජපානයේ සිදුවුණු ඇත්තම කතාවක්. 🇯🇵

諸沢莉乃 (Rino Morosawa) වයස අවුරුදු 15දී, High School එකේ පළමු වසරේදී CoCo Ichibanya Curry Restaurant එකක තමන්ගේ පළමු Part-Time job එක පටන් ගත්තා.

ඇය Customer Service එකට කොච්චර දක්ෂ වුණාද කියනවා නම්, ශිෂ්‍යාවක්ව සිටියදීම CoCo Ichibanya ජාතික Service Competition එකේ National Finals දක්වා යන්න ඇයට හැකි වුණා. 🍛

වයස අවුරුදු 19දී, ජපානය පුරා CoCo Ichibanya chain එකේ සිටි Customer-Service Specialists 15 දෙනාගෙන් එක් අයෙක් බවට ඇය පත්වුණා.

ඒ අවස්ථාවේදී ඇයගේ දක්ෂතාවය දැකපු franchise company එකේ Founder Daisuke Nishimaki ඇගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා…

👉 “ඔයාට මේ සමාගමේ ඊළඟ President වෙන්න කැමතිද?”

ඇය එදා වයස අවුරුදු 20යි. 😮

ඉන්පසු වසර දෙකක් Management Training ලබාගෙන,

📅 2024 මැයි 1

වයස අවුරුදු 22දී, CoCo Ichibanya restaurants පවත්වාගෙන යන Skyscraper සමාගමේ President බවට ඇය පත්වුණා.

ඒ වෙලාවේ සමාගමට restaurants 25ක්, employees 400කට ආසන්න පිරිසක් සහ වාර්ෂික විකුණුම් ¥2 billionකට ආසන්න ප්‍රමාණයක් තිබුණා.

🔥 හැබැයි කතාවේ මට නම් වඩාත්ම කැමති කොටස මේකයි…

President වුණාට පස්සේ ඇය office එකේ විතරක් ඉඳගෙන company එක පාලනය කළේ නැහැ.

ඊළඟ දවසේම ආයෙත් CoCo Ichibanya uniform එක ඇඳගෙන restaurant floor එකට ගියා. 🍛

අදත් ඇය සමාගමේ සෑම restaurant එකකටම මාසයකට වරක් ගිහින් staff සමඟ එකතු වෙලා වැඩ කරනවා.

2026 වන විට ඇයගේ company එක:

🏪 Restaurants – 32
👥 Employees – 488
💰 Annual Sales – ¥2.55 Billion

දක්වා වර්ධනය වෙලා තියෙනවා.

ඒත් ඇයගේ ඉලක්කය එතනින් නවතින්නේ නැහැ.

🎯 ඉදිරි වසර 10 තුළ Annual Sales ¥10 Billion කරන්න!

වයස 15දී ඇය restaurant එකක floor එක mop කරමින්, customersලාට curry serve කරමින් පටන් ගත්ත ගමන…

අද ¥2.5 Billionකට වැඩි annual sales තියෙන company එකක President කෙනෙක් දක්වා ඇයව ගෙනවිත් තියෙනවා.

💡 මේ කතාවෙන් මට නම් පේන්නේ එක දෙයක්.

ඔයා අද පටන් ගන්න තැන පොඩි වෙන්න පුළුවන්.

Part-time job එකක් වෙන්න පුළුවන්.
පුංචි business එකක් වෙන්න පුළුවන්.
කවුරුත් නොදකින වැඩක් වෙන්න පුළුවන්.

ඒත් ඔයා ඒක කොච්චර dedication එකකින් කරනවද කියන එක තමයි වැදගත්.

වයසට වඩා හැකියාව වැදගත්.
Position එකට වඩා attitude එක වැදගත්.
ආරම්භ කරන තැනට වඩා, යන්න හිතාගෙන ඉන්න තැන වැදගත්. ❤️🇯🇵

🔰N1 文法みなさん、こんにちは😊お元気ですか?いろいろなことでストレスがたまっていたり、忙しかったりすると思いますが、少しずつでも勉強を進めていきましょうね📚✨今日は、N1レベルの文法を紹介したいと思います!難しい文法ですが、ぜひ最後まで...
19/08/2026

🔰N1 文法

みなさん、こんにちは😊
お元気ですか?

いろいろなことでストレスがたまっていたり、忙しかったりすると思いますが、少しずつでも勉強を進めていきましょうね📚✨

今日は、N1レベルの文法を紹介したいと思います!
難しい文法ですが、ぜひ最後まで読んで、しっかり覚えてみてください😊

みなさんの日本語の勉強に少しでも役に立てたら嬉しいです🌸✨

✌️では、皆んなに分かるためシンハラ語で説明します。

🌸Hi යාලුවනේ කොහොමද ඔයාලට..?
හොදින් ඉන්නව නේද.. අද මම
පැහැදිලි කරන්න යන්නෙ N1 level එකේ Grammar එකක්..

⭕️なり

✌️(Aすると、すぐB)

⭕️1 කොටස

🌸මුලින්ම කියන්න ඕනි මේ なり කියන Grammar එකේ විවිධ ස්වරූප තියෙනවා ඒක නිසා පටලවාගන්න එපා..

🌸අද කියල දෙන්න හදන්නෙ..

⭕️辞書形 + なり
   ( 見る+なり)
කියන ස්වරූපයයි..

✌️එහෙමනම් අපි
මුලින්ම බලමු මේක මොනවගේ තැන්වල්දි යෙදෙන්නෙ කියල උදාහරණයක් මගින්..

😁අම්මෙ අද මාර වැඩක්නෙ උනේ

( මල්ලී ගෙදර ආව ගමන්ම ටොයිලට් එකට දිව්වා..)

අදත් ජරා කොත්තුවක් කාල වගේ..😂

🌸මෙතනදී මල්ලි ගෙදර ආව ගමන්ම ටොයිලට් එකට දිව්වා කියන එකේදී තමා なり කියන ග්‍රැමර් එකේදී භාවිත වෙන්නෙ..

🌸ගෙදර අවගමන් තවත් යමක් සිදුකිරීමේදී なり යන්න භාවිත වෙනවා.

✅弟は帰宅するなりトイレに入った。

✌️තවත් උදාහරණයක් අරන් බලමු අපි..

🌸නංගී අම්මව දැක්ක විතරයි අඩන්න පටන් ගත්තා..

✌️මෙතනදී නංගී අම්ම එන්න කලින් හොදට හිටියා නමුත් අම්ම දැකපු ගමන්ම නංගී අඩන්න ගත්තා යන්න පැවැසීමේදී භාවිත වේ..

✅妹は母親を見るなり泣き出した。

⭕️තවත් උදා කීපයක්..

🌸අයියා ගෙදර ආව ගමන්ම ගේම් ගහන්න පටන් ගත්තා.

✅兄は帰ってくるなりゲームを始めた。

🌸ඒ කපල් එක ට්‍රේන් එකෙන් බැස්ස විතරයි වලියක් දාගත්තා..

✅そのカップルは電車を降りるなりけんかを始めた。

🌸ඔහු වැඩ ඔෆ් වුන ගමන්ම සිගරට් එකක් බොන්න පටන් ගත්තා..

✅彼は退勤するなりタバコを吸いました。

⭕️⭕️සැයු -

✌️මෙහෙදීなり යන්න තමන් ගැන යමක් පැවැසීමේදී භාවිත නොකරයි..

❎උදා-: (මම) රාත්‍රි ආහරය ගත්තා විතරයි නින්දගියා

✌️ඒ වගේම දෙදෙනෙකුගේ ක්‍රියා දෙකක් පැවැසීමේදීද භාවිත නොකරයි..

❎උදා -:තාත්තා ගෙදර ආව විතරයි මල්ලී පාඩම් කරන්න පටන් ගත්තා

✍️සටහන -: Nuwan Dissanayake

#日本語文法 #日本語学習 #日本語勉強 #日本語を学ぼう #なり #なり文法 #日本語講座 #日本語レッスン #සිංහලෙන්ජපන් #ජපන්භාෂාව

17/08/2026

JLPT / NAT N3 පාඨමාලාව 🇯🇵📚
Japanese Cafe Online Institute ☕🇯🇵

#日本語 #日本語勉強 #日本語学習

🇱🇰 JLPT December 2026 — ශ්‍රී ලංකාවෙන් Apply කරන ආකාරය 🇯🇵👉 1. JLEA Sri Lanka නිල වෙබ් අඩවියට යන්නJLEA – JLPT Sri Lanka න...
15/08/2026

🇱🇰 JLPT December 2026 — ශ්‍රී ලංකාවෙන් Apply කරන ආකාරය 🇯🇵

👉 1. JLEA Sri Lanka නිල වෙබ් අඩවියට යන්න
JLEA – JLPT Sri Lanka නිල වෙබ් අඩවියෙන් December 2026 JLPT registration තොරතුරු බලන්න.

👉 2. Registration Open කරලා තිබේද බලන්න
December JLPT සඳහා registration සාමාන්‍යයෙන් August මාසයේ පැවැත්වේ. ⚠️ Limited capacity නිසා seats පිරුණොත් registration කලින් close විය හැක.

👉 3. Online Application එක ආරම්භ කරන්න
Online Registration / Apply option එක තෝරා application form එක පුරවන්න.

👉 4. අවශ්‍ය තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න
• Full Name
• Personal Details
• අවශ්‍ය Identification Details
• Contact Details
• JLPT Level — N5 / N4 / N3 / N2 / N1
• අවශ්‍ය Photo එක සහ අනෙකුත් application details

👉 5. Online Payment කරන්න 💳
Application එක submit කළ පසු JLEA ලබාදෙන online payment method එක හරහා exam fee එක ගෙවන්න.

👉 6. Reference Number & Password save කරගන්න 📱
Payment කිරීමෙන් පසු Reference Number සහ Password අනිවාර්යයෙන් save කරගන්න.
Payment status එක Applicant Login හරහා check කරන්න.

⚠️ වැදගත්: Successful payment එකකට වෙනම confirmation email එකක් නොලැබෙන බව JLEA සඳහන් කරයි.

👉 7. Test Voucher එක ලබාගන්න
Exam එකට පෙර Applicant Login හරහා Test Voucher එක download කරලා print කරගෙන යන්න.

👉 8. Exam Day එකේ 📝
NIC හෝ Passport එක අනිවාර්යයෙන් රැගෙන යන්න. Test Voucher එකත් රැගෙන යාමට අමතක කරන්න එපා.

⚠️ වැදගත්ම දේ

JLPT registration එක limited capacity / first-come-first-served ආකාරයට සිදුවන නිසා, registration open වූ වහාම apply කිරීම වඩාත් සුදුසුයි.

📅 December 2026 JLPT: 2026 දෙසැම්බර් 6
🇱🇰 Sri Lanka Registration: JLEA Sri Lanka හරහා Online

🔗 JLEA – JLPT Sri Lanka Official Website:
https://www.jlea.lk/jlpt.php

📌 Registration dates සහ fee වැනි දේවල් official JLEA announcement එක අනුව වෙනස් විය හැකි බැවින්, Apply කිරීමට පෙර JLEA website එකෙන් latest information එක check කරන්න.

28/01/2026

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Japanese Cafe Online Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your university to be the top-listed university?

Share