Asian Little Star Pre School

Asian Little Star Pre School Asian Little Star Preschool & Day Care Center
Thalagaha-Akmeemana

* Sinhala and English medium classes
* Play group
* Day Care Center

Happy Birthday  Vinu Akarsha  ❤️Wishing you a day full of joy, laughter, and magical moments. Keep shining bright like t...
15/06/2026

Happy Birthday Vinu Akarsha ❤️
Wishing you a day full of joy, laughter, and magical moments. Keep shining bright like the little star you are!
✨🎂 -
With love from all of us at Asian Little Star Preschool 💕

14/06/2026

මේ දිනවල දිවයින පුරා දරුවන් අතර ප්‍රධාන රෝග කිහිපයක පැතිර යාමක් දක්නට ලැබෙන බැවින් දෙමාපියන් ඒ පිළිබඳව අතිශය විමසිලිමත් විය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් පා සහ මුඛ රෝගය (HFMD) මෙන්ම මෙනින්ජයිටිස් (Meningitis) යන රෝග මේ වන විට ළමයින් අතර බහුලව වාර්තා වන බවයි. මෙම රෝගයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව හෙතෙම අවධාරණය කරයි.

වෛද්‍යවරයා විසින් පෙන්වා දුන් එම රෝගවල ලක්ෂණ සහ ගත යුතු පියවර පහත පරිදි වේ:

1. ඩෙංගු රෝගය (මාරාන්තිකයි)

රෝග ලක්ෂණ: තද උණ, හිසරදය, ඇස් යට කැක්කුම, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව, වමනය සහ බඩඑළිය යාම.
උපදෙස්: දරුවාට දින 2කට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.
2. ඉන්ෆ්ලුවෙන්සා රෝගය

රෝග ලක්ෂණ: උණ සමඟ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, දැඩි ඇඟපත වේදනාව සහ හන්දිපත් රුදාව.
උපදෙස්: රෝගය පවතී නම් දරුවා පාසල් හෝ පෙර පාසල් නොයවා නිවසේ විවේක ගැන්විය යුතුය. වෙනත් දරුවන්ට බෝවීම වැළැක්වීම සඳහා මුඛ ආවරණ (Masks) පැළඳවීම අනිවාර්ය වේ.
3. අත්, පා සහ මුඛ රෝගය (Hand, Foot, and Mouth Disease)

හේතුව: ‘කොක්සැකී’ (Coxsackievirus) නමැති වෛරසය.
රෝග ලක්ෂණ: පාද, වැලමිට සහ මුඛය ආශ්‍රිතව රතු ලප මෙන්ම ඇතැම් විට සුදු වතුර පිරුණු බිබිලි ඇති වීම.
බෝවන ක්‍රමය: රෝගී දරුවෙකු තවත් දරුවෙකුගේ ශරීරයේ ගැටීමෙන් (ස්පර්ශයෙන්).
උපදෙස්: රෝග ලක්ෂණ පවතී නම් දරුවා දින 3-4ක් නිවසේම තබාගෙන ප්‍රතිකාර කළ යුතුය.
4. මෙනින්ජයිටිස් රෝගය (Meningitis)

හේතුව: වෛරස් ආසාදනයක්.
රෝග ලක්ෂණ: උණ සමඟ දැඩි හිසරදය, වමනය, විදුලි එළියක් හෝ යම් ආලෝකයක් දෙස බැලීමේ අපහසුව (Phophobia), ශබ්ද ඇසීමට අකමැති වීම සහ ඇඟපත රුදාව.
බෝවන ක්‍රමය: ශ්වසන මාර්ගය සහ ආහාර මාර්ගය හරහා.
උපදෙස්: පැතිරීම පාලනය කිරීමට පිරිසිදු ආහාර ලබාදීම, උණුකර නිවාගත් ජලය පමණක් පානය කිරීමට දීම සහ මුඛ ආවරණ පැළඳවීම සිදු කළ යුතුය.

Happy Birthday  Rashon Sakithya  ❤️Wishing you a day full of joy, laughter, and magical moments. Keep shining bright lik...
10/06/2026

Happy Birthday Rashon Sakithya ❤️
Wishing you a day full of joy, laughter, and magical moments. Keep shining bright like the little star you are!
✨🎂 -
With love from all of us at Asian Little Star Preschool 💕

Happy Birthday  Onithi Ananya  ❤️Wishing you a day full of joy, laughter, and magical moments. Keep shining bright like ...
06/06/2026

Happy Birthday Onithi Ananya ❤️
Wishing you a day full of joy, laughter, and magical moments. Keep shining bright like the little star you are!
✨🎂 -
With love from all of us at Asian Little Star Preschool 💕

🌟 A very Happy   Birthday to our little star! 🎉🎂 We hope your day was as bright and special as you are. Wishing you a ye...
05/06/2026

🌟 A very Happy Birthday to our little star! 🎉🎂 We hope your day was as bright and special as you are.

Wishing you a year full of love, laughter, and amazing adventures ahead! 💕✨

Hand, Foot and Mouth Disease (HFMD) කියන්නේ බොහෝ විට කුඩා දරුවන්ට වැළඳෙන වෛරස් රෝගයකි. එය සාමාන්‍යයෙන් බරපතළ නොවන අතර දි...
05/06/2026

Hand, Foot and Mouth Disease (HFMD) කියන්නේ බොහෝ විට කුඩා දරුවන්ට වැළඳෙන වෛරස් රෝගයකි. එය සාමාන්‍යයෙන් බරපතළ නොවන අතර දින 7–10ක් ඇතුළත සුව වේ.

ලක්ෂණ...

🔴 උණ
🔴 උගුරේ වේදනාව
🔴 ආහාර රුචිය අඩුවීම
🔴 මුඛය ඇතුළත වේදනාකාරී බිබිලි හෝ තුවාල
🔴 අත්ලවල සහ පාද තලවල රතු පැල්ලම් හෝ බිබිලි
🔴 සමහර විට තට්ටම්වල හෝ පාදවල දද වැනි පැල්ලම්

පැතිරෙන ආකාරය...

🔴 කැස්ස සහ කිවිසුම් මඟින්
🔴 කෙළ හෝ නාසයෙන් පිටවන ද්‍රව මඟින්
🔴 බිබිලිවල ද්‍රව ස්පර්ශ කිරීමෙන්
🔴අපිරිසිදු අත් හෝ භාණ්ඩ ස්පර්ශ කිරීමෙන්

ප්‍රතිකාර...

HFMD සඳහා විශේෂ ඖෂධයක් නොමැත. සාමාන්‍යයෙන්:
🔴 විවේක ගැනීම
🔴 ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම
🔴 උණ සහ වේදනාව අඩු කිරීමට වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ගැනීම
🔴 මෘදු, සිසිල් ආහාර ලබා දීම
වැළැක්වීම
🔴 නිතර අත් සෝදීම
🔴 දරුවන්ගේ සෙල්ලම් බඩු සහ භාවිත කරන දේවල් පිරිසිදු කිරීම
🔴 රෝගී දරුවන් සමීප සම්බන්ධතා වලින් වෙන් තබා ගැනීම

වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා:

🔴 දරුවාට ජලය බොන්න අපහසු වීම
🔴 අධික උණ දින කිහිපයක් පැවතීම
🔴 නිදිබර ගතිය හෝ අසාමාන්‍ය දුර්වලතාව
ලක්ෂණ ඉතා දරුණු වීම

පෙරපාසල් වයසේ දරුවන්ට HFMD ඉතා සාමාන්‍යයෙන් දක්නට ලැබෙන රෝගයකි.

03/06/2026
Happy Birthday  Sithuni Ahasna ❤️Wishing you a day full of joy, laughter, and magical moments. Keep shining bright like ...
02/06/2026

Happy Birthday Sithuni Ahasna ❤️
Wishing you a day full of joy, laughter, and magical moments. Keep shining bright like the little star you are!
✨🎂 -
With love from all of us at Asian Little Star Preschool 💕

Address

Wemulla Waththa, Thalagaha Akmeemana
Akmeemana
20

Alerts

Be the first to know and let us send you an email when Asian Little Star Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Asian Little Star Pre School:

Share