Student Action Committee - University College of Anuradhapura

Student Action Committee - University College of Anuradhapura නිදහස් අධ්‍යාපනය රැකගැනීම උදෙසා......

24/09/2026

🏏 ONE GROUND • SIX COLLEGES • ONE CHAMPION 🏆

The stage is set for the ultimate battle! The Inter University College Student Action Committee presents the annual Cricket Tournament ⚡

Get ready to cheer for your college as UCA, UCB, UCJ, UCK, UCM, and UCR go head-to-head for glory! 💥

🗓 Date: Sunday, 11th October 2026
📍 Venue: Salgadu Ground, Anuradhapura

Mark your calendars, gather your squad, and stay tuned for more updates! 🔥

CricketTournament2026

30/07/2026

🔥 අවුරුදු 11ක ලේ, දහඩිය, කඳුළු මතින් ලියවුණු ඓතිහාසික ජයග්‍රහණය උදා වී ඇත!✊❤️‍🔥

කඩදාසිවලට පමණක් සීමා කර, අපගේ NVQ Level 7 (B-Tech) උපාධි සිහිනය අහුරා දැමූ අසාධාරණ නිලධාරීවාදයට එරෙහිව අප නැගූ හඬ හමුවේ ඒ අසාධාරණය අද දණගසා ඇත!

අප කළ අඛණ්ඩ අරගලයේ සහ නොසැලෙන එකමුතුකමේ ප්‍රතිඵලයක් ලෙස, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) උපකුලපතිවරයා විසින් සියලුම University Colleges (බටංගල, කුලියාපිටිය, රත්මලාන, මාතර, අනුරාධපුර, යාපනය) පූර්ණ විශ්වවිද්‍යාල පරිශ්‍ර (University Campuses) සහ අවුරුදු 4ක පූර්ණ B-Tech උපාධි ලබාදෙන ආයතන ලෙස උසස් කිරීමට අදාළ නිල නියෝගය මේ වන විට නිකුත් කර තිබේ!

📌 ලිපිය මගින් තහවුරු කළ ප්‍රධාන කරුණු:

ඉදිරි සති 06 ඇතුළත ඊට අවශ්‍ය යටිතල පහසුකම් සහ මානව සම්පත් සකස් කර වාර්තා කරන ලෙස පාලනාධිකාරියට නියෝග කිරීම.

ඊට අවශ්‍ය පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශය මගින් ලබා දෙන බවට නිල වශයෙන් තහවුරු කිරීම.

විශ්ව විද්‍යාල විද්‍යායතන සිසුන් වෙත B-Tech උපාධිය ලබා දීමට අකමැති වූ පිරිස් බොහෝය. අවුරුදු 11ක් තිස්සේ එය මෙසේ ප්‍රමාද වූයේ වෘත්තීය අධ්‍යාපනය වලපල්ලට ඇදදැමීමට උත්සහ කල අදූරදර්ශී නිලධාරීවාදයයි. එහෙත් අව්වැසි නොතකා අපගේ අනාගතය මහපාරේ දියකරමින් අප නැගූ හඬ කිසිම දිනක අසාර්ථක වූයේ නැත. අපගේ කැපවීම අද ඉතිහාසය වෙනස් කර ඇත! නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් පාරට බැස, අරගලය විශ්වාස කරමින් අපගේ සටන් ව්‍යාපාරයට සක්‍රීයව සහය දුන් සියලුම සහෝදර සහෝදරියන්ට අපගේ හදපිරි ප්‍රණාමය!

හුදෙක් මෙය ආරම්භයක් පමණි.

විශ්වවිද්‍යාල විද්‍යායතන වල අනාගතය සහ වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කරගැනීම වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අපි තවදුරටත් සීරුවෙන්.

නිදහස් අධ්‍යාපනය දිනේවා! ✊🏴

අරගලයට ජය!

-අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව-

අද අප මුහුණ දී සිටින තිත්ත ඇත්ත මෙයයි. දූරදර්ශී නොවන, තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරන බලධාරියෙකුගේ තීරණ නිසා රටේ අ...
27/07/2026

අද අප මුහුණ දී සිටින තිත්ත ඇත්ත මෙයයි.

දූරදර්ශී නොවන, තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරන බලධාරියෙකුගේ තීරණ නිසා රටේ අනාගතය භාර ගැනීමට සිටින සමස්ත ශිෂ්‍ය පරම්පරාවකගේම සිහින සහ බලාපොරොත්තු අඳුරේ ගිලී යමින් පවතී.

# ශිෂ්‍ය අදහසට සවන් නොදීම.
# ශිෂ්‍යන් සමග ගැටළු සාකච්ඡා නොකිරිම .
# ගැටලු පෙන්වා දුන්නත් විසදුම් නොදීම .
# ශිශ්‍යයින් සමග එක්ව අසාධාරණ කම් වලට නැගී නොසිටීම .
# ශිෂ්‍යයන්ගේ අනාගතය සරු කිරීමට වගකීම් සහ තීරණ නොගැනීම.

ඉහත වගකිම් පැහැර හැරීම සහ ප්‍රශ්න මගහැරීම , තීරණ ගැනීමට ඇති බිය බලධාරින්ගෙන් නූගත්කම පෙන්වයි .
අධ්‍යාපනය යනු රටක කොඳු නාරටියයි. එය කඩා වැටීමට ඉඩ දීම යනු රටක විනාශයේ ආරම්භයයි. තවදුරටත් අපට නිහඬව බලා සිටිය නොහැක. අපගේ අයිතිවාසිකම් සහ අපගේ අනාගතය වෙනුවෙන් හඬ නැගීමට කාලය පැමිණ ඇත.

🔥 ශිෂ්‍ය බලයට මුහුණ දීමට සූදානම් වනු! 🔥
අපගේ එකමුතුකම සහ ශක්තිය අප පෙන්විය යුතුය. අසාධාරණයට එරෙහිව නැගී සිටිමු!

🏫 ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - විශ්ව විද්‍යාල විද්‍යායතනය, අනුරාධපුර

ශිෂ්‍යයන්ගේ දහඩිය , කඳුළු සහ අනාගතය මතින් තමන්ගේ පුටුව රැකගන්න හදන , දිව දෙකේ වචන දොඩමින් රාජකාරි වගකීම් පැහැර හරින , තන...
25/07/2026

ශිෂ්‍යයන්ගේ දහඩිය , කඳුළු සහ අනාගතය මතින් තමන්ගේ පුටුව රැකගන්න හදන , දිව දෙකේ වචන දොඩමින් රාජකාරි වගකීම් පැහැර හරින , තනතුරටත් අවනම්බු වන ලෙස හැසිරෙන , තම තරම නොදැන අත්තනෝමතිකව ගෙන යන පාලනය තවදුරටත් ඉවසගෙන සිටීම අපේ නිහතමානි කම මිසක් නිවට කමක් නොවේ .

විශ්වවිද්‍යාල විද්‍යායතනය මේ තරම් පිරිහීමට ලක්වෙලා තියෙන්නේ ශිෂ්‍ය ගැටලු නොසලකා හරින, ආයතනය ඉදිරියට ගෙන යාමට කිසිම නිවැරදි දැක්මක් නැති පාලනයක් නිසයි. මේ දුෂිත, අකාර්යක්ෂම පාලනය වහාම වෙනස් විය යුතුයි!

අපි ආවේ ඉගෙනගන්න; හැබැයි අසාධාරණය හමුවේ කොඳු කෙළින් තියාගෙන සටන් කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. විද්‍යායතනය රැකගැනීම වෙනුවෙන් ශිෂ්‍ය බලය ඒකරාශි වීම වැඩි ඈතක නොවෙයි .

21/06/2026
"අයිතීන් වෙනුවෙන් හඬ නැඟූ, හෙට දවස වෙනුවෙන් ජීවිතය කැප කළ ඒ ශිෂ්‍ය වීරයන්ගේ මතකය අභිමුව..."අප අනුරාධපුර විශ්වවිද්‍යාල වි...
21/06/2026

"අයිතීන් වෙනුවෙන් හඬ නැඟූ, හෙට දවස වෙනුවෙන් ජීවිතය කැප කළ ඒ ශිෂ්‍ය වීරයන්ගේ මතකය අභිමුව..."

අප අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේදී ඊයේ දින ඉතාමත් අභිමානවත් අයුරින් ශිෂ්‍ය වීර දිනය සමරනු ලැබූ අතර , එදා මෙදා තුර ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සහ පොදු ජන අයිතීන් වෙනුවෙන් දිවි පිදූ, කැපවීම් කළ සියලුම වීර සිසුන්ව අපි මහත් ගෞරවයෙන් සිහිපත් කරමු.

Student Action Committee - University College of Anuradhapura
ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - විශ්ව විද්‍යාල විද්‍යායතනය අනුරාධපුර

" හෙට දින වෙනුවෙන් අද දවස කැප කළ අමරණීයයන්ගේ මතකයයි! ""නූපන් පරපුරක හෙට දිනය වෙනුවෙන් තම අද දිනය කැපකල අභීත දූ පුතුන් පි...
19/06/2026

" හෙට දින වෙනුවෙන් අද දවස කැප කළ අමරණීයයන්ගේ මතකයයි! "

"නූපන් පරපුරක හෙට දිනය වෙනුවෙන් තම අද දිනය කැපකල අභීත දූ පුතුන් පිරිසක් මිහිතලය මත මිහිදන් වූහ!"

නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙනුත්, මතු පරපුරේ සුරක්ෂිතභාවය වෙනුවෙනුත් දිවි පිදූ, සටන් වැදුණු ඒ අභීත ශිෂ්‍ය වීරයන් අපට දැක්වූ අසීමිත ප්‍රේමය සදා අනුස්මරණීයයි. ඔවුන්
උරුම කර දුන් නිදහස රැකගැනීමටත්, අයිතිවාසිකම් දිනාගැනීමටත් පෙළගැසෙන සිසු පරපුරේ අභිමානය රැකගමු .

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"

"அவர்கள் உங்களை வரம்பින්றி நேசித்தனர்"

"They have loved you unconditionally"

නිදහස් අධ්‍යාපනයේ සහ ශිෂ්‍ය අයිතිවාසිකම්වල නාමයෙන් ඉතිහාසය රන් අකුරින් ලියූ ඒ විරුවන්ගේ මතකය හදවත් තුළ දල්වා ගනිමු.

🎓 Student Action Committee - University College of Anuradhapura
🎓 ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - විශ්ව විද්‍යාල විද්‍යායතනය අනුරාධපුර

07/06/2026

"විද්‍යායතනය යනු උගතුන්ගේ තක්සලාවකි; නූගතුන් රජ කරන වධකාගාරයක් නොවේ!"

​"අකුරු උගන්වන දේශකයා පීඩිත කොට, අකුරු නොදත් අනධ්‍යන හෙංචයියන් රජ කරවන මේ 'පිළිකුල් සහගත පාලනය' වහාම හකුලා ගනු!"

​අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය තුළ අද සිදුවන්නේ සමස්ත අධ්‍යාපන පද්ධතියටම මරණ සහතිකය ලියන නින්දිත ක්‍රියාවලියකි. දහඩිය හෙළා අපට දැනුම දෙන ගෞරවනීය දේශකවරුන්ගේ වෘත්තීය අභිමානය පාගා දමමින්, ඔවුන්ව මර්දනය කරමින්, පරිපාලන පුටුවල සැඟවී සිටින "නූගත් මාෆියාවක්" අද මුළු විද්‍යායතනයම තම ග්‍රහණයට ගෙන ඇත. තොප සිතන්නේ පරිපාලන බලය පාවිච්චි කර දේශකයන්වත්, ශිෂ්‍යයන්වත් බිය ගැන්විය හැකි බවද? උගතුන් දණගසා සිටින තැනක, නූගතුන් සෙල්ලම් දමන මේ විකෘති පාලනයට එරෙහිව අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනය සිසු බලය අද පෙන්වීමට සූදානම්ය.
​දේශකයන් යනු ශිෂ්‍යයන්ගේ මග පෙන්වන්නාය. දේශකයා මර්දනය කරනවා යනු ශිෂ්‍යයාගේ අනාගතය අඳුරු කිරීමකි. AC කාමරවල සැඟවී තොප දමන පෑන් පාරට වඩා, අපේ ගුරුවරුන්ගේ ගෞරවය සුරැකීම අපට වටින්නේය. විද්‍යායතනය යනු පරිපාලන නිලධාරීන්ගේ "බප්පාගේ බූදලයක්" නොව, අපේ දහඩියෙන් සහ කඳුළෙන් ගොඩනැගුණු අනාගතයේ උල්පතයි. පරිපාලනයේ නාමයෙන් සිදු කරන මේ ම්ලේච්ඡ කුහකත්වය සහ අත්තනෝමතික මර්දනය වහාම නතර කරනු! නැතහොත් තොපේ කුහක සිංහාසන සිසු බලය හමුවේ සුනුවිසුනු වන දිනය වැඩි ඈතක නොවන බව මතක තබා ගනු!.

​සහෝදරයා... සහෝදරිය... නිහඬව සිටියා ඇති! උගතුන් පීඩාවට පත් වන තැනක, නූගතුන් රජ කරන තැනක යුක්තියක් බලාපොරොත්තු විය නොහැක. මේ කුහක අනධ්‍යන පාලනය පලවා හැරීමටත්, දේශකයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ අයිතීන් ජයග්‍රහණය කරවීමටත් එකා මෙන් පෙළගැසෙමු!.

​"උගතුන් පීඩිත තැන - නූගතුන් රජ කරන පාලනය පලවා හරිමු!"
​
ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය

සිසුන්ගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ගත් තීරණාත්මක පියවරක්!01) අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ යටිතල පහසුකම් සංවර්ධන...
04/06/2026

සිසුන්ගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ගත් තීරණාත්මක පියවරක්!

01) අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ යටිතල පහසුකම් සංවර්ධනයට අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස්!

02) අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීමට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් පියවරක්!

අනුරාධපුර තාක්ෂණ විද්‍යාලයට අයත්ව තිබූ අප විශ්වවිද්‍යාලට හිමි වීමට නියමිත ඉඩමෙන් කොටසක් අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය වෙත පවරා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්තුමිය විසින් නිකුත් කරන ලද නිල ලිපිය පහත පරිදි වේ .
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත්වල සිසුන්ගේ වෘත්තීය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ස්ථාපනය කරන තෙක් සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සැපයීමයි.

සිසුන්ගේ අධ්‍යාපන හා ප්‍රායෝගික පුහුණු කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා 2027 අයවැය යෝජනාවලිය මගින් ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමටත්, දිගුකාලීන යෝජනාවලියක් අදාළ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමටත් මෙහිදී සැලසුම් කර ඇත.

අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යටිතල පහසුකම් කඩිනමින් සැපයීමට අග්‍රාමාත්‍ය කාර්යාලය මැදිහත් වෙයි. (වැඩිදුර විස්තර ලිපියෙහි දැක්වේ .

අපට නිසි විශ්වවිද්‍යාලයක් ලබා දෙන බවට බලධාරීන් ලිඛිතව පොරොන්දු වී ඇත. සිසුන් වන අප, හුදෙක් බලාපොරොත්තු ඇති කරගෙන නිහඬව සිටින පිරිසක් නොවේ. එම ලිඛිත පොරොන්දුව යථාර්ථයක් වන තෙක් අපේ ශිෂ්‍ය ප්‍රජාව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් බලා සිටිමු!

අපේ අයිතිය අපට ලැබෙන තුරු අපේ සෝදිසිය සහ හඬ නතර නොවේ. ✊🎓




#ඉඩක් #වෙනුවෙන් #හඩක්

Address

No. 328 Vidyala Mawatha
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Student Action Committee - University College of Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share