21/05/2026
මාකටින් (Marketing) ක්ෂේත්‍රයේ වැඩ කරද්දී අපි කොච්චර සල්ලි වියදම් කරලා Ads (දැන්වීම්) දැම්මත්, පාරිභෝගිකයාව මිලදී ගැනීමකට (Sales) පොළඹවන නිවැරදි වචන භාවිතය එහෙමත් නැත්නම් සාර්ථක 'Copywriting' එකක් නැත්නම් ඒ සල්ලි අපරාදේ. ලෝකයේ සාර්ථකම මාකටින් කැම්පේන් වල පාවිච්චි වෙන AIDA (Attention, Interest, Desire, Action) කියන මනෝවිද්‍යාත්මක ක්‍රමය පාවිච්චි කරලා, පාරිභෝගිකයාව චුම්බකයක් වගේ ඇදලා ගන්න පුළුවන් විදියේ Ad Copy එකක් AI (Gemini හෝ ChatGPT) හරහා තත්පර ගාණකින් හදාගන්න පුළුවන්.
📌 භාවිතා කරන ආකාරය (The Prompt):
පහත Prompt එක Copy කර, හිස්තැන් වලට ඔබේ නිෂ්පාදනය හෝ සේවාව පිළිබඳ විස්තර ඇතුළත් කර AI වෙත ලබා දෙන්න:
"Act as a Master Copywriter and Marketing Expert. I want to run a Facebook/Instagram ad to sell my [Insert Product/Service] to [Insert Target Audience]. Please write a highly converting ad copy using the AIDA (Attention, Interest, Desire, Action) psychological framework.
1. Attention (Hook): A scroll-stopping opening line to grab their attention immediately.
2. Interest: Highlight the main problem or frustration they are facing.
3. Desire: Show how my product is the exact solution and highlight one major benefit that will make their life better.
4. Action (CTA): A strong, clear Call-To-Action telling them exactly what to do next (e.g., Send a message, Click the link).
Please keep it conversational, persuasive, and use relevant emojis. Output language: Sinhala."
මෙහි ඇති විශේෂ වාසි:
මනෝවිද්‍යාත්මකව ආකර්ෂණය කිරීම: නිකන්ම භාණ්ඩයේ විස්තර (Features) කියනවට වඩා, පාරිභෝගිකයාගේ හැඟීම් වලට කතා කරලා (Emotional triggers) මිලදී ගැනීමට පොළඹවා ගැනීම.
Ad Spend එකට උපරිම ප්‍රතිඵල (High ROI): නිවැරදිව ඉලක්ක කළ වචන සහ රටාව (Structure) නිසා, Ads සඳහා වියදම් කරන මුදලට වඩා වැඩි ලාභයක් ලබාගත හැකි වීම.
Conversion Rate එක ඉහළ යාම: පැහැදිලි Call to action (CTA) එකක් තියෙන නිසා පාරිභෝගිකයා අතරමං නොවී කෙළින්ම ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ වීම.
මාකටින් ෆීල්ඩ් එකේ වැඩ කරන, Sales ටාගට් කවර් කරගන්න මහන්සි වෙන ඔයාගේ යාලුවන්ටත් මේ වටිනා Tip එක Share කරන්න. අදම Try කරලා බලන්න! ඔයාලටත් සුබ දවසක්! ✨
Mechatronics Institute of Robotics Engineering (MIRE) -