29/07/2026
*"දුක නම් වූ ආර්ය සත්‍යයයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥානය පහළ විය.විද්‍යාව පහළ විය.ආලෝකය පහළ විය."*
- දම්සක් පැවතුම් සූත්‍රය -
🪷 සිද්ධාර්ථ බෝධිසත්වයන් මහමායා දේවියගේ කුස තුල පිළිසිද ගැනීම.
🪷රාහුල කුමරුන්ගේ උපත සිදු වීම.
🪷සිදුහත් මහ බෝසතානන් විසින් මහා අභිෂ්ක්‍රමණය සිදු කිරීම.
🪷බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පස්වග මහණුන් අරභයා ප්‍රථම ධර්ම සංගායනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.
🪷දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයා ඇතුලු දෙවියන්‍ට අභිධර්මය දේශනා කිරීම.
🪷වස් සමය ආරම්භ වීම.
🪷මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික දළදා පෙරහැර මංගල්‍ය ඇරඹීම.
ධර්මාවලෝකයෙන් සැම සිත් ආලෝකමත් වන *පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා!!*🌕🪷