UOSL-Undergraduates Of Sri Lanka

UOSL-Undergraduates Of Sri Lanka Introducing university entrepreneurs, innovators and any other talented students & present important
(1)

ඔබ ගැන හැඳින්වීමක් කලොත්?මම හිත්මි පංකජා..මගේ පවුලේ අම්මා තාත්තා සහ මල්ලි ඉන්නවා.. මල්ලි මේ වෙනකොට ගණිතය විෂය ධාරවෙන් කැ...
17/01/2026

ඔබ ගැන හැඳින්වීමක් කලොත්?

මම හිත්මි පංකජා..මගේ පවුලේ අම්මා තාත්තා සහ මල්ලි ඉන්නවා.. මල්ලි මේ වෙනකොට ගණිතය විෂය ධාරවෙන් කැලණිය සරසවියෙහි physical science පීඨයට තේරී පත්වෙලා ඉන්නවා. අම්මා මාධ්‍යවේදිනියක්...මගේ පියා ව්‍යාපාරික කටයුතු සිදු කරනවා..මම අධ්‍යාපනය ලැබූ පාසල් ගැන කතා කලොත් මම ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ ශාන්ත මරියා කන්‍යාරාමයෙන්, සහ අග්‍රාමාත්‍ය විද්‍යාලයෙන්..ඉන් අනතුරුව සාමාන්‍ය පෙල හදාරන්නේ කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයෙන්..මම සාමන්‍ය පෙල ඉහලින් සමත්වෙනවා. කොළඹ විශාඛා විද්‍යාලයේ කලා අංශයෙන් ව්‍යාපාර සංඛ්‍යානය, පෙරදිග සංගීතය සහ ජන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය යන විෂයන් සියල්ලටම A සාමාර්ථ ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත් වෙනවා..මම සංගීතයට ලැදි උනත් අවසානයේදී ව්‍යාපාර සංඛ්‍යානය විෂය තමයි special degree එක විදිහට කරන්නේ...සියලුම විෂය පරිබාහිර වැඩ කටයුතු කරමින් එහිදීත් පළමු පංතියේ සාමාර්ථයක් සමග විශ්ව විද්‍යාල ජීවිතය අවසන් කරනවා.

ඔබේ නිර්මාණයන් සහ විශේෂ දක්ෂතා දක්වන අංශ මොනවාද?

මම සිතාර් විශාරදවරියක්..ඊට අමතරව ගායන කටයුතුත් කරනවා..මම රශ්මි සංගීතා ගුරුතුමියගෙන් ගායන භාත්ඛණ්ඩ ඩිප්ලෝමාව අවසන් කර තිබෙනවා.

මේ වෙනකොට මම මගේම ගීත දෙකක් නිර්මාණය කර තිබෙනවා. 'ඔබට ලියූ කවි' ලෙසින් ඒකල ගීයක් සහ ගායන ශිල්පී පූර්ණ සචින්තයන් සමඟින් 'මන්දාකිණී' නමින් යුග ගීයක්...එම ගීතයන් දෙකෙහිම සංගීත අධ්‍යක්ෂණය කලේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක නවරත්න ගමගේ මහතා විසින්..මෙම ගීත දෙකම චිත්‍රපට අධ්‍යක්ෂක මාධ්‍යවේදී ෂර්ලි සමරසිංහයන් විසින් රචනා කරනු ලැබූවක්. ඔබට එය youtube හරහා අසන්නට පුලුවන්...ඉතින් ඒ වගේම අද දෙරණ ජීවිත ස්වර නම් වැඩසටහනේත් ගායන කටයුතු සිදු කලා..පසුගිය වසර වලදී ප්‍රසංග සදහා ගායනයෙන් වාදනයෙන් එකතු වෙන්න අවස්ථාව ලැබුනා...තවත් අලුත් ගීතයක් කරන්නට බලාපොරොත්තුවක් තියනවා මේ වසරේදී...

ඔබේ ගමන්මග විස්තර කලොත්?

ම්ම්ම්...ඇත්තෙන්ම මම චූටිම කාලේ මොන්ඩිසෝරි ගිහින් ගෙදර ආපු ගමන් කරන්නේ චිත්‍ර අඳින එකලු..ඒ කාලේ සීයා විහිලු කරනවලු සිබිල් වෙත්තසිංහ වගේ වෙයි කියල...ඊටපස්සේ Grade 2 වගේ ඉන්නකොට අම්මා මාව බුධවත්ත සර්ගේ dancing class එකට දානවා..හැබැයි මම යන්න බෑ කියනවා. ඒකෙන් dancing නවතිනවා. නමුත් පාසලේ පූජා නර්තන කණ්ඩායමේත් මම ඉන්නවා. පාසල නියෝජනය කරපු නාට්‍ය තරඟවලින් දිනපු අවස්ථා තියනවා. Grade 6 වලදි මම ශාන්ත සර් ලඟ වයලින් ඉගෙනගන්නවා..ඉතින් මම වයලින් ඉගෙනගන්නකොට එකේ සර් කියනවා..'හිත්මි ඉක්මනට අල්ලගත්තා..වයලින් වලට දක්ෂයි කියල...'. පසුව ධර්මපාලෙට ගියාට පස්සේ මං මුලින්ම සංගීතය හදාරන්නේ ගයාන් ගණකදාර සර්ගෙන්..ඊටපස්සේ Grade 8 වලදි මට හමුවෙනව දම්මිකා කරුණාරත්න මැඩම්...ඇයගේ මාර්ගයෙන් තමයි ෆොන්සේකා සර් ලගට මම සිතාර් සඳහා යොමු වෙන්නේ..එතුමා වසර 50කට අධික කාලයක් ගුවන්විදුලියෙහි සේවය කරපු දක්ෂ සිතාර් වාදකයෙක්..එවකට කේමදාසයන්ගේ නිර්මාණ වලට පවා දායක වූ කෙනෙක්.. සර් ලඟ ඉගෙනගන්න ලැබුන එක තමයි මගේ ජීවිතේ මම ලබපු ලොකුම වාසනාව..සර් ඒ විෂයෙහි අති දක්ෂයෙක්..ඒක අපේ අම්මගේ හීනයක්..මගේ අම්මාත් කලාවට සම්බන්ධ කෙනෙක්..ඇය ඌව පළාතේ හොඳම නිළිය ලෙසින් දෙවරක් සම්මානයට පාත්‍ර වූ අයෙක්. ඒ වගේම මාස්ටර් ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණ වලට සහභාගී වුන පළමු පදනමේ ශිෂ්‍යයාවක්..ඇයට පොඩි කාලේ සිතාර් ඉගෙනගන්න ආස උනාට සිතාර් එකක් ගන්න අමාරු නිසා ආච්චි වයලින් එකක් තමයි අරන් දීලා තියෙන්නේ...නමුත් අම්මගේ සිතාර් වලට තිබුන උනන්දුව නිසාම මම එය ආසාවෙන් ඉගෙනගත්තා.

ඔබ මේ වෙනකොට ලබල තියෙන ජයග්‍රහණ මොනවද?

ලැබූ ජයග්‍රහණ ගැන කතා කලොත් 2016 දී සමස්ත ලංකා සංගීත තරඟවලින් ඒකල සිතාර් විවෘත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගන්නවා...එහිදී සංගීත් අභිමානී සම්මානයෙන් පිදුම් ලබනවා..ඒ ධර්මපාල විද්‍යාලය නියෝජනය කරමින්...ඒ සාමාන්‍ය පෙල විභාගයට සූදානම් වෙන කාලෙදිම තමයි...2019 දීත් ඒකල විවෘත අංශ සමස්ත ලංකා සංගීත තරඟවලින් ප්‍රථම ස්ථානය හිමිකරගන්නවා. එහිදී නැවත වතාවක් සංගීත් අභිමානී සම්මානයෙන් පිදුම් ලබනවා..ඒත් උසස් පෙල විභාගයට සූදානම් වෙන කාලයේ..ඊට අමතරව ගායන අංශයෙන්, කරාතේ ක්‍රීඩාවෙන්, චිත්‍ර අංශයෙන් ජයග්‍රහණ ලබා තියෙනවා.

අ‍ධ්‍යාපන කටයුතු සමඟ සමබරව කරගත්තේ කොහොමද?

මම පොඩි කාලේ ඉඳන්ම ගොඩක් දේවල් කරපු කෙනෙක්. මම පාසල් දෙකේම orchestra එකේ ඉන්නවා..ඉතින් අපි ගියපු, ජයග්‍රහණය කරපු තරඟ බොහෝමයි...සාමන්‍ය පෙල කරපු කාලේ තමයි දම්පල් තත්‍සර කියල අලුතින් වාද්‍ය වෘන්දයක් හැදුවේ ධර්මපාල විද්‍යාලයේ...ඉතින් එය විශාල මෙන්ම දක්ෂ සිසුන් පිරිසක් හිටපු orchestra එකක්. අපි රෑ 12/1 වෙනකම් හැමදාම practice කරනවා..Class එකේත්
හිටියේ නැති තරම් ඒ කාලේ..නමුත් ඒ මතක දැන් හරිම සුන්දරයි....ඒ වගේම මියැසි විශාඛා වාද්‍ය වෘන්දයේත් මම ඉන්නවා..මායි මගේ හොඳම යාලුවායි short note හදල ඒවගේ ප්‍රශ්න වලට උත්තර කතා කරනවා පොඩි වෙලාවක් ලැබුන ගමන් සිතාර් එකත් උකුලෙ තියාගෙන...ගොඩක් කැපකිරීම් කරල තියනවා පාසල් යන කාලෙනම්...මන් ගොඩාක් වෙලාවට practice ඉවර වෙලා රෑවෙලා එන්නෙ ගෙදර..එහෙම ආවම නිදාගෙන ආයිත් පාන්දර ඇහැරිලා තමයි පාඩම් කලේ..ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයේ දීත් නොයෙකුත් වැඩ කරන්න ගිහින් lectures මිස් උන වාර තියනවා...නමුත් මගේ හොඳම යාලුවා කුලනි විසාකා..ඇය මාත් එක්ක හැමවෙලේම ඉන්නව..මඟහැරුනු තැන් කියල දෙනවා..මම ජපුර C2 ලියෝ සංවිධානයේ සහය අධ්‍යක්ෂකවරියක් ලෙසින් කටයුතු කලා..එහිදී මන් Chairperson විදිහට කටයුතු කරපු 'හුස්මට හුස්මක්' කියන CSR Project එක Insperenzo awards හි ප්‍රථම ස්ථානය ලබාගන්නවා..එය අග්‍රාමාත්‍ය විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් කරපු ව්‍යාපෘතියක්..ඒ සඳහා විශාල වශයෙන් මහන්සි උනා ඉගෙනීම් කටයුතු කරන අතරම...ඒ වගේම එවකට හිටපු විදුහල්පතිනියගෙනුත් ඒ සඳහා විශාල සහයෝගයක් ලැබුනා. එ වගේම ඒ කාලේ සල්ලි හොයන්නේ project වලට stall කරලනේ..ඉතින් උදේ ඉඳන් open canteen එක ඉස්සරහ අපි කෑ ගහනවා කෑම විකුණනවා..දැන් ඉතින් ඒ මතක හරිම සුන්දරයි...ඒ විදිහට බාහිර වැඩත් එක්ක අධ්‍යාපන කටයුතුත් balance කරගෙන ගොඩක් මහන්සි වෙලා තමයි වැඩ කරගත්තේ.

ඔබට ආපු අභියෝග සහ ඒවට මුහුණ දුන්නෙ කොහොමද සහ ඔබේ ගමනට උදවු කල අය කවුද?

අභියෝග ගැන කිව්වොත් මගේ ජීවිතේ මට ආපු ලොකුම අභියෝගය තමයි මගේ කැමත්තට ඉඩ දෙනවද? නැත්තම් ඉගෙනගත් දෙයින් ඉදිරියට යනවද කියන එක...ඉතින් රැකියාවේ මුල්ම දවස්වල මට ඒ දෙක සමබර කරගන්නට බැරි වීම නිසා මගේ ජීවිතේ මං ආසම දෙයක් මට අහිමි වෙනවා...එය ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක නිවේදිකා තනතුර..නමුත්, මං හිතනවා කාලයත් එක්ක හැමදේම හරියයි කියලා. කවදහරි ඒ අවස්ථාව නැවත එනතුරු මම බලන් ඉන්නවා. ඒ වගේම තමයි..විශාඛා විද්‍යාලයට තේරෙන එකත් ලොකු
අභියෝගයක් උනා..මං හිතන්නේ විශාඛා විද්‍යාලයට මාව තේරෙන්නත් මගේ සිතාර් දැනුම පිටුවහලක් උනා. මගේ මේ ගමනේ මගේ ලොකුම හයිය මගේ අම්මා සහ තාත්තා. ඔවුන් මෙච්චර කල් මන් වෙනුවෙන් කරපු කැපකිරීම් වචනෙන් කියන්න බැහැ...ඒ වගේම මගේ මල්ලිත් හැමදේකදිම මට සහයෝගය දෙනවා. ඉතින් කවදහරි මන් ඔවුන් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ කරනවා.. ඒ වගේම මේ වෙලාවේ අමතක කරන්නට බැහැ අපි අතරින් වියෝ වූ මගේ සිතාර් සර්, ෆොන්සේක සර් ව...එතුමා කොහේහරි ඉඳන් මන් දිහා බලන් ඇති කියල හිතනවා. ඒ වගේම අපි අතරින් වියෝවුන සකුන්තලා මිස්ව..ඇය නිසයි මම විශාඛා විද්‍යාලයට එන්නේ...ඒ වගේම මගේ ආදරණීය විනීතා මිස්, දම්මිකා මැඩම්,සරෝජා මිස්,භාගේශ්‍රී සර්, රශ්මි මිස් සහ පූර්ණ අයියවත් ආදරෙන් මතක් කරනවා..ඔවුන් නිසයි අද මම මෙතන ඉන්නේ...ඉදිරියේදී සිතාර් සම්බන්ධ අලුත් වැඩ ටිකක් කරන්නට බලාපොරොත්තුවක් තියනවා..ඒ සඳහා උදවු කරන සංගීතවේදී කපිල අපරැක්ක සර්වත් ආදරයෙන් මතක කරනවා..

ඔබ තවත් දක්ෂතා දක්වන්නෙ මොනවටද?

මම ගායනයට වාදනයට අමතරව නිවේදන කටයුතු වලටත් සම්බන්ධ වෙනවා...පොඩි කාලේ, ඒ කියන්නේ 2011 දී One Sri Lanka නාලිකාවේ වැඩසටහන් වලට සම්බන්ධ වුනා. ඒ වගේම Apiba institute හි ප්‍රචාරණ කටයුතු, නිවේදන කටයුතු වගේම lectures ඉදිරිපත් කිරීමත් සිදු කරනවා..ක්‍රීඩා ගැන කතා කලොත් මම red belt කරාතේ ක්‍රීඩිකාවක්..විශ්වවිද්‍යාලයේදී විවිධ අංශයන්ගෙන් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ රැසක් ලැබුවා...ඉතින් ඒ වගේම චිත්‍ර ඇඳීමේ හැකියාවත් තියනවා..එයිනුත් ජයග්‍රහණ ලබාගෙන තියනවා. ඒ වගේම දෙරණ නාලිකාවෙන් කල ඒකාංගික ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වී තිබෙනවා.

ඔබේ අනාගත බලපොරොත්තු මොනවාද?

මම කැමතී සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න...මිනිසුන්ගේ හිතකට සුවයක් වෙන්න...ඒ අතරතුර පෞද්ගලික අංශයෙන් විධායක ශ්‍රේණියෙන් ඉහලට යන්නත් බලාපොරොත්තුවක් තියනවා...ඒ වගේම මගේම කියල ව්‍යාපාරයක් ආරම්භ කරන එකත් හීනයක්.

ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවුඩේ මොකක්ද?

අභියෝග ප්‍රශ්න ජීවිතේ එයි..හැබැයි මේ ජීවිතේ අපි මෙච්චර කල් ආපු ගමන ගැන පසුතැවෙන්නෙ නැතිවෙන්න, මම මේ දේ කලා කියල පසුපස හැරිල බලද්දි සතුටු හිතෙන්න පුලුවන් දෙයක් කරලනම් එච්චරයි...

සටහන : Lakshan Sandaru

Happy New Year 2026 🎉✨
01/01/2026

Happy New Year 2026 🎉✨

ඔබ ගැන හැදින්වීමක් කලොත්?මගේ නම W. A බිමල්කා කාවින්දි, මගේ family එකේ අම්මා ,තාත්තා, මල්ලි ඉන්නවා . මගේ තාත්තා ගොවිතැන් ...
12/09/2025

ඔබ ගැන හැදින්වීමක් කලොත්?

මගේ නම W. A බිමල්කා කාවින්දි, මගේ family එකේ අම්මා ,තාත්තා, මල්ලි ඉන්නවා . මගේ තාත්තා ගොවිතැන් කරනවා. මගේ අම්මා රැකියාවක් කරන්නේ නැහැ. ඇය ගෙදර වැඩ කටයුතු කරගෙන ඉන්නවා..මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ කැදල ශ්‍රී රෝහන කනිෂ්ඨ විද්‍යාලයෙන් හා මොදරවාන ප්‍රාථමික විද්‍යාලයෙන්. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මම ද්වීතීක අධ්‍යාපනය සදහා වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය ට ඇතුලත් වෙලා එහිදී සාමන්‍ය පෙල විභාගයට A7 B2 C1 ක් ලබා ගෙන ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරනවා. ජීව විද්‍යාව සදහා B සාමාර්ථයක්, රසායනික විද්‍යාව සදහා A සාමාර්ථයකුත් භෞතික විද්‍යාව සදහා C සාමාර්ථයකුත් ලබා ගනිමින් එම කටයුතු සාර්ථක ව අවසන් කරල උසස් අධ්‍යාපනය සදහා කොලඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයට ඇතුලත් වුණා.

ඔබ ආරම්භ කරපු ව්‍යාපාරය මොකක්ද?

මම මේ වෙනකොට මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. Ayucare Natural Beauty Products (PVT) Ltd විදිහට ලියාපදිංචි කරල තියෙන්නෙ. මූලිකවම දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන ශරීරයට , සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍ය භාවිතා නොකර ස්වාභාවික පෝෂණය ක් සමට ලබා දෙන අයුර්වේදීය ශාකසාර වල ගුණ අන්තර්ගත කොට අයුර්වේදීය රූපලාවණ්‍ය නිෂ්පාදන සකසා බෙදා හැරීම මගින් තමයි මගේ ව්‍යාපාරය කරගෙන යන්නෙ.

ඔබේ ගමන්මග විස්තර කලොත්?

මම අගහිගකම් රාශියක් මැද්දේ ඉගෙනීම් කටයුතු කරපු ලමයෙක්..මගේ අම්මා තාත්තා ගොඩක් පොහොසත් අය නොවුනත් එයාලා මට කිසිම අඩුපාඩුවක් නොදැනෙන්න මගේ හීන වෙනුවෙන් මගේ ලගින්ම හිටියා ලොකු හයියක් වෙලා... මේ ගමන එන්න මට තිබ්බ ලොකුම ශක්තිය මගේ family එක. පොඩි කාලේ ඉදන්ම මට තිබ්බ හීනයක් doctor කෙනෙක් වෙන්න. ඒ වෙනුවෙන් සෑහෙන්න හීන දැක්කා. මගේ අම්මා තාත්තා ගෙත් ලොකුම හීනය වුනේ ඒක. ඉතින් මම ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි උනා. මගේ තනියට මම නිදිමරගෙන පාඩම් කරද්දී අම්මා, තාත්තාත් නිදාගත්තේ නෑ. එයාලා මම වෙනුවෙන් කරන කැපවීම, මහන්සිය, තාත්තා ගේ දහඩිය සුවද තමයි මට ලැබුන හොදම motivation එක. ඒ කැපකිරීම් එක්ක කාලයක් යද්දී මට අවස්ථාවක් ලැබෙනවා කොලඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න. ඒ වෙනුවෙන් වැඩිපුරම සතුටු උනේ මගේ අම්මයි තාත්තායි. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී වියදම් වැඩියි. තාත්තා මහන්සි වෙලා එවන සල්ලි සමහර දවසට කෑම බීම , බෝඩිම් කුලී ගෙවන්න මට මදි වුනා... මට එයාලට කරදර කරන්න හිතුනේ නෑ තව දුරටත්... 1 st year එකේ අන්‍තිම කාලේ වෙද්දි මම තීරණය කලා part time එකක් කරලා මගේ වියදම් cover කරගන්න. ඒ වෙනුවෙන් මම pharmacy එකක් තෝර ගත්තා. A/L කරලා result එනකන් , campus එකට ඇතුලත් වෙනකන් මම ගෙවල් පැත්තේ තිබ්බ pharmcy එකක අවුරුදු 2 ක් වැඩ කරපු නිසා මට ලොකු experience එකක් ලැබුණා pharmacy එකක වැඩ කරන්න. ඒ විදියට lectures ඉවර කරලා හවස 5 ඉදන් රෑ 10.30 වෙනකන් අවුරුදු 3 ක් මම part time කරන ගමන් මගේ වියදම්, academic හැමදේම cover කර ගත්තා. මේ දේවල් පොඩ්ඩක් වත් ලේසි දේවල් නෙමෙයි. මම හදාරපු degree එකත් එක්ක උදේ වරුවේ hospital යන්න ඕනේ. හවස lectures යන්න ඕනේ... පාඩම් කරන්න ඕනේ... ස්ලෝක කට පාඩම් කරන්න තියනවා. මේ දේවල් සෑහෙන්න අමාරුයි . මට හොද යාලුවෝ ටිකක් හිටියා එයාලා මට miss වෙන lectures, notes හොයලා දීලා accademic පැත්ත ගොඩදාන්න ගොඩක් help කලා. Stress එක උපරිමයෙන් තියාගෙන මාර කට්ටක් කෑවා. ඒ කාලේ මට හිතුනා මගේම කියලා සල්ලි හම්බ කරන්න පුලුවන් විදියේ දෙයක් පටන් ගන්න. ආයුර්වේදයේ රූපලාවණ්‍ය පැත්තට මම ගොඩක් ආස කලා. ඒකත් එක්ක මම ඒ සම්බන්ධ බාහිර අධ්‍යාපනය හදාරන්න තීරනය කලා. Campus එකේ වැඩත් කරන ගමන් parttime එකත් කරන ගමන් මම beauty products manufacturing course 1ක් කරලා ඒ තිබ්බ ආසාවට ඒ වෙනුවෙන් මහන්සි උනා. ඒ දේවල් හරිය්ට පුරුදු වෙන්න මට ලොකු කාලයක් කැපකරන්න සිද්ද උනා. ඒ වෙනුවෙන් සෑහෙන්න මුදල් නාස්ති කරන්න සිද්ද උනා. මේ දෙවල් හරියන්නෙ නෑ කියලා අතෑරලා දාන්න හිතුන දවස් අනන්තයි. කදුලු පුරෝගෙන අඩපු දවස් අනන්තයි. ඒත් හිතේ කොනක බලාපොරොත්තුවක් වගේම ලොකු විශ්වාසයක් තිබ්බා මේක කොහොමහරි කරනවා කියලා. ඒ කාලේ බින්දුවටම හිතින් වැටිලා හිටියේ. කොහොම හරි හිත හයිය කරගෙන කැපකිරීම් රාශියක් මැද්දේ මම මගේ ගමන ගියා. මුලින්ම හැදුවෙ hair oil එකක් විතරයි. හෙමින් හෙමින් company registration වැඩ ටිකත් ඒ කාලෙම මම කරගෙන ඉස්සරහට ආවා... ඒ කාලේ හැමදේටම හයියක් උන හිතින් වැටෙන වෙලාවට මාව motivate කරලා ආයේ බලාපොරොත්තුවක් ඇතිකරලා මට support කරන්න විශේෂ කෙනෙක් මගේ ලගින්ම හිටියා අම්මා තාත්තා වගේම. ඒ වගේ supportive family එකක් ලැබීම තරම් ආශිර්වාදයක් මට තිබ්බේ නෑ. Hair oil එකෙන් පටන් ගත්ත මගේ buisness ගමන face cream , lip balm, under eye cream, body lotion, hairshampoo, hair cream, face wash වගේ products රාශියක් නිෂ්පාදනය කරන්න මේ වෙද්දි මට පුලුවන් වෙලා තියනවා. මගේ final research එකටත් මම තෝර ගත්තේ මේ සම්බන්ධ topic එකක්.. ඒ යටතේ herbal under eye darkness removing cream එකක් මට develop කරන්න පුලුවන් උනා. මුලින්ම මම buisness එක කරන්න ගත්තේ ගෙදර වෙනම room එකක. පටන් ගෙන අවුරුදු 4 ක් වගේ යද්දී මේ වන විට company එකක් විදියට manufacturing plant එකක් open කරන්න මට පුලුවන් වෙලා තියනවා. බාධක කොච්චර ආවත් ඒ හැම බාධාවක්ම ජයගෙන මම ආපු ගමන ගැන මට ගොඩක් සතුටුයි. මම තනියම පටන් ගත්ත buisness එකක් උනත් මට හයියක් උන අය ගොඩක් ඉන්නවා මේ ගමන සාර්ථක කර ගන්න. ඒ හැමෝටම මම ගොඩාක් ස්තූති වන්ත වෙනවා.

ඔබ මේ වෙනකොට ලබල තියෙන ජයග්‍රහණ මොනවද?

Best research presentation award - AyurEx International research symposium 2024 ඊට අමතරව ලංකාවේ largest Company කිහිපයකම product supplier වෙන්න මේ වන විට හැකි වී තිබීමත් ලොකු ජයග්‍රහණයක් වෙලා තියනවා.

අ‍ධ්‍යාපන කටයුතු සමඟ සමබරව කරගත්තේ කොහොමද?

මම හදාරන degree එකත් එක්ක ලොකු stress එකක් තිබ්බා මට මේ ගමන යන්න. සායනික දැනුම ලබන ගමන් lectures cover කරගෙන බාහිර part time, මගේ ව්‍යාපාර කටයුතු එක්ක time manage කරගන්න එක මට ලොකු අභියෝගයක් උනා. ඒත් කැපකිරීම් කරලා හැමදේම balance කරගෙන මේ වනවිට දේශීය වෛද්‍ය පීඨයේ අවුරුදු 5 ක වෛද්‍ය අධ්‍යාපනය හදාරා සාර්ථකව අවසන් කරන්න හැකියාව ලැබී තිබෙනවා. මගේ යාලුවෝ මට academic වගේම exams ගොඩ දාගන්න ලොකු support එකක් දුන්නා.

ඔබට ආපු අභියෝග සහ ඒවට මුහුණ දුන්නෙ කොහොමද?

මේ ගමන එන්න මට අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වුනා. ව්‍යාපාර කටයුතු ගත්තොත් මුලින්ම මේක පටන් ගත්ත කාලේ ඒ කියන්නේ මගේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු එක්ක මට මේ දේවල් balance කරගෙන academic ගොඩ දාගෙන exam හරියට pass කරගන්නෙ කොහොම ද කියන එක ලොකු අභියෝගයක් වුනා. අපිට tight schedule එකක තමයි Academic , exams ඔක්කොම කරගන්න තිබ්බේ. මේ දේවල් සාර්ථක කර ගන්න ඒවට face කරන්න පුලුවන් වටපිටාවක් හදාගන්න මගේ බෝඩිමේ යාලුවො ටික මට academic, exams ගොඩ දාගන්න ලොකු support එකක් දුන්නා. ඒ වගේම ආසවෙන් පටන්ගත්තත් සමහර දේවල් අසාර්ථක වෙද්දී මේක හරියන් නෑ කියලා නතර කරන්න හිතුනත් කොහොමහරි වැරදිලා හරි කවදහරි හොද product එකක් එලියට දාන්න පුලුවන් දවසක් වෙනකන් කැපකිරීම් කරන එකත් ලොකු අභියෝගයක් වුනා. කාලෙත් එක්ක මගේ ලගින්ම හිටිය අය නිසා ඒ දේත් සාර්ථක කරගෙන ඉස්සරහට යන්න මට පුලුවන් වුනා. ඒ අභියෝග වලට මුහුන දීලා සාර්ථක products රාශියක් නිෂ්පාදනය කරන්න මට හැකියාව ලැබුනා. මට මම ගැන තිබ්බ විශ්වාසය හැම අභියෝගයක් ම ජයගන්න ලොකු හේතුවක් උනා. Business එක පටන් ගත්ත මුල් කාලේ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගෙන අත් දෙකෙන් උස්සගෙන එන්න බැරි තරම් බර උස්සගෙන තනියම කොලඹ ගිහින් ආපු දවස් අනන්තයි. අව්වේ පිච්චි පිච්චි වැස්සේ තෙමීගෙන එහෙම බඩු උස්සගෙන එද්දී ලැජ්ජාවක් කියලා දැනුනේ නෑ මට. තනියම අඩපු දවස් අනන්තයි... ඒ හැමදේම දරාගෙන අඩියෙන් අඩිය ඉස්සරහට එන්න මට පුලුවන් උනා. මේ දේවල් මට ලොකු අභියෝග උනත් කවදාවත් මම, මම ගැන තිබ්බ විශ්වාසය නැති කරගත්තේ නෑ. දවසින් දවස ඒ හැම අභියෝගයකට ම option හොයන ගමන් ඉස්සරහට ගියා. Company එකක් විදියට develop වෙන්න ලොකු මුදලක් මගේ අතේ තිබ්බේ නෑ ඒ කාලේ. ඒකත් මට තිබ්බ ලොකු අභියෝගයක් වුන. කොච්චර අභියෝග ආවත් හීනයක් තිබ්බා දවසක වෛද්‍යවරියක් වගේම මගේම business එකක අයිතිකාරිනියක් වෙනවා කියලා. ඒ හීනේ පාට කරන්න තිබ්බ ආසාවට ඕනම කැපකිරීමක් කරල මහන්සිය නොබලා විශ්වසෙන් වැඩ කරලා මේ ගමන හෙමින් හෙමින් ඉස්සරහට එන්න මට පුලුවන් උනා...

ඔබ තවත් දක්ෂතා දක්වන්නෙ මොනවටද?

පොඩි කාලේ ඉදලාම මට ආසාවක් තිබ්බා දක්ෂ වෛද්‍යවරියක් වෙලා මගේ අතින්ම බෙහෙත් කරලා අහිංසක රෝගීන් සුවපත් කරලා සතුටක් ලබන්න. ඒ දේ ඉදිරියට කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්‍යවසායිකාවක් විදියට business එක පැත්තෙන් ගත්තොත් ආයුර්වේදීය ශාක සාර යොදාගෙන රූපලාවණ්‍ය නිෂ්පාදන සිදු කිරීමට මම ගොඩක් දක්ෂතා දක්වනවා කියලා මේ ආපු ගමනෙදි මම ලබපු අත්දැකීම් වලින් මම ලබපු ජයග්‍රහණ වලින් මට පැහැදිලි වෙලා තියනවා. ඒ දක්ෂතා වලට සාධාරණයක් කරන්න මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

ඔබට මේ ගමනට උදවු කල අය කවුද?

මුල ඉදන්ම මගේ හීන වෙනුවෙන් මට හයියක් උනේ මගේ අම්මා, තාත්තා. ඒ වගේ supportive family එකක් ලබුනෙ නැත්තං කෙල්ලෙක් විදියට මට මෙච්චර දුරක් එන්න ලැබෙන්නේ නෑ කවදාවත්. එයාලගේ අශිර්වාදය තමයි ලොකුම හයිය මට මේ ගමන සාර්ථක කර ගන්න. ඒ වගේම මගේ boyfriend හැම වෙලාවකම මාව motivate කලා. මට ආපු අභියෝග ගොඩකට සාර්ථකව මුහුන දෙන්න පුලුවන් උනේ එයා නිසා. මගේ හීන පාට කරන්න එයා ගොඩක් මහන්සි වුනා.. ඒ වගේම business එක කරගෙන ඉස්සරහට එද්දී මට හමු වුන සහෝදරයෙක් වගේ යාලුවෙක් තමයි Lahiru Madhushan අයියා. Business එක develop කරන්න ඔහු අදටත් මට ලොකු support එකක් දෙනවා. Business එක වෙනුවෙන් ඔහු ලොකු කැපකිරීමක් කරනවා. ඒ වගේම මගේ සහෝදර නංගිලා මල්ලිලා මට හැමදාමත් ලොකු ශක්තියක් වුනා මේ ගමන එන්න. ඒ වගේම අලුත් Manufacturing plant එක develop කරන්න help කරපු sameera අයියා ඇතුලු හැමෝම මේ ගමනේදි මට ලොකු හයියක් උනා.. ඒ හැමෝටම හදවතින්ම මගේ ස්තූතිය පුද කරනවා. මේ හැමෝගෙම මහන්සිය සහයෝගය හැමදාමත් මට ලැබෙනවා.

ඔබේ අනාගත බලපොරොත්තු මොනවාද?

දක්ෂ වෛද්‍යවරියක් ලෙස අහිංසක රෝගීන් සුවපත් කිරීමටත්, තරුණ ව්‍යවසායිකාවක් විදියට මගේ ව්‍යාපාරය තුලින් ස්වාභාවික ශාක සාර මුසු කොට දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් ශරීරයට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍ය වලින් තොර නිෂ්පාදන develop කරමින් ලංකාව සහ ජාත්‍යන්තර වශයෙන් මුලු ලෝකය පුරා සිටින පාරිභෝගික ජනතාව වෙනුවෙන් ගුණාත්මක නිෂ්පාදන සැපයීමට අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවිතේ හීන තව ගොඩක් තියනවා. ඒ හැම හීනයක්ම හැබෑ කර ගන්න මම මහන්සි වෙනවා. මගේ අහිංසක අම්මගෙයි තාත්තාගෙයි හැම හීනයක්ම හැබෑ කරලා එයාලා සතුටු කරන එක තමයි මගේ ජීවිතේ මට තියන ලොකුම බලාපොරොත්තුව....

ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවුඩේ මොකක්ද?

මම ආපු ගමන රෝසමල් අතුරපු පාරක් දිගේ ආපු ගමනක් නෙමෙයි. සෑහෙන්න අභියෝග රාශියකට මුහුණ දීලා මේ ආපූ ගමන ගැන ආපස්සට හැරිලා බලද්දී මට මම ගැන සතුටුයි වගේම ඒ ගැන නිහතමානී ආඩම්බරයක් මට තියනවා. මට මම ගැන ලොකු විශ්වාසයක් තිබ්බා මේ ගමන පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකල් වගේම ඉදිරියටත් ඒ විශ්වාසය තියනවා. කෙල්ලෙක් විදියට තරුණ ව්‍යවසායිකාවක් විදියට මට මෙහෙම ගමනක් එන්න පුලුවන් උනේ මට තිබ්බ ලොකු හීනයක් වගේම ඒ හීනේ හැබෑ කරගන්න ඕනේ කියලා තිබ්බ අධිෂ්ඨානය හා කැපවීම නිසා. මම වගේ කට්ටක් කාලා හීන හැබෑ කරගන්න මහන්සි වෙන තව ගොඩක් අය මම දැකලා තියනවා. අනාගතයේ ත් තවත් ඒ වගේ ගොඩක් අය බිහි වෙනවා. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් මට කියන්න තියෙන්නේ තමන්ට හීනයක් තියනවනම් ඒ වෙනුවෙන් මොන බාධාව ආවත් කැපකිරීම් කරන්න පුලුවන්නම් වැටෙන හැම තැනකදීම හැමදේම දරා ගන්න , ප්‍රතික්ෂේප වීම් දරාගන්න පුලුවන් , වැටෙන හැම තැනකදිම නැගිටින්න පුලුවන් හයිය හිතක් තියනවනම් කරන්න බැරි දෙයක්වත් හැබෑ කර ගන්න බැරි හීනයක්වත් නෑ කියන එක. ඒ වගේම තමන්ට තමන් ගැන ලොකු විශ්වාසයක් තියනවනම් අනිවාර්යයෙන්ම හැමෝටම දිනන්න පුලුවන්. ඔයා ඔයාට ගොඩක් ආදරේ කරන්න. ඔයා දිනවන්න ඔයා මහන්සි වෙන්න. පොඩි ජයග්‍රහණයක් උනත් ඔයා ඔයාට ඒ වෙනුවෙන් චූටි gift එකක් දෙන්න... ඔයා ඔයාව අරගෙන යන්න පුලුවන් ඉහලම තැනට ඔයාව අරගෙන යන්න. ඔයාට ඔයා ගැන විශ්වාසයි නම් ඔයාට හීන කියන දේවල් හැබෑ කරගන්න එක අමාරු දෙයක් නෙමෙයි. ඒ වගේම වාසනාව කියලා දෙයක් නෑ. තමන්ට කැපකිරීම් කරලා තමන්ගේ targets වෙනුවෙන් මහන්සි වෙන්න පුලුවන් නම් හැම වාසනාවක්ම තමන්ට ලගා කරගන්න පුලුවන්..

සටහන : Lakshan Sandaru

01/06/2025

UOSL T-SHIRTS 2025 - PRE-ORDERS OPEN! 🚀

🔥 Limited Edition Navy Blue Wetlook T-Shirts

✅ Available Sizes:
2XS | XS | S | M | L | XL | 2XL | 3XL

💰 Price: LKR 1700
⏳ Pre-order before 11th June
🚚 Delivery starts 27th June

📲 Reply now to secure yours! Limited stock

UOSL T-SHIRTS 2025 - PRE-ORDERS OPEN! 🚀🔥 Limited Edition Navy Blue Wetlook T-Shirts✅ Available Sizes:2XS | XS | S | M | ...
28/05/2025

UOSL T-SHIRTS 2025 - PRE-ORDERS OPEN! 🚀

🔥 Limited Edition Navy Blue Wetlook T-Shirts

✅ Available Sizes:
2XS | XS | S | M | L | XL | 2XL | 3XL

💰 Price: LKR 1700
⏳ Pre-order before 11th June
🚚 Delivery starts 27th June

📲 Reply now to secure yours! Limited stock

UOSL T-SHIRTS 2025 - PRE-ORDERS OPEN! 🚀🔥 Limited Edition Navy Blue Wetlook T-Shirts✅ Available Sizes:2XS | XS | S | M | ...
25/05/2025

UOSL T-SHIRTS 2025 - PRE-ORDERS OPEN! 🚀

🔥 Limited Edition Navy Blue Wetlook T-Shirts

✅ Available Sizes:
2XS | XS | S | M | L | XL | 2XL | 3XL

💰 Price: LKR 1700

⏳ Pre-order before 11th June
🚚 Delivery starts 27th June

📲 Reply now to secure yours! Limited stock

ඔබ ගැන හැදින්වීමක් කලොත්?මම යශෝධා නිල්මිණි විජයවර්ධන. මගෙ පවුලෙ දැනට ඉන්නෙ අම්මා, තාත්තා සහ නංගි. මම උ.පෙළ කලේ කලා අංශය...
16/11/2023

ඔබ ගැන හැදින්වීමක් කලොත්?

මම යශෝධා නිල්මිණි විජයවර්ධන. මගෙ පවුලෙ දැනට ඉන්නෙ අම්මා, තාත්තා සහ නංගි. මම උ.පෙළ කලේ කලා අංශයෙන්(logic, geography, ICT) කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලේ.
පස්සෙ NSBM හරිත සරසවියේ ඉංජිනේරු පීඨයේ අභ්‍යන්තර නිර්මාණකරණ උපාධිය (Bachelor of Interior Design) සම්පූර්ණ කලා.

ඔබේ ව්‍යාපාරය මොකක්ද? ඒකට යොමුවන්නෙ කොහොමද?

- DecOra… ඒක තමයි මගෙ ව්‍යාපාරයේ නම. Architectural සහ Design ක්ෂේත්‍රය. ප්‍රවීණයන්ගෙන් සමන්විත team එකක් ඉන්නවා අපිට. මුලපිරුවෙ 2021 අවුරුද්දෙ. මම උපාධිය හදාරන ගමන් දෙවෙනි වසරෙ අවසානෙදි වගේ ඒ වෙනුවෙන් මූලික අඩිතාලම දාගත්තා. මුලින් ටිකක් බය හිතුනා. නමුත් පටන් ගත්තා.

මේ වෙනකොට Architectural Design, House planning, Interior & Exterior Design, Design Consultation, Space planning, 3D visualization, Construction Drawings, Civil & Structural Detailing.... වගේ හැම service එකක්ම අපි දෙනවා. ඊට අමතර මගදි ප්‍රශ්න ඇතිවෙලා අතරමං වුණ sites වෙනුවෙන් විසදුම් ලබාදෙන වැඩපිළිවෙළකුත් අපේ තියනවා.
යොමු වුණේ කොහොමද කියන එක නම් ටිකක් දිග කතාවක්...
ඇත්තටම මගෙ තිබුන අරමුණ ව්‍යාපාරයක් හෝ ආදායමක් නෙවෙයි. මට මිල මුදල් වල සැප සම්පත් වල අඩුවක් තිබුනෙ නැහැ. නමුත් එක අඩුවක් තිබුනා. පවුලක් සහ ලමා කාලයක්... මගෙ අරමුණ වුණේ කවදා හරි දවසක මම අලුතෙන් හදාගන්න බලපොරොත්තු වෙන පවුල වෙනුවෙන් කාලය වෙන් කිරීමේ හැකියාව ඇති කරගන්නයි. හේතුව මම පොඩි කාලෙ ඉදන්ම හැදුනෙ කිරිඅම්මා, කිරිඅත්තා ලග (දැන් නම් ඒ දෙන්නම ජීවතුන් අතර නැහැ). අම්මා, තාත්තා ලග නෙවෙයි මම හිටියෙ. රැකියා නිසා එයාලට මාව ලග තියාගන්න බැරි වුණා. ඉතින් අවංකවම පවුල කියන දේ මට ලොකුවට දැනිලා නැහැ සහ ඒ දේ මම විදලා නැහැ. මට දැනිලා තියන එකම දේ "ඒ වගේ පවුලක් මටත් තිබුනා නම්..." කියන එක විතරයි. ඒ ඒ වයසට ආව ප්‍රශ්න ගොඩක් තිබුනා. තනිවුන වෙලාවල් තිබුනා. දුක හිතුනම තනියම ඉවසගත්තා. ඒ මානසිකත්වය තමයි මේ වගේ දෙයක් පටන් ගන්න පාර කැපුවෙ. ඒ ගැන කවුරුත් දන්නෙ නැහැ, මොකද දෙයක් කරන්න කලින් අපේ සැලසුම් කිව්වම මිනිස්සු හිනාවෙනවා. "ඕවා කලොත් හොදයි, නමුත් ප්‍රායෝගිකව කරන්න බෑ" කියනවා. ඒ නිසා ක්‍රියාත්මක වීම විතරයි මම කලේ. පවුලෙ අයවත් මේ ගැන දන්නෙ නැති තරම්... උපාධිය තෝරගත්ත තැන ඉදන්ම පසුබිම හදාගත්තා. ගෙදර ම ඉදන් ආදායමක් එන ස්ථිර මාර්ගයක් හදාගන්න එකයි මගෙ එකම ඉලක්කය වුණේ. අදටත් එහෙමයි. මොකද ඒකෙන් මට පුලුවන් වෙයි දවසක පවුලෙ අය වෙනුවෙන් මගෙ කාලය වෙන් කරන්න. එයාලව ආදරෙන් බලාගන්න..

ඔබ මේ වෙනකොට ලබල තියෙන ජයග්‍රහණ මොනවද?

- මගෙ ලොකුම ජයග්‍රහණය තමයි "මම"... මම මාව අදුනගත්ත එක. සහ මේ කරන ව්‍යාපාරය... මගෙම මහන්සියෙන්, කැපවීමෙන්, හැකියාවෙන් උපයාගත්ත දෙයක් මේ... ආපහු හැරිලා ආව ගමන දිහා බැලුවම හිටිය තත්වෙට වඩා ලොකු ශක්තියක්, ආත්ම විශ්වාසයක් ඇති වෙලා තියනවා. ඒක තමයි මගෙ ලොකුම ජයග්‍රහණය...
මිනිස්සු පීඩනයෙන් රැකියා කරන කාලෙක මම ආසාවෙන් මගෙ ව්‍යාපාරය කරනවා. මම ගොඩක් කාර්‍යබහුල කෙනෙක්. ඒ කියන්නෙ මම වැඩ කීපයක් එකට කරනවා. නමුත් මම මානසිකව හිර වෙලා නැහැ. මම මගෙ ව්‍යාපෘති enjoy කරනවා. නිදහසේ මම මගෙ වැඩ ටික කරගෙන යනවා. ඊටවඩා ඉතින් තවත් මොනවද...

අධ්‍යාපනයත් එක්ක කොහොමද සමබරව කරගෙන ගියේ ?

හිර වුණ අවස්ථා නැතුවම නෙවෙයි. කාගෙන දෙකම කලා. දෙකම නෙවෙයි, තුනක්ම... ඔය ටික කරගෙන යන අතරෙ මම internship, ඉන් පස්සෙ job එකත් කලා. සමබරව කරගත්තෙ හිතේ ශක්තියෙන්ම තමයි.

ඔබට ආපු අභියෝග සහ ඒවට මුහුණ දුන්නෙ කොහොමද?

අභියෝග නම් කියන්න බැරි තරම් ඇවිත් තියනවා පොඩි කාලෙ ඉදන්ම. අත ඇරලා දාන්න හිතුන වාර අනන්තයි. මම අවුරුදු දහයේ විතර ඉදන් මගෙ fantacy එක අනුව මම create කරපු කතන්දර යාලුවන්ට කිව්වා. නමුත් එතනදි මාව සෑහෙන්න අපහසුතාවයට පත්වුණා. ඉතින් මට යාලුවො හිටියෙත් නැහැ. නමුත් ඒ fantasy එකම මම දැන් මගේ designs වලට මම apply කරනවා. ඒකට සෑහෙන value එකක් තියනවා. පෞද්ගලික, සමාජීය සහ මානසික වශයෙන් ඇති වුණ අභියෝගත් එමටයි. බිදවැටීම් තියනවා. ජීවිතේ එපා වුණ වෙලාවල් තියනවා. එහෙම වුණ වෙලාවට පවා design කරනවා කියන්නෙ ඒක තමයි ලොකුම අභියෝගය.
මගෙ සමහර තද තීරණ වලදි සමහරු ඒ අයගෙ මට්ටමෙන් මාව විනිශ්චය කලා. සමහරවිට හීනෙන්වත් නොහිතපු චෝදනා මට ආවා. නමුත් මම ඒවා අදාල කරගත්තෙ නැහැ. මොකද ඒ එයාලගෙ මට්ටම. එයාල මගෙන් දැකපු ප්‍රමාණයට වඩා එහා ගිය දැක්මක් මට තිබුණා. හිත රිදුනා තමයි, නමුත් ඒ ගැන මම වද වුණේ නැහැ.
අනික අපේ විෂය සුවපහසු විෂයක් නෙවෙයි. දවස් ගනන් නිදිමරන එක, පීඩනය, ගැස්ට්‍රයිටීස් එහෙම අපිට පුරුද්දක් වෙලා තිබුනෙ. අපිට තිබුනෙ ප්‍රශ්න වලට උත්තර ලියන්නවත් සිද්ධාන්තවත් නෙවෙයි. ඉවසීම, මොන ප්‍රශ්නෙ තිබුනත් creative mind එක, හැමදාම අලුත් දෙයක්, සියුම් වැඩ, drawing skills, software skills, presentation skills.. ඒක ලොකු වපසරියක විහිදිලා යන පුහුණුවක් කිව්වොත් හරි. ලැප්ටොප් වලට අපි කරන වැඩ ඔරොත්තු දෙන්නෙ නැහැ. හරිම අමාරුවෙන් ආව ගමනක් ඇත්තටම.
ඊට අමතරව දැන් වෙද්දි රටේ ඇතිවෙලා තියන ආර්ථික තත්වය පවා ලොකු අභියෝගයක්. අපේ වැඩ වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන ශීඝ්‍රතාවය අඩුයි. බදු මිල වැඩියි. නිතරම වෙනස්වෙන ආර්ථික පසුබිමක් තියෙන්නෙ. ඉතින් අපි design කලාට ඉදිකිරීම් වලදි සෑහෙන ප්‍රශ්න ගොඩක් මතුවෙනවා.
අපිව මැදි වුණේ covid, crisis නිසා හැම අංශයකින්ම කඩාවැටුන කාලෙකටනෙ.

ඔබ තවත් දක්ෂතා දක්වන්නෙ මොනවටද?

සංගීතය තමයි මම කැමතිම සහ දක්ෂම දේ. ගයන්න, වයන්න (notation නැතුව) දෙකම පුලුවන්. ඒ ඇරුනම ඉතින් උයන්න, මහන්න, ලියන්න, නටන්න, අත්කම් වැඩ, graphics වගේම චිත්‍ර අදින්න වගේ දේවලුත් පුලුවන්. Windows ගහන්න, software install කරන්න, errors එනකොට fix කරගන්න, hardware, malware ප්‍රශ්න solve කරගන්න... වගේ දේවලුත් පුලුවන් සහ මම ඒවා හොයලා ඉගෙනගන්නවා.
ඊට අමතරව මම online sessions කරනවා, මගෙ ක්ෂේත්‍රයේ ආධුනිකයින්ට මම දන්න දේ කියලා දෙනවා. මම හිතනවා මට පුලුවන් ඇති යමක් පැහැදිලිව කියලා දෙන්න කියලා. උගන්නන්න පුලුවන් ඇති කියලා. මොකද නැත්නම් ඒ අය මාව හොයන් එන්නෙ නැහැනෙ. එක්කෙනෙක් මගෙන් යමක් අහගත්තොත් එයා දිගටම මාව සම්බන්ධ කරගන්න තරම් එතනදි මම සාර්ථකයි.

ඔබට මේ ගමනට උදවු කල අය කවුද?

මුලින්ම මගෙ කිරිඅම්මා. එයා තමයි මගෙ පෞර්ශත්වය පොඩි කාලෙ ඉදන් හැදුවෙ. මගෙ පවුලෙ අනිත් අය කොන්දේසි විරහිතව උදව් කලා. අම්මා, තාත්තා, නංගි, බාප්පලා දෙන්නා, පුංචිලා දෙන්නා... මේ කිසිම කෙනෙක් මාව එයාලට ඕන තැනට යන්න කියල තල්ලු කලේ නැහැ. මම කාන්තාවක් වුණාට මං කැමති පාර තෝරගන්න මට නිදහස දුන්නා. අදටත් මට මං ගැන ඕනම තීරණයක් ගන්න නිදහස තියනවා. සමාජය දරුණුයි කියලා මාව හිර කරගත්තෙ නැහැ.
තව මගෙ හොදම යාලුවෙක් ඉන්නවා මගෙ ඕනම දේකට. ඒ වගේම කැම්පස් එකේ මගෙ මගෙ ලගින් ඉදපු යාලුවො.
තව මම internship කල කාලෙ මට කිසිම ලෝභකමක් නැතුව හැමදේම කියල දුන්න ආයතන ප්‍රධානීතුමිය.
මට ප්‍රශ්නයක් වුණ හැම වෙලාවකම මගෙ ලගින් ඉදපු අය. මගෙ හිත හදපු අය. ඒ හැමෝම...
සහ මගෙ ලගින් ඉන්නවා තව එක පුද්ගලයෙක් මාව මානසිකව ශක්තිමත් කරන. මට නවතින්න හිතෙන හැම වෙලාවකම මාව දිරිමත් කරන කෙනෙක්. මම කාර්‍යබහුල වෙන වෙලාවට අනවශ්‍ය ගැටලු ඇතිකරගන්නෙ නැතුව, ඉවසගෙන මාව තේරුම් අරන් මං වෙනුවෙන් ඉන්න මට ගොඩක් supportive කෙනෙක්.

ඔබේ අනාගත බලපොරොත්තු මොනවාද?

කලින් කිව්වා වගේ මට පවුලක් කියන්නෙ මොකක්ද කියන හැගීම දැනෙන්න අවශ්‍ය පසුබිමක් නිර්මාණය කරගන්න එක තමයි මූලිකම දේ...
මානසික නිදහස, සැනසීම, සතුට ඒවා තමයි මගෙ අනාගත බලාපොරොත්තු. ඒ වෙනුවෙන් තමයි මම මහන්සි වෙන්නෙ.

ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවුඩේ මොකක්ද?

හිතුනොත් දෙයක් කරන්න, ඒක කරන්න. තමන්ගෙ හිත සතුටු වෙන ඕනම දෙයක්. හරියන්න හෝ වරදින්න ඒක උත්සාහ කරල බලන්න. වැරදුනත් ඒ ලැබෙන අත්දැකීම වැදගත් වෙනවමයි දවසක දිනන්න. තනියම කරන අත්හදා බැලීම් තමයි දවසක අපිව ශක්තිමත් කරන්නෙ. තමන්ගෙ පාර අහුරන්න, වෙනස් කරන්න එන මිනිස්සුන්ව ජීවිතෙන් ඈත් කරන්න. තමන්ව මානසිකව අපහසුතාවයට පත්කරන අයගෙන් ඈත් වෙන්න. තමන්ට ශක්තියක් වෙන අය එක්ක විතරක් ගමන යන්න. තමන් තමන් ගැන විශ්වාස කරන්න. ඒ වගේම මහන්සි වෙන්න. අනිත් කෙනාට වඩා මම උඩට යන්න ඕන කියල හිතන්න එපා. අනිත් කෙනාට වඩා මං පහල කියල පසුතැවෙන්නත් එපා. තමන්ගෙ හිත සතුටු වෙන දේ විතරක් කරන්න. ජීවිතේ කියන්නෙ තව කෙනෙක් එක්ක කරන තරගයක් නෙවෙයි. තමන් විදින්න ඕන දෙයක්...
ඒක තමන් විසින් හදාගන්න ඕන.

සටහන - Lakshan Sandaru

ඔබ ගැන හැදින්වීමක් කලොත්?මගේ නම රොෂානි මහේෂිකා.මගේ පවුලේ ඉන්නේ තාත්තයි,අම්මයි, නංගියි..මං ශිෂ්‍යත්වය වෙනකම් ගියේ කළගෙඩි...
06/09/2023

ඔබ ගැන හැදින්වීමක් කලොත්?

මගේ නම රොෂානි මහේෂිකා.මගේ පවුලේ ඉන්නේ තාත්තයි,අම්මයි, නංගියි..මං ශිෂ්‍යත්වය වෙනකම් ගියේ කළගෙඩිහේන අශෝක ප්‍රාථමික විද්‍යාල යට..ඉන් පසු ශිෂ්‍යත්ව විභාගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානය ලබාගෙන මම කොළඹ විශාකා විද්‍යාලයට ඇතුලත් වෙනවා. ඉතාමත් හොඳින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ජීව විද්‍යාව විෂය හදාරලා ... සමත් වෙලා මං ජෛව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට Kaatsu international university එකට ඇතුළත් වෙනවා.

ඔබේ ව්‍යාපාරය මොකක්ද?ඒකට යොමුවන්නෙ කොහොමද?

ඇත්තටම මං ඉස්සර ඉඳන් ගොඩක් ආසයි teaching කියන දේට. සාමාන්‍ය පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලෙත් මම ළමුන් කිහිපදෙනෙක් ට ඉගැන්වීම් කටයුතු කළා. උසස් පෙළ අවසන් වෙලා ඉන්න කාලේ කොරෝනා වසංගතය නිසා ගොඩක් ළමයින්නේ ඉගෙනගැනීමේ කටයුතු වලට බාධා ඇති වුණා. ඒ කාලේ නොමිලේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ පන්ති පැවැත්වුවා. ඊට පස්සේ තමයි මම විද්‍යාව පන්ති පටන් ගත්තේ 6 වසරේ සිට 11 වසර දක්වා දරුවන්ට..ඒ වගේම මං වසරකට කලින් ආරම්භ කරනවා රස කැවිලි නිෂ්පාදන ව්‍යාපාරයක්...

ඔබ මේ වෙනකොට ලබල තියෙන ජයග්‍රහණ මොනවද?

මම මේ වනවිට වෘත්තීයම වශයෙන් සිංහල මාධ්‍ය විද්‍යාව ගුරුවරියක්.. නිට්ටඹුව උපකාරක පන්ති පවත්වන ආයතනයක සහ මාර්ගගත ලෙස විද්‍යාව බොහෝ දරුවන් පිරිසකට මම ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා.ඒ වගේම මගේ ලොකුම ජයග්‍රහණය සහ මගේ සතුට ... Roshani maheshika - science ෆේස්බුක් පිටුව වටා මේ වනවිට බොහෝ පිරිසක් එක් වී සිටිනවා. එමඟින් සාර්ථක පුද්ගලයෙකු බවට පත්වීමට අවශ්‍ය උපදෙස් ... අභිප්‍රේරණ කතා... සාර්ථක පුද්ගලයින්ගේ ජීවිත කතා... ආදි බොහෝ සමාජයට වැදගත් කරුණු එම facebook පිටුව හරහා ලබාදීමට මම උත්සාහ කරනවා.ඒ වගේම මගේ අම්මා සමඟ එකතු වෙලා ආරම්භ කරපු රස කැවිලි ව්‍යාපාරය අපි ලංකාව තුළ බොහෝ ඇනවූම් මේ වෙනකොට කරලා තියෙනවා.ඒ පමණක් නොව පිට රට සිටින අයට පවා අපේ රස කැවිලි බෙදාහරින වා..ඒ වගේම අලුතෙන් party foods ත් අපි නිෂපදන ය කරනවා.

අධ්‍යාපනයත් එක්ක කොහොමද සමබරව කරගෙන ගියේ ?

ඇත්තටම මගේ Degree එකත් එක්ක මේ දේවල් කරන කොට මට ගොඩක් අභියෝග එනවා. විභාග ... ගෙදර කටයුතු ... assignments , campus events , class වල වැඩ මේ හැම දේම ගැන මං හොයලා බලන්න ඕනි. ඉතින් හැමදාම මං මගේ week එක plan කරගන්නවා...එදා ට එදාට මගේ කැම්පස් ඒකේ ඉගෙන ගන්න දේවල් අධ්‍යනය කරනවා..ඒ වගේම මං ගොඩක් කාලය කළමනාකරණ කරනවා මගේ.. වැඩ වැඩි වුණාම අපිට කළ යුතු ගොඩක් දේවල් කරන්න අමතක වෙනවා. ඉතින් ඒ නිසාමයි schedule එකකට අනුව වැඩ කරන එක අත්‍යාවශ්‍ය වෙන්නේ.

විශ්ව විද්‍යාලයේදි ඔබට දක්ෂතා එලිදක්වන්න ලැබුනු අවස්තා ගැන මතක් කලොත්?

අපේ විශ්ව විද්‍යාලයේ විශාලම සංගීතමය ප්‍රසංගය වන චකිතය ප්‍රංසංගයේ නිවේදිකා වක් ලෙස කටයුතු කරාා.ඒ වගේම පොසොන් බැතිගි සරණිය වැනි event වල ගීත ගායනා කිරීමට එකතු වුණා..ඊට අමතරව English drama compeition එකක්ට සහභාගී වුණා..

ඔබට ආපු අභියෝග සහ ඒවට මුහුණ දුන්නෙ කොහොමද?

මං විද්‍යාව පංති ආරම්භ කරන කොට මට සමහර අපේ ගෙවල් පැත්තේ අය කිවා ඕවා කරලා හරියන්නේ නෑ. කැම්පස් ගියා නම් ඒ දේවල් කරන්න..එහෙම හැමෝටම උගන්න බෑ. ඔයාට ළමයි එන එක්ක නැ ඒ වගේ දේවල්... මන් ඒ කියන දේවල් හිතන්නේ නැතුව මං තවත් මගේ හිත ශක්තිමත් කරගෙන මගේ පංති වල වැඩ සහ මගේ උපාධිය ඉගෙනිම් කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යනවා.

ඔබ තවත් දක්ෂතා දක්වන්නෙ මොනවටද?

මං දහම් පාසල් ගුරුවරියක්. දරුවන් සමඟ කාලය ගත කරන්න අත්දැකීම් ලබාගන්න එය හොඳ අවස්ථාවක් මට . මං ගොඩක් නිවේදන කටයුතු වලට දක්ෂතා දක්වනවා. ඒ වගේම Drama වලට...මං විශ්ව විද්‍යාලයේ,ගමේ සහ මගේ දහම් පාසලේ Event වල නිවේදන ය කටයුතු කරනවා... ඒ වගේම මම Siri darmodhaya දහම් පාසලේ ගුරුවරියක් විදිහට වැඩ කරනවා.... දරුවන් සමඟ කාලය ගත කරන්න අත්දැකීම් ලබාගන්න එය හොඳ අවස්ථාවක් මට .

ඔබට මේ ගමනට උදවු කල අය කවුද?

මගේ ගමනට ගොඩක් ම මගේ නංගි තමයි උදුව් කරන්නේ..ඒ වගේම මගේ Party foods and sweets food ව්‍යාපාර අම්මා එක්ක එකතු වෙලා කරන්නේ.. තාත්තා ත් ඒ සඳහා ගොඩක් සහය වෙනවා.තමයි ගොඩක්ම කරන්නේ....ඒ වගේම මට මගේ කැම්පස් එකේ, පාසලේ හිටිය යාළුවෝ, නෑදෑයින් උදවේ කරනවා...

ඔබේ අනාගත බලපොරොත්තු මොනවාද?

මගේ අනාගත බලාපරොත්තුව මගේ ජෛව වෛද්‍ය විද්‍යාව උපාධිය හොදින් අවසන් කිරීම සහ ලංකාව තුල සාර්තකම ව්‍යවසායිකාවක් වෙන්න

ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවුඩේ මොකක්ද?

මං කියන්න කැමති ඕනෑම කෙනෙක්ට දියුණු වෙන්න ඕනි නම් මුලින් positive thinking ව හැම දේම දකින්න සහ ගොඩක් smart විදිහට හිතලා අපේ අරමුණු වලට යනකොට මොන බාධක අවත් ඒ වට වැටෙන්නේ නැතුව තමන්ගේ අරමුණ ටම Foucus එක දීලා ඒ කඩඉම ජයගන්නකම් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න...එහෙම වැඩ කරොත් හැම කෙන්ක්ට ම ජිවිතේ සාර්ථක කරගන්න පුළුවන්.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when UOSL-Undergraduates Of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share