Smart Living Sri Lanka

Smart Living Sri Lanka Smart Living Sri Lanka
Inspiring modern, efficient, and comfortable lifestyles. Live smarter. Live better. 🇱🇰✨

We share tips, trends, and smart solutions for better living — from home improvement and technology to everyday wellness.

🌱 කම්මැලිකම කියන දෙයක් ඇත්තටම තියෙනවද?අපි යම් කෙනෙක් යම් වැඩක් කරන්න අකමැති වුණාම ඉක්මනින්ම "කම්මැලියෙක්" කියලා ලේබලයක් ...
04/06/2026

🌱 කම්මැලිකම කියන දෙයක් ඇත්තටම තියෙනවද?

අපි යම් කෙනෙක් යම් වැඩක් කරන්න අකමැති වුණාම ඉක්මනින්ම "කම්මැලියෙක්" කියලා ලේබලයක් අලවනවා. සමහර වෙලාවට අපි අපිටමත් එහෙම කරනවා.

නමුත් ඇත්තටම කම්මැලිකම කියන්නේ ප්‍රශ්නය නෙවෙයි. ඒක පිටුපස තියෙන්නේ වෙනත් හේතු.

🔹 අනාගතය ගැන බියක් හෝ කනස්සල්ලක්
🔹 "මට බැහැ" කියන අඩු ආත්ම විශ්වාසයක්
🔹 ජීවිතයේ අරමුණු පැහැදිලි නොවීම
🔹 හොඳ නින්දක් නොලැබීම
🔹 අධික මානසික පීඩනය
🔹 සහයෝගය දෙන සබඳතා අඩුවීම

අපට උද්යෝගය (Motivation) අඩුවෙන හැම වෙලාවකම අපි අපිව දොස් කියනවා වෙනුවට, "ඇයි මට මෙහෙම දැනෙන්නේ?" කියලා කුතුහලයෙන් අහලා බලන එක වඩා වැදගත්.

ඔබේ ජීවිතයේ එක දෙයක් තෝරගෙන සතියක් වෙනසක් කරලා බලන්න. හොඳින් නිදාගන්න, ව්‍යායාම කරන්න, කාලය කළමනාකරණය කරන්න, නැත්නම් ඔබේ සිතුවිලි නිරීක්ෂණය කරන්න.

කුඩා වෙනස්කම් ලොකු ප්‍රතිඵල ගෙනෙන්න පුළුවන්.

❤️ මතක තියාගන්න...

ඔබ කම්මැලි කෙනෙක් නොවෙයි.
ඔබේ හැසිරීම්වලට හේතු තියෙනවා. ඒ හේතු තේරුම් ගන්නා තරමට ඔබ ඔබටම වඩාත් දයානුකම්පාවෙන් සලකන්න පටන් ගනීවි.

දිශාන්ති වෙදගේ

ඔයාගේ පැටියගෙත් මොළය වර්ධනය කරමුද?❤ඔයාගේ දරුවාට අවධානය තියාගන්න අමාරුද?❤️ඉගෙන ගන්නකොට ඉක්මනට අසරණ වෙනවද? ❤️එහෙම නැත්නම් ...
04/06/2026

ඔයාගේ පැටියගෙත් මොළය වර්ධනය කරමුද?

❤ඔයාගේ දරුවාට අවධානය තියාගන්න අමාරුද?

❤️ඉගෙන ගන්නකොට ඉක්මනට අසරණ වෙනවද?

❤️එහෙම නැත්නම් වැඩක් අන්තිම වෙනකන් කරගෙන යන්න අමාරුද?

මොළයත් අපේ ශරීරේ මාංශ පේශි වගේම පුහුණු කරන්න පුළුවන්. දවසට විනාඩි කීපයක් වෙන් කරලා මේ සරල ව්‍යායාම 4 කළොත් දරුවන්ගේ අවධානය, ශරීර පාලනය සහ සිතීමේ හැකියාව වර්ධනය කරන්න උදව් වෙන්න පුළුවන්.

🏃‍♂️ ව්‍යායාම 01 – Jumping Jacks

✅ පාද දෙක එකට තියාගෙන සිටින්න.
✅ පනිමින් අත් ඉහළට ගන්න.
✅ ඒ සමගම පාද දෙක පළල් කරන්න.
20 වතාවක් කරන්න.
ඊට පස්සේ තත්පර 15ක් විවේක ගන්න.
මෙහෙම වට 3ක් කරන්න.

⭐ පුංචි අභියෝගයක්
ඇස් වහලා කරලා බලන්න!

මේ ව්‍යායාමය ශරීරයත් මොළයත් එකට වැඩ කරන්න පුහුණු කරනවා

🏃‍♂️ව්‍යායාම 02 – Superman

දරුවා බඩ පහළට තියාගෙන වැතිරෙන්න.
එක අතක් සහ විරුද්ධ පැත්තේ පාදය එකවර උස්සලා තත්පර 15ක් තියාගන්න.
ඊට පස්සේ අනිත් පැත්තෙන් කරන්න.

පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙන්න මෙහෙමත් කරන්නකෝ

අත් දෙකයි පාද දෙකයි එකවර උස්සලා "Superman" වගේ ඉන්න පුළුවන්ද බලන්න.

මේ ව්‍යායාමය ශරීර සමතුලිතතාවය සහ පාලනය වර්ධනය කරන්න උදව් වෙනවා.

🏃‍♂️ව්‍යායාම 03 – Number Tracing

මේක නම් ළමයින්ට ගොඩක් විනෝදයි.
👀 ඇස් වහන්න කියන්න.
අත්ල මත පැන්සලක රබර් පැත්තෙන් අංකයක් ලියන්න.
ඊට පස්සේ,
"මොන අංකයද?" කියලා අහන්න.
දරුවාට අංකය හඳුනාගන්න පුළුවන්ද බලන්න.

⭐ ඊළඟ මට්ටමට යන්න ඕනේ නම් අංක කිහිපයක් එක දිගට ලියන්න.

මේ ව්‍යායාමයෙන් ස්පර්ශ සංවේදනය සහ මොළයේ අවධානය වැඩිදියුණු කරන්න උදව් වෙනවා.

🏃‍♂️ව්‍යායාම 04 – මොළයට පොඩි අභියෝගයක්
දෙමු.

ඔයා දරුවා ඉස්සරහින් වාඩි වෙන්න.

නීතිය මෙහෙමයි.
👉 මම ඇඟිල්ලක් උස්සනකොට ඔයා ඇඟිලි දෙකක් උස්සන්න කියන්න.
👉 මම ඇඟිලි දෙකක් උස්සනකොට ඔයා ඇඟිල්ලක් විතරක් උස්සන්න කියන්න.

ඉක්මනට ප්‍රතිචාර දක්වන්න ඕනේ.ආරම්භයේ වැරදි වෙනවා. ඒක සාමාන්‍යයි.

මේ වගේ ක්‍රීඩා දරුවන්ගේ සිතීමේ වේගය සහ අවධානය වැඩිදියුණු කරන්න උදව් වෙනවා.

❤️ දරුවන්ගේ සංවර්ධනයට ලොකු දේවල් ඕනෙම නැහැ.
දවසට විනාඩි කීපයක්, සෙල්ලම් කරන ගමන් කරන පුංචි ක්‍රියාකාරකම් පවා දරුවාගේ,
✅ අවධානය
✅ ශරීර පාලනය
✅ සිතීමේ හැකියාව
✅ ඉගෙනීමේ කුසලතා
වර්ධනය කිරීමට උදව් වෙන්න පුළුවන්.
ඔබත් මේ ව්‍යායාම දරුවාත් එක්ක කරලා බලන්න. 🤗

අදහස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා

දිශාන්ති වෙදගේ

ඔයාට මානසික නිදහස ලබා ගන්න නම් මෙන්න මේ දේවල් කරන්නhttps://www.facebook.com/share/p/1HiEndmiju/මේ ලිපියේ ඔබේ උත්‍තරය ඔව්...
03/06/2026

ඔයාට මානසික නිදහස ලබා ගන්න නම් මෙන්න මේ දේවල් කරන්න

https://www.facebook.com/share/p/1HiEndmiju/
මේ ලිපියේ ඔබේ උත්‍තරය ඔව් නම්, එන්න මේ ලිපිය කියවන්නම ඕනී.

🔹 අතීතයේ වැරදි අල්ලගෙන ඉන්න එපා. ඒවායෙන් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යන්න.

🔹 අනිත් අය එක්ක ඔබව සසඳන්න එපා. ඔබේ ගමන ඔබේම එකක්.

🔹 හැමෝම සතුටු කරන්න උත්සාහ කරන්න එපා. ඒක කවදාවත් සම්පූර්ණයෙන් කරන්න බැහැ.

🔹 ඔබට පාලනය කරන්න බැරි දේවල් ගැන වැඩිපුර හිතන්න එපා.

🔹 ඔබේ සතුට අනිත් අයගේ අදහස් මත තීරණය කරන්න දෙන්න එපා.

🔹 ඔබට ආදරය කරන්න. ඔබේ වටිනාකම හඳුනා ගන්න.

🔹 කෘතඥ වෙන්න. ඔබට තියෙන දේවල් ගැන සතුටු වෙන්න.

මානසික නිදහස කියන්නේ ප්‍රශ්න නැති ජීවිතයක් නෙවෙයි. ප්‍රශ්න මැදත් හිතේ සැනසීම රැකගෙන ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක්. 💚

ඔබේ හිත නිදහස් වූ දවසට, ජීවිතය වඩාත් ලස්සන වේවි.

දිශාන්ති වෙදගේ

#මානසිකනිදහස #ජීවිතපාඩම් #සිත #ධනාත්මකචින්තනය

ඔබ මානසිකව නිදහස්ද? අපි හැමෝම නිදහස ගැන කතා කරනවා. ඒත් ටිකක් හිතලා බලන්න... අපේ හිත ඇත්තටම නිදහස්ද?අනිත් අය මොනවා හිතයිද...
03/06/2026

ඔබ මානසිකව නිදහස්ද?

අපි හැමෝම නිදහස ගැන කතා කරනවා. ඒත් ටිකක් හිතලා බලන්න... අපේ හිත ඇත්තටම නිදහස්ද?

අනිත් අය මොනවා හිතයිද කියලා බය වෙනවා නම්, පරණ දේවල් ගැන හැමදාම දුක් වෙනවා නම්, නැත්නම් තවම වෙලා නැති දේවල් ගැන කනස්සල්ලෙන් ඉන්නවා නම්, අපි තවමත් මානසිකව නිදහස් නැහැ.

මානසික නිදහස කියන්නේ තමන් තමන්ම වෙලා ජීවත් වෙන එක. අනිත් අය එක්ක තමන්ව සසඳන්නේ නැතුව, තමන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන ඉස්සරහට යන එක.

ජීවිතේ හැම දෙයක්ම අපිට ඕන විදියට වෙන්නේ නැහැ. ඒත් ඒ දේවල් පිළිගෙන හිත සැහැල්ලුවෙන් තියාගෙන ඉන්න පුළුවන් නම්, ඒක තමයි ඇත්තම නිදහස.

ඉතින් අද පොඩ්ඩක් ඔබෙන්ම අහලා බලන්න...

"මගේ හිත ඇත්තටම නිදහස්ද?"

දිශාන්ති වෙදගේ

#මානසිකනිදහස #ජීවිතය #හිත #සතුට

උත්තය ඔව් නම් මේ ලිපියට යන්න
https://www.facebook.com/share/p/1DWmTEhEZu/

Shout out to my newest followers! Excited to have you onboard!Chethana Karunarathna, Sheshika Wishmali
08/04/2026

Shout out to my newest followers! Excited to have you onboard!

Chethana Karunarathna, Sheshika Wishmali

✨ Smart Living Mindset: “Make Today 1% Better”You don’t need a big plan.You don’t need perfect timing.You just need one ...
07/04/2026

✨ Smart Living Mindset: “Make Today 1% Better”

You don’t need a big plan.
You don’t need perfect timing.
You just need one small action that makes your life slightly better than yesterday.

Pick your upgrade for today:
💡 Learn one new idea
💧 Drink more water
📚 Read 1 page
🚶 Walk 5 extra minutes
🧹 Fix one tiny mess
📵 Reduce 10 mins of doomscrolling

Small actions → Big energy → Better life.

What’s your 1% today?
Drop it in the comments 👇💬

Keliyans, drop a ❤️ if you love our University of Kelaniya!
05/04/2026

Keliyans, drop a ❤️ if you love our University of Kelaniya!

වායුසමීකරණ යන්ත්‍රයක් තෝරා ගැනීමේදී EER අගය වැදගත් වන්නේ ඇයි?වායුසමීකරණ යන්ත්‍රයක් (AC) මිලදී ගැනීමේදී බොහෝ දෙනෙක් බලන්න...
28/03/2026

වායුසමීකරණ යන්ත්‍රයක් තෝරා ගැනීමේදී EER අගය වැදගත් වන්නේ ඇයි?
වායුසමීකරණ යන්ත්‍රයක් (AC) මිලදී ගැනීමේදී බොහෝ දෙනෙක් බලන්නේ එහි සන්නාමය (Brand), මිල හෝ සිසිලන ධාරිතාවය පිළිබඳවයි. නමුත් ඔබේ විදුලි බිලට සහ දිගුකාලීන ඉතිරිකිරීම්වලට සෘජුවම බලපාන වැදගත්ම සාධකයක් වන්නේ එහි EER අගයයි.
EER යනු කුමක්ද?
EER (Energy Efficiency Ratio) යනු වායුසමීකරණ යන්ත්‍රයක් විදුලිය කොතරම් කාර්යක්ෂමව සිසිලනය බවට පත් කරන්නේද යන්න මනින ඒකකයයි.
මෙය ගණනය කරනු ලබන්නේ සිසිලන ප්‍රතිදානය (BTU/hour), වැයවන විදුලි බලයෙන් (Watts) බෙදීමෙනි.
👉 වැඩි EER අගය = වැඩි කාර්යක්ෂමතාවය = අඩු විදුලි පිරිවැය
EER වැදගත් වන්නේ ඇයි?
1. අඩු විදුලි බිල
ඉහළ EER අගයක් සහිත AC යන්ත්‍ර, එකම සිසිලස ලබා දීමට වැය කරන්නේ ඉතා අඩු විදුලියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් කාලගුණයත් සමඟ වැඩි වේලාවක් AC භාවිතා කරන නිවෙස්වල මාසික විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට මෙය උපකාරී වේ.
2. උසස් ක්‍රියාකාරිත්වය සහ සුවපහසුව
කාර්යක්ෂම AC යන්ත්‍රයක් මගින් කාමරය වේගයෙන් සිසිල් කරන අතර පද්ධතියට වැඩි පීඩනයක් ලබා නොදී නියමිත උෂ්ණත්වය පවත්වා ගනී. එමෙන්ම ආර්ද්‍රතාවය (Humid) වැඩි අවස්ථාවලදී පවා ඉහළ EER සහිත ඒකක ඉතා හොඳින් ක්‍රියා කරයි.
3. දිගුකාලීන ඉතිරිකිරීම්
ඉහළ EER අගයක් සහිත වායුසමීකරණ යන්ත්‍රයක මූලික මිල තරමක් වැඩි විය හැකි වුවත්, අඩු විදුලි පරිභෝජනය සහ අඩු නඩත්තු වියදම් නිසා දිගුකාලීනව එය ඔබට විශාල මුදලක් ඉතිරි කර දෙයි.
4. පරිසර හිතකාමී තේරීමක්
අධි-කාර්යක්ෂම AC යන්ත්‍ර අඩු විදුලියක් භාවිතා කරන බැවින් සමස්ත බලශක්ති ඉල්ලුම අඩු කර කාබන් පියසටහන (Carbon footprint) අවම කිරීමට දායක වේ. එය තිරසාර ජීවන රටාවකට මහඟු රුකුලකි.
ඉහළ EER අගයන් සඳහා ප්‍රසිද්ධ සන්නාමයන්
බලශක්ති කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ගත් කල, පහත දැක්වෙන ප්‍රමුඛ පෙළේ සන්නාමයන් නිරන්තරයෙන් ඉහළ EER අගයන් සහිත AC යන්ත්‍ර වෙළඳපොළට ඉදිරිපත් කරයි:
🌟 Mitsubishi Electric – දියුණු ඉන්වර්ටර් (Inverter) තාක්ෂණය සහ විශිෂ්ට EER ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රසිද්ධය.
🌟 Panasonic – බලශක්ති ඉතිරිකිරීමේ විශේෂාංග සහ දිගුකාලීන කල්පැවැත්ම නිසා ජනප්‍රියයි.
🌟 YORK – විවිධ මාදිලි ඔස්සේ ඉහළ සිසිලන කාර්යක්ෂමතාවයක් සහ තරඟකාරී EER අගයන් ලබා දෙයි.
මෙම සන්නාමයන් මගින් ඔබ බලාපොරොත්තු වන සුවපහසුව මෙන්ම ඔබට අවශ්‍ය බලශක්ති ඉතිරිකිරීමද සහතික කරයි.

🔋 Smart ජීවිතයකට පුංචි ටිප් එකක්: ගෙදර එක තැනක “Charging Zone” එකක් හදමු! 🏡🔌ෆෝන්, power banks, earbuds සහ smartwatches ව...
25/03/2026

🔋 Smart ජීවිතයකට පුංචි ටිප් එකක්: ගෙදර එක තැනක “Charging Zone” එකක් හදමු! 🏡🔌

ෆෝන්, power banks, earbuds සහ smartwatches වගේ ඔයාගේ හැම device එකක්ම charge කරන්න ගෙදරින් එකම එක පුංචි තැනක් වෙන් කරගන්න. 📱⌚🎧

මේකෙන් ලැබෙන වාසි මොනවද?

✨ වයර් සහ ප්ලග් හැමතැනම තියෙන නිසා ඇතිවෙන අවුල් සහගත බව (clutter) අඩුවෙනවා.

✨ Devices එහේ මෙහේ දාලා නැතිවෙන එක/අමතක වෙන එක නතර වෙනවා.

✨ Overcharge වෙන එකෙන් වළකින්න ලේසියි.

✨ ඔයාගේ දෛනික තාක්ෂණික උපාංග හැමවෙලාවෙම පිළිවෙලකට වගේම පාවිච්චියට සූදානම්ව තියාගන්න පුළුවන්.

ඔයාගේ ගෙදරත් මේ වගේ වෙනම Charging spot එකක් තියෙනවද? Comment එකක් දාගෙන යමු! 👇

AC එක හොඳට භාවිතා කරන සරල උපදෙස්අද බොහෝ ගෙවල් වල AC තියෙනවා. හැබැයි හරි විදිහට භාවිතා නොකළොත්: • විදුලි බිල් එක වැඩි වෙන...
22/03/2026

AC එක හොඳට භාවිතා කරන සරල උපදෙස්

අද බොහෝ ගෙවල් වල AC තියෙනවා. හැබැයි හරි විදිහට භාවිතා නොකළොත්:
• විදුලි බිල් එක වැඩි වෙනවා
• AC එක ඉක්මනින් පරණ වෙනවා

එක නිසා මේ සරල tips ටික බලන්න 👇



🌡️ 1. ගෙදර උෂ්ණත්වය අඩු කරන්න
• දවල්ට ජනෙල් වහන්න
• තිර දාන්න
• දොරවල් වහලා තබන්න

👉 එතකොට AC එකට වැඩ අඩුයි



❄️ 2. ඉතා අඩු temperature දාන්න එපා

17°C, 18°C වගේ දාගෙන ටික වෙලාවක් use කරන එක හොඳ නැහැ

👉 ඒකෙන්:
• current වැඩියෙන් යනවා
• AC එකට strain වෙනවා

👉 හොඳම දේ: normal temperature එකක් දාගෙන දිගට use කරන්න



🌿 3. හොඳ temperature එක
• දවල්: 24°C – 26°C
• රෑ: 22°C – 24°C

👉 1°Cකින් අඩු කරොත් current එකත් වැඩි වෙනවා



🌀 4. Fan එකත් use කරන්න

AC එකත් එක්ක fan එකක් දාගත්තොත්:
• ඉක්මනින් cool වෙනවා
• current save වෙනවා



🚪 5. Doors & windows වහන්න

AC දාපු room එකේ:
• ජනෙල් වහන්න
• දොරවල් වහන්න

👉 නැත්තම් cool air පිටට යනවා



🧹 6. AC clean කරගෙන යන්න
• filter clean කරන්න
• outside unit check කරන්න

👉 dirty නම් current වැඩියෙන් යනවා



⚡ 7. Smart විදිහට use කරන්න
• අවශ්‍ය නැති වෙලාවට off කරන්න
• හුළං තියෙන වෙලාවට AC දාන්න එපා

Address

Colombo

Telephone

+94772435757

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Living Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Smart Living Sri Lanka:

Shortcuts

Share