Eheliyagoda Central College Astronomical Society - ECCAS

Eheliyagoda Central College Astronomical Society - ECCAS ECCAS Is the astronomical society in ECC.It share knowledge according to the local standard.

04/04/2026
සඳ ගමනේ මහා පිම්ම: ආර්ටෙමිස් 2 (Artemis II)මෙම මෙහෙයුම සජීවීව​වසර 50කට අධික නිහඬතාවයකින් පසු, මිනිස් පා සලකුණු සඳ මත තැබ...
02/04/2026

සඳ ගමනේ මහා පිම්ම: ආර්ටෙමිස් 2 (Artemis II)

මෙම මෙහෙයුම සජීවීව
​වසර 50කට අධික නිහඬතාවයකින් පසු, මිනිස් පා සලකුණු සඳ මත තැබීමේ දැවැන්ත සිහිනය යථාර්ථයක් කරමින් Artemis II මෙහෙයුම දැන් ක්‍රියාත්මක වේ. මෙය හුදෙක් ගමනක් නොව, මානව ඉතිහාසයේ අභ්‍යවකාශ ගවේෂණයේ නව පරිච්ඡේදයක ආරම්භයයි.

​1. හැඳින්වීම සහ මෙහෙයුමේ විශේෂත්වය

​1972 දී ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු මිනිසෙකු පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගොස් නැත. Artemis II මෙහෙයුම විශේෂ වන්නේ එම "හිස්තැන" පුරවන පළමු මෙහෙයුම මෙය නිසාය. මෙහිදී ගගනගාමීන් සඳ මත ගොඩබසින්නේ නැති වුවද, ඔවුන් සඳ වටා ගමන් කරමින් පෘථිවියේ සිට කිලෝමීටර් 400,000කට වඩා ඈතට ගමන් කරයි. මෙය අනාගතයේදී අඟහරු ලොව වෙත යන ගමනට අවශ්‍ය තාක්ෂණය පරීක්ෂා කරන ප්‍රධානම පියවරයි.

​2. දියත් කිරීමේ තොරතුරු (ඇමරිකානු සහ ලංකා වේලාවන්)

​ලොවම බලා සිටි මෙම ඓතිහාසික දියත් කිරීම ඇමරිකාවේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 39B අංගනයෙන් සිදුවිය.
​ඇමරිකානු (EDT) වේලාව: 2026 අප්‍රේල් 01 පස්වරු 06:35.
​ශ්‍රී ලංකා වේලාව: 2026 අප්‍රේල් 02 අලුයම 04:05.
නියමිත වේලාවටම මහා හඬක් නංවමින් SLS රොකට්ටුව අහස දෙසට විදින ලද්දේ මුළු ලොවම අමන්දානන්දයට පත් කරමිනි.

​3. වර්තමාන තත්ත්වය සහ දැන් සිදුවන දේ

​අද (අප්‍රේල් 02) වන විට මෙහෙයුම සාර්ථකව දෙවන දිනයට එළඹ ඇත. ගගනගාමීන් මේ වන විට Orion (ඔරායන්) යානය තුළ සිටිමින් එහි පද්ධති පරීක්ෂා කරමින් සිටිති.
​දැන් සිදුකරන කාර්යය: යානය සඳ දෙසට තල්ලු කිරීමට පෙර, යානයේ ඔක්සිජන්, උෂ්ණත්ව පාලනය සහ සන්නිවේදන පද්ධති නිවැරදිව ක්‍රියා කරන්නේ දැයි ඔවුන් පරීක්ෂා කරයි.
​වර්තමාන ස්ථානය: ඔවුන් දැනට පෘථිවිය වටා ඇති ඉතා ඉහළ ඉලිප්සාකාර කක්ෂයක රැඳී සිටින අතර, ඉක්මනින්ම සඳ දෙසට යාමට අවශ්‍ය වේගය ලබා ගැනීමට එන්ජිම ක්‍රියාත්මක කරනු ඇත.

​4. මෙහෙයුමේ කාලසීමාව සහ දුර

​මෙම සම්පූර්ණ ගමන සඳහා දින 10ක් ගතවේ.
​පළමු දින දෙක පෘථිවි කක්ෂයේ පරීක්ෂණ සඳහා වැයවේ.
​ඉන්පසු දින කිහිපයක් සඳ වෙත යාමට ගතවේ.
​ඔවුන් සඳ වටා ගොස්, සඳෙහි ගුරුත්වාකර්ෂණය භාවිතා කර නැවත පෘථිවියට පැමිණේ.
​සමස්ත ගමන කිලෝමීටර් මිලියනයකට වඩා වැඩි දුරක් ආවරණය කරයි.

​5. ඓතිහාසික ගගනගාමීන් සිව්දෙනා

​මෙම කණ්ඩායම ලෝකයේ විවිධත්වය නියෝජනය කරන සුවිශේෂී කණ්ඩායමකි:
​රීඩ් වයිස්මන් (Commander): පළපුරුදු නායකයා.
​වික්ටර් ග්ලෝවර් (Pilot): සඳ බලා යන පළමු කළු ජාතිකයා ලෙස ඉතිහාසයට එක්වේ.
​ක්‍රිස්ටිනා කොක් (Mission Specialist): සඳ වෙත යන පළමු කාන්තාව ලෙස ඇය වාර්තා තබයි.
​ජෙරමි හැන්සන් (Mission Specialist): ඇමරිකානු ජාතිකයෙකු නොවන (කැනේඩියානු) සඳ වෙත යන පළමු පුද්ගලයායි.

​6. රොකට්ටුව සහ ඔරායන් යානය (SLS & Orion)

​මෙම මෙහෙයුමේ කොඳු නාරටිය වන්නේ SLS (Space Launch System) රොකට්ටුවයි. එය තට්ටු 30ක ගොඩනැගිල්ලක් තරම් උස වන අතර, රාත්තල් මිලියන 8.8ක දැවැන්ත තෙරපුමක් උත්පාදනය කරයි. ගගනගාමීන් ගමන් කරන Orion යානය අතිනවීන පරිගණක පද්ධතිවලින් යුක්ත වන අතර, එය පැයකට කිලෝමීටර් 40,000ක වේගයෙන් නැවත පෘථිවියට ඇතුළු වන විට ඇතිවන සෙල්සියස් අංශක 2,800ක අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇත.

​7. අනාගත බලාපොරොත්තුව

​Artemis II මෙහෙයුමේ සාර්ථකත්වය යනු මිනිසා නැවත සඳ මත පදිංචි වීමේ පළමු පියවරයි. මෙමගින් ලැබෙන දත්ත උපයෝගී කරගෙන ඉදිරි වසර කිහිපය තුළ Artemis III හරහා මිනිසුන් සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැසීමට නියමිතය. එතැන් සිට අඟහරු ලොව දක්වා යන මාවත විවර වනු ඇත.

-Sadisi Dulseya -

තාරකා විද්‍යාව (Astronomy): අපරිමිත විශ්වයේ රහස් සොයා යාම🌠​තාරකා විද්‍යාව කියන්නේ පෘථිවි වායුගෝලයෙන් ඔබ්බට පවතින තරු, ග්...
30/03/2026

තාරකා විද්‍යාව (Astronomy): අපරිමිත විශ්වයේ රහස් සොයා යාම🌠

​තාරකා විද්‍යාව කියන්නේ පෘථිවි වායුගෝලයෙන් ඔබ්බට පවතින තරු, ග්‍රහලෝක, මන්දාකිණි (Galaxies) සහ කළු කුහර (Black Holes) වැනි සියලුම ආකාශ වස්තූන් ගැන හදාරන විද්‍යාවයි. මෙය ලෝකයේ පැරණිතම විද්‍යාවන්ගෙන් එකක් විදිහට සැලකෙනවා.

1. සෞරග්‍රහ මණ්ඩලය (The Solar System)

​අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ ඉන්නේ සූර්යයායි. එය වටා ග්‍රහලෝක 8ක් සහ තවත් වාමන ග්‍රහලෝක, ග්‍රාහකයන් සහ වල්ගාතරු පරිභ්‍රමණය වෙනවා.
​අභ්‍යන්තර ග්‍රහලෝක: බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු. (මේවා පාෂාණවලින් නිර්මාණය වී ඇත.)
​බාහිර ග්‍රහලෝක: බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්. (මේවා දැවැන්ත වායු සහ අයිස් යෝධයන් ලෙස හැඳින්වේ.)

*2. තරු සහ මන්දාකිණි (Stars and Galaxies)

​තරු කියන්නේ අතිවිශාල තාපයක් සහ ආලෝකයක් නිකුත් කරන වායු ගෝලයන්ටයි. අපේ සූර්යයාත් මධ්‍යම ප්‍රමාණයේ තරුවක්. මේ වගේ තරු බිලියන ගණනක් එකතු වෙලා මන්දාකිණියක් හැදෙනවා.
​අපි ජීවත් වෙන්නේ ක්ෂීරපථය (Milky Way) කියන මන්දාකිණියේ. විශ්වය පුරා මෙවැනි මන්දාකිණි බිලියන ගණනක් තියෙනවා.

3. විශ්වය ගැන අධ්‍යයනය කරන්නේ කොහොමද?

​තාරකා විද්‍යාඥයන් විශ්වය ගැන තොරතුරු රැස් කරන්න ප්‍රධාන ක්‍රම කිහිපයක් භාවිතා කරනවා:
​දුරේක්ෂ (Telescopes): ආලෝකය සහ අනෙකුත් විකිරණ මගින් ඈත අභ්‍යවකාශය නිරීක්ෂණය කරයි. (උදා: ජේම්ස් වෙබ් දුරේක්ෂය - James Webb Space Telescope)
​අභ්‍යවකාශ යානා: චන්ද්‍රිකා සහ රෝවර් යානා මගින් වෙනත් ග්‍රහලෝක වල පස් සහ දේශගුණය පරීක්ෂා කරයි.

*ඔබ දන්නවාද?

​විශ්වයේ වේගයෙන්ම ගමන් කරන්නේ ආලෝකයයි. එය තත්පරයකට කිලෝමීටර් 300,000ක පමණ වේගයෙන් ගමන් කරයි.
​අඟහරු ග්‍රහයා මත පිහිටා ඇති ඔලිම්පස් මොන්ස් (Olympus Mons) ගිනි කන්ද එවරස්ට් කන්දට වඩා තුන් ගුණයක් උසයි!
​කළු කුහරයක ගුරුත්වාකර්ෂණය කොතරම් ප්‍රබලද කියනවා නම්, ආලෝකයට පවා එයින් මිදී යා නොහැක.

-Deneth Hasaranga

අප විද්‍යාලීය තාරකා විද්‍යා සංග⁣මයේ සාමාජිකයන් විසින් 2025.07.04 වන දින ඉංගිරියේදී පැවැත්වූ තාරකාවිද්‍යා රාත්‍රී කඳවුර 🔭...
10/07/2025

අප විද්‍යාලීය තාරකා විද්‍යා සංග⁣මයේ සාමාජිකයන් විසින් 2025.07.04 වන දින ඉංගිරියේදී පැවැත්වූ තාරකාවිද්‍යා රාත්‍රී කඳවුර 🔭🚀

Copied...කලු කුහරයක් වටා ඇති දැවැන්ත ජල සංචිතයක් !!කලු කුහරයක් වටා ඇති දැවැන්ත ජල සංචිතයක් !! අපි මේ කතාකරන්න යන්නේ APM ...
14/06/2025

Copied...

කලු කුහරයක් වටා ඇති දැවැන්ත ජල සංචිතයක් !!
කලු කුහරයක් වටා ඇති දැවැන්ත ජල සංචිතයක් !!

අපි මේ කතාකරන්න යන්නේ APM 08279+5255 ලෙස හඳුන්වන පෘථිවියට ආලෝක වර්ෂ බිලියන 12.2 විතර ඈතින් පිහිටලා තියෙන ක්වේසාර්/Quasar එකක් ගැන.

මොකක්ද මේ ක්වේසාර් එකක් කියන්නේ?

අති දැවැන්ත කලු කුහරයක් මඟින් ඒ වටා තියෙන වායු/දූවිලි ආදී පදාර්ථ ගුරුත්වය මගින් තමා වෙතට ඇදගැනීමේ ප්‍රතිඵලයක් විදිහට මේ කලු කුහරය වටා මේ පදාර්ථවලින් සමන්විත තැටියක් නිර්මාණය වෙනවා. ගුරුත්වය හමුවේ එකිනෙකට ඝනව ඇහිරිලා තියෙන මේ තැටියේ තියෙන අංශු අධික වේගයෙන් කලු කුහරය වටා ගමන් කරනවා. ඒ අනුව මේ අංශු අතර ඇතිවෙන ඝර්ෂණය නිසා මේ තැටිය අධික ලෙස රත්වෙනවා.මේ දැඩි ලෙස රත්වෙන පදාර්ථ තැටියෙන් ආලෝකය ලෙස අධික ශක්ති ප්‍රමාණයක් නිකුත් කරනවා.

මේ ආකාරයේ අති දැවැන්ත කලු කුහරයකින් බලගැන්වෙන අති දීප්තිමත් වස්තුවකට තමා අපි කියන්නේ ක්වේසාර් එකක් කියලා.

අපි මේ කතාකරන APM 08279+5255 කියන ක්වේසාර් එකත් සූර්‍යයා වගේ බිලියන 23 ගුණයක ස්කන්ධයකින් යුක්ත වන කලුකුහරයකින් තමා බලගැන්වෙන්නේ.

ඒත් වැදගත්ම දේ ඒක නෙමේ. මේ ක්වේසාර් එක අවට තියෙන පදාර්ථ වලා නිකුත් කරන ආලෝකයේ වර්ණාවලිය අධ්‍යනය කරාම, අපිට හොයාගන්න පුළුවන් උනා මේ කලු කුහරයෙන් බලගැන්වෙන ක්වේසාර් එක අවට අති දැවැන්ත ජල සංචිතයක් තියෙනවා කියලා.

මේ ජල සංචිතය පෘථිවියේ තියෙන ඔක්කොම සාගර ඇතුළුව පවතින මුළු ජලස්කන්ධයන වඩා ට්‍රිලියන එකසිය හතලිස් ගුණයකට/140,000,000,000,000 වඩා වැඩී.

ඒත් මේ ජලය පවතින්නේ ද්‍රව විදිහට නෙමේ, වාශ්ප විදිහට.

තවත් වැදගත් දෙයක් තමා, ආලෝක වර්ශ බිලියන 12.2 ඈත තියෙන ක්වේසාර් එකක් අපි නිරීක්ෂණය කරනවා කියන්නේ අපි ඒ දකින්නේ, දැන් ඉඳන් අවුරුදු බිලියන 12.2 ට පෙර අතීතය.
විශ්වයේ වයස දැනට අවුරුදු බිලියන 13.8 යිනේ. ඒ කියන්නේ විශ්වයේ වයස අවුරුදු බිලියන 1.6 විතර වුන අවධිවල පවා විශ්වයේ ජලය පැවතුනු බව මෙමගින් කියැවෙනවා.

ඒ හා සම්බන්ධ තවත් Interesting fact එකක් කිව්වොත්-

අපි බොන ජලයෙන් 30%-50% විතර ප්‍රමාණයක් අපිට ලැබිල තියෙන්නේ අපේ සෞරහ්‍රහ මණ්ඩලය නිර්මාණය වුනු වායු/දූවිලි වලාවෙන්.

තව විදිහකින් කිව්වොත් ඒ වතුර සූර්‍යයාට වඩා පරණයි!!! 🫠

© AstronerdZ

විශ්වය බිහිවෙන්න කලින් කියල දෙයක් නෑ නේද? කාලය බිහි උනෙත් විශ්වය බිහි උන නිමේශයෙම නේ.. ඇත්තටම මහා පිපුරුමට කලින් අවකාශයක...
13/06/2025

විශ්වය බිහිවෙන්න කලින් කියල දෙයක් නෑ නේද? කාලය බිහි උනෙත් විශ්වය බිහි උන නිමේශයෙම නේ.. ඇත්තටම මහා පිපුරුමට කලින් අවකාශයක් නැති, කාලයක් නැති, හිස් බවක් නැති, දෙයක් තිබුණා නම් ඒ මොකක්ද? මේව මිනිස් මොළයට හිතන්න අමාරු දේවල් නේද?

මේ කලින් ලිපියට ලැබුණ කොමෙන්ටුවක්! මේ ප්‍රශ්නය යළි යළි විවිධ විදියට අහන නිසා මම හිතුණා ඒ ලිපියකින්ම පිළිතුරක් දෙන්න.

"විශ්වය බිහිවෙන්න කලින්" කියලා දෙයක් ඇත්තටම නැති බව සහ කාලයත් විශ්වයත් එකටම බිහි වුණා කියන අදහස ඉතාම නිවැරදියි. සාම්ප්‍රදායික බිග් බෑං සිද්ධාන්තයට අනුව, කාලය (Time) සහ අවකාශය (Space) කියන දේවල් බිහි වුණේ මහා පිපිරීමත් එක්කමයි. ඒ නිසා, "මහා පිපිරීමට කලින්" කියලා යමක් ගැන කතා කරන එක තේරුමක් නැහැ. මොකද, කාලය කියන සංකල්පයම ඒ මොහොතෙන් පස්සේ තමයි ආරම්භ වෙන්නේ. ඒක හරියට, ඔබ උතුරු ධ්‍රැවයට උතුරින් යන්න හදනවා වගේ දෙයක්. උතුරු ධ්‍රැවයෙන් උතුරට කියන දිශාවක් ඇත්තටම නැහැ.

හිස් බවක්, කාලයක්, අවකාශයක් නැති දෙයක් තිබුණා නම් ඒ මොකක්ද?

මේ අහන "හිස් බවක් නැති, කාලයක් නැති, අවකාශයක් නැති දෙයක් තිබුණා නම් ඒ මොකක්ද?" කියන ප්‍රශ්නය තමයි මේ මුළු ක්ෂේත්‍රයේම තියෙන අමාරුම ගැටලුව. සාමාන්‍යයෙන් අපිට දේවල් හිතන්න පුළුවන් වෙන්නේ කාලය, අවකාශය කියන රාමුව ඇතුළේ. මේ රාමුවෙන් එළියට ගිහින් හිතන එක අපේ මොළයට අභියෝගයක්. මේකට විද්‍යාඥයන් ඉදිරිපත් කරන සමහර අදහස් තමයි,

සම්පූර්ණ නොපැවැත්ම (Non-existence)

සමහරවිට "කිසිවක්" තිබුණේ නැහැ. ඒ කියන්නේ, අපිට තේරුම් ගන්න පුළුවන් විදිහේ පැවැත්මක් තිබුණේ නැහැ.

මුළුමනින්ම වෙනස් භෞතික විද්‍යාවක් (Different Physics)

අපේ විශ්වයේ අදාළ වන භෞතික විද්‍යා නීති "සිංගියුලරිටි" එකට කලින් තිබුණේ නැහැ. සමහරවිට එතැන තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් නීති යටතේ ක්‍රියාත්මක වුණු යම්කිසි තත්ත්වයක්.

ක්වොන්ටම් උච්චාවචනයන් (Quantum Fluctuations)

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව, හිස් අවකාශයක පවා ක්ෂුද්‍ර මට්ටමේ ශක්ති උච්චාවචනයන් නිරන්තරයෙන් සිදුවෙනවා. සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශ්වය බිහි වුණේ එවැනි ක්වොන්ටම් උච්චාවචනයක් නිසා වෙන්න පුළුවන් කියලා. මේ අදහසට අනුව, "කිසිවක් නැති තැනින් යමක් බිහිවිය හැකි" සංකල්පයක් මතුවෙනවා.

බහු විශ්වයන් (Multiverse)

මම කලින් ලිපියේ සාකච්ඡා කළ කළු කුහර විශ්ව සිද්ධාන්තය වගේම, බහු විශ්වයන් සංකල්පයට අනුව අපේ විශ්වය කියන්නේ තවත් විශාල "බහු විශ්වයක්" තුළ පවතින විශ්වයන් බොහොමයකින් එකක් විතරයි. මේ අදහසට අනුව, "අපේ විශ්වය බිහිවෙන්න කලින්" කියන එකට උත්තරය වෙන්නේ "වෙනත් විශ්වයන්" තිබුණා කියන එකයි.

මිනිස් මොළයට ඇති අභියෝගය ගැන ඒ කොමෙන්ටුවේ සඳහන් කළා වගේම, මේවා ඇත්තටම මිනිස් මොළයට හිතන්න අමාරු දේවල් තමයි. අපේ මොළය පරිණාමය වෙලා තියෙන්නේ දෛනික ජීවිතයේදී අපිට මුහුණ දෙන්න සිදුවන ත්‍රිමාන අවකාශය හා කාලය තුළ සිදුවන සිදුවීම් තේරුම් ගන්න. අසීමිත බව, කාලය නොමැති බව, අවකාශය නොමැති බව වැනි සංකල්ප තේරුම් ගැනීම අපේ සහජ බුද්ධියට පටහැනියි. ඒකයි සමහර දෘෂ්ටිවාද විශ්වය ගැන හොයන්න එපා කියන්නේ. ඒත්, විද්‍යාවේ සුන්දරත්වය තියෙන්නේ අපි අපේ සීමාවන් ඉක්මවා ගිහින්, විශ්වයේ රහස් සොයන්න උත්සාහ කිරීමෙන්..

සාගර දියගම ©️ 2025
https://tinyurl.com/SagaraDiyagama
https://www.facebook.com/SagaraD99


#සාගර_දියගම

අපේ විශ්වය ඇත්තටම හැදුණේ කොහොමද? අපි හැමෝම දන්නවා විශ්වය බිග් බෑං (Big Bang) එකකින් ඇති වුණා කියලා. පොඩි කාලේ ඉඳන්ම අපි ...
12/06/2025

අපේ විශ්වය ඇත්තටම හැදුණේ කොහොමද? අපි හැමෝම දන්නවා විශ්වය බිග් බෑං (Big Bang) එකකින් ඇති වුණා කියලා. පොඩි කාලේ ඉඳන්ම අපි ඉගෙන ගත්තේ විශ්වය ආරම්භ වුණේ පුංචි තිතකින් සිදුවුණු මහා පිපිරීමකින් කියලා.ඒත්, ඒක ඇත්තටම එහෙමද? අවුරුදු ගාණක් තිස්සේ විද්‍යාඥයන්ට පවා උත්තර නැති ප්‍රශ්න ගොඩක්, බිග් බෑං සිද්ධාන්තය ඇතුළේ සැඟවිලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මේ බිග් බෑං සිද්ධාන්තයට අභියෝග කරන, අලුත්, ඒත් හිතාගන්න බැරි තරම් ආකර්ෂණීය අදහසක් ගැන.

අපි දන්න කතාව..

මුලින් අපි හැමෝම දන්න බිග් බෑං සිද්ධාන්තය ගැන පොඩ්ඩක් මතක් කරගමු. මේ සිද්ධාන්තයට අනුව, අවුරුදු බිලියන 13.8 කට කලින්, විශ්වයේ හැමදේම අසීමිතව ඝන, අසීමිතව කුඩා, "singular" කියන තනි ලක්ෂ්‍යයකට තෙරපිලා තිබුණා. ඊට පස්සේ, මේ පුංචිම පුංචි තිතක් වගේ දෙයක්, එකවරම විශාල පිපිරීමකින් ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. මේක තමයි අපේ විශ්වයේ ආරම්භය. කාලය, අවකාශය, සහ පදාර්ථය බිහි වුණේ අන්න ඒ මොහොතේ...

මේ සිද්ධාන්තය, විශ්වයේ ප්‍රසාරණය, විශ්වයේ පසුබිම් විකිරණය (Cosmic Microwave Background radiation) වගේ ගොඩක් දේවල් පැහැදිලි කරන්න සාර්ථක වුණා. ඒ නිසාම තමයි මේක ගොඩක් දෙනෙක් පිළිගත්ත සිද්ධාන්තය වුණේ.

"පරණ කතාවේ හිදැස් ?"

බිග් බෑං සිද්ධාන්තය සාර්ථක වුණා වුණත්, ඒක ඇතුළේ විද්‍යාඥයන්ට තාමත් උත්තර නැති ගැටලු ගොඩක් තියෙනවා. ඒ තමයි,

'සිංගියුලරිටි' ප්‍රශ්නය (The Singularity Problem)

විශ්වය පටන් ගත්තා කියලා කියන අසීමිතව ඝන තිත, අපේ දැනට තියෙන භෞතික විද්‍යා නීති වලට අහුවෙන්නේ නැති තැනක්. ඒ කියන්නේ, ඒ තැනදී භෞතික විද්‍යාව කැඩෙනවා. ඒ වගේම, ඒක තිබුණේ කොහෙන්ද? ඒකට කලින් මොකද වුණේ? මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බිග් බෑං සිද්ධාන්තයට බැහැ.

අදුරු ශක්තිය සහ අදුරු පදාර්ථය (Dark Energy and Dark Matter)

විශ්වය ප්‍රසාරණය වෙන වේගය වගේ දේවල් පැහැදිලි කරන්න "අදුරු ශක්තිය" (Dark Energy) සහ "අදුරු පදාර්ථය" (Dark Matter) කියන අද්භූත සංකල්ප හඳුන්වා දෙන්න සිද්ධ වුණා. මේවා මොනවාද කියලා තාමත් හරියට දන්නේ නැහැ. මේවා හරියට ගෙයක් හදන්න ගිහින්, බිත්තියක් හදන්න අමාරු නිසා, වෙනම කණුවක් දැම්මා වගේ දෙයක්. මේවා සිද්ධාන්තයට අලුතින් එකතු කරපු දේවල්, විශ්වයේ ස්වභාවික කොටස් නෙවෙයි.

මේ ප්‍රශ්න නිසා, ගොඩක් විද්‍යාඥයන් හිතන්න පටන් ගත්තා, සමහරවිට බිග් බෑං එක කියන්නේ අපේ විශ්වයේ නියම ආරම්භය නෙවෙයි වෙන්න ඇති කියලා. එයාල අලුත් අලුත් මතවාද ගෙනාවා. දැන් කතා කරමු ඒ අතරින් නැගී එන එක් විප්ලවීය අදහසක් ගැන! ඒ තමයි කළු කුහර විශ්වය (The Black Hole Universe)

මේ අදහස අපේ සිතුවිලි අවුස්සනවා. කළු කුහර විශ්වය කියන සිද්ධාන්තයට අනුව, බිග් බෑං එක කියන්නේ අපේ විශ්වයේ ආරම්භය නෙවෙයි. ඒ වෙනුවට, අපේ විශ්වය ඇති වුණේ කළු කුහරයක් ඇතුළේ සිදුවුණු දැවැන්ත ගුරුත්වාකර්ෂණික බිඳවැටීමකින් පස්සේ සිදුවුණු "පිම්මකින්" (bounce) කියලයි මේ සිද්ධාන්තය කියන්නේ..

"ටිකක් සංකීර්ණයි වගේද ?"

පොඩ්ඩක් සංකීර්ණයි වගේ පෙනුණත්, මේක හරි සරලව තේරුම් ගන්න පුළුවන්. හිතන්න, කළු කුහරයකට ඇදෙන හැමදේම අන්තිමට එක තැනකට සම්පීඩනය වෙනවා, සාමාන්‍යයෙන් කළු කුහරයකට වැටෙන ඕනෑම දෙයක් 'සිංගියුලරිටි' එකක් බවට පත්වෙලා නැතිවෙලා යනවා කියලයි. ඒත්, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව (Quantum Mechanics) මෙතනට එනවා. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කියන විදිහට, අංශුන්ට අසීමිතව එකට තෙරපෙන්න බෑ. ඒකට කියන්නේ බැහැර කිරීමේ මූලධර්මය (Quantum Exclusion Principle) කියලා..

ඒ කියන්නේ, යම්කිසි අවස්ථාවකදී, කළු කුහරයක් ඇතුළේ තියෙන පදාර්ථය අසීමිතව සම්පීඩනය වෙන්නේ නැහැ. ඒ වෙනුවට, යම් සීමාවකට පස්සේ, අර ක්වොන්ටම් නීතිය නිසාම, ඒක නැවත ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. මේකට තමයි 'පිම්ම' කියලා කියන්නේ. මේ පිම්මෙන් පස්සේ තමයි අපේ විශ්වය වගේම, දැන් අපි දකින විදිහට ප්‍රසාරණය වෙන විශ්වයක් ඇති වුණා කියලා මේ සිද්ධාන්තය කියන්නේ..

මේ සිද්ධාන්තයෙන් අපිට, විද්‍යාවට හිසරදයක් වෙලා තිබුණ, 'සිංගියුලරිටි' කියන තැනට පිළිතුරක් ලැබෙනවා. ඒ කියන්නේ, බිග් බෑං එකට කලින් මොකුත් තිබුණේ නෑ කියන එක වෙනුවට, බිග් බෑං එක කියන්නේ තවත් විශාල 'මාපිය' විශ්වයක් ඇතුළේ තියෙන සුවිසල් කළු කුහරයක් ඇතුළේ සිදුවුණු සිදුවීමක් වෙන්න පුළුවන් කියන එක!

මේ අලුත් අදහස, ඉන්දියානු දර්ශනවාදයන් එක්ක පුදුමාකාර විදිහට ගැලපෙනවා. ලෝකය ඇතිවෙන, පැවතීගෙන යන, නැතිවෙන චක්‍රයක් (Cosmic Cycles) කියන එක ගැන. මේ විශ්වය නිරන්තරයෙන්ම අලුත් වෙන, වෙනස් වෙන දෙයක් කියලයි බුදු දහමේ කියන්නේ. එක් විශ්වයක් බිඳ වැටිලා, ඒකෙන් තවත් විශ්වයක් ඇතිවෙනවා කියන අදහස, කළු කුහර විශ්ව සිද්ධාන්තයෙන් කියවෙන චක්‍රීය ස්වභාවයත් එක්ක පුදුමාකාර විදිහට සමානයි.

හින්දු දර්ශනයේ, විශ්වය යුග චක්‍රයක් හරහා ගමන් කරනවා. මහා බ්‍රහ්මයාගේ එක් දිනයක් කියන්නේ විශ්වයේ එක චක්‍රයක්. මේ නව අදහසත්, විශ්වය අඛණ්ඩ චක්‍රයක කොටසක් කියලා කියනවා. මේ වගේ පරණ දර්ශනවාදී අදහස්, අලුත් විද්‍යාත්මක සොයාගැනීම් එක්ක එකට ගැලපෙන කොට අපිට හිතෙන්නේ නැද්ද විශ්වයේ තව කොච්චර නම් රහස් තියෙනවද කියලා...

අපට කියලා දුන්නේ විශ්වය එක පාරක් ඇතිවෙලා, අවසානයේදී නැතිවෙලා යන දෙයක් කියලා. ඒත්, මේ අලුත් සිද්ධාන්තය අපිට කියන්නේ, විශ්වය කියන්නේ නොනවතින චක්‍රයක කොටසක් කියලා. එක කළු කුහරයක් තුළින් තවත් විශ්වයක්, ඊටත් එහා තවත් විශ්වයක්. මේක කෙළවරක් නැති පුදුමාකාර ගමනක් වෙන්න පුළුවන්...

"මේවට සාක්ෂි තියෙනවද?"

මේ සිද්ධාන්තය තාමත් අලුත් අදහසක් වුණත්, ඒකටත් තියෙනවා පරීක්ෂා කරන්න පුළුවන් උපකල්පන!

මේ සිද්ධාන්තයට අනුව, අපේ විශ්වයට පොඩි "ධනාත්මක අවකාශීය වක්‍රතාවක්" (slight positive spatial curvature) තියෙන්න ඕනේ. මේක දැනට තියෙන තාක්ෂණයෙන් හොයාගන්න අමාරු වුණත්, ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් උදාහරණයක් විදිහට Euclid වගේ ඒවා හරහා මේක පරීක්ෂා කරන්න පුළුවන් වෙයි කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා, අපි දකින විශ්වයේ ප්‍රසාරණ වේගය ගැනත් මේ සිද්ධාන්තය අලුත් අදහස් ගොඩක් දෙනවා. ඒ වගේම, දැවැන්ත කළු කුහර ඇති වුණේ කොහොමද කියන එකටත් මේකෙන් පිළිතුරක් ලැබෙන්න පුළුවන්.

"අපිට මොනවද මේකෙන් හිතන්න තියෙන්නේ?"

මේ අලුත් සිද්ධාන්තය, විශ්වය ගැන අපේ තිබුණ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. විශ්වය කියන්නේ එක පාරක් ඇතිවෙලා නැතිවෙලා යන දෙයක් නෙවෙයි, හැමදාම වෙනස් වෙන, චක්‍රයක කොටසක්. මේකෙන් අපිට තේරෙනවා, විශ්වයේ හැමදේම එකිනෙකට සම්බන්ධයි කියලා. ගුරුත්වාකර්ෂණය සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව වගේ මූලික බලවේග තමයි මේ විශ්වය මෙහෙයවන්නේ. අපේ විශ්වය කොච්චර අද්භූතද කියලා හිතලා බලන්න! එතකොට අපි මේ ඉන්නේ, තවත් කොහේ හරි තියෙන 'අති විශාල' විශ්වයක් ඇතුලේ තියෙන කළු කුහරයකද..?

සාගර දියගම ©️ 2025
https://tinyurl.com/SagaraDiyagama
https://www.facebook.com/SagaraD99


#සාගර_දියගම

ර/ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ ශිෂ්‍යයන්  2025.02.28 වන දින ර/සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ගග...
01/03/2025

ර/ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ ශිෂ්‍යයන් 2025.02.28 වන දින ර/සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ගගාරීන් අනුස්මරණයට / cosmic voyage සහභාගී විය. එහිදි ඔවුන් ගගාරීන් අනුස්මරණ කුසලානය (Gagarin Memorial Trophy) දිනාගන්නා ලදී. ඡයග්‍රහනය ලැබු ඔබ සියලුදෙනාට අපගේ උණුසුම් සුභ පැතුම් 👏🔭🪐

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Eheliyagoda Central College Astronomical Society.
All digital images are secured under the copyright of Eheliyagoda Central College Astronomical Society.
ECCAS 2025. ©️ All Rights Reserved.



කෑ/දෙහි/හිඟුරලකන්ද විද්‍යාලයේ සිසුන්හට 2025.02.21 වන දින ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය මගින් පැවැත්...
24/02/2025

කෑ/දෙහි/හිඟුරලකන්ද විද්‍යාලයේ සිසුන්හට 2025.02.21 වන දින ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය මගින් පැවැත්වූ තාරකා විද්‍යා රාත්‍රී කඳවුර 🔭🪐⭐

Catch up the Eheliyagoda central college science society present  "AstroBiology an Life in Space" live on Facebook🔥 YouT...
12/09/2024

Catch up the Eheliyagoda central college science society present "AstroBiology an Life in Space" live on Facebook🔥 YouTube

AT 8.30AM
blblbl

Giant
15/03/2022

Giant

Unveiling a giant.🤩

Taken in 1979, this is Voyager 1’s first close-up image of Jupiter. The spacecraft’s cameras did a meteorological surveillance and revealed a dynamic atmosphere with more convective structure than had previously been thought. While the smallest atmospheric features seen in this picture were still as large as 600 miles (1,000 kilometers) across, Voyager was able to detect individual storm systems as small as 3 miles (5 kilometers) at closest approach. More on this image: https://go.nasa.gov/3HyrQfv

Address

R/Eheliyagoda Central College
Eheliyagoda
POSTCODE

Telephone

0776016328

Website

Alerts

Be the first to know and let us send you an email when Eheliyagoda Central College Astronomical Society - ECCAS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Eheliyagoda Central College Astronomical Society - ECCAS:

Share