Higher National Diploma in Management - ATI Galle

Higher National Diploma in Management - ATI Galle Higher National Diploma in Management

⭕උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව⭕(Higher National Diploma in Management)මෙම HNDM ( උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨ...
21/07/2026

⭕උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව⭕
(Higher National Diploma in Management)

මෙම HNDM ( උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව) පුර්ණ කාලීන වසර 3ක් + Industrial Training.

මෙම පාඨමාලාව සඳහා තෝරා ගනු ලබන්නේ, ඔබගේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රථිපල විශ්ලේෂණය කර දෙනු ලබන තෝරා ගැනීමේ පදනම් වූ ලකුණු මතය.

SLIATE ආයතනය තුල පවතින පාඨමාලා අතරින් ඉහළ පිළිගැනීමක් සහිත උසස් ජාතික කළමනාකරණය ඩිප්ලෝමාව (HNDM ) වසර තුනකින් යුක්ත වන අතර දෙවන වසරේ සිට අලෙවි කළමනාකරණය (Marketing Management ) හෝ මානව සම්පත් කළමනාකරණය (Human Resource Management ) මූලික කරගෙන ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකළ හැකිය .

1.විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම.
2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.
3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.
4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.
5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.

පාඨමාලා අධ්‍යන කටයුතු පුර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර අවසන් වසර තුළදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ මාස 06 ක ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැක.

මොකක්ද අපිට ලබා ගත හැකි අධ්‍යාපනික සුදුසුකම් මේ තුළින්?

• ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි.
• ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි.
• ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත.
• සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්යයෙන් පැවැත්වෙන අතර ප්රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

• අවසානයේ 3.0+ GPA සහිත සිසුවෙක් නම් ඔබ, ඔබට වර්ෂයක් ඇතුලත උපාධියද සම්පූර්ණ කළ හැකිය. (Pending)

ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?

•සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙයි.
•උපාධිදාරී දේශක මණ්ඩලය
•උසස් තාක්ෂණ ආයතන අතර විශාලම පුස්තකාලයද හිමි
•මහපොළ ශිෂ්‍යාධාර
• නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
• බස් / දුම්රිය සහන කාලය
• ක්‍රීඩා පහසුකම්
• හොදම තත්වයේ පරිඝණක විද්‍යාගාර

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?

• රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයත්තනය.
• GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂණය කරයි.
• Semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
• ප්‍රවීන උපාධිධාරී දේශක මණ්ඩලය
• බහුමාධ්ය පහසුකම් හා වැඩමුළුව පහසුකම්.

අපේ පුංචි සරසවිය හා ඔබත් එක්වන්න.
පාඨමාලාව සම්භන්ධ වැඩිදුර විස්තර දැනගැනීමට අපගේ සමූහයට එකතු වන්න.
↪️
https://chat.whatsapp.com/GZuqdpYMPZp7kjbXv2NPfU

Congratulations to Zumra Zavahir on being awarded the Gold Medal for the Higher National Diploma in Business Administrat...
21/05/2026

Congratulations to Zumra Zavahir on being awarded the Gold Medal for the Higher National Diploma in Business Administration at the 21st Diploma Awarding Ceremony of SLIATE 🥇🎓

Your dedication, commitment, and excellence have brought immense pride to everyone around you.

Wishing you even greater success and achievements in all your future endeavors!

Faculty of Management - ATI Galle
HNDA-Sliate Galle
Higher National Diploma in Management - ATI Galle
Higher National Diploma In Business Administration - ATI- Galle
HND THM - Labuduwa
HND in English, Galle

31/03/2026
23/12/2025

"මනුදම් මෙහෙවර" ව්‍යාපෘතිය යටතේ සැලසුම් කරගත් පරිදි ගම්පොළ පුපුරැස්ස රජතලාව කණිෂ්ඨ විද්‍යාලයේ හා සිසු දරු දැරියන්ගේ මූලික අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය උපකරණ සාර්ථකව බෙදාදීමට හැකිවිය..මේ සදහා සහයෝගය දැක්වූ ගාල්ල ප්‍රදේශයේ සියලු දෙනාට අපගේ ප්‍රණාමය.



රැදුරැ ජල කදට බොද වී අකුරැ හීන වලට සවියක් වන්නට ගාලුපුරෙන් ගම්පොලට... පසුගිය දින කිහිපයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේ...
08/12/2025

රැදුරැ ජල කදට බොද වී අකුරැ හීන වලට සවියක් වන්නට ගාලුපුරෙන් ගම්පොලට...

පසුගිය දින කිහිපයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානියට පත් ගම්පොල රජතලාව කණිෂ්ඨ විද්‍යාලය යථා තත්ත්වයට පත් කිරීම හා සිසු දරැදැරියන්ගේ මූලික අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය උපකරණ රැගෙන ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ පීඨයේ අපි ගම්පොලට.!

මේ වන විටත් බොහෝ පොත්පත් හා අනෙකුත් අධ්‍යාපනික උපකරණ ලැබෙමින් පවතින අතර තවදුරටත් අපට ඔබගේ සහය අවශ්‍යයි.
ඔබගේ පරිත්‍යාගය 12 වන දින තෙක් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති අපගේ කුටිය වෙත බාරදිය හැක..

ඔබගේ කුඩා දායකත්වයක් වුවද, ඔවුන්ගේ ජීවිත එළිය කරන්නට ප්‍රමාණවත්!

වැඩි විස්තර සදහා,

නිමේශ් - 076 657 0599
රැචිර - 071 483 3690
අදීශ - 077 298 2042

👥🌍 මනුදම් මෙහෙවර                                                                    "ශ්‍රී ලංකාවට බලපා ඇති අපදා තත්වය හේ...
06/12/2025

👥🌍 මනුදම් මෙහෙවර



"ශ්‍රී ලංකාවට බලපා ඇති අපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගු කරමු...
ඒ සදහා ගල්ල උසස් තක්ෂණ ආයතනයේ කළමනාකරණ පීඨය විසින් මනුදම් මෙහෙවර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි."

📦අප රැස්කරනු ලබන භාණ්ඩ

• පාසල් උපකරණ
• ⁠පොත් බැග්
• ⁠අභ්‍යාස පොත්
• ⁠පැන්සල් පැන්
• ⁠මකන අඩිරුල්
• ⁠වතුර බෝතල්
• ⁠කෑම පෙට්ටි
• ⁠කවකටු පෙට්ටි
• ⁠පාට පෙට්ටි

📍 පරිත්‍යාග රැස් කිරීමේ ස්ථානය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණය අසල ඇති මාධ්‍යස්ථානය(ප්‍රධාන බස් නැවතුම් පොලට මුහුණලා)
⏱ පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා

📞FOR MORE INFO

• අදීශ - 0772982042
• ⁠රුචිර - 0714833690
• ⁠නිමේෂ් - 0766570559

ජනතාවගේ යහපත උදෙසා සිදුකරන මෙම උත්සාහය සම්පූර්ණ කිරීමට ඔබගේ සහාය ඉතා වැදගත් බව සිහිපත් කරමු.

Address

Advance Technological Institute, Labuduwa
Galle
80000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Higher National Diploma in Management - ATI Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Higher National Diploma in Management - ATI Galle:

Shortcuts

Share