21/07/2026
🧠 අපේ මොළය Negative Thoughts වලට ඇදී යන්නේ ඇයි?
(The Psychology of Negative Thinking)
“ජීවිතයේ හොඳ දේවල් ගොඩක් තිබුණත්… එක නරක සිදුවීමක් ගැනම අපේ මනස නැවත නැවත සිතන්නේ ඇයි?” 🤔
ඔබටත් මෙහෙම වෙලා ඇති…
දවස හොඳින් ගෙවුණත්, කෙනෙකු කියපු එක වචනයක්…
එක වැරැද්දක්…
එක අසාර්ථක අත්දැකීමක්…
අපේ මනස තුළ නැවත නැවත play වෙනවා.
“මම එහෙම කරන්න නොතිබුණා…”
“ඊළඟට මොනවා වෙයිද?”
“මට මේක කරගන්න පුළුවන්ද?”
මෙවැනි සිතුවිලි අපිට එන්නේ ඇයි? 🧠
අපේ මොළය නිර්මාණය වී ඇත්තේ මුලින්ම අපව ආරක්ෂා කිරීමටයි.
මනෝවිද්‍යාත්මකව බලන විට, මිනිස් මොළය survival mode එකට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන්ම amygdala කියන මොළයේ කොටස බිය, අනතුර, සහ තර්ජන හඳුනාගැනීමට වැදගත් භූමිකාවක් ඉටු කරනවා. ඒ නිසාම අපේ මනස හොඳ දේවල්වලට වඩා නරක දේවල් ගැන ඉක්මනින් අවධානය යොමු කරනවා.
මෙය මනෝවිද්‍යාවේදී “Negativity Bias” ලෙස හඳුන්වයි.
එනම්…
✨ ප්‍රශංසා 10ක් ලැබුණත් එක විවේචනයක් අපිට වැඩිපුර මතක සිටීම.
✨ සාර්ථකතා ගොඩක් තිබුණත් එක අසාර්ථකත්වයක් ගැන පමණක් සිතීම.
✨ හොඳ දවසක් තිබුණත්, එක කුඩා වැරැද්දක් මුළු දවසම නරක ලෙස දැනීම.
පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ negative information, positive information වලට වඩා මොළයේ වැඩි අවධානයක් ලබා ගන්නා බවයි. ඒ නිසාම negative thoughts ඉතා ඉක්මනින් ශක්තිමත් වෙන්න පුළුවන්.
💭 Negative Thoughts වැඩිවීමට හේතු මොනවාද?
🔹 1. Overthinking (අධික සිතුවිලි)
සිදු වූ වැරදි හෝ "එසේ සිදු වුවහොත් කුමක් වේද?" වැනි අදහස් (what-if scenarios) පිළිබඳව නැවත නැවතත් සිතීමෙන් කුඩා ගැටලුවක්, විශාල බියක් බවට පත්විය හැක. මෙය rumination ලෙසත් හඳුන්වයි. Rumination වැඩිවීම anxiety සහ depression සමඟ සම්බන්ධ බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
🔹 2. අනාගතය පිළිබඳ බිය (Fear of the Future)
“මොනවා වෙයිද?” කියන ප්‍රශ්නය අපේ මනසට ඉතා ප්‍රබල බලපෑමක් කරන එකක්.
මනෝවිද්‍යාත්මකව බලන විට, මිනිස් මොළය uncertainty (අවිනිශ්චිතභාවයට) කැමති දෙයක් නොවේ. මොළය හැමවිටම උත්සාහ කරන්නේ ඊළඟට මොනවා වෙයිද කියලා කලින්ම අනාවැකි කියන්නයි. එය අපව ආරක්ෂා කිරීමට ඇති ස්වභාවික ක්‍රමයක්.
නමුත් ප්‍රශ්නය වන්නේ, අනාගතය ගැන නිශ්චිත තොරතුරු නොමැති විට, මොළය බොහෝ විට හොඳම දේ නොවෙයි, නරකම දේ (worst-case scenario) සිතින් ගොඩනඟන එකයි.
උදාහරණයක් ලෙස,
* Interview එකකට යන්න කලින්, “මම fail වෙයි.”
* Doctor කෙනෙක් හමුවෙන්න යන්න කලින්, “ලොකු ලෙඩක් ඇති.”
* Message එකකට reply එකක් නැති වුණාම, “එයා මාත් එක්ක තරහ වෙලා ඇති.”
මෙවැනි සිතුවිලි බොහෝවිට සත්‍යය නොවෙයි. ඒවා මොළය විසින් “අනතුරක් ඇති වෙන්න පුළුවන්” කියලා හිතාගෙන නිර්මාණය කරන ආරක්ෂක අනාවැකි පමණයි.
🔹 3. අතීත අත්දැකීම්
අපි අත්විඳපු වේදනාකාරී සිදුවීම් සමහරවිට අද දවසේ අපේ සිතුවිලිවලට බලපාන්න පුළුවන්. Trauma, rejection, criticism, හෝ failure වගේ අත්දැකීම් මනස තුළ negative patterns ශක්තිමත් කරන්න පුළුවන්.
🔹 4. Sleep සහ Stress
නින්ද අඩුවීම සහ දිගුකාලීන stress මඟින් prefrontal cortex කියන තීරණ ගැනීම සහ සිතුවිලි පාලනය කරන මොළයේ කොටස දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා negative thoughts පාලනය කිරීම තවත් අමාරු වෙනවා.
🔹 5. Cognitive Distortions
මනස සමහරවිට සත්‍යය වඩාත් නරක ලෙස විකෘති කරලා දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස:
* All-or-nothing thinking — “මම සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.”
* Catastrophizing — “මේකෙන් හැමදේම නරක වෙයි.”
* Mind reading — “අනිත් අය මං ගැන වැරදි විදිහට හිතනවා ඇති.”
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
🌱 එහෙනම් Negative Thoughts පාලනය කරන්නේ කොහොමද?
සිතුවිල්ලක් ආවාම එය සමඟ සටන් කරන්න එපා.
එය නිරීක්ෂණය කරන්න.
මනෝවිද්‍යාත්මකව, සිතුවිල්ලක් “මම” නොවෙයි - එය “මගේ මනසට ආපු අදහසක්” පමණයි. ඒ නිසා ඒ සිතුවිල්ලට වහාම විශ්වාස කරන්න එපා.
ඔබෙන්ම අහන්න:
“මේ සිතුවිල්ල ඇත්තක්ද?”
“නැත්නම් මගේ බියෙන් නිර්මාණය වූ අදහසක්ද?”
“මේකට සාක්ෂි තියෙනවද?”
“වෙනත් විකල්ප පැහැදිලි කිරීමක් තියෙනවද?”
✨ Scientific methods කිහිපයක් මෙන්න:
✨ 1. Thought Journaling
ඔබට negative thought එකක් ආවම ඒක ලියන්න.
ඊට පස්සේ:
* සිතුවිල්ල මොකක්ද?
* ඒකට සාක්ෂි මොනවාද?
* ඒකට විරුද්ධ සාක්ෂි මොනවාද?
* වඩා balanced thought එක මොකක්ද?
මෙය CBT (Cognitive Behavioral Therapy) වල භාවිතා කරන ප්‍රධාන ක්‍රමයක්.
✨ 2. Cognitive Restructuring
“මට මේක බැහැ” කියන සිතුවිල්ල වෙනුවට
“මට මේක ඉගෙනගෙන හොඳට කරන්න පුළුවන්” කියලා වඩා යථාර්ථවාදී සිතුවිල්ලක් ගොඩනගන්න.
✨ 3. Deep Breathing
4 seconds inhale, 4 seconds hold, 6 seconds exhale වගේ හුස්ම ගැනීමේ ක්‍රම මඟින් nervous system එක සන්සුන් කරන්න පුළුවන්. මෙය stress response එක අඩු කිරීමට උපකාරී වේ.
✨ 4. Grounding Technique
5-4-3-2-1 method එක භාවිතා කරන්න:
* ඔබ දකින දේ 5ක්
* ඔබ ස්පර්ශ කරන දේ 4ක්
* ඔබ අසන ශබ්ද 3ක්
* ඔබ ගඳ දැනෙන දේ 2ක්
* ඔබ රස දැනෙන දේ 1ක්
මෙය mind එක present moment එකට ගෙන එන්න උදව් කරනවා.
✨ 5. Behavioral Activation
ඔබට හොඳ දැනෙන කුඩා ක්‍රියාකාරකම් කරන්න:
* ඇවිදීම
* ව්‍යායාම
* හිරු එළියට යාම
* හොඳ සංගීතයක් අසන්න
* විශ්වාසවන්ත කෙනෙකු සමඟ කතා කරන්න
ශාරීරික ක්‍රියාකාරකම් මඟින් mood-regulating chemicals වගේ serotonin සහ endorphins වැඩිවෙන්න පුළුවන්.
✨ 6. Self-Compassion
ඔබ ඔබටම කතා කරන විදිහ වැදගත්.
“මම වැරදි කළා” කියන එක වෙනුවට
“මම මනුෂ්‍යයෙක්. මටත් වැරදි වෙන්න පුළුවන්. මම ඉගෙන ගන්නවා” කියලා කතා කරන්න.
♻️♻️♻️♻️♻️♻️♻️♻️
🌿 අවසානයේ මතක තබාගන්න…
ඔබේ මනසට එන සෑම සිතුවිල්ලක්ම සත්‍යයක් නොවේ.
සිතුවිලි කියන්නේ ඔබේ මොළය නිර්මාණය කරන පණිවිඩ පමණයි.
ඔබේ මනස negative thoughts නිර්මාණය කළත්…
ඒවා ඔබේ ජීවිතය පාලනය කළ යුතු නැහැ.
ඔබේ මනස ඔබේ සතුරෙක් නොවේ…
එය ඔබේ මනස ඔබට තේරුම් ගැනීමට අවශ්‍ය මිතුරෙකි. 🌱
ඔබට negative thoughts නිතරම බලපානවා නම්, ඒ ඔබ දුර්වලයි කියනවා නෙවෙයි. ඒ ඔබේ මනසට support, awareness, සහ proper coping skills අවශ්‍ය බව පෙන්වන ලකුණක්.
❤️ ඔබේ මනස ගැන තේරුම් ගැනීමට මෙවැනි මනෝවිද්‍යාත්මක ලිපි සඳහා Follow කරන්න.
සටහන ✍🏻
THARUSHI PERERA
Lecturer in Psychology (IMBS Green Campus)
Psychological Counselor
SEN Practitioner.