19/08/2026
අපේ පළමු පෝස්ටුව ඔබ දැනුනාදබලන්න......
*පැන්සල සහ ඔබ"
පැන්සලක තියෙනවා ගුණාංග 6ක්. ඔබත් ඒ ගුණාංග 6 පුරුදු පුහුණු කලහොත් අනාගතයේදී හොද මිනිසෙකු වේවි.
⛔ පළමුවැනි ගුණාංගය
පැන්සලකට බෑ තනිවම ලියන්න. පැන්සලකින් ලියන්න නම් ඒක අල්ලගන්න කාගේහරි අතක් ඕන. අන්න ඒ වගේ වැඩවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට ඔබ ඉගෙන ගන්න. එවිට තමයි ඔබ කරන දේ සාර්ථක වන්නේ.
⛔ දෙවැනි ගුණාංගය
ලියන කොට ලියන කොට පැන්සලේ තුඩ මොට වෙනවා. එහෙම වුණාම ලියන එක නතර කරලා ඒක ආයෙත් උල් කරගන්න ඕන. උල් කරන කොට පැන්සලට ටිකක් රිදේවි. ඒත් ඊට පස්සේ ඒක වඩාත් හොදින් ලියාවි. ඒ වගේ ඔබටත් ඉදහිට සුලු සුලු දුක් වේදනා ඉවසාගන්න සිදුවේවි. හැබැයි ඊට පස්සෙ ඔබ වඩාත් හොද කෙනෙක් වේවි.
⛔ තුන්වන ගුණාංගය
පැන්සලෙන් ලියන කොට මොකක්හරි වැරැද්දක් වෙන්න පුලුවන්. එහෙම වුණොත් මකාගන්න පුලුවන් . අන්න ඒ වගේ ඔබ අතින් වැරුද්දක් වුණොත් ඒක හදාගන්න ඕනෑ. වැරුද්දක් හදා ගැනීම නරක දෙයක් නොවේ. එය අපට හරි පාරේ යාමට උදව් වේවි.
⛔ හතරවන ගුණාංගය
පැන්සලක වටිනාම කොටස මොකක්ද ? එළියේ පේන්න තියෙන හැඩරුවද ? පාටද ? නෑ. ඒ එකක්වත් නෙවේ, පැන්සලක වටිනාම කොටස තමයි ඒක ඇතුලේ තියෙන මිනිරන් කූර. අන්න ඒ වගේ ඔයාගෙ වටිනාම කොටස ඔයාගෙ පෙනුමවත් හමේ පාටවත් නෙවේ. ඒ ඔයා තුල තියෙන හොද ගතිගුණයි.
⛔ පස්වන ගුණාංගය
පැන්සලකින් යමක් ලීවාම ඒ ලියූ දේ ඉතිරි වෙනවා. ඒ නිසා ඔයා කරන හැමදෙයක්ම කල්පනාවෙන් කරන්න.
⛔ හයවන ගුණාංගය
හයවන ගුණාංගය තමයි පැන්සලේ හැඩය. පැන්සල හරි කෙලින්. ඉදිකටුවක් වගේ. ඔබත් පැන්සලක් වගේ හරි කෙලින් ඉන්න. කෙලින් කටයුතු කරන්න. වංක නොවී අවංක වන්න.
උපුටාගත්තේ :පවුලෝ කොයියෝ (Paulo Coelho) නම් බ්‍රසීල ලේඛකයාගේ 'ගලන ගඟ වගේ' (Like the Flowing River) නම් ඉංග්‍රීසි පොතේ 'පැන්සලේ කතන්දරය' (The Story of the Pencil) නම් පරිච්ඡේදයෙන්.
අන්තර්ජාලයෙනි...