Student Council of IMBS Green Campus - Sri Lanka

Website

Student Council of IMBS Green Campus - Sri Lanka Official page of the Student Council – IMBS Green Campus. Empowering students • Building future leaders • Strengthening the IMBS community.

Representing the voice of students while promoting leadership, collaboration, and positive campus engagement.

"සුවපත් සිතකින් ජීවිතයට අලුත් අරුතක්".----------𝗪𝗼𝗿𝗹𝗱 𝗠𝗲𝗻𝘁𝗮𝗹 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗗𝗮𝘆 | ලෝක මානසික සෞඛ්‍ය දිනයඔක්තෝබර් 𝟭𝟬--------...
10/10/2026

"සුවපත් සිතකින් ජීවිතයට අලුත් අරුතක්".
----------
𝗪𝗼𝗿𝗹𝗱 𝗠𝗲𝗻𝘁𝗮𝗹 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗗𝗮𝘆 | ලෝක මානසික සෞඛ්‍ය දිනය
ඔක්තෝබර් 𝟭𝟬
----------
හැම සිනහවක් පිටුපසම අප නොදන්නා කතාවක් තිබිය හැකියි. වචනවලින් නොකියන සිතේ බරක් තිබිය හැකියි. ඒ නිසා එකිනෙකාට සවන් දෙමු. විනිශ්චය කිරීමට පෙර තේරුම් ගන්න උත්සාහ කරමු. 🌿
----------
🔸 වෙහෙසක් දැනෙන විට විවේකයක් ගන්න.
🔸 සිතේ බරක් දැනෙන විට විශ්වාසවන්ත කෙනෙකු සමඟ කතා කරන්න.
🔸 අවශ්‍ය විට සහාය ඉල්ලන්න. ඔබේ සිතත් සැලකිල්ල ලැබිය යුතුයි. 🤝
----------
IMBS Green Campus ලෙස, දැනුමෙන් ඉදිරියට යන අතරම, තමන්ගේත් අනෙකාගේත් මානසික සුවතාවය අගය කරන පරපුරක් ගොඩනඟමු.
----------
🔸අද මොහොතක් ඔබ වෙනුවෙන් වෙන් කරන්න.
🔸ආදරණීය කෙනෙකුගෙන් “ඔයා හොඳින්ද?” කියා අසන්න.
🔸 පිළිතුරට සවන් දෙන්නත් කාලයක් දෙන්න. 💚

#ඔබේසිතවටිනවා

𝟭𝟭𝘁𝗵 𝗔𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆: 𝗜𝗻𝘀𝗽𝗶𝗿𝗶𝗻𝗴 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝗲, 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗼𝗿𝗺𝗶𝗻𝗴 𝗟𝗶𝘃𝗲𝘀අභිමානවත් එකොළොස් වසරක විශිෂ්ටත්වය--------------------“ලොවම දි...
22/09/2026

𝟭𝟭𝘁𝗵 𝗔𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆: 𝗜𝗻𝘀𝗽𝗶𝗿𝗶𝗻𝗴 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝗰𝗲, 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗼𝗿𝗺𝗶𝗻𝗴 𝗟𝗶𝘃𝗲𝘀
අභිමානවත් එකොළොස් වසරක විශිෂ්ටත්වය
--------------------
“ලොවම දිනන පරපුරක් උදෙසා” යන උදාර අරමුණ සමඟ වසර 11ක් පුරා අප කෙරෙහි විශ්වාසය තබමින්, අපගේ සාර්ථක ගමන්මඟට ශක්තියක් වූ ආදරණීය දරු දැරියන්, දෙමාපියන්,කථිකාචාර්යවරුන්, කාර්ය මණ්ඩල සාමාජිකයන්, සහ සියලු සුබපතන්නන් වෙත සෙත් ප්‍රාර්ථනා කිරීමේ උතුම් අරමුණින් IMBS හරිත සරසවියේ 11 වන සංවත්සර රාත්‍රික පිරිත් දේශනාව හා දානමය පින්කම සංවිධානය කරනු ලබයි.
--------------------
01. රාත්‍රික පිරිත් දේශනාව
🔸 2026 සැප්තැම්බර් 27 වන දින
🔸 රාත්‍රී 7.00 සිට
--------------------
02. දානමය පින්කම
🔸 2026 සැප්තැම්බර් 28 වන දින
🔸 පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා
--------------------
මෙම උතුම් පුණ්‍යමය අවස්ථාවට සහභාගී වී පින් අනුමෝදන් කරගන්නා ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.
---------------------
With the noble vision of “Creating a Generation That Conquers the World,” IMBS Green Campus is organizing an Overnight Pirith Chanting Ceremony and Almsgiving to commemorate its 11th anniversary.
---------------------
These meritorious events are dedicated to invoking blessings upon our beloved students, parents, distinguished Governing Council members, lecturers, staff members, business partners and all well-wishers who have placed their trust in us and strengthened our successful journey throughout the past 11 years.
---------------------
We respectfully and warmly invite you all to participate in these noble and meritorious events and share in their blessings. 🙏💚

IMBS හරිත සරසවිය 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭-𝟮𝟬𝟭𝟱 අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලද වගයි!━━━━━━━━━━━අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කර...
02/07/2026

IMBS හරිත සරසවිය 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭-𝟮𝟬𝟭𝟱 අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලද වගයි!
━━━━━━━━━━━
අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කරා අප ගෙන යන ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් IMBS හරිත සරසවිය ISO 9001-2015 අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකය හිමි කරගෙන ඇත.
━━━━━━━━━━━
මෙම ජාත්‍යන්තර පිළිගැනීම, අපගේ ගුණාත්මක කළමනාකරණ පද්ධතිය, කාර්යක්ෂම ආයතනික පරිපාලනය, අඛණ්ඩ සංවර්ධනය, නිරන්තර ගුණාත්මක වැඩිදියුණු කිරීම සහ ශිෂ්‍ය කේන්ද්‍රීය සේවාවන් සඳහා අප දක්වන නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි.
━━━━━━━━━━━
ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල, ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් ජයග්‍රාහී පරපුරක් බිහිකිරීම වෙනුවෙන් අපගේ කැපවීම අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර මේ දක්වා අප කෙරෙහි විශ්වාසය තැබූ අපගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ,දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය, කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය !
━━━━━━━━━━━
Marking another significant milestone in our journey towards excellence in education, IMBS Green University has successfully achieved the ISO 9001:2015 Quality Management System (QMS) Certification. This recognition reflects our unwavering commitment to quality management, effective institutional governance, continual improvement, operational excellence, and student-centered services.

We remain dedicated to nurturing a generation of winners through quality education aligned with both national and international standards. Our sincere appreciation goes to our students, parents, academic and administrative staff, alumni, and valued partners for their continued trust and support.

21/06/2026

The greatest strength in our lives... 💙

The ones who give wings to our dreams,
Guide us through every step of our journey,
And silently make countless sacrifices
To build a better future for us.

Today, we pay tribute to all the loving fathers whose dedication, strength, and unconditional love inspire us every day.
Your love, commitment, and support are among the most precious gifts in our lives.

On behalf of the IMBS Green Campus Students' Council,
we wish all the wonderful fathers around the world a very Happy Father's Day! 👨‍👧‍👦✨


💙

30/05/2026

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
-----------------
අඳුර දුරලා ආලෝකය පැතිරෙන වෙසක් පහන් එළිය සේම, බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අපගේ ජීවිත ද ආලෝකමත් කරයි.
-----------------
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ජන්මය, සම්බෝධිය සහ පරිනිර්වාණය සිහිපත් කරන මෙම පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී, මෛත්‍රිය, කරුණාව, දානය සහ සමාදානය අපගේ ජීවිතවලට එක් කර ගනිමු.
-----------------
අභියෝග රැසක් මැද දිවෙන ලෝකයට, වෛරය වෙනුවට මෛත්‍රියත්, තරඟය වෙනුවට සහයෝගයත්, අවිශ්වාසය වෙනුවට මානුෂීය බැඳීම්ත් ගොඩනැගීම සඳහා මෙම වෙසක් මංගල්‍යය අප සැමට ආධ්‍යාත්මික ආලෝකයක් වේවා.
-----------------
මෙම උතුම් වෙසක් දිනයේ උදාවන සියලු පුණ්‍ය බලයෙන් ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත් නිරෝගී සුවය, සතුට, සැනසීම, යහපත් සිතුවිලි සහ සියලු කටයුතු සාර්ථකත්වය උදාවේවා!
-----------------
Just as the light of a Vesak lantern dispels darkness and illuminates its surroundings, may the noble teachings of the Lord Buddha enlighten our minds and guide our lives towards wisdom, compassion, and inner peace.
━━━━━━━━━━━━━━━━━━
On this sacred Vesak Full Moon Poya Day, as we commemorate the Birth, Enlightenment, and Parinirvana of the Lord Buddha, let us reflect upon His timeless teachings and embrace the values of loving-kindness, compassion, generosity, and harmony in our daily lives.
━━━━━━━━━━━━━━━━━━
In a world faced with many challenges and uncertainties, may this blessed Vesak inspire us to replace hatred with compassion, competition with cooperation, and mistrust with meaningful human connections. Let us work together to build a more peaceful, understanding, and sustainable society for future generations.
━━━━━━━━━━━━━━━━━━
May the blessings and merits of this sacred Vesak Day bring you and your loved ones good health, happiness, peace of mind, prosperity, and success in all your endeavors.

#සුබවෙසක්මංගල්‍යයක්වේවා #වෙසක්2026


#බුදුසරණයි #සියලුසත්වයෝසුවපත්වෙත්වා

ලොව පුරා සිටින සියලුම අම්මාවරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 💐අසීමිත ආදරය, නිමක් නැති කැපවීම, ශක්තිය සහ සෙනෙහසින් අපගේ ...
10/05/2026

ලොව පුරා සිටින සියලුම අම්මාවරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 💐

අසීමිත ආදරය, නිමක් නැති කැපවීම, ශක්තිය සහ සෙනෙහසින් අපගේ ජීවිත සෑම දිනකම ආලෝකමත් කරන ඔබ සැමට අපගේ ගෞරවනීය ආචාරය. අම්මා කෙනෙක් කියන්නේ මව්පියෙක් පමණක් නොව, ගුරුවරියක්, ආරක්ෂකයෙක්, මඟ පෙන්වන්නියක් සහ ජීවිතයේ විශාලතම ප්‍රේරණයයි. 🌸

“පවුලක හදවතත්, සෑම ජයග්‍රහණයකම ශක්තියත් අම්මාගේ ආදරයයි.”

ආදරයෙන්, සතුටින් සහ ගෞරවයෙන් පිරුණු සුන්දර මව්වරුන්ගේ දිනයක් සියලුම අම්මාවරුන්ට ප්‍රාර්ථනා කරමු. 💐

IMBS Green Campus Students’ Union

#මව්වරුන්ගේදිනය #අම්මා #ආදරණීයඅම්මා 💚

16/04/2026
ලැබුවා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සාර්ථකත්වය, සෞභාග්‍යය සහ සතුට ගෙන එන වසරක් වේවා! 🌞🌸               ...
14/04/2026

ලැබුවා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සාර්ථකත්වය, සෞභාග්‍යය සහ සතුට ගෙන එන වසරක් වේවා! 🌞🌸

💚

Address

No. 20/4, Queen Mary's Road
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Student Council of IMBS Green Campus - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share