Ruhuna Engineering Faculty Student Union

Call

Ruhuna Engineering Faculty Student Union Student Union of Faculty of Engineering, University of Ruhuna has been established for the benefit of the students of the faculty of engineering.

To emerge for the students rights to ensure for the ascendancy of the faculty to come forward for the protection of Sri Lankan free education, assure the harmony of the society and to give the maximum best for the welfare of the society as the engineering It creates a better connection between the students of Faculty of Engineering and the academic staff, administration of the Faculty of Engineering and also the society. EFSU always try to its best to provide beneficial for the students in both academic and non academic sections. All the members of EFSU (Students of Faculty of Engineering) always get together as one to face any change which they have to face. Protecting free education is also considered as a main responsibility of EFSU because it is consists of the students who take education through the free education in Sri Lanka. EFSU always join with the student unions of University of Ruhuna and other universities to act to protect the free education in Sri Lanka.

ජනක සිසිත ඝාතනයට අදට වසර 14යි...!ආදරණීය ජනක - සිසිත සිසු විරුවනි, ඔබ අප වෙනුවෙන්, නූපන් පරපුර වෙනුවෙන් සිදුකල සියලු කැපක...
27/09/2026

ජනක සිසිත ඝාතනයට අදට වසර 14යි...!

ආදරණීය ජනක - සිසිත සිසු විරුවනි, ඔබ අප වෙනුවෙන්, නූපන් පරපුර වෙනුවෙන් සිදුකල සියලු කැපකිරීම් වෙනුවෙන්, අප ඔබ හට සදා ණයගැත්තෝ වන්නෙමු. ඔබට සදා කෘතගුණ දක්වන්නෝ වන්නෙමු.

අපි අපේ අද දවස ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් කැප කළ බව ඔවුන්ට කියන්න.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

🪷ප්‍රජාපති ගෝතමියගේ ඉල්ලීම මත උතුම් භික්ෂුණී ශාසනය බුදු සසුනෙහි ඇරඹුණු,🪷අප මහා බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කළ...
26/09/2026

🪷ප්‍රජාපති ගෝතමියගේ ඉල්ලීම මත උතුම් භික්ෂුණී ශාසනය බුදු සසුනෙහි ඇරඹුණු,

🪷අප මහා බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කළ,

🪷තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් බුදු පිය රජුන්ගේ කේශ ධාතුව නිදන් කොට ගිරිහඬු සෑය තැනූ,

අමාදම් සිහිලස - ලොව සත සිත සනසන
උතුම් වූ බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

කිරුළු නොපලන් පරපුරකටරජවරුන් තන්නට,උර යොදා වෙර යොදා මං තැනූ විරුවාට,නිවහල් අධ්‍යාපනයකසෙවණ දුන් ඔහු වෙතට,සදා ගුණ සිහිකරන්...
23/09/2026

කිරුළු නොපලන් පරපුරකට
රජවරුන් තන්නට,
උර යොදා
වෙර යොදා
මං තැනූ විරුවාට,
නිවහල් අධ්‍යාපනයක
සෙවණ දුන් ඔහු වෙතට,
සදා ගුණ සිහිකරන්
ප්‍රණාමය පුදනු වස්
සමරමු හදවතින්
නව පරපුරේ හදවත් එක සිතින්.

නිදහස් අධ්‍යාපනයක අයිතිය සියළුම දරුවන්ට සමසේ සුරකින්නට කැපවූ
සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමාතාණන් අප අතරින් සමුගෙන වසර 57කි.

“නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා!”

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

🪷ධර්ම භාණ්ඩාගාරික වූ අනඳ හිමියන් උතුම් වූ රහත් භාවය සාක්ෂාත් කළ,🪷බෞද්ධ ධර්මයේ චිරාත් කාලයක උන්නතිය උදෙසා රජගහ නුවරදී ප්‍...
27/08/2026

🪷ධර්ම භාණ්ඩාගාරික වූ අනඳ හිමියන් උතුම් වූ රහත් භාවය සාක්ෂාත් කළ,

🪷බෞද්ධ ධර්මයේ චිරාත් කාලයක උන්නතිය උදෙසා රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ,

සවනක් බුදු රැසින් - දහසක් අඳුරු දුරු වන
නිර්මල වූ නිකිණි පුන් පොහෝ දිනයක් වේවා!☸️

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

Milad-un-Nabi 🌙✨May the beautiful teachings of Prophet Muhammad ﷺ illuminate our hearts, strengthen our faith, and fill ...
25/08/2026

Milad-un-Nabi 🌙✨

May the beautiful teachings of Prophet Muhammad ﷺ illuminate our hearts, strengthen our faith, and fill our lives with peace, love, compassion, and kindness.

Wishing everyone a blessed and peaceful *Milad-un-Nabi.*

Engineering Faculty Students’ Union
University of Ruhuna

රුහුණු සරසවි,  සුසැදි පැහැදෙන පහන් සිළුඅග, නගා දැල්වෙන දනන් සුවපත්, සිතින් හික්මෙනඅමා දම් කිත් යසස බැබලෙන...රුහුණ සරසවි ...
08/08/2026

රුහුණු සරසවි, සුසැදි පැහැදෙන
පහන් සිළුඅග, නගා දැල්වෙන
දනන් සුවපත්, සිතින් හික්මෙන
අමා දම් කිත් යසස බැබලෙන...

රුහුණ සරසවි බිම පුරා
අමාදම් සුවයෙන් සිත් සතන් සුවපත් කරන්නට, නිකිණි මස 08 දින සවස 8.00 සිට පසුදා පහන් වන තුරු පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ පිරිකර ප්‍රමුඛ සංඝගත දානමය පුණ්‍ය කර්මය උදෙසා, සැදැහැති සිත් ඇති ඔබ සැමට කෙරෙන සුපින්බර ආරාධනාවයි...

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය හා කලා සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

🪷 උතුම් මහමායා දේවිය කුස තුළ සිදුහතුන්ගේ පිළිසිඳ ගැනුම සිදු වූ,🪷 නිර්මල වූ දහමක යතා අරුත් සොයා සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්...
28/07/2026

🪷 උතුම් මහමායා දේවිය කුස තුළ සිදුහතුන්ගේ පිළිසිඳ ගැනුම සිදු වූ,

🪷 නිර්මල වූ දහමක යතා අරුත් සොයා සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය සිදු වූ,

🪷 බුදුපුත් රාහුල කුමරුවන් යශෝධරාවන් කුසෙන් මෙලොව එළිය දුටු,

ධර්මාලෝකයෙන් මනුසිත් පැහැදෙන, උතුම් වූ ඇසළ පුරපසළොස්වක පොහොය දිනයක් වේවා!🪔☸️

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

13/07/2026

සාතිශය සංවේගය !

රුහුණ විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ 46 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි සුහාරි සංදීපා සොහොයුරියගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය!

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

10/07/2026

බලධරයිනි,
සිසු ජීවිත බිල්ලට නොදෙනු!
විශ්වවිද්‍යාලය තුළ සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් තහවුරු කරනු!

මේ වන විට රුහුණ විශ්වවිද්‍යාලය සහ ඒ අවට ප්‍රදේශ තුළ ඩෙංගු, පැපොල සහ වෛරස් උණ රෝග ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර අපගේ සහෝදර විද්‍යාර්ථයින් විශාල පිරිසක් මේ වන විටත් රෝගාතුර වී දැඩි පීඩාවකට පත්ව සිටී.

එමෙන්ම රෝගී වන විද්‍යාර්ථයින් හට කඩිනම් ප්‍රතිකාර ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාලය තුළ හෝ ඒ අවට ප්‍රමාණවත් පහසුකම් සහිත වෛද්‍ය මධ්‍යස්ථානයක් නොමැති අතර දිස්ත්‍රික් මහා රෝහල ඇතුළු රාජ්‍ය රෝහල් වල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති බැවින් හදිසි රෝගී තත්ත්වයකදී නිසි වෛද්‍ය උපදෙස් හෝ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වීමෙන් සිසුහු දැඩි අසරණභාවයකට පත්ව සිටී.

මෙවැනි බරපතළ සෞඛ්‍ය අවදානමක් පවතින පසුබිමක වුවද, විශ්වවිද්‍යාල පරිපාලනය ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකර තවමත් දේශන සඳහා 80% ක පැමිණීම අනිවාර්ය කරමින් සිටීම අතිශය කනගාටුවට කරුණකි.රෝගී වූ සිසුන් පවා, පැමිණීම සම්පූර්ණ නොවීම හේතුවෙන් විභාග අහිමි වේයැයි යන බිය නිසා දේශනවලට සහභාගී වීමට පෙළඹී ඇත. මේ හරහා නිරෝගී සිසුන්ටද පැපොල සහ වෛරස් උණ වැනි බෝවන රෝග සම්ප්‍රේෂණය වීමේ දැඩි අවදානමක් නිර්මාණය වී ඇත.

එබැවින්, මෙවැනි ව්‍යසනයක් හමුවේ මෙම රෝග ව්‍යාප්තිය පාලනය වන තුරු රෝගී වන සිසුන් සඳහා කඩිනම් වෛද්‍ය පහසුකම් සැපයීමට කටයුතු කිරීමත්, ඩෙංගු හා අනෙකුත් රෝග පැතිරීම කළමනාකරණය කිරීම සඳහා අදාළ අංශ සමඟ එක්ව කඩිනම් වැඩපිළිවෙළක් දියත් කිරීමත්,
දේශන සඳහා අනිවාර්යය පැමිණීමේ නීතිය වහාම ලිහිල් කිරීමත්, විද්‍යාර්ථයින්ගේ ජීවිත හා සෞඛ්‍යය සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් සහ මෙම අවදානම් සහගත තත්ත්වය සමනය කිරීම සඳහා වහාම මැදිහත් වන ලෙසත් අපි අදාළ බලධාරීන් හට තරයේ අවධාරණය කර සිටිමු.

2026 - 07 - 08

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

Address

Hapugala
Hapugala
80600

Telephone

+94701971931

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhuna Engineering Faculty Student Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share