23/03/2015
~ සුසිල් අමරසිංහ ප්‍රමුඛ වාදය වෘන්දය ~
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයෙන් සිප් සතර හදෑරූ සුසිල් අමරසිංහයන් සංගීත අත්පොත් තැබුවේ එම විද්‍යාලයේ එම විද්‍යාලයේ සංගීත ගුරුතුමා වූ ඒ.ආර්. සමරසිංහ මැතිතුමා වෙතිනි. ඔහු පාසලේ සංගීතය මෙන්ම විවිධ කටයුතුවල මූලිකත්වය ගෙන ක්‍රියා කල තැනැත්තෙකි. පාසල් දිවිය අවසානයේ සුප්‍රසිද්ධ සංගීතඥයෙකු මෙන්ම දක්ශ ගුරුවරයෙකු වූ ශෙල්ටන් ප්‍රේමරත්න මැතිතුමාගෙන් වැඩිදුර සංගීත අද්‍යාපනය හැදෑරූ අමරසිංහයන් සුසිල් අමරසිංහ, එතුමාගේ විවිධ සංගීතමය වැඩසටහන් සඳහා වයලින් වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත. 1976 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාදක මණ්ඩලයට අතුළු වන ඔහු, එහි "ඒ" ශ්‍රේණියේ වාදන් ශිල්පියෙකු ලෙස සේවය කළේය. එසේම විවිධ සංගීත වැඩසටහන්වල සංගීතය මෙහෙයවමින්, ගී තනු නිර්මාණය කරමින් සංගීත අධ්‍යක්ෂණ කටයුතු කළේය. කෙටි කලකට වාද්‍ය මණ්ඩලයේ නායක ධූරයද හොබවන ඔහු , සංගීතමය කාලීන වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස ක්‍රියාකර ඇත. රූපවාහිනී සංගීත වැඩසටහන්වල හා ටෙලි නාට්‍ය, කැසට්පට, සංයුක්ත තැටි, වේදිකා ප්‍රසංග ආදියේ වාදක ශිල්පියෙකු මෙන්ම සංගීත අධ්‍යක්ශක වරයෙකු ලෙසද කටයුතු කර ඇත. ප්‍රවීණ ගායක ශිල්ප-ශිල්පිනියන් සමඟ ජපානය, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, මලයාසියාව, ඩුබායි, බර්හේන් වැනි රටවල සංගීත ප්‍රසංග සඳහා වයලීන් වාදකයෙකු ලෙස සහභාගී වී ඇත. සංගීත ප්‍රස්ථාර සංරක්ෂකයෙකු හා සංගීත ප්‍රස්ථාර මනාව පිටපත් කිරීමට දක්ශයෙකු ලෙසද නමක් දිනා සිටින සුසිල් අමරසිංහයන් , වසර 25ක කාලයක සිට ශ්‍රී ලංකා සංගීතයේ උන්නතිය සඳහා ඇප කැප වී කටයුතු කරන දක්ෂ සංගීත ශිල්පියෙකි.
සුසිල් අමරසිංහයන්ගේ සංගීත මෙහෙය වීම යටතේ,
වයලීන් - කළණි පෙරේරා, සනත් සතිස්චන්ද්‍ර, රුක්ෂාන් ගුණවර්ධන
බටනලා - ජානක බෝගොඩ
සිතාර් - නිහාල් පෙරේරා
ලීඩ් ගිටාර් - මහින්ද බන්ඩාර
රිදම් ගිටාර් - මහේන්ද්‍ර පැස්කුවෙල්
බේස් ගිටාර් - වජිර ප්‍රනාන්දු
විදුලි ඔර්ගන් - වජිර ගෝමස්, සුගත් අසන්ක
තබ්ලා - නිහාල් කලුබෝවිල
ඩ්‍රම්ස් / ඔක්ටපෑඩ් - ප්‍රිය කුමුදු මැද්දෙවත්ත
යන ශිල්පීන් 20 වෙනි සරසවි ගී සිසිල ප්‍රසංගයේ සංගීතයෙන් දායක වීමට නියමිතයි.