28/10/2024
"උතුරු මාර්ගයේ" හෙටදින (28) සිට
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා
ආරම්භ කිරීමට නියමිත නව දුම්රිය ධාවනයත් සමඟ ඒ ආශ්‍රිතව රථවාහන රියැදුරන් දුම්රිය හරස් මාර්ගයන් භාවිතයේදී සැලකිලිමත්ව සුපරික්ෂාකාරී වන ලෙසත්, ස්ථාන කිහිපයක පවතින මාර්ගයේ දෙපස ඇති අනාරක්ෂිත බව හේතුවෙන් මගීන්ට දුම්රියේ පාපූරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙසට ද දැනුවත් කරන්නෙමු.
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවය.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතාකළ යුතු බවයි.
Accident prevention 1st ✔
Link | Follow, 🫡
❤️More info
www.youtube.com/
❤️Facebook
Accident prevention 1st
❤️Instagram
instagram.com/accidentprevention1st?igsh=M
❤️Tiktok
tiktok.com/?_t=8pMCPI
❤️YouTube
youtube.com/?si=FwSJXOGF9
❤️Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaOXklWLY6d1XLbWXK06