English Language Teaching Unit- Technical College, Kegalle

English Language Teaching Unit- Technical College, Kegalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English Language Teaching Unit- Technical College, Kegalle, Kegalle.
(2)

The English Language Teaching Unit at Technical College Kegalle develops students’ academic and professional English skills through expert teaching, preparing them for university success and effective communication in diverse fields.

Technical College - Kegalle
31/03/2026

Technical College - Kegalle

🌙✨ Eid Mubarak! ✨🌙The English Language Teaching Unit of Technical College Kegalle extends warm wishes to all on this joy...
21/03/2026

🌙✨ Eid Mubarak! ✨🌙

The English Language Teaching Unit of Technical College Kegalle extends warm wishes to all on this joyous occasion of Eid.

May this blessed festival bring peace, happiness, and new beginnings to your lives. As we celebrate, let us also embrace the spirit of kindness, understanding, and unity that connects us beyond language and culture.

📚 May your journey of learning continue to shine with knowledge and hope.

🌟 Eid Mubarak to you and your family! 🌟

🌸 **International Women’s Day 2026 – Technical College Kegalle** 🌸Today, we proudly celebrate the strength, resilience, ...
08/03/2026

🌸 **International Women’s Day 2026 – Technical College Kegalle** 🌸

Today, we proudly celebrate the strength, resilience, and achievements of women around the world. At **Technical College Kegalle**, we honor the incredible women who inspire progress, break barriers, and contribute to building a brighter future for our society.

From dedicated lecturers and hardworking staff members to talented and ambitious students, the women of our college continue to demonstrate courage, leadership, and determination in every field of learning and work.

On this **International Women’s Day**, we reaffirm our commitment to empowering women through education, skills development, and equal opportunities. Together, let us continue to support, respect, and uplift one another as we move forward with confidence and hope.

✨ *Empowered Women Empower the World.*

Happy International Women’s Day!





06/03/2026

Alumni Association – Special General Meeting 2026

The Special General Meeting of the Alumni Association of Technical College – Kegalle for the year 2026 will be held on Sunday, 08/03/2026 at 9.30 a.m. at the Chemistry Hall of Technical College – Kegalle.

**Special Objectives of the General Meeting:**

* Appointment of a new Executive Committee for the year 2026
* Introduction of new members
* Reuniting with former friends and colleagues
* Discussion on organizing a certificate awarding ceremony for students who have completed their courses

As the participation of all members of the Alumni Association is highly valuable, you are kindly invited to attend at the scheduled time.

Secretary
Alumni Association
Technical College – Kegalle

Inquiries
Principal – 0714400636
Secretary – 0777004801
Assistant Treasurer – 0714400631

16/02/2026

ප්‍රේමලා සිවසේගරම් කියන්නේ ලංකාවේ බිහිවුණු පළමුවැනි ඉංජිනේරුවරිය. ඒත් පුංචි සන්ධියේ ඇය දක්ෂ නැටුම් ශිල්පිනියක්. ඒ නිසා ප්‍රේමලාගේ වැඩි කැමැත්ත තිබුණේ නර්තනයට. හැබැයි ඉංජිනේරුවරයෙක් වුණු ඇගේ තාත්තා මේ නැටිල්ලට එච්චර කැමති වුණේ නෑ. කාන්තාවකට නර්තන ක්ෂේත්‍රය ඉතා තරඟකාරී එකක් බවත්, ඉංජිනේරු ක්ෂේත්‍රය එසේ නොවන, පහසුවෙන් ඉදිරියට යා හැකි ක්ෂේත්‍රයක් බවත් ඔහුගේ අදහස වුණා. ඔහුගේ ඒ අදහස නිසයි ඇය පසුකාලීනව ආචාර්ය ප්‍රේමලා සිවසේගරම් නමින් ලංකාවේ පළමුවැනි ඉංජිනේරුවරිය බවට පත්වුණේ.
ආචාර්ය සිවසේගරම් මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයෙන්. දක්ෂ නර්තන ශිල්පිනියක වූ නිසා ඇය පාසල් නර්තන කණ්ඩායම්වලත් සාමාජිකාවක් විදියට කටයුතු කළා. නමුත් කාන්තා විද්‍යාලයේ ඇය හා ඉගෙනුම ලැබූ සමකාලීන සිසුවියන් අතරින් උසස් පෙළ අධ්‍යාපනය සඳහා ගණිතය විෂයය ධාරාව තෝරාගත්තේ සිවසේගරම් හා තවත් එක් සිසුවියක් පමණයි. එහි ප්‍රතිඵලයක් විදියටයි සිවසේගරම් උසස්පෙළ කඩඉම ජය ලබා 1960 දී ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණේ.
නමුත් මේ තරුණිය ඉංජිනේරු පීඨයට ඇතුළත් වීම බොහෝදෙනා දුටුවේ නොමනා ක්‍රියාවක් විදියට. පිරිමින් සේ හරි හරියට යකඩ සමඟ ඔට්ටු වෙන්නට ගැහැනුන්ට කොහෙත්ම බැරි බවයි ඒ බොහෝදෙනෙකුගේ අදහස වුණේ. කොටින්ම ඉංජිනේරු පීඨ පාලනාධිකාරියෙනුත් ඇයට එතරම් මිත්‍රශීලී ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.
‘ගැහැනු ළමුන් ඉතා හොඳින් පාඩම් කර විභාගවලින් ඉහළ සාමාර්ථ ලබනවා. ඊටපස්සේ පුරුෂයින්ට ලැබෙන්නට තිබෙන පහසුකම් සහ අධ්‍යාපන අවස්ථා සියල්ලම අරගන්නවා. ඊටත් පස්සේ විවාහ වෙලා රැකියාවක් නොකර ඉන්නවා. ඒක නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ විඳින්න ඉන්න අනිත් අයට සිදුකරන අසාධාරණයක්.’ සිවසේගරම් ඉංජිනේරු පීඨයට ගියාට පස්සේ පීඨාධිපතිතුමන්ගේත් මතය වුණේ ඒකයි. ඒ වගේම ඔහු එම පීඨයේ සාමාජිකයෙකු වූ ඇගේ පියාට ද දියණිය ඉංජිනේරු අධ්‍යාපනයට යොමු නොකරන මෙන් යෝජනා කර තිබෙනවා. නමුත් ඇගේ දෙමාපියන් ඒ යෝජනාවට එකඟ වී නැහැ.
ඒ කාලේ ලංකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ‍ය හැඳින්නුවේ ‘ටකරන් ෆැකල්ටිය’ විදියට. ඒ එම පීඨයේ දේශන පැවැත්වූයේ ටකරං සෙවිලි කරන ලද ගොඩනැගිල්ලක නිසා. සිවසේගරම්, සැලසුම් ඇඳීම හා මිනුම් කටයුතු පිළිබඳ ඉගෙනගත්තේ මේ මේ ටකරන් ගොඩනැගිල්ල ඇතුළේ ඉඳගෙනයි. ඉංජිනේරු වෘත්තියට අදාළ අනෙකුත් ප්‍රායෝගික කටයුතු සඳහා ඇය ගියේ මරදානේ ලංකා කාර්මික විද්‍යාලයට.
කොහොම නමුත් හැකි ඉක්මණින්ම විශ්වවිද්‍යාල සමකාලීන සගයන්ගේ ද සහයෝගය ඇතිව ඇය ඉංජිනේරු කටයුතු සියල්ලම සඳහා තම දෑත් සුහුරු කරගත්තා. එම හැකියාව ඇයට ඇගේ වෘත්තීය ජීවිතයේදී විශාල ලෙස උපකාරී වුණා. අවසානයේ මේ හැමදේකම ප්‍රතිඵලය විදියටයි ඇය 1964 වසරේ ලංකාවේ ප්‍රථම ඉංජිනේරුවරිය විදියට පත්වුණේ. ඇයට පසුව සුමී මුණසිංහ 1966 වසරේ විදුලි ඉංජිනේරුවරියක ලෙසත්, ඉන්දිරා අරුල්ප්‍රකාසම් 1977 වසරේදී කාර්මික ඉංජිනේරුවරියක ලෙසත් පත්වුණේ ආචාර්ය සිවසේගරම්ගේ අඩිපාරේ යමින්.
1965-1968 යන කාලය තුළ ඇය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරලා බ්‍රිතාන්‍යයේ පොදු ගොඩනැගිලි හා වැඩ පිළිබඳව වූ අමාත්‍යාංශයේ සැලකිය යුතු මට්ටමේ රැකියාවක නිරත වුණා. එම වසරේම දෙසැම්බර් මාසයේ දී විවාහ වී, පළමු දරු ප්‍රසූතියෙන් පසු 1970 වසරේ ආචාර්ය සිවසේගරම් නැවත ශ්‍රී ලංකාව පැමිනුණා. මේ වනවිට ඇගේ පුත්‍රයාට යාන්තම් මාස 6 සම්පූර්ණ වුණා විතරයි.
“මම තවත් මාස 6ක් දරුවා සමඟ කාලය ගතකරලා නැවත සේවයට යන්නට කැමති වුණත්, මා එසේ කළහොත් ඔවුන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 150ක් දෛනිකව දඩ ගසන බව මට දන්වා තිබුණා. මගේ මාසික වේතනය වුණෙත් මාසයකට රු.500ක් පමණයි.”
එම බලකිරීම නිසා එම රැකියා ස්ථානයෙන් ඉවත් වන්නට තීරණය කළ ඇය නැවත වතාවක් ලංකාවට පැමිණුනා. ලංකාවේ පළමු ඉංජිනේරුවරිය විවාහවීමෙන් පසු ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා කියන නරක නාමයට බියවුණු නිසා පැමිණි වහාම ඇය තීරණය කළේ නැවත රැකියාවක් සොයාගන්න.
මේ අතරතුරේ ‘මහනුවර ගොවීන්ගේ කොමිසමේ’ ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන්නට ඇයට ආරාධනා ලැබුණා. එහි සේවය කිරීම සතුටුදායක එකක් වුණත් ආචාර්යවරියගේ බලාපොරොත්තු තිබුණේ ඊට වඩා ඉහළින්. සමහර විටෙක පීඨාධිපතිගේ පෙර කී ප්‍රකාශය නිසාම කිසිඳු රැකියාවක් ප්‍රතික්ෂේප නොකළ යුතු යැයි ඇය ඉටාගත්තා.
පසුකාලීනව සිවසේගරම්ට කොළඹ නිර්මාණ කාර්යයාලයට මාරුවීමක් ලැබුණා. 1978 වසරේ ඇය එහි ප්‍රධාන ව්‍යුහ ඉංජිනේරු වශයෙන් තේරී පත්වුණා. පොලිස් මූලස්ථානය, ජාතික පුස්තකාලය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වැනි ගොඩනැගිලි ඇගේ කාලයේ සිදුවූ ප්‍රධාන ඉදිකිරීම් විදියට හඳුන්වන්න පුළුවන්.
ආචාර්ය සිවසේගරම්ගේ අදහස දැනටත් ඉංජිනේරු ක්ෂේත්‍රයේ එකලට වඩා වැඩි වෙනසක් සිදු වී නැහැ කියන එකයි. ඒ වගේම ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවයි. විශේෂයෙන් ගිරවුන් ලෙස පාඩම් කිරීම නිසා අවසානයේ බිහිවන්නේ සිතීමට නොහැකි පුහු මිනිසුන් බව ඇය පවසනවා. ඔවුන් බහුතරයකට යමක් සිය බුද්ධියට ගෝචර කරගෙන ක්‍රියා කළ නොහැකියි. එමෙන්ම විශ්ව බස ලෙස ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාවිතයේ හුරුව ලබාගැනීම ඉතා වැදගත් බවයි ඇගේ අදහස.
කෙසේ නමුත් සාමාන්‍ය ශ්‍රී ලාංකීය කාන්තාවක් මුහුණදෙන බාධක බහුතරයකට මුහුණදීමෙන් පසුවත්, එම බාධක සියල්ල ජයගෙන, ජීවිතයේ ඉහළටම ගිය ආචාර්ය සිවසේගරම් වැනි කාන්තාවන් අප අද මෙන්ම හෙටත් සැමරිය යුතුයි.

ඩී.පී.වේවැල්පනාව

Address

Kegalle

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:00
Sunday 08:30 - 16:00

Telephone

03522222441

Website

Alerts

Be the first to know and let us send you an email when English Language Teaching Unit- Technical College, Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share