30/08/2026
අකුරු අස්සෙ හීන හොයන කඩිමුඩියේ...
නුහුරු මුහුණු හුරුපුරුදු වුණ සරසවියේ...
එකම බත් පතේ රහ බලපු බෝඩිමේ....
ගෙවෙන මේ කාලයයි ලස්සනම ජීවිතේ...
ලෙක්චර් කට් කරලා ඇවිදපු මාවතේ...
කුපි දාගෙන නිදි මරපු ඒ රාත්රියේ.....
හැංගිලා තියෙන්නේ අපේම කතාවනේ...
හොර රහසේ හුවමාරු වුණු බැල්මකත්.....
බය නැතුව උරහිසට වාරු වුණු යාලුකමත්...
පොතින් පිට ඉගෙනගත්තු ජීවිතේ පාඩමකත්...
තියෙනවා කවදාවත් නොමැකෙන සුන්දර මතකයක්...
දවසක මේ ගේට්ටුවෙන් එළියට යන දාට...
මේ හිනාවල් කඳුළක් වෙයි හැමෝගෙම දෑසට...
කාට කාටත් පොදු වුණු මේ සරසවි කාලයට...
ආයේ යන්න බැරි වෙයි කවදාවත් අපේ ජීවිතේට...✨🥀❤️
........ කවියා ..........