Rajarata University Students' Union

Rajarata University Students' Union Main Students' Union - Rajarata University

This is the official page of Rajarata University Students' Union.

--Our Vision--
We are believed that the education should be a right of all human in the society and should save it for the prospect of the society and human and have to call and assist at any issue to the people who are contributing to the free education that we are having.

22/08/2026

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස
මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ...
හන්තාන අඩවියේ..
කුසුම වදුළු තුරු සිරස හමාගෙන
මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ...

නන්දා මාලනිය ගැයුවාය. අද ඇගේ රන් ස්වරය නිහඬ වී ඇත. සිය දහස් ගණන් ඝාතනය කරමින්
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට එරෙහිව ඇය එසවූ හඬ අවිය පිළිබඳ නොමැකෙන මතක සටහන් ඉතිහාසය තුළ අකුරු කර තැබීම අ.වි.ශි.බ.ම. අප සතු වගකීමකි.

සෑම වසරකම ජුනි 20 ශිෂ්‍ය වීර දිනය සමරන විට සෑම සරසවියකම ඇගේ හඬ රැව් පිළිරැව් නැගීම අනිවාර්යයකි. පොදු ජන අරගලය වෙනුවෙන්, ශිෂ්‍ය ව්‍යාපාරයේ නොනවතින අරගලය වෙනුවෙන්, අදීනව දිවි පිදූ සිසු විරුවන් වෙනුවෙන් ඇගේ සටන්කාමී, අනුවේදනීය හඬ නොබියව, නොපැකිලව අවදි විය.

"පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී..."

අද අප අත්විඳින නිදහස් අධ්‍යාපනය ඇතුළු පොදුජන අයිතිවාසිකම් ජයග්‍රහණය කළේ කෙසේදැයි ඇය සමාජය ඉදිරියේ සිහි කැඳවන්නී එසේය. එම ජයග්‍රහණයන්ගේ හිමිකරුවන් කිසිවෙකුත් නොදන්නා ලෙස නිහඬව මහ පො⁣⁣ළොවේ සැඟවී සිටී. 88/89 භීෂණ සමයේ සැට දහසකට අධික තරුණ ජීවිත බිලිගත් පාලකයා ගුණදාස කපුගේ හා එක්ව ඇය නොබියව ප්‍රශ්න කළේ මෙලෙසිනි.

ඝාතකයා ...
සූසැට දහසක් ජීවිත බිලිගත් ඝාතකයා
ලෝහිත ගඟුලේ පිහිනා සැනහුනු පාලකයා
කවුරුද කියාදියන් ලංකා ඉතිහාසේ

සඟ වෙද ගුරු ගොවි කම්කරුවන්
නීතිවේදියන් ලේඛකයන්
එඩිතර අංකුර නායකයන්
දරු දැරියන් නව යෞවනයන්
බිලිගත් ඝාතකයා
කවුරුද කියාදියන් ලංකා ඉතිහාසේ

විරුද්ධ අදහස් දැරීම ත්‍රස්තවාදයක් සේ සැලකූ යුගයක මෙවැනි පද පෙළක් ගායනා කළ හැකි ගායිකාවක් වී නම් ඒ නන්දා මාලනියම පමණකි. අසාධාරණයට අයුක්තියට එරෙහිව නැගී සිටින තරුණ තරුණියන් වීරයින් බව ඇය දෙමාපියන් ඉදිරියේ ගායනා කළාය. වැරදිකරුවන් වන්නේ යුක්තිය, සාධාරණය පිරි ලොවක් පතා අරගල කරන සිසුන් නොව ඔවුන් මර්දනය කරන පාලකයන් බව ඇය ඍජුව ප්‍රකාශ කළාය.

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

අයුක්තියේ රාජ්‍ය දිවි පුදා හෝ ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්වන සෙබළුන් ඇමතූ ඇය මෙසේ ගැයුවාය.

"රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව..
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය..
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව..
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගනුව..."

ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ රාජ්‍ය මර්දනයේ උච්ඡතම වකවානුව වූ 1987 - 88 වසරවල නන්දා මාලනිය "පවන" ප්‍රසංගය රැගෙන රට පුරා ගියාය. එහි සෑම ගීතයකින්ම පවතින මර්දනකාරී රාජ්‍ය පාලනය ප්‍රශ්න කළාය. අරගලය උත්කර්ෂයට නැංවූවාය. විශ්වවිද්‍යාල සිරකඳවුරු කරමින් සිසු නායකයින්, ක්‍රියාකාරීන් දඩයම් කරමින් සිටි යුගයක අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සමඟ සමීපව කටයුතු කළ ඇය සටන්කාමී ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ ගී ගැයුවාය. එමෙන්ම "පවන" සංගීත ප්‍රසංගය රට පුරා විශ්වවිද්‍යාලයන්හි සංවිධානය කිරීමද සිදු විය. අවසන රාජ්‍ය මර්දනය ඇය සොයා පැමිණි විට රටින් පලා යාමට පවා ඇයට සිදුවිය. නන්දා මාලනිය විමුක්ති අර⁣ගලයේ ලාංකීය හඬ පෞරුෂයයි. අද ඇය සිය දිවි ගමන නිමා කළ ද ඇයගේ මහා හඬ පෞරුෂය යුගයෙන් යුගයට අනාගතයේදීත් රැව් නගනු ඇත. අරගල බිමට ධෛර්ය සපයනු ඇත.

2022 ගෝඨාභය රාජපක්ෂ පලවා හැරි මෙරට ඉතිහාසයේ තීරණාත්මක අරගල භූමියට නන්දා මාලනිය පැමිණියාය. අරගලකරුවන්ට ධෛර්ය සපයනු වස් ඇය එහිදී මෙගා ෆෝනයක් ගෙන ගී ගැයුවාය. නන්දා මාලනිය යනු ඇයයි.

"අප මැරුණු කල අපේ දරුවනේ
ගයවු තෙපි වැස භද්‍ර දේශයක, රාජ්‍යයක
අප වෙතින් පලා ගිය මධුර ගී..."

අරගලයේ කාහල නාදය ගීතයට නැගූ අමරණීය හඬ පෞරුෂය නන්දා මාලනියනි, ඔබට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ආචාරය වේවා! ඔබ පැතූ ලොව ගොඩ නගන්නට ඔබේ රන් ස්වරය හෙටත් අරගල භූමියේ රාව ප්‍රතිරාව නැගේවා!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්නඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්නඅළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද...
22/08/2026

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්

සැබෑ මානවවාදී කලාවක් වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කළ ආචාර්ය නන්දා මාලනී මහත්මිය අප අතරින් සමුගෙන තිබේ. විශේෂයෙන්ම 80 දශකයේ "පවන" වැනි සංගීතමය වැඩ සටහන් සමග මතවාදීමය දේශපාලන මැදිහත් වීමක් සිදු කළ, පොදුජන අයිතීන් වෙනුවෙන් සෑම අවස්ථාවන්වලදීම ප්‍රගතිශීලි බලවේගත් ශිෂ්‍ය ව්‍යාපාරයත් සමඟ සම්බන්ධ වුණ එතුමිය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය සම්බන්ධ වූයෙමු.

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්නඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්නඅළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද...
22/08/2026

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලෙස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

අපගේ ආචාරය!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

🚩 සබරගමුව විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර අධ්‍යයන සුභසාධන ගැටලු පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් සහ ඒවා කඩිනමින් විසඳන ලෙසට ආ...
22/08/2026

🚩 සබරගමුව විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර අධ්‍යයන සුභසාධන ගැටලු පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් සහ ඒවා කඩිනමින් විසඳන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීමට අද(18) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේද සහභාගීත්වය සහිතව සබරගමුව ම.ශි.ස විසින් මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 Like us on Facebook :
https://www.facebook.com/iusfsrilanka?mibextid=ZbWKwL

🔴Join with us on WhatsApp Channel :
https://whatsapp.com/channel/0029VbAorBw6GcGA20t0Q842

🔴 Subscribe to us on YouTube :
http://www.youtube.com/

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ""அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்""They have loved you unconditionally'ශිෂ්‍ය වීර දිනය...
22/08/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"
"அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்"
"They have loved you unconditionally'

ශිෂ්‍ය වීර දිනය 2026🚩
மாணவ வீரர் தினம் 2026
Students' Heroes day 2026

~ මහා ශිෂ්‍ය සංගමය - නැගෙනහිර විශ්වවිද්‍යාලය ~

14/08/2026
‎🚩මුළු සිසුන් 8000යි - 4000කට හොස්ටල් නෑ!‎🚩රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙනු!‎‎🚩 පැලැස්ත...
11/08/2026

‎🚩මුළු සිසුන් 8000යි - 4000කට හොස්ටල් නෑ!
‎🚩රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙනු!

‎🚩 පැලැස්තර විසදුම් එපා!
‎ පානීය ජල ගැටලුව වහා විසඳනු!

‎🚩 ආපනශාලාවල ආහාර ගුණාත්මකභාවය, පිරිසිදුකම ඇතුලු ගැටලු වහා විසඳනු!

‎🚩දේශන ශාලා හිඟය වහා විසඳනු!

‎🚩ආචාර්ය මහාචාර්ය හිඟය වහා විසඳනු!

‎🚩විද්‍යාගාර පහසුකම් වහා පුළුල් කරනු!
‎විද්‍යාගාර උපකරණ හිඟය විසඳනු!

‎🚩වෛද්‍ය මධ්‍යස්ථානය නේවාසිකාගාර පරිශ්‍රයේ ඉදිකරනු!

‎🚩wifi පහසුකම් වහා පුළුල් කරනු!

‎විරෝධතාවය
‎අගෝස්තු 11
‎දහවල් 12 ට
‎රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී...

‎මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

‎🚩මුළු සිසුන් 8000යි - 4000කට හොස්ටල් නෑ!‎🚩රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙනු!‎‎🚩 පැලැස්ත...
10/08/2026

‎🚩මුළු සිසුන් 8000යි - 4000කට හොස්ටල් නෑ!
‎🚩රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙනු!

‎🚩 පැලැස්තර විසදුම් එපා!
‎ පානීය ජල ගැටලුව වහා විසඳනු!

‎🚩 ආපනශාලාවල ආහාර ගුණාත්මකභාවය, පිරිසිදුකම ඇතුලු ගැටලු වහා විසඳනු!

‎🚩දේශන ශාලා හිඟය වහා විසඳනු!

‎🚩ආචාර්ය මහාචාර්ය හිඟය වහා විසඳනු!

‎🚩විද්‍යාගාර පහසුකම් වහා පුළුල් කරනු!
‎විද්‍යාගාර උපකරණ හිඟය විසඳනු!

‎🚩වෛද්‍ය මධ්‍යස්ථානය නේවාසිකාගාර පරිශ්‍රයේ ඉදිකරනු!

‎🚩wifi පහසුකම් වහා පුළුල් කරනු!


‎මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය

2025/26 නව අධ්‍යයන වර්ෂය සඳහා  රජරට  විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔබට විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටලු සඳහා ...
10/08/2026

2025/26 නව අධ්‍යයන වර්ෂය සඳහා රජරට විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔබට විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටලු සඳහා විමසන්න.

සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය - 078 8548484 (දිලුම්)
‎කළමනාකරණ අධ්‍යයන පීඨය - 0769785624 (තිළිණ)
කෘෂිකර්ම පීඨය - 0782028661 (හසින්ත)
‎ව්‍යවහාරික විද්‍යා පීඨය - 0716345560 (යොහාන්)
වෛද්‍ය හා සාමාන්තර විද්‍යා පීඨය - 0715501277 (නිම්න)
‎තාක්ෂණ පීඨය - 0760204604 (තරූෂ)


‎මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය



2025/26  අධ්‍යයන වර්ෂය සඳහා රජරට විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔබට අපගේ සුබ පැතුම්...‎‎මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍ය...
08/08/2026

2025/26 අධ්‍යයන වර්ෂය සඳහා රජරට විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔබට අපගේ සුබ පැතුම්...

‎මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය



Address

Mihinthale
Mihintale
50000

Alerts

Be the first to know and let us send you an email when Rajarata University Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Rajarata University Students' Union:

Shortcuts

Share