05/04/2025
"හීන පොඳිබැදුණු ජීවිත මිටියාවත්,
අධ්‍යාපනයේ අසිරි පැනින් සසිරිබර ගන්වන්නට,
අංකුර හීනවලට පියාපත් රැගෙන,
සරසවි සොයුරු මේඝයන්,
අහස්ගැබ වසාගන්නා,
වසන්තයේ හෝරාවයි මේ..."
2025 උසස්පෙළ විභාගය සඳහා අත්වැලක් ලෙස "සරසවියක් වන්නට,සරසවියෙන් සවියක්" යන තේමාව යටතේ මොරටුව විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන අධ්‍යාපන සත්කාරය වන "සරසවි පන්හිඳ" අධ්‍යාපන සම්මන්ත්රණ මාලාව අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේදී සහ 09 සහ 10 දෙදින තුළ මු/ උදයාර්කාඩු මහා විද්‍යාලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
එහිදී ව්‍යාපාර අධ්‍යයනය,ගිණුම්කරණය,ආර්ථික විද්‍යාව හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයන් යටතේ සංකීර්ණ විෂය කරණු මෙන්ම විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.
සරසවි පන්හිඳෙන් ඔබේ හීන වර්ණවත් කරගන්න 2025 උසස්පෙළ විභාගයට මුහුණදෙන ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිමු.
ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය.