Mechatronics - CGTTI

Mechatronics - CGTTI Mechatronics

IN our university we are giving NVQ level 4 in Mechatronic stream.this is the 1st institute that giving NVQ level 4 in Mechatronis stream in Sri Lanka.1st batch started at 1st of October 2014.In our institute,Qualified instructors and latest facilities are available for getting good knowledge.

මෙකාට්‍රොනික් අංශයේ අනාගතය අනතුරේ.....!!මෙය දකින ඔබ අද ඔබගේ ජීවිතය උසස් මට්ටමක තබා ගෙන සිටින්නේ මෙකාට්‍රොනික් අංශයේ අප ල...
04/11/2023

මෙකාට්‍රොනික් අංශයේ අනාගතය අනතුරේ.....!!

මෙය දකින ඔබ අද ඔබගේ ජීවිතය උසස් මට්ටමක තබා ගෙන සිටින්නේ මෙකාට්‍රොනික් අංශයේ අප ලැබූ අධ්‍යාපනය නිසාවෙනි....
එලෙස ජීවිතය ජය ගැනීමට අපට හැකි වූයේ කනිෂ්ක මහවෙල නම් ඒ සොදුරු මිනිසාගේ ඉතිහාසගත දැවැන්ත ව්‍යායාමය නිසාවෙනි....
බාධක රැසක් මැඩගෙන මෙකාට්‍රොනික් අංශය ගොඩනැගීමට දායක වූ සැමට අභීතව නායකත්වය දුන් ඔහුගේ වසර 40 කට අධික ගුරු ජීවිතයේ මේ ගෙවී යන්නේ අවසන් වසර වේ.
තම ලෙයින් සැදුනු දරුවෙකු වන් මෙකාට්‍රොනික් අංශයේ දියුණුව දෙස බලමින් සතුටු වන පියෙකු මෙන් අප අංශය තුල ඔහුගේ ගුරු ජීවිතයේ අවසන් කාලයත් ගෙවා දැමීම ඔහුගේ කැමැත්ත මෙන්ම අයිතිය වේ.
මෙකාට්‍රොනික් අංශයේ සීග්‍ර දියුණුව බලා සිටීමට නොහැකි කිහිප දෙනෙකු සහ අංශයේ දියුණුවට කෑදර වී එයට අයිතිවාසිකම් පවසන කිහිපදෙනෙක් විසින් ආයතනයේ පරිපාලනයට දීර්ඝ ලෙස කේළාම් කීමෙන් පසු අප ආදරණීය ගුරු පියාණන් වෙනත් අංශයකට මාරු කර යැවීමට පිඹුරුපත් සකසා අවසන්ය...
ඔබට මට පියෙකු වන් ඒ සොදුරු මිනිසා ගැන ආදරණීය මතකයක් නොමැති නම් ඔබ මෙකාට්‍රොනික් අංශයේ සිසුවකු විය නොහැක.
අපගේ ආදරණීය මහවෙල ගුරු පියාණන්ගේ ගුරු ජීවිතයේ අවසන් වසර අප අංශය තුලම අංශ ප්‍රධානියා ලෙස සේවය කිරීමට ඔහුට ඇති අයිතිය ලබා ගැණීමට ඔබගේ සහය ඇවැසිම මොහොතයි මේ...
එක් වන්න..එරෙහි වන්න..

01/10/2023

Happy Birthday Industrial Mechatronics Section
🇩🇪🇱🇰🛠️🎂🎉️🎉️

09/02/2023

🤨 ලංකාවෙම ඉපදිලා මේකෙම මැරිල යන 80% ක් ඉන්න රටේ, වෙනත් රටවල්වල 60 පැනපු සුද්දො අපේ රටවල් බලන්න එද්දි මේ ලෝකෙ ලස්සන තැන් අපිට බලන්න අයිතියක් නැද්ද කියල...?

🤨 අමාරුවෙන් අවුරුදු 10 ක් විතර ඉතුරු කරල, ලීසින් එකකුත් දාල Used කාර් එකක් අරන් පදිනකොට, ලෝකෙ අනිත් රටවල්වල උන් වගේ BMW / AUDI / Porsche වගේ සුපිරි කාර් එකක් පදින්න අයිතියක් අපිට නැද්ද කියල...?

🤨 කළුඅග්ගල Leisure World එකේ අවුරුද්දකට පාරක්වත් යන්න බෝනස් එක එනකල් බලන් ඉද්දි, Santhosa Island / Disney World / Sunway Lagoon Water Park වගේ තැන් වලට ගිහින් දරුවො එක්ක විනෝද වෙන්න අපිට අයිතියක් නැද්ද කියල...?

🤨 උදේ 6 ට කොට්ටාවෙන් බස් එකට නැගල, ට්‍රැෆික් එකේ පැය 3 ක් විතර ගිහින්, මරදානෙන් වැඩට යද්දි දාඩිය පෙරාගෙන, ශබ්දයේ වේගයෙන් යන Japan Bullet Train එක වගේ එකක ගෙදර ඉඳන් වැඩට යන්න අපිට අයිතියක් නැද්ද කියල...?

🤨 හංදියෙ කඩේ අජිනමොටෝ දාපු චීන රයිස් එක ගිලල, අවුරුදු 30 වෙද්දි කොලෙස්ටෙරෝල් / සීනි / පිළිකා හදාගෙන වකුගඩු දෙකත් කෙළවගෙන, අවුරුදු ගණන් පෝලිමේ ඉඳල මැරිල යද්දි , ජපානෙ වගේ අවුරුදු 100 ක් නිරෝගීව ජීවත් වෙලා සතුටින් මැරෙන්න අපිට අයිතියක් නැද්ද කියල...?

🤨 බොරු ඇඩ්‍රස් හදල, ලක්ෂ ගාණක් වියදම් කරල, ගෙවල් කුලී ගෙවාගෙන රෑ තිස්සෙ ළමයටත් බොරු පාඩම් කරවල, ටවුන් එකේ ඉස්කෝලෙට ඵමයි දාද්දි, ජපානෙ වගේ පයින් ඉස්කෝලේ ගිහින්, පයින් ගෙදර එන හොඳම ඉස්කෝලයකට හැමෝටම යන්න අයිතියක් නැද්ද කියල...?

🤨 ගුවන් යානයකට නැගල නැති උඹේ අම්ම, තාත්තට ලෝකෙ රටවල් දෙක තුනක් බලල එන්න අයිතියක් නැද්ද කියල...?

🤨 වලවල්වල වැටි වැටි අමාරුවෙන් ගත්ත කාර් එකේ යද්දි, යුරෝපයේ වගේ ලැම්බෝගිනියක් වුණත් ගේ ළඟට එන්න පුළුවන් සුපිරි පාරවල්වල යන්න අයිතියක් නැද්ද කියල...?

🤔 ට්‍රිලියන ගණන් ණය වුණේ උඹල, අපේ උවමනාවට නෙවෙයි, උන්ගෙ උන්ට සුර සැප විඳින්න කියල දැන් උඹලට තේරෙන්නෙ නැද්ද...?

🤔 ලෝකෙ ඉස්සරහට යද්දී, අපේ රට පස්සට යන්න එකම එක හේතුවයි තියෙන්නේ. අපේ ජාන වලම තියෙන්නෙ එකෙකුට එකෙක් නැති, අල්ලපු ගෙදර එකාටත් වෛර කරන හැටි. ඒක පාලකයො දන්නව. උඹල අපි බෙදන්න හරිම ලේසියි. අන්න ඒකයි නූගත්, වියපත් එවුන් ටිකක් තාමත් මේ රට පාලනය කරන්නේ.

❤❤ හිතල බලපං 1950 ආසියාවෙ දෙවැනියට හිටපු අපි පහළටම වැටෙද්දී, අවුරුදු 75 ක් මේක කාලම දාපු උන් ආයෙ ආවත් මේකමයි නේද..?

❤❤ මේ පුංචි රට එකතු වෙලා ගොඩ දාන්න වැඩ කරපල්ලා...!!

❤️❤️ පක්ෂ පාට අත්හැරපල්ලා..!!

අපේ පරම්පරාව කැප කිරීමක් කරමු, ඊළඟ පරම්පරාවට හරි මේ රටේ සතුටින් ඉන්න පුළුවන් රටක් කරන්න.

ලංකා අම්මට ආදරේ එවුන්ට දැනෙයි මේ කතාව.

අන්න ඒ මෝඩ කමෙන් මිදිල, හුස්මවල සද්දෙ හරියට ඇහුණහම උඹට දැනෙනවා..,

ඇත්තමයි හුස්ම ගන්නවා කියලා...!!! 🥺🥺🥺

(උපුටා ගන්නා ලද්දකි)

08/02/2023
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට2021 සඳහා ආධුනිකයන් බඳවා ගැනෙයිලංකා ජර්මානු කාර්මික අභ්යාාස ආයතනය එහෙමත් නැත්නම් ජර්ම...
08/06/2021

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට
2021 සඳහා ආධුනිකයන් බඳවා ගැනෙයි

ලංකා ජර්මානු කාර්මික අභ්යාාස ආයතනය එහෙමත් නැත්නම් ජර්මන් ටෙක් එක කියන්නේ වාහන ක්ෂේත්‍රය ගැන කතාකරන විට නැතුවම බැරි ස්ථානයක්.‍ මෙරට වාහන ක්ෂේත්‍රය රැඳීපවතින එක් සංධිස්ථානයක් කිව්වත් නිවැරදියි. තරඟකාරී විභාග අවසානයේදී දෑතේ රැකියාවක් සොයාගැනීමට බොහෝ දෙනෙකුගේ එකම ඉලක්කය වන්නෙත් මේ ජර්මන් ටෙක් එකයි.

මෙන්න ‍මේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2021 වසර සඳහා ජාතික ආධුනිකත්ව ක්රසමය යටතේ පූර්ණ කාලීන පාඨමාලා සඳහා ආධුනිකයක් ‍ඇතුළත් කරගැනීම පිළිබඳ තොරතුරු අද දින (04දා) නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි. ඔබට ගැසට් පත්‍රය Download කිරීමට අවශ්යන නම් පහළ Link එක තිබෙනවා.

ආරම්භ කරනු ලබන සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් පවත්වන අතර මෝටර් කාර්මික ශිල්පය පමණක් දෙමළ මාධ්‍යයෙන් පවත්වනු ලැබේ. සිංහළ භාෂාවේ ප්‍රවීණත්වය මත මෝටර් කාර්මික ශිල්පය හැර අනෙකුත් පාඨමාලා හැදෑරීමට ද්‍රවිඩ මාධ්‍ය ආධුනිකයන්ට අවස්ථාව සැලසේ.

2021 වර්ෂය සඳහා අයැදුම් පත් යොමුකිරීමට (ස්ත්‍රී / පුරුෂ) අවම සුදුසුකම්,

1. 2021 මාර්තු 31 වැනි දිනට අවුරුදු 16-22ත් අතර විය යුතුය.

2. සා.පෙළ විභාගයේ සිංහල/ දෙමල (අධ්‍යන මාධ්‍ය අනුව) හා ගණිතය ඇතුලුව විෂයයන් 6ක් එකවර සමත් වීම. හෝ, ලන්ඩන් සා.පෙළ විභාගයේ ඉංග්රී සි හා ගණිතය ඇතුලුව විෂයයන් 6ක් එකවර සමත් වීම.

3. විශේෂ කුසලතා ලෙස විදුලි/ විද්‍යුත් / යාන්ත්‍රික ක්ෂේත්‍රයන් හි නව නිර්මාණ ඉදිරිපත් කර නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වන පළාත් මට්ටම් තරගවලින් ප්‍රථම ස්ථාන 3 අතරට පැමිණ සහතික ලබා ඇති හෝ ඉහත කුමණ ක්ෂේත්‍රයකින් ජාතික මට්ටමේ තරගාවලි කුසලතා සහතිකයක් හෝ ඊට ඉහළ ජයග්‍රහණයක් ලබා ඇති අය ඉහත 2. හි සුදුසුකම දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්පූර්ණ කිරීම ප්‍රමාණවත්ය.

4. ලන්ඩන් සා.පෙළ අධ්යතපන සුදුසුකම් ය‍ටතේ අයැදුම් කරන්නන්ට සිංහල/ දෙමළ මාධ්‍යය පාඨමාලා හැදෑරීමේ හැකියාව තිබිය යුතුය.

අවම සුදුසුකම් සපුරා ඇති ආධුනිකයන් රු.500ක මුදලක් විභාග ගාස්තු ලෙස ගෙවිය යුතු අතර, එම මුදල ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් පහත ගිණුමට බැරකල හැකිය.

ගණකාධිකාරී,
ලංකා ජර්මන් කාර්මික අභ්යාතස ආයතනය,
ලංකා බැංකුව,
මොරටුව ශාඛාව,
ගිණුම් අංකය: 681490

එසේ මුදල් බැරකර එම ලදුපත අයැදුම්පත හා අමුණා එවිය යුතුය. එසේ නොඑවන අයැදුම්පත් ප්‍රතික්ෂේප කරනු ඇත.

ලිඛිත පරීක්ෂණය,
පවත්වන මාධ්‍ය : සිංහල/ දෙමල
විභාග මධ්‍යස්ථාන : කොළඹ, මහනුවර, ගාල්ල, බදුල්ල, අනුරාධපුරය හා වවුනියාව

ලිඛිත විභාගයෙන් පසු තෝරාගන්නා ආධුනිකයන් වෛද්‍ය පරීක්ෂණයකට යටත්ව පුහුණුව සඳහා බඳවා ගනු ලැබේ.

• මෝටර් රථ කාර්මික ශිල්පය - අවු. 04
• මිල්රයිට් වැද්දුම් ශිල්පය - අවු. 04
• වායුසමීකරණ/ ශීතකරණ ශිල්පය - අවු. 03 ½
• බල විදුලි ශිල්පය - අවු. 03 ½
• යන්ත්‍රණ ශිල්පය - අවු. 03 ½
• මෙකාට්රො‍නික් (කර්මාන්තගත) ශිල්පය - අවු. 03 ½
• ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පය - අවු. 03
• වාහන විදුලි ශිල්පය - අවු. 03
• පෑස්සුම් ශිල්පය - අවු. 03
• වාහන වායුසමීකරණ ශිල්පය - අවු. 03
• මෝටර් වාහන, බොඩි අලුත්වැඩියාව හා පින්තාරු ශිල්පය - අවු. 03

සැලකිය යුතුය
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග වසර 3ක් හෝ ඊට වැඩි කාලයකට දැනට ගිවිසුම්ගත අය මේ සඳහා ඉල්ලුම් නොකල යුතුය. පසුව ආධුනිකයන් ලිඛිත පරීක්ෂණයක් සඳහා කැඳවනු ලබයි.

අයැදුම්පත්

A4 ප්‍රමාණයට තම අයැදුම්පත පිළියෙල කරගත යුතු අතර, අයැදුම්පත සමග,

• උප්පැන්න සහතිකය
• අධ්‍යාපන සහතික
• ඉහත අවම සුදුසුකම් යටතේ 3. හි සඳහන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම නිකුත්කළ පළාත්/ ජාතික සහතික

අමුණා, අයැදුම්පත එවන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ 'පූර්ණ කාලීන ආධුනිකයින් බඳවා ගැනීම -2021' යනුවෙන් සඳහන් කළ යුතුය.

අයැදුම්පත් ලබාගැනීම
www.cgtti.lk වෙබ් අඩවියෙන්
• ආයතනයට පැමිණීමෙන්
• නම හා ලිපිනය සඳහන් කර මුද්දර සහිත ලියුම් කවරයක් එවීමෙන්

අයැදුම්පත් භාරගන්නා අවසන් දිනය 2021. 07.20 වැනි දින‍. එදිනට ප්‍රථම ලැබෙන සේ කළමනාකාර - පරිපාලන හා මානව සම්පත් වෙත ලියාපදිංචි තැපෑලෙන්

කළමනාකාර - පරිපාලන හා මානව සම්පත්,
ලංකා ජර්මානු කාර්මික අභ්යාෙස ආයතනය,
අංක 582, ගාලුපාර,
ගල්කිස්ස
(අඟුලාන හංදිය අසල)

ලිපිනය වෙත එවිය යුතුය‍. සුදුසුකම් ලත් අයැදුම්කරුවන් සඳමා ලිඛිත විභාගයට අදාල ප්‍රවේශ පත්‍ර 2021.09.10 වැනි දින වනවිට ලැබීමට සලස්වන අතර, ඒ වනවිටත් ප්‍රවේශපත් නොලැබුණු අයැදුම්කරුවන් වේ නම් එදින සිට දින 14ක් ඇතුළත 011-2605625 යන දුරකථන අංකයෙන් විමසිය යුතුය.

අදාල ගැසට් පත්‍රය Download කරගන්න:
http://www.documents.gov.lk/files/gz/2021/6/2021-06-04(I-IIA)S.pdf

අයැදුම්පත Download කරගන්න:
සිංහල
https://drive.google.com/file/d/18Cr-mVSq8GYP8kn0Q5sugSFLn46jkPmK/view
‍දෙමළ
https://drive.google.com/file/d/1XrCkyVviYZHUPvCWg5-8ZjcIxhVKV5Ab/view

17/07/2019
17/07/2019

National Vocational Training Excellence Awards 2019
The best public sector large scale training provider 1st place
Ceylon German Technical Training Institute

“Twenty years from now you will be more disappointed by the things that you didn’t do than by the ones you did do, so th...
25/06/2019

“Twenty years from now you will be more disappointed by the things that you didn’t do than by the ones you did do, so throw off the bowlines, sail away from safe harbor, catch the trade winds in your sails. Explore, dream, discover.”

Address

No 582, Galle Road
Mount Lavinia

Opening Hours

Monday 07:30 - 18:00
Tuesday 07:30 - 18:00
Wednesday 07:30 - 18:00
Thursday 07:30 - 18:00
Friday 07:30 - 18:00
Saturday 07:30 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mechatronics - CGTTI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Mechatronics - CGTTI:

Share