28/05/2023
⭕⭕⭕The Closing Date to apply for the HND programmes of ( SLIATE ) has been extended up to 04th July 2023⭕⭕⭕
⭕ Applications Are Calling For The Year 2022/23⭕
Applications Are Calling For The Courses Offered By Advanced Technological Institute Nawalapitiya.
The Applying Process Should Be Done Only Via Http://Apply.Sliate.Ac.Lk And Any Other Means Of Applying Will Not Be Accepted.If You Have Any Difficulty Of Applying Through Online, You Can Join To Our Whatsapp Group Or Visit Our Registration Center at Ati- Nawalapitiya.
Whatsapp Group Link- https://chat.whatsapp.com/FENgoOleo9BA211guhYG3q
Address-No:156/6,Gampola Road ( Back Street),Aashcharya Hall,4th Floor,Nawalapitiya
If You Need Any Clarification Regarding in This Application, Please Contact Us
Anjana - 0786940565
Thanuja- 0763807662
🔥
උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්නට නාවලපිටිය නගරයේ ඇති හොදම තෝතැන්න නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනයයි කියුවොත් නිවැරදියි . 2016 වසරේදී උසස් අධ්‍යාපන ආයතන අතරට එකතු උන නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය සරසවි සිහිනය බොද වූ සුවහසක් දරුවන්ගෙ නෙත් පෑදීමට සමත් වී හමාරය . මෙම උසස් තාක්ෂණ ආයතනය මගින් ඔබට පාඨමාලා තුනක් හැදෑරීමට අවස්තාව හිමි වේ . සරසවි වරම් සැබෑ කර ගැනීමට නොහැකි වුවත් ඒ හා සමාන උසස් ජාතික ඩිප්ලෝමාවක් ලබා ගෙන රැකියා ක්ෂේත්‍රයේ පිලිගත් රැකියාවක් දක්වා ගමන් කිරීමට නාවලපිටිය නගරයේ නිස්කලංක පරිසරයක මේ වන විටත් වැඩ නිමව පවතින නාවලපිටිය උසස් අධ්‍යාපන අයතනය පිහිටා ඇත. එන්න නැවුම් බිමක නැවුම්ව උසස් අධ්‍යාපන සිහිනය ගොඩ නගන්නට.
📌 Higher National Diploma in Managment - (HNDM) ⭕ උසස් ජාතික කළමණාකරණ ඩිප්ලෝමා පාඨමාලාව.
උසස් ජාතික කළමනාකරන ඩිප්ලෝමාවෙ ආරම්භය 1947 වර්ෂය දක්වා අතීතයට උරුමකම් කියයි. 1947 වසරේ පැවති උසස් ජාතික වාණිජ ඩිප්ලෝමාව 2004 වසරේදී උසස් ජාතික කළමනාකරන ඩිප්ලෝමාව ලෙස නම් වෙනස් වෙනවා. නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය තුල පවතින පාඨමාලා අතරින් ඉහල පිළිගැනීමක් ඇති පාඨමාලාවකි, මෙය වසර තුනකින් යුක්ත වන අතර දෙවන වසරේ සිට ඔබගේ කැමැත්ත පරිදී Marketing Management හෝ HR Management යන අංශ දෙකෙන් කැමති අංශයක් මූලික කරගෙන ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකල හැකිය.
මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක් පුර්ණ ඉංග්‍රීසි මාධයයෙන් පැවැත්වෙන අතර මාස 06 ක ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී ලබාගත හැක.
1.විවෘත විශ්ව විද්යාලයේ BM අවසන් කළහැකි වීම.
2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.
3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.
4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.
5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.
අයදුම් කිරීමට අවම සුදුසුකම්
* සැළකිය යුතු z අගයක් සමග අ.පො.ස. (උ/පෙළ) ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා සිටීම.
* ඉංග්‍රීසි හා ගණිතය ඇතුළුව අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව තිබීම.
📌Higher National Diploma in Tourism and Hospitality Managment - (HNDTHM) ⭕ උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව.
HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.
*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අධ්‍යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.
පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යයතාවය අනුව තවදුරටත් අධ්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.
රැකියා අවස්ථා
1.Tourism Department Officer
2.Sri lanka port authority and Srilankan Custom
3.Hotel(management level )
4.Job in srilanka Tourism Development 5.Authority(SLTDA)
5.Transportation Company
6.Foreign Sector
7.Job In Cruise Ship
8.Event Management sector
9.Tour Operator
10.Aviation Service
11.Cargo Company
12.Consultation
මෙම පාඨමාලාවට අයදුම් කිරීමට අවම සුදුසුකම්
• සැලකිය යුතු z අගයක් සහිත උසස් පෙළ,ඕනෑම
විෂය ධාරාවකින් විශයන් තුනම සමත් වීම.
• අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයේදී ඉංග්‍රීසි හා ගණිතය සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම.
📌Higher National Diploma in English(HNDE) part time ⭕ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා අර්ධකාලීන පාඨමාලාව.
- පාඨමාලාව සදහා සමාසිකයකට රු.17000/- බැගින් ගෙවිය යුතු වේ.
-අර්ධකාලීන පාඨමාලාව හදාරන සිසුන් හට පාඨමාලා කාලය වසර 2ක් වන අතර ප්‍රායෝගික පුහුණුවක් නොලැබේ.
- සිසුන්ට සති අන්ත දින වල දේශන පැවැත්වේ.
~ පාඨමාලාව හැදෑරිමට අවශ්‍ය සුදුසුකම් ~
-අ.පො.ස. (උ/පෙළ) ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා සිටීම.
සහ
-අ.පො.ස. (සා/පෙළ) ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට සාමාන්‍ය සාමාර්ථයක් (S) හෝ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් (C) ලබා සිටීම.
**මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය හැදෑරීමට අවස්ථාව හිමිවේ.
~ රැකියා අවස්ථා ~
1.රජයේ හෝ පෞද්ගලික පාසලක ගුරු සේවයේ නිරත විය හැක.
2.ජනමාධ්‍ය වෘත්තියේ නිරත වීමට හැක.
3.විදෙස් රැකියා සදහා පිවිසීමට අවස්ථාව හිමිවේ.
4.භාෂා පරිවර්තන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා
අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කර සරසවි වරම් ලබා ගැනීමට අවස්ථාව අහිමි වූ ඔබට ලැබී ඇති අගනා අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය...
♦මීට අමතරව ආයතනය තුලින් .
✔ බහුමාධ්‍යය පහසුකම් හා වැඩමුළු පහසුකම් ආදිය සමග භාෂා කාඩ් සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර
✔ සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
✔ උපාධිදාරී දේශක මණ්ඩලය
✔ පුස්තකාල පහසුකම්
✔ මහපොළ ශිෂ්‍යාධාර
✔ නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
✔ බස් / දුම්රිය සහන කාලය
✔ ක්‍රීඩා පහසුකම්,
මෙන්ම ,පාඨමාලා හදාරන ගමන් විශයානුකූල ක්‍රියා වලට අමතරව cultural show , sport meet , OBT program , field visit , DJ party , christmas celebration , new year celebration , dansal , welfare programs , cricket matches 😀 වැනි විශය බාහිර වැඩසටහන් මගින් ඔවුන් මෙහි ගෙවන කාලය අරථවත්ව ගත කරනවා.
🔰උසස් අද්‍යාපන සිහිනය යථාර්තයක් කර ගැනීමට හොදම අවස්තාව මෙයයි.