St, Anne's College Media Unit Kurana, Negombo.

  • Home
  • St, Anne's College Media Unit Kurana, Negombo.
Website

St, Anne's College Media Unit Kurana, Negombo. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St, Anne's College Media Unit Kurana, Negombo., College & University, Katunayake-Negombo Road, .

හෙටින් ආරම්භ වන (අගෝස්තු 10) අ.පො.ස උසස් පෙළ විභාගය සදහා සාර්ථකව මුහුණ දීමට කුරණ ශාන්ත අනාවේ සියලූම දූ දරුවන්ට හැකි වේවා...
09/08/2026

හෙටින් ආරම්භ වන (අගෝස්තු 10) අ.පො.ස උසස් පෙළ විභාගය සදහා සාර්ථකව මුහුණ දීමට කුරණ ශාන්ත අනාවේ සියලූම දූ දරුවන්ට හැකි වේවා....

අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි..!
ඔබ සැමට සුබ පැතුම්...

විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභායට මුහුණ දෙන කුරණ ශාන්ත ආනාවේ දූ දරුවන්ට සුබ පැතුම් එකතු කරන්නෙමු.විදුහල්පතිතුමිය අතුළු ආචාර්ය ...
08/08/2026

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභායට මුහුණ දෙන කුරණ ශාන්ත ආනාවේ දූ දරුවන්ට සුබ පැතුම් එකතු කරන්නෙමු.

විදුහල්පතිතුමිය අතුළු ආචාර්ය මණ්ඩලය

2026, බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා බාලක (ටයිකොන්ඩෝ) තරගවලින් ජය ලබා රනින් සරසවන්නට අප විද්‍යාලයේ දරුවන් සමත්වෙයි.🔥ඒ අනුව...
02/08/2026

2026, බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා බාලක (ටයිකොන්ඩෝ) තරගවලින් ජය ලබා රනින් සරසවන්නට අප විද්‍යාලයේ දරුවන් සමත්වෙයි.🔥

ඒ අනුව ,

🔥 48kg - 51kg බර පංතිය - පළමු ස්ථානය - සදරු ජයංග 🎖️

🔥63kg - 68kg බර පංතිය - පළමු ස්ථානය -අංජන මධුභාෂණ🎖️

ජයග්‍රහණයේ විශිෂ්ටත්වය කරා ගෙන යාමට ඔවුන්ව මෙහෙයන වන ලද්දේ අප විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යය මධුක රාජපක්ෂ ගුරුතුමන්‍ ය.

කුරණ ශාන්තාව රනින් සරසරන අභිමානවත් පුතුනුවනි ඔබට අපගේ ප්‍රණාමය පුද කර සිටින්නෙමු..

විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්යය මණ්ඩලය.

සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන....
11/07/2026

සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන....

📢 2026  සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් බඳවා ගැනීමබප/මීග/ කුරණ ශාන්ත ආනා මහා විද්‍යාලය 2026  සඳහා උසස් පෙළ වෘත්...
11/07/2026

📢 2026 සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් බඳවා ගැනීම

බප/මීග/ කුරණ ශාන්ත ආනා මහා විද්‍යාලය 2026 සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අයදුම්පත් කැඳවනු ලැබේ.

🎓 ඔබේ අනාගත වෘත්තියට ශක්තිමත් පදනමක් දමන්න!
දැනුම, නිපුණතා සහ වෘත්තීය අවස්ථා සමඟ සාර්ථක හෙට දවසක් සඳහා අදම අප සමඟ එක්වන්න.

📌 අයදුම්පත් ලබාගත හැකි ස්ථාන
• පාසල් කාර්යාලය
• පාසල් ආරක්ෂක නිලධාරී කාර්යාලය (Guard Room)

🗓️ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2026 ජූලි 13 වන සඳුදා

⏳ අවසන් දිනය තෙක් නොසිට, ඔබගේ අයදුම්පත අදම ලබාගෙන නියමිත දිනට පෙර භාරදෙන්න.
ඔබේ දක්ෂතා වෘත්තියක් බවට පත් කරගන්න..

අයදුම්පත හැකි ඉක්මනින් ලබාගෙන නියමිත දිනට පෙර භාරදෙන්න.

📞 වැඩි විස්තර සඳහා: 076 917 9030

"ඔබේ සිහින වෘත්තියට යන මඟ අදම ආරම්භ කරන්න.
ඔබේ අනාගතය නිර්මාණය කරගන්න!!!

03/07/2026

සංවේගයෙන් දැනුම්දීමයි...🥀🕯️

​අප විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරනු ලැබූ දිල්හානි විජේසිංහ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාණන් වන ඉරේෂ උදය කුමාර මහතා අභාවප්‍රාප්ත වූ බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු.

​දේහය 2026 ජූලි 03 වන දින (අද) පස්වරු 12.00 සිට 2026 ජූලි 04 වන දින පස්වරු 4.00 දක්වා ඒකල, නිවාසීපුර, P/27 දරන නිවසේ අවසන් ගෞරව සඳහා තැන්පත් කර ඇත.

​අවසන් කටයුතු 2026 ජූලි 04 වන දින (හෙට) පස්වරු 4.00ට කොටුගොඩ පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

​මෙම දුක්බර අවස්ථාවේදී දිල්හානි විජේසිංහ මහත්මියට, දූ දරුවන් ඇතුළු ශෝකයට පත් පවුලේ සියලු දෙනාටත් අප විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ආචාර්යය මණ්ඩලය ඇතුලු ශාන්ත ආනා පවුලේ සියලූම දෙනාගේ ශෝකය පල කර සිටින්නෙමු. 🙏

Deepest Condolences 🥀🕯️

​It is with profound sadness that we announce the passing of Mr. Iresha Udaya Kumara, the beloved husband of Mrs. Dilhani Wijesinghe, who formerly served as the Deputy Principal of our college.

​The remains will be placed for final respects at their residence, No. P/27, Niwasipura, Ekala, from 12:00 PM on July 3, 2026 (Today) to 4:00 PM on July 4, 2026.

​The funeral rites will take place at the Kotugoda Family Burial Ground on July 4, 2026 (Tomorrow) at 3:00 PM.

​During this time of sorrow, the Principal, the academic staff, and the entire St. Anne's family extend our deepest sympathies to Mrs. Dilhani Wijesinghe, their children, and all grieving family members. 🙏

🪔 පොසොන් බැති ගී සරණිය පින්බර පොසොන් පොහොය සිහිපත් කරනු වස්, මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයෙන් මේ දිවයිනට උදා ව...
02/07/2026

🪔 පොසොන් බැති ගී සරණිය

පින්බර පොසොන් පොහොය සිහිපත් කරනු වස්, මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයෙන් මේ දිවයිනට උදා වූ ශ්‍රී සද්ධර්මයේ අගය සිහිපත් කරමින්, 2026 ජූනි 30 වන දින අප පාසලේ පොසොන් බැති ගී සරණිය භක්තියෙන් හා ගෞරවයෙන් පැවැත්විණි.

බැති ගී නාදයෙන් සදහම් සුවඳ විහිදුවමින්, ශ්‍රද්ධාවෙන් හා සංයමයෙන් පිරි අර්ථවත් ආධ්‍යාත්මික අවස්ථාවක් ලෙස මෙම වැඩසටහන,

විදුහල්පතිතුමිය ,බෞද්ධ ගුරුභවතුන් ගේ මූලිකත්වයෙන් , සංගීත ආචාර්ය ගීතාන් සමීර මහතා පුහුණුකාරීත්වයෙන් හා ආචාර්යය මණඩලය සහ සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ශාන්ත ආනා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය

☘️මිනිස් මනසට යම් කරුණක් තේරුම් කිරීමේ අවධිය වන්නේ ළමා අවධියයි.🌻මධ්‍යම පරිසර අධිකාරිය විසින් කුඩා කළ පටන්  පාසල් දරුවන් ...
27/06/2026

☘️මිනිස් මනසට යම් කරුණක් තේරුම් කිරීමේ අවධිය වන්නේ ළමා අවධියයි.

🌻මධ්‍යම පරිසර අධිකාරිය විසින් කුඩා කළ පටන් පාසල් දරුවන් පරිසරය ට ලැඳි ආදරය කරන පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන,

☘️ පරිසර ළමා සමාජ වැඩසටහනේ බප / මීග / කුරණ ශාන්ත ආනා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පරිසර ළමා සමාජ වැඩසටහනේ,

😍 දරුවන්ගේ තුරුලතා සහතිකය සහ ලාංජන ලබාගත් දරුවන්ට පළමු තුරුලතා සහතිකය ලබා ගැනීමෙන්,

🍀 පසුව දෙවන අදියරට ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමෙන් පසු විහඟ සහතිකය හා ලාංජනය ලබා ගත් දරුවන්ගේ උත්සවයේ සුවිශේෂි අවස්තාවන් මාධ්‍ය ඒකකයේ කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ...

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව පාසල්වල සිදු කරනු ලබන පිරිසිදු කිරීම් සහ පාසල් දරුවන්/ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ප...
22/06/2026

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව පාසල්වල සිදු කරනු ලබන පිරිසිදු කිරීම් සහ පාසල් දරුවන්/ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගියදා අප විද්‍යාලයේදී සිදු කෙරිණි.

එහි සුවිශේෂි අවස්ථා කීපයක් විද්‍යාලයීය කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ..

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026❤️💃 විද්‍යාලයීය නර්තනාචාරිනී ආර්.ජේ.කේ මදුභාෂිණීගේ ගුරුතුමියගේ විශිෂ්ට පුහුණුකාරීත...
11/06/2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026

❤️💃 විද්‍යාලයීය නර්තනාචාරිනී ආර්.ජේ.කේ මදුභාෂිණීගේ ගුරුතුමියගේ විශිෂ්ට පුහුණුකාරීත්වයෙන්...

2026/06/06 දින පැවති මීගමු කලාප තරගයෙන්

මංගලම් (ඒකල) නර්තනය ඉදිරිපත් කර ප්‍රථම ස්ථානය
ලබා ගනිමින් බස්නාහිර පළාත් තරගාවලිය සදහා, සුදුසුකම් ලබා ගැනීමට කුරණ ශාන්ත ආනා මහා විද්‍යාලයේ දක්ෂයින්ට හැකි විය.🏆💃💃💃

Address

Katunayake-Negombo Road

Alerts

Be the first to know and let us send you an email when St, Anne's College Media Unit Kurana, Negombo. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your university to be the top-listed university?

Share