Faculty of Dental Sciences,University of Sri Jayewardenepura

Faculty of Dental Sciences,University of Sri Jayewardenepura This page is maintained by the students of the Faculty of Dental Sciences,USJ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දෙවන කණ්ඩායමේ සායනික පුහුණුව ආරම්භ කිරිමේ වැඩසටහන 2026.03.30 ...
12/04/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දෙවන කණ්ඩායමේ සායනික පුහුණුව ආරම්භ කිරිමේ වැඩසටහන 2026.03.30 වන දින විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ සභාශාලාවේ දී පැවැත්විණි.මෙම වැඩසටහන සදහා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මනෝරි ගමගේ, දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රියක පලිපාන, පීඨයේ කථිකාචාර්යවරුන් සහ බාහිර කථිකාචාර්යවරුන් සහභාගි විය.

The clinical induction ceremony for the second batch of the Faculty of Dental Sciences, University of Sri Jayewardenepura, was held on March 30, 2026,at the boardroom of Faculty of Management Studies and Commerce.The event was graced by the Vice-Chancellor of university, Senior Professor Pathmalal M. Manage; Dean of the Faculty of Medical Sciences, Professor Manori Gamage; Dean of the Faculty of Dental Sciences, Professor Priyake Palipana,along with academic staff members of the faculty.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය මගින් සංවිධානය කළ තවත් මුඛ සෞඛ්‍ය...
03/04/2026

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය මගින් සංවිධානය කළ තවත් මුඛ සෞඛ්‍ය වැඩසටහනක් 2026.03.26 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය A.H.L.R.නිල්මිණි,දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රියක පලිපාන,ප්‍රජා දන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය හේමන්ත අමරසිංහ සහ පීඨයේ සෙසු ආචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහිදී තාක්ෂණ පීඨ සිසුන් සඳහා මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම සහ මුඛ සෞඛ්‍ය පරීක්ෂාවන් සිදුකළ අතර එහිදී සිසුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ද සිදුවිය.

To mark World Oral Health Day, Faculty of Dental Sciences, University of Sri Jayewardenepura organized another oral health program which was held on March 26, 2026, at the Faculty of Technology, University of Sri Jayewardenepura.

This event was graced by the participation of Professor A.H.L.R. Nilmini, Dean of the Faculty of Technology, Professor Priyake Palipana, Dean of the Faculty of Dental Sciences and Professor Hemantha Amarasinghe, Head of the Department of Community Dental Health, alongside other members of the academic staff.

During the program Oral health awareness sessions and screenings were conducted for the students of Faculty of Technology with necessary treatments.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මුඛ සෞඛ්‍ය වැඩස...
01/04/2026

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මුඛ සෞඛ්‍ය වැඩසටහනක් 2026.03.15 දින බදුරලිය ප්‍රදේශයේ දී පැවැත්විණි. මෙහිදී මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම සහ මුඛ සෞඛ්‍ය පරීක්ෂාවන් සිදුකළ අතර ප්‍රතිකාර අවශ්‍ය ඇතැම් රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ද සිදුවිය.

To mark World Oral Health Day, a community outreach program organized by the Faculty of Dental Sciences, University of Sri Jayewardenepura, was held on March 15, 2026 in Baduraliya,Sri Lanka.​The program focused on raising awareness about oral health and conducting dental screenings.Furthermore, essential medical treatments were provided to patients identified as requiring proper treatments.

25/09/2025

Journey through the Faculty of Dental Sciences, University of Sri Jayewardenepura.

Video source- Japura Media

18/09/2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කල 'Dentowars-2025' ක්‍රීඩා උළෙල සහ සම්මාන රාත්‍රියේ සුවිශේෂි මතක.

Unforgettable memories from 'Dentowars 2025 sports event' and the 'Dentowars Awards Night' , organized for the first time by the Dental Faculty Students' Union, University of Sri Jayewardenepura.

Dental Faculty Students' Union - J'pura
Dentowars

2021 දෙසැම්බර් මස ශ්‍රී ජයවර්ධනපුර දන්ත වෛද්‍ය විද්‍යා පීඨය ආරම්භ වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 9 වන පීඨය මෙන්ම ...
16/08/2025

2021 දෙසැම්බර් මස ශ්‍රී ජයවර්ධනපුර දන්ත වෛද්‍ය විද්‍යා පීඨය ආරම්භ වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 9 වන පීඨය මෙන්ම ශ්‍රී ලංකාවේ දෙවන දන්ත වෛද්‍ය විද්‍යා පීඨය ලෙසය.පළමු කණ්ඩායම ළමුන් 32 කුගෙන් ආරම්භ වූ අතර මෙහි පළමු පීඨාධිපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන කටයුතු කළාය.ආරම්භයේදි සීමිත භෞතික හා මානව සම්පත් වලින් ඇරඹී මෙය අද වනවිට ඒවයේ දියුණුවක් ලගා කරගෙන තිබේ.වත්මන් පීඨාධිපති ලෙස කටයුතු කරනු ලබන මහාචාර්ය ප්‍රියක පලිපාන පීඨය ආරම්භයේදී පුරෝගාමියෙකු විය.
වර්තමානයේ පීඨය තුල කණ්ඩායම් 4ක සිසුන් 113 ක් සාර්ථකව අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.

අපගේ පාඨමාලාව වසර 5 කින් සමන්විත වන අතර එය අදියර (Phases) 3ක් යටතේ සිදුවේ.
පළමු අදිය⁣රේදී(Phase 1) Anatomy, Biochemistry, Physiology යන විෂයයන් වෛද්‍ය පීඨයේ අචාර්ය මණ්ඩලය හා අපගේ අචාර්යවරැන් මගින්ද Dental Anatomy අපගේ පීඨයේ අචාර්යවරුන් මගින්ද සිදුකරයි.

⁣දෙවන අදියරේදී(phase 2) Phamocology, Microbiology, General Pathology යන විෂයයන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන් සහ අප පීඨයේ අචාර්යවරුන් මගින්ද, Community Dentistry, General Medicine, General Surgery, Dental Materials යන විෂයයන් අප පීඨයේ ආචාර්යවරුන් හා බාහිර කථිකාචාර්යවරුන් මගින්ද සිදුකරනු ලබයි.මෙහිදී General Medicine සහ General Surgery විෂයයන්ට අදාල සායනික කටයුතු දකුණු කොළඹ ශික්ෂණ රෝහ⁣ලේදී සිදුකරයි.

අදියර 3(phase 3) අධ්‍යයන වර්ෂ 2කින් සමන්විත වන අතර එහි පළමු අධ්‍යයන වසර Oral Medicine, Oral Surgery, Restorative Dentistry, Prosthetic Dentistry, Perioidontology, Paediatric Dentistry, Orthodontics, Oral Pathology යන විෂයයන් අප පීඨයේ ආචාර්යවරුන් හා බාහිර කථිකාචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරනු ලබයි.එමෙන්ම සායනික පුහුණුව සඳහා කලුබෝවිල දන්ත වෛද්‍ය මහාචාර්ය ඒකකය සහ වැලිසර නාවික හමුදා රෝහල යොදාගනී.මෙම කලුබෝවිල දන්ත වෛද්‍ය මහාචාර්ය ඒකකය, පීඨය ආරම්භ කර කෙටි කාලයකින් විවෘත කර එහි රෝගීන්ට ප්‍රතිකාර කිරිමේ වැඩ කටයුතු එකළ සිටම සිදු කෙරුණි.

අදියර 3හි දෙවන අධ්‍යයන වසර Special Needs and Geriatric Dentistry, Integrated Dental Care, Advanced Prosthetic-Restorative Care, Forensic Dentistry and Practice Management, Maxillofacial Surgery යන විෂයයන් හැදෑරීමට නියමිතව තිබෙි.

අවසන් වසර සායනික පුහුණුව සඳහා මහරගම දන්තායතනය පරිශ්‍රයේ ගොඩනැගිල්ලක්ද ලැබීමට නියමිතව තිබේ.

අද වන විට පළමු කණ්ඩායම අදියර 3 හි පළමු අධ්‍යයන වසර සාර්ථකව සායනික අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින අතර ඒ සඳහා ප්‍රමාණවත් Dental chairs ද ප්‍රමාණවත් තරම් රෝගීන්ගේ පැමිණීමක්ද ඇත.ඔවුන්ගේ සායනික කටයතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර ඒ සඳහා බාහිර කථිකාචාර්යවරුන්ගේද සහය ලැබෙමින් පවතී.

දෙවන කණ්ඩායම අදියර දෙකෙහි General Medicine හා General Surgery සඳහා දකුණු කොළඹ ශික්ෂණ රොහලේ සායනික කටයුතු සිදුකරන අතරම ප්‍රායෝගික පුහුණුවීම් අප පීඨයේ පවතින Skills lab හිදී සිදුකරයි.

තෙවන හා සිව්වන කණ්ඩායම් පළමු අදියරෙහි පූර්ව සායනික අධ්‍යයන කටයුතු සිදුකරමින් පවතී.

අධ්‍යයන කටයුතු මෙන්ම පීඨ සිසුන් විවිධ විශය බාහිර ක්‍රියාකාරකම් වලද නිරත වේ.එනම් "දසන් පවුර" සමාජ සත්කාරක වැඩසටහන,මුඛ සෞබ්‍ය පිලිබද දැනුවත් කීරිමේ වැඩසටහන් මෙන්ම වෛද්‍ය පීඨය මගි්න් සිදුකරන වාර්ෂික සර්වරාත්‍රික පිරිත,වාර්ෂික ක්‍රීඩා උළෙල, වාර්ෂික කලා උළෙල ,"පැදුර" වැඩසටහන ආදියෙහි අපගේ සිසුන් සහභාගිත්වයෙන් මෙන්ම සංවිධානයෙන්ද සහය විය.

මෙලෙස ආරම්භයේ සිට පීඨයේ කටයුතු සාර්ථකව සිදුකරමින් සම්පත් වලින් දියුණු වෙමින් ඉදිරියට ගමන් කරයි.
අප පීඨයෙන් අධ්‍යයන කටයුතු වලට සීමා නොවූ විෂය බාහිර හැකියාවලින් පිරි ගුණාත්මක දන්ත වෛද්‍යවරුන් රටට බිහි වන බව නිසැකය.

The Faculty of Dental Sciences, University of Sri Jayewardenepura was established in December 2021 as the 9th faculty of the University of Sri Jayewardenepura and the second dental faculty in Sri Lanka. The first batch started with 32 students, and Senior Professor Surangi Yasawardena served as the first dean. Initially it began with limited physical and human resources, but it has since made progress. Professor Priyake Palipana, the current dean, was a pioneer in establishing the faculty. Currently, four batches of 113 students are successfully pursuing their studies in the faculty. Our course duration is five years and is conducted in three phases.

In Phase 1, Anatomy, Biochemistry, and Physiology subjects are taught by the Medical faculty's lecturers and our faculty's lecturers.Dental Anatomy and Oral physiology is handled by our Dental faculty's lecturers. In Phase 2, Pharmacology, Microbiology, and General Pathology subjects are covered by Medical faculty's lecturers and our faculty's lecturers. Community Dentistry, General Medicine, General Surgery, and Dental Materials subjects are handled by both our faculty's lecturers and external lecturers. Clinical training related to General Medicine and General Surgery is conducted at the Colombo South Teaching Hospital.

Phase 3 consists of 2 academic years. In the first academic year, subjects such as Oral Medicine, Oral Surgery, Restorative Dentistry, Prosthetic Dentistry, Periodontology, Orthodontics, Paediatric Dentistry, and Oral Pathology are taught by our faculty's lecturers and external lecturers. Clinical training is conducted at the Dental Professorial Unit in Kalubowila and the Welisara Navy Hospital. In the second academic year of Phase 3, students are scheduled to study Special Needs and Geriatric Dentistry, Integrated Dental Care, Advanced Prosthetic-Restorative Care, Forensic Dentistry and Practice Management, Oral and Maxillofacial Surgery. For final-year clinical training, a building is scheduled to be allocated within the Institute of Oral health, Maharagama premises.

Currently, the first batch is successfully undergoing clinical training in Phase 3's first academic year with sufficient dental chairs and a steady flow of patients. Their clinical work is supervised by specialist doctors, with support from external lecturers. The second batch is conducting clinical training in General Medicine and General Surgery at the Colombo South Teaching Hospital while also undergoing practical training at Dental faculty's skill lab. The third and fourth batches are engaged in pre-clinical studies in Phase 1.

Apart from academic activities, faculty students participate in various extracurricular activities, such as the "Dasan Pawura" social service program, oral health awareness programs, and annual events like the Piritha ceremony, sports fiesta and “Padura” arts event organized by the Medical faculty. Students from our faculty actively participate in and contribute to the organization of these events as well.

The faculty has been functioning successfully since its inception, progressing and developing its resources. It is certain that our faculty will produce high quality dentists who are not only academically proficient but also endowed with extracurricular skills, humane qualities and empathy, benefiting the nation.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ පලමු කණ්ඩායමේ සායනික පුහුණුව ආරම්භ කිරිමේ වැඩසටහන 2025.06.25 ...
29/06/2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ පලමු කණ්ඩායමේ සායනික පුහුණුව ආරම්භ කිරිමේ වැඩසටහන 2025.06.25 වන දින විශ්වවිද්‍යාලයේ සනාතන සභා සද්මයේදි පැවැත්විණි.මෙම වැඩසටහන සදහා විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දුෂාන් ජයවික්‍රම සහභාගි වූ අතර දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රියක පලිපාන, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මනෝරි ගමගේ, කළුබෝවිල ශික්ෂණ රෝහල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය P. කිරුපාකරන්, විශේෂඥ වෛද්‍ය පියරුබිනි සහ පීඨයේ කථිකාචාර්යවරුන් සහභාගි විය.

The Clinical Induction Ceremony of the first batch of the Faculty of Dental Sciences, University of Sri Jayewardenepura, was held on 25th June 2025, at the University Senate Boardroom. The event was graced by the Acting Vice Chancellor of the University, Senior Professor Dushan Jayawickrama, Dean of the Faculty of Dental Sciences, Professor Priyake Palipana, Dean of the Faculty of Medical Sciences, Professor Manori Gamage and Dr. P. Kirupakaran, Consultant OMF surgeon and Dr. Priyarubini, Consultant Orthodontist participated the event representing the Colombo South Teaching Hospital, along with academic staff members of the faculty.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රජා දන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය හේමන්ත අ...
28/06/2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රජා දන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ බොරලැස්ගමුව,වේරහැර ප්‍රදේශයේ වෙසෙන ග්‍රාමීය ජනතාවගේ මුඛ පිළිකා හා පූර්ව පිළිකා තත්වයන් පිළිබඳ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් 2025 ජුනි 21 වන දින පැවැත්විණි. පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්,කණ්ඩායම් ලෙස අදාළ ප්‍රදේශයේ නිවෙස් කරා ගොස් එම වැසියන්ගෙන් තොරතුරු ලබා ගැනීමද මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම්ද සිදුකළ අතර ඒ ඒ කණ්ඩායමට මග පෙන්වමින්,මුඛ පිළිකා හා පූර්ව පිළිකා තත්වයන් සඳහා පරීක්ෂා කරමින් පීඨයේ කථිකාචාර්‍යවරුන්ද මෙම වැඩසටහනට සහභාගි විය.යම් සංකූලතා පවතින්නන් අදාළ සායන වලට යොමු කිරීමද මෙහිදී සිදු විය.

Under the supervision of Professor Hemantha Amarasinghe, Head of the Department of Community Dentistry, Faculty of Dental Sciences, University of Sri Jayewardenepura, an oral cancer and precancer screening program was conducted on 21st June 2025, targeting the residents of Werahera, Boralesgamuwa MOH area. Third year students of the faculty visited households in groups, gathered relevant information from the residents, and conducted awareness sessions on oral health. Academic staff members of the faculty also participated by guiding the student groups and performing screenings for oral cancer and precancerous conditions. Individuals identified with complications were referred to appropriate clinics for further management.

පින්බර පොසොන් පුන් පොහොය දිනයක් වේවා!!✨🌸මිහිඳු මහ රහතන් වහන්සේ නිර්මල බුදුදහම රැගෙන ලක්දිවට වැඩම කිරීම. 🌸දේවානම්පියතිස්ස...
10/06/2025

පින්බර පොසොන් පුන් පොහොය දිනයක් වේවා!!✨

🌸මිහිඳු මහ රහතන් වහන්සේ නිර්මල බුදුදහම රැගෙන ලක්දිවට වැඩම කිරීම.

🌸දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.

🌸ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසකවරයා පැවදි කොට මහණ උපසම්පදාව සිදු කිරීම.

ආදී විශේෂ සිදුවීම් රැසක් සිදුවූ පොසොන් පුන් පොහොය දිනය අදයි.

පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා!!✨🌸සිද්ධාර්ථ කුමරුන්ගේ උපත, සිද්ධාර්ථ තාපසයාගේ බුදුවීම, බුදුන්වහන්සේ ගේ පරිනිර්වාණය....
12/05/2025

පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා!!✨

🌸සිද්ධාර්ථ කුමරුන්ගේ උපත, සිද්ධාර්ථ තාපසයාගේ බුදුවීම, බුදුන්වහන්සේ ගේ පරිනිර්වාණය.

🌸කිඹුල්වත් නුවරදි සුධෝවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේදී යමා මහ පෙළහර පෑම.

🌸බුද්ධත්වයෙන් අටවෙනි වර්ශයේ මනිඅක්ඛිත නාරදුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කිරීම.

ආදී සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක්‌ සිදුවූ වෙසක් පොහෝ දිනය අදයි.

"The angel said to the women, 'Do not be afraid, for I know that you are looking for Jesus, who was crucified. He is not...
20/04/2025

"The angel said to the women, 'Do not be afraid, for I know that you are looking for Jesus, who was crucified. He is not here; He has risen, just as He said.'"
— Matthew 28:5–6

Easter Sunday reminds us of the resurrection of Jesus—His victory over sin and death. A powerful symbol of hope, renewal, and new beginnings✨

Address

Faculty Of Dental Sciences, University Of Sri Jayewardenepura
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Faculty of Dental Sciences,University of Sri Jayewardenepura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share