11/10/2026
අවුරුදු ගාණක් තිස්සේ කැම්පස් එන්න හීන දැකපු !!
අවුරුදු 13ක් පොත් එක්ක ඔට්ටු වෙලා, A/L ගොඩ දාගෙන, අවුරුදු ගාණක් බලන් හිටපු හීනෙට පාර හදාගත්ත,
කඩ්ඩ ගැටගහගෙන හරි English කතා කරන්න ට්රයි කරපු,
පිටු ගාණක් පුරා Exam Papers ලියපු,
Presentations, Viva ඉස්සරහ බය හංගගෙන හිනා වුණු,
බඩට වඩා මොළේ පුරවගන්න දඟලපු,
Deadline එකට තව විනාඩි කීපයක් තියෙද්දි Assignments Submit කරපු,
අද හරි කියලා හිතපු Research Topic එක හෙට වෙනස් කරපු,
බැරි බැරි ගාතේ හරි කොහොමහරි Research එක ඉවර කරපු,
යාලුවෝ ගොඩ දාන්න රෑ නිදි මරාගෙන දාපු කුප්පි,
සරසවි ජීවිතේට හයියක් උන කොක්ක,
ගොඩ යනකන් අත්නොහැරපු දෙමාපියෝ,
ලලිත් ඇතුලත් මුදලි තුමාට පින් සිද්ද වෙන්න මාසේ ගානේ වැටුණ මහපොළ,
සෙට් එකක් එක්ක බඩ ගාපු හන්තාන කදු මුදුන,
කැන්ටීමේ මහන්සිය නිවපු ප්ලේන්ටිය.
හීනේට පණ දුන්න කන්නන්ගර මහත්තයා.
මේ හැමදේම එක්ක ගෙවුණු ඒ සරසවි ජීවිතේ අද මතකයක් වෙන්න ළඟයි.
අද මේ අන්තිම පියවර ළඟට ඇවිත් ආපස්සට හැරිලා බලද්දි,
මතක් වෙන්නේ ගත්ත ලකුණු විතරක් නෙවෙයි…
අත්හැරලා නොගිය ගමන,
වැටුණු තැන්වලින් නැගිටපු හැටි,
අපිත් එක්ක හිටපු මිනිස්සු
සහ අවුරුදු ගාණක් හිතේ තියාගෙන හිටපු ඒ හීනෙ…!
1st Class ද, General Degree ද කියන එකටත් වඩා වටිනවා මේ ගමන අපි ආපු එක. 🎓❤️
අඩෝ මචං…! 🥹❤️
අවුරුදු ගාණක් හීන දැකපු අපි,
තව දවස් දෙකකින් පරම්පරාවේ නම කියලා අපිත් ගන්නවා ඩිග්රියක්.❤️
✍Uni Vibe Japura