10/03/2023
Join with us https://chat.whatsapp.com/KgvNGfrZ9zG6ePYfvRRE4Z
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ, දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය මගින් ආරම්භ කරන ලද මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව ( SLQF Level 03 ) සඳහා අයදුම්පත් කැඳවා ඇත.
අයදුම්පතක් යොමු කිරීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් වන්නේ අ.පො.ස (සා. පෙළ) හා උසස් පෙළ සමත් වීම යි. පාසල් අධ්‍යාපනය අවසන් වූවන්, පෙර පාසල් ගුරුවරුන්, සංවර්ධන නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන අමාත්‍යාංශය, මනෝවිද්‍යා උපදේශකවරුන්, මානව සම්පත් කළමනාකරුවන්, උපාධි අපේක්ෂකයින් ඇතුළු මනෝවිද්‍යා ක්ෂේත්‍රයන්හි නියුතු හා උනන්දුවක් දක්වන පෞද්ගලික හා රාජ්‍ය සේවයේ ඕනෑ ම අයෙකුට මේ සඳහා අයදුම් කළ හැකි ය.
පාඨමාලා අධ්‍යයන මාධ්‍ය සිංහල හා ඉංග්‍රීසි යන ද්විත්වයෙන් ම සිදු කෙරේ. පාඨමාලා ගාස්තුව රු.60,000ක් වන අතර මෙම ගාස්තු වාරික තුනකින් ගෙවා නිම කළ හැකි ය. අයදුම්පත් ගාස්තුව රු.500ක් සහ විභාග ගාස්තුව රු.1500ක් වන අතර පාඨමාලා කාලය අවුරුදු 01 කි. සෑම ඉරිදා දිනක ම මාර්ගගත දේශන 50% ක් හා විශ්වවිද්‍යාලය තුළ භෞතික දේශන 50% ක් වශයෙන් දේශන පවත්වනු ලැබේ.
පාඨමාලාවේ ප්‍රතිලාභ ලෙස මනෝ විද්‍යාව පිළිබඳ මූලික දැනුම හා අවබෝධය ලැබීම, උපදේශන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ මූලික පදනමක් වීම, රැකියා නියුක්තිකයන් සඳහා උසස් වීමක් ලැබීමට සුදුසුකමක් වීම, සාර්ථක ඡීවන කළමනාකරණයක් සඳහා හේතු වීම යනාදිය දැක්විය හැකි ය.
අයදුම්පත් ගාස්තු ඕනෑ ම මහජන බැංකු ශාඛාවකින් 013010001777 දරන ගිණුමට බැර කිරීමෙන් අනතුරුව එම රිසිට් පත හා සම්පූර්ණ කළ අයදුමපත 2023 මාර්තු මස 15 දිනට පෙර පාඨමාලා සමායෝජක, මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව, දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල,නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතු වේ.
වැඩි විස්තර සඳහා:
https://el.lk/jmSuc
*************************
Applications are invited for the Psychology Diploma Course (SLQF Level 03) awarded by the Department of Philosophy and Psychology of the Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura.
The minimum qualification required for forwarding an application is having passed both the G.C. E (O/L) and (A/L) examinations. School leavers, pre-school teachers, development officers, social service officers, tri-armed force officers, Excise Department, Prisons Department, Ministry of Rehabilitation, Psychological Counsellors, Human Resource Managers, Undergraduate Candidates who are engaged and interested in the fields of psychology are wanted in private and public service pertaining to this field. Anyone eligible can apply for this.
The mediums of study for the course are both Sinhala and English. The course fee is Rs.60,000 and can be paid in three installments. The application fee is Rs. 500 and the examination fee is Rs.1500. The course duration is 1 year.
50% of the lectures will be online and 50% of the lectures will be physical and will be conducted in the university every Sunday. The benefits of this course include gaining a basic knowledge and understanding of psychology, being a basic foundation for joining the counselling field, being a qualification for promotion for employees and managing a successful life.
Candidates are requested to register before the 15th of March, 2023.
For more information:
https://bit.ly/3kvx3iQ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය මගින් ...