20/05/2026
🏮 දම් සිසිලෙන් නැහැවෙන, බුදුගුණ වැයෙන වෙසගේ... 🏮
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන 'මෙත්තාවලෝකනා' වෙසක් පොහෝදින වැඩසටහන් මාලාවට සමගාමීව පැවැත්වෙන වෙසක් පහන් කූඩු තරඟාවලිය සඳහා ශාස්ත්‍ර පීඨයේ ඕනෑම දෙපාර්තමේන්තුවකට දැන් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
✨ උස අඩි 4කට වැඩි, ඕනෑම අමුද්‍රව්‍යයක් භාවිත කරමින් කරන ඔබගේ ආකර්ෂණීය වෙසක් කූඩු නිර්මාණය මැයි 26 වනදාට පෙර අප වෙත භාර දෙන්න.
🥇 1 වන ස්ථානය: රු. 10,000/-
🥈 2 වන ස්ථානය: රු. 7,000/-
🥉 3 වන ස්ථානය: රු. 5,000/-
ඔබේ දෙපාර්තමේන්තුවේ සාමූහිකත්වයේ සහ නිර්මාණශීලීත්වයේ ආලෝකය වෙසක් පොහොයට එක් කරන්න ඔබටයි මේ ආරාධනය! 🌿✨