28/06/2026
ස්මාර්ට් ලෝකයක, ස්මාර්ට් තාක්ෂණය.
උදෑසන අවදි වන විටම ඔබේ ඇඳ අසල ඇති එලාමය, මුළුතැන්ගෙයි ඇති කෝපි මැෂිම වෙත පණිවිඩයක් යවමින් ඔබට අවශ්ය පරිදි කෝපි කෝප්පය සූදානම් කරන්නේ නම්?
ඔබ නිවසින් බැහැර වූ පසු කාමරයේ ලයිට් සහ AC ඉබේම ක්රියා විරහිත වී, දොරවල් ස්වයංක්රීයව අගුළු වැටෙන්නේ නම්?
මේ සිනමාපටයක දර්ශනයක් නොවේ. අප අවට ඇති භෞතික වස්තූන් අන්තර්ජාලය හරහා එකිනෙකා සමඟ සන්නිවේදනය කරන Internet of Things (IoT) හරහා අද වන විට සැබෑවක් වී ඇති අපූරු තාක්ෂණයයි. සැබවින්ම, මෙය ස්මාර්ට් ලෝකයක ස්මාර්ට්ම තාක්ෂණයයි.
IoT කියන්නේ මොකක්ද?...🤔
සරලවම කිව්වොත්, එදිනෙදා අපි පාවිච්චි කරන උපකරණ (ශීතකරණ, විදුලි බුබුළු, වාහන වැනි දේ) අන්තර්ජාලය හරහා එකිනෙකට සම්බන්ධ කර, ඒවාට ස්වයංක්රීයව දත්ත හුවමාරු කරගැනීමට සැලැස්වීමේ තාක්ෂණයයි.
♦️මූලික සංකල්පය : මිනිස් මැදිහත්වීමකින් තොරව උපකරණ (Devices) එකිනෙක සන්නිවේදනය කිරීම.
♦️වැදගත්කම: මේ හරහා ජීවිතය වඩාත් පහසු සහ කාර්යක්ෂම වීම.
IoT ක්රියාත්මක වන ආකාරය.,
IoT පද්ධතියක් ප්රධාන කොටස් 4කින් සමන්විත වෙනවා.
🔰සෙන්සර් සහ උපකරණ (Sensors/Devices)
අවට පරිසරයෙන් දත්ත එකතු කිරීම (උදා: උෂ්ණත්වය, චලනයන් මැනීම).
🔰සම්බන්ධතාවය (Connectivity)
එකතු කරගත් දත්ත Cloud (අන්තර්ජාල ගබඩාව) වෙත යැවීම (Wi-Fi, Bluetooth, 5G/6G තාක්ෂණය හරහා).
🔰දත්ත සැකසීම (Data Processing)
Cloud එකට ලැබුණු දත්ත මෘදුකාංග මඟින් විශ්ලේෂණය කිරීම.
🔰පරිශීලක අතුරුමුහුණත (User Interface)
අවසාන ප්රතිඵලය ජංගම දුරකථන ඇප් එකක් හෝ Notification එකක් හරහා පරිශීලකයාට පෙන්වීම (උදා: නිවසේ උෂ්ණත්වය වැඩි වූ විට Phone එකට Alert එකක් ඒම).
IoT භාවිත වන ප්රධාන ක්ෂේත්ර,
▫️️ Smart Home.
Smart Lights, ස්වයංක්රීයව ක්රියාත්මක වන AC, Phone එකෙන් ලොක් කරන්න පුළුවන් දොරවල්.
▫️️Healthcare.
රෝගීන්ගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය දුරස්ථව සිට නිරීක්ෂණය කරන Wearable Devices (Smart Watches).
▫️️Smart Agriculture.
පසෙහි තෙතමනය මැන බලා ස්වයංක්රීයව ජලය සපයන පද්ධති.
▫️️Transportation.
ස්වයංක්රීයව ධාවනය වන වාහන (Self-driving cars) සහ මාර්ග තදබදය කළමනාකරණය කරන Smart Traffic Lights.
▫️️Industrial IoT.
මැෂින්වල ලෙඩක් එන්න කලින් ඒක හඳුනාගෙන දැනුම් දෙන පද්ධති.
♦️ IoT වල ඇති වාසි,
කාර්යක්ෂමතාව ඉහළ යාම වැඩ කටයුතු ඉක්මනින් සහ නිවැරදිව සිදුවීම.
කාලය සහ මුදල් ඉතිරි වීම උදාහරණයක් ලෙස, කාමරේ කවුරුත් නැතිවිට ලයිට් සහ AC ඉබේම නිවී යාම නිසා විදුලි බිල ඉතිරි වීම.
සුවපහසුව, ඕනෑම තැනක සිට නිවසේ හෝ කාර්යාලයේ උපකරණ පාලනය කිරීමට හැකි වීම.
දත්ත විශ්ලේෂණය ,තීරණ ගැනීමට අවශ්ය නිවැරදි දත්ත ක්ෂණිකව ලැබීම.
♦️ පවතින අභියෝග සහ අවාසි,
දත්ත ආරක්ෂණ ගැටලු (Security & Privacy)
හැකර්වරුන් (Hackers) මඟින් නිවසේ ආරක්ෂිත කැමරා හෝ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ අවදානම.
අන්තර්ජාලය මත අධිකව යැපීම.,
අන්තර්ජාලය බිඳ වැටුණහොත් සමස්ත පද්ධතියම අක්රිය වීම.
සංකීර්ණභාවය.,
පද්ධතියක් නිර්මාණය කිරීමට සහ නඩත්තු කිරීමට විශාල පිරිවැයක් සහ තාක්ෂණික දැනුමක් අවශ්ය වීම.
ඉදිරි අනාගතය ...🚀
AI සමඟ එකතු වීම (AIoT)
කෘතිම බුද්ධිය (AI) සහ IoT එකතු වී උපකරණවලට ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව ලැබීම.
Smart Cities
අනාගතයේදී මුළු නගරම (කසළ කළමනාකරණය, වීදි ලාම්පු, ජල සැපයුම) IoT හරහා ස්වයංක්රීය වීම.
IoT කියන්නේ තවත් එක රැල්ලක් නෙවෙයි, ඒක අනාගත ලෝකයේ පැවැත්මයි. මිනිසා සතු ශ්රමය සහ කාලය උපරිමයෙන් ඉතිරි කර දෙන මේ තාක්ෂණය නිවැරදිව සහ ආරක්ෂිතව භාවිත කිරීමෙන් අපට සැබෑ "ස්මාර්ට් ලෝකයක්" නිර්මාණය කරගත හැකියි.
✍️Sdl Abhishek
Stay connected ; )