14/11/2024
තිස්සමහාරාම හ/ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයට අලෝකයක් ගෙන දෙමින් අභිනවයෙන් ඉදිකළ සම්බුද්ධ මන්දීරය පාසලේ නියෝජ්‍ය විදුහල්පති බෝපාගොඩ නාගිත හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති විජේසිරි ජයසේකර ඇදුරුතුමාගේ මැදිහත්වීමෙන් විදුහල්පති ලාල් රත්නසිරි ඇදුරු තුමන්ගේ ආරාධනයෙන් තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් 2024ක් වූ ඉල් මස 11 වන සඳුදා දින උදෑසන 9.30 ට යෙදුණු සුබ මොහොතින් දැයේ දුවා දරුවන්ගේ සිත් පහන් කිරීම උදෙසා විවෘත වූ වග මෙසේ සනිටුහන් කරමු.....