30/07/2026
🔥 අවුරුදු 11ක ලේ, දහඩිය, කඳුළු මතින් ලියවුණු ඓතිහාසික ජයග්‍රහණය උදා වී ඇත!✊❤️🔥
කඩදාසිවලට පමණක් සීමා කර, අපගේ NVQ Level 7 (B-Tech) උපාධි සිහිනය අහුරා දැමූ අසාධාරණ නිලධාරීවාදයට එරෙහිව අප නැගූ හඬ හමුවේ ඒ අසාධාරණය අද දණගසා ඇත!
අප කළ අඛණ්ඩ අරගලයේ සහ නොසැලෙන එකමුතුකමේ ප්‍රතිඵලයක් ලෙස, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) උපකුලපතිවරයා විසින් සියලුම University Colleges (බටංගල, කුලියාපිටිය, රත්මලාන, මාතර, අනුරාධපුර, යාපනය) පූර්ණ විශ්වවිද්‍යාල පරිශ්‍ර (University Campuses) සහ අවුරුදු 4ක පූර්ණ B-Tech උපාධි ලබාදෙන ආයතන ලෙස උසස් කිරීමට අදාළ නිල නියෝගය මේ වන විට නිකුත් කර තිබේ!
📌 ලිපිය මගින් තහවුරු කළ ප්‍රධාන කරුණු:
ඉදිරි සති 06 ඇතුළත ඊට අවශ්‍ය යටිතල පහසුකම් සහ මානව සම්පත් සකස් කර වාර්තා කරන ලෙස පාලනාධිකාරියට නියෝග කිරීම.
ඊට අවශ්‍ය පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශය මගින් ලබා දෙන බවට නිල වශයෙන් තහවුරු කිරීම.
විශ්ව විද්‍යාල විද්‍යායතන සිසුන් වෙත B-Tech උපාධිය ලබා දීමට අකමැති වූ පිරිස් බොහෝය. අවුරුදු 11ක් තිස්සේ එය මෙසේ ප්‍රමාද වූයේ වෘත්තීය අධ්‍යාපනය වලපල්ලට ඇදදැමීමට උත්සහ කල අදූරදර්ශී නිලධාරීවාදයයි. එහෙත් අව්වැසි නොතකා අපගේ අනාගතය මහපාරේ දියකරමින් අප නැගූ හඬ කිසිම දිනක අසාර්ථක වූයේ නැත. අපගේ කැපවීම අද ඉතිහාසය වෙනස් කර ඇත! නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් පාරට බැස, අරගලය විශ්වාස කරමින් අපගේ සටන් ව්‍යාපාරයට සක්‍රීයව සහය දුන් සියලුම සහෝදර සහෝදරියන්ට අපගේ හදපිරි ප්‍රණාමය!
හුදෙක් මෙය ආරම්භයක් පමණි.
විශ්වවිද්‍යාල විද්‍යායතන වල අනාගතය සහ වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කරගැනීම වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අපි තවදුරටත් සීරුවෙන්.
නිදහස් අධ්‍යාපනය දිනේවා! ✊🏴
අරගලයට ජය!
-අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව-