සැරටම Physics

Call Directions Contact the university

සැරටම Physics සැරටම Physics
- සැරටම කියන්නෙ නිකන් නෙවේ..!!

භූගෝල.විද්‍යාව -2026 නිල පිලිතුරු
26/09/2026

භූගෝල.විද්‍යාව -2026
නිල පිලිතුරු

දන්න අය ඉන්නවද??🫠
19/09/2026

දන්න අය ඉන්නවද??🫠

ආලෝකය ඒකකය ආවරණය 2028 Theory - Teen's campus anuradhapura
18/09/2026

ආලෝකය ඒකකය ආවරණය
2028 Theory - Teen's campus anuradhapura

2026 රසායන විද්‍යාව - Official markings scheme
15/09/2026

2026 රසායන විද්‍යාව -
Official markings scheme

රූගත කිරීම් කියන වචනය ඇහෙනකොටම, මහේ හිතේ ඇඳෙන දෙයක් තියෙනවා. ඒ තමයි, අර කළු සුදු ඉරි ගහපු ලී කෑලි දෙක. ෆිල්ම් ෂූට් කරන ත...
13/09/2026

රූගත කිරීම් කියන වචනය ඇහෙනකොටම, මහේ හිතේ ඇඳෙන දෙයක් තියෙනවා. ඒ තමයි, අර කළු සුදු ඉරි ගහපු ලී කෑලි දෙක.

ෆිල්ම් ෂූට් කරන තැන්වල හැම තිස්සෙම මේක නළුවාගේ මූණ ඉස්සරහට ගෙනත්, "Scene 12, Take 4" කියලා කෑගහනවා. ඊටපස්සේ ලෑලි දෙක එකතු කරලා සද්දයක් දානවා.

චිත්‍රපටියක් හදද්දී අනිවාර්යෙන්ම මේක නැතුවම බැහැ.

මම පොඩි කාලේ හිතුවේ මේක නිකන්ම නළුවන්ට ලෑස්ති වෙන්න කියන විසිල් එකක් වගේ දෙයක් කියලා.

හැබැයි මේ පුංචි ලෑලි කෑල්ල පිටිපස්සේ තියෙන ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. මට මේකේ ඇත්තම කතාව තේරුණ දවසේ ඇත්තටම පුදුම හිතුනා.

මේකට සිනමාවේදී කියන්නේ ක්ලැපර් බෝඩ් එක කියලා. සමහරු ස්ලේට් එක කියලත් හඳුන්වනවා.

ගොඩක් අය නොදන්න දෙයක් තමයි, ෆිල්ම් එකක් ෂූට් කරද්දී කැමරාවෙන් ශබ්දය රෙකෝඩ් කරන්නේ නැති තරම්.

කැමරාවෙන් කරන්නේ රූප රාමු ටික විතරක් තත්පරේට ෆ්‍රේම් විසිහතරක් විදිහට පටිගත කරන එක. එතකොට ශබ්දය ගන්නේ කොහොමද?

ශබ්දය ගන්නේ වෙනමම තියෙන අතිශය සංවේදී, මිල අධික ඕඩියෝ රෙකෝඩර් එකකින්. ඒකට සිනමාවේ කියන්නේ Dual-system recording කියලා.

හේතුව හරිම සරලයි. කැමරාවේ තියෙන මයික් එකෙන් චිත්‍රපටියකට ඕන කරන පිරිසිදු, ගැඹුරු ශබ්දය කවදාවත් ගන්න බැහැ. නළුවාගේ හුස්ම වැටෙන සද්දේ, ඇඳුම් එකිනෙක ඇතිල්ලෙන සද්දේ පවා වෙනම ගන්න ඕනෙ.

දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ වෙන වෙනම තියෙන දේවල් දෙක එකතු කරන්නේ කොහොමද කියන එක.

නළුවා තොල් හොලවන වෙලාවෙම ඒ වචනය ඇහෙන්න ඕනෙ. කැමරාව තත්පරේකට ෆ්‍රේම් විසිහතරක් අල්ලනවා. එතනින් එකම එක ෆ්‍රේම් එකක පොඩි වෙනසක් ආවත් ප්‍රේක්ෂකයාට ඒක දැනෙනවා. නිකන් ඩබ් කරපු නාට්‍යයක් බලනවා වගේ අප්‍රසන්න හැඟීමක් එනවා. මොළය ඒ නොගැලපීම ක්ෂණිකව අල්ලගන්නවා.

ඉතින් ඇයි මේ ලෑලි කෑලි දෙක එකට වද්දල සද්දයක් දාන්නම ඕනේ? නිකන් අතින් අත්පුඩියක් ගැහුවා නම් හරිනේ?

අපි එහෙම හිතුවට, ඒ වෙනුවට අත්පුඩියක් ගැහුවට හරියන්නේ නැහැ.

අපේ අතක් එකතු වෙද්දී ඇඟිලි නැවෙනවා. හම එකතු වෙන්නේ හරිම මෘදුවට. ඒ නිසා කැමරාවට පේන නිශ්චිත තත්පරය තෝරාගන්න අමාරුයි.

හැබැයි ලී ලෑලි දෙකක් කියන්නේ ගොඩක් තද දෙයක්. උඩ ලෑල්ල ඇවිත් යට ලෑල්ලේ වදින මොහොත කැමරා කාචයට ක්ෂණිකව අහුවෙනවා. ඒ කියන්නේ තත්පරයෙන් විසිහතරෙන් එකක් වගේ පුංචි එකම එක වීඩියෝ ෆ්‍රේම් එකක් ඇතුළේ ඒ දේ සිද්ධ වෙනවා.

ඒ ලෑලි දෙක එකට වැදෙන වෙලාවෙම තමයි අර තියුණු "ක්ලැප්" ශබ්දය එන්නේ.

ශබ්ද පටයේ ඒ වෙලාවෙම ලොකු උල් හැඩයක් නිර්මාණය වෙනවා. අපි ඒකට කියනවා ශබ්ද තරංගයේ ස්පයික් එකක් කියලා. එඩිටර් කරන්නේ වීඩියෝවේ ලෑලි දෙක එකතු වෙන ෆ්‍රේම් එකයි, සද්දේ අර උල් වෙන තැනයි එක උඩ එක තියන එක විතරයි.

එකම එක වීඩියෝ ෆ්‍රේම් එකකවත් වෙනසක් නැතුව ලස්සනට වැඩේ ඉවර වෙනවා.

මේක හැදුණු විදිහ පිටිපස්සේත් හරිම අපූරු කතාවක් තියෙනවා. නිහඬ සිනමා කාලේ විස්තර ලියපු කළු ලෑලි වෙනම පාවිච්චි කළා. සද්දේ තියෙන චිත්‍රපටි ආපු අලුත, එක්කෙනෙක් ලෑල්ල අල්ලන් ඉන්නවා. තව කෙනෙක් ලෑලි දෙකක් ගහලා සද්දේ දානවා.

මේක හරිම කරදරයක් වුණා. 1920 ගණන්වල අගභාගයේදී ඕස්ට්‍රේලියාවේ එෆ්. ඩබ්ලිව්. ත්රිං සහ ඇමරිකාවේ ශබ්ද ඉංජිනේරුවෙක් වුණු ලියොන් එම්. ලියොන් මේකට නියම විසඳුමක් ගෙනාවා. ඒ දෙන්නා කළේ වෙන වෙනම තිබුණු කළු ලෑල්ලයි ලී ලෑලි දෙකයි එකට අමුණපු එකයි. අද අපි දකින තනි ක්ලැපර් බෝඩ් එක හැදුණේ එහෙමයි.

ටිකක් හිතලා බලන්න, ඒ බෝඩ් එකේ තියෙන කළු සුදු ඉරි ගැන කවදාවත් හිතුවද?

ඒකත් නිකන්ම පාට කරපු එකක් නෙවෙයි.

චිත්‍රපටියක් ෂූට් කරද්දී සමහර දර්ශන තියෙන්නේ කළුවරේ. සමහර ඒවා තියෙන්නේ අධික එළියේ. කළු සුදු ඉරි තියෙද්දී මොන විදිහේ එළියක් තිබුණත් ලෑල්ලේ චලනය කැමරා කාචයට පැහැදිලිව අහුවෙනවා.

තව පුදුම හිතෙන දෙයක් තියෙනවා.

සමහර වෙලාවට නළුවෙක් අඬන, හරිම දුක හිතෙන දර්ශනයක් පටන් ගනිද්දී මේ ලෑලි දෙක ගහන්නේ නැහැ. මොකද ඒ ලොකු සද්දෙන් නළුවාගේ හැඟීම් බිඳෙනවා.

අන්න ඒ වෙලාවට කරන්නේ වෙනස්ම දෙයක්. දර්ශනය රූගත කරලා ඉවර වුණු ගමන්ම බෝඩ් එක අනිත් පැත්ත හරවනවා. උඩුයටිකුරු කරලා අන්තිමට ගහනවා. ඒකට කියන්නේ Tail Slate එකක් කියලා. එතකොට එඩිටර් දන්නවා බෝඩ් එක උඩුයටිකුරු වෙලා තියෙන්නේ සීන් එකේ අන්තිම තැන කියලා.

දැන් අපිට Denecke හෝ Ambient වගේ රතු පාටින් අංක දිවෙන අති නවීන ඩිජිටල් ස්මාර්ට් ස්ලේට් තියෙනවා. Timecode සංඥා හරහා බ්ලූටූත් හෝ රේඩියෝ තරංගවලින් කැමරාවයි සද්දෙයි ඉබේම sync කරන්න පුළුවන්.

එහෙම තාක්ෂණයක් තියෙද්දීත් ලෝකේ ඉහළම හොලිවුඩ් අධ්‍යක්ෂවරු තාමත් අර ලෑලි කෑල්ල කැමරාව ඉස්සරහට දාලා තට්ටු කරන්නේ ඇයි?

ඩිජිටල් උපකරණ මොන වෙලාවේ හිර වෙයිද, බැටරි බහීද, Timecode සිග්නල් එක මිස් වෙයිද කියලා කියන්න බැහැ. චිත්‍රපටියක් කියන්නේ විනාඩියකට ඩොලර් දහස් ගණන් වියදම් වෙන තැනක්. එතනදී කිසිම කෙනෙක් ඩිජිටල් සිග්නල් එකක් විතරක් විශ්වාස කරලා රිස්ක් එකක් ගන්නේ නැහැ.

2026 උසස්පෙල ව්‍යාපාර අධ්‍යයනය නිල පිලිතුරු
09/09/2026

2026 උසස්පෙල
ව්‍යාපාර අධ්‍යයනය
නිල පිලිතුරු

අ.පො.ස උසස් පෙළ 2026 විභාගය බහුවරණ පිළිතුරු පත්‍රබෞද්ධ ශිෂ්ටාචාරය (විෂය අංක 45)-ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව-
08/09/2026

අ.පො.ස උසස් පෙළ 2026 විභාගය බහුවරණ පිළිතුරු පත්‍ර

බෞද්ධ ශිෂ්ටාචාරය (විෂය අංක 45)

-ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව-

05/09/2026
02/09/2026
භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 17, 18, 19 සහ 46 ප්‍රශ්න වැරදි බව ගුරුවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. (නිවැරදිව පිළිතුරු ...
02/09/2026

භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 17, 18, 19 සහ 46 ප්‍රශ්න වැරදි බව ගුරුවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. (නිවැරදිව පිළිතුරු දිය නොහැක). මෙම ප්‍රශ්න පත්‍ර දෝෂය කෙරෙහි අවධානය යොමු කර ඇති විභාග දෙපාර්තමේන්තුව, 46 වන ප්‍රශ්නය සඳහා පමණක් නොමිලේ ලකුණු (ලකුණු 1) ලබා දීමට එකඟ වී ඇත.

46 වන ප්‍රශ්නයට පමණක් ලකුණු ලබා දීම සිසුන්ට කරන බරපතල අසාධාරණයක් බැවින්, වැරදි ප්‍රශ්න 4 ඇතුළුව සියලුම සිසුන්ට ලකුණු 4 ක් ලබා දෙන ලෙස බලධාරීන්ට උපදෙස් දෙන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීම සැලකිය යුතු කරුණකි.

අදාළ මෙම ගැටලුව ප්‍රසිද්ධ පුවත්පතක් මගින් වාර්තා කර ඇති අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විමසීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ඔවුන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.

Address

523 D.S. Senananyake Rd,
Anuradhapura

Telephone

+94717515370

Website

Alerts

Be the first to know and let us send you an email when සැරටම Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to සැරටම Physics:

Shortcuts

Share