A/Ruwanweli Central College

A/Ruwanweli Central College අ/රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය
ජාතික පාසල - හොරොව්පොතාන

සුවබර ඉසිඹුලන දිවියක් වේවා සන්ධ්‍යා ශ්‍රිමතී ගුරු මෑණියනි..සුවහසක් දරු දැරියන්ගේ ගුණනැණ පෑදූ ඔබතුමිය කළ  නොනිමි  කැපකිරී...
17/05/2026

සුවබර ඉසිඹුලන දිවියක් වේවා සන්ධ්‍යා ශ්‍රිමතී ගුරු මෑණියනි..
සුවහසක් දරු දැරියන්ගේ ගුණනැණ පෑදූ ඔබතුමිය කළ නොනිමි කැපකිරීම්වලට බෙහෙවින්ම ස්තූතියි!

📸 Harindu Akarshana

78 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානයෙන් සැමරීම....📸 Harindu Akarshana / Chethana Dilushan
04/02/2026

78 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානයෙන් සැමරීම....

📸 Harindu Akarshana / Chethana Dilushan

2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා අප විදුහලට ඇතුළත් වන දරුවන් පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයේ දසුන් කිහිපයක්....📸 ...
23/01/2026

2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා අප විදුහලට ඇතුළත් වන දරුවන් පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයේ දසුන් කිහිපයක්....

📸 ඡායාරූප : හරිඳු ආකර්ෂණ

16/10/2025
05/10/2024

2024 ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් 01 දින අප විදුහලේ පැවති වැඩ සටහන වෙනුවෙන් නිසංසලා ගුරුතුමිය සහ සඳමාලි ගුරුතුමිය දරුවන්ගේ විනෝදය වෙනුවෙන් ඉදරිපත් කළ නාට්‍යමය ජවනිකාවක්....

ඡායාරූප |  සත්සර නිර්මාල් (11 ශ්‍රේණිය) අප විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වන චාමර තුසිත රණවක මහතා විසින් රචිත “CCTV ස්ථාපන පුහුණ...
28/07/2024

ඡායාරූප | සත්සර නිර්මාල් (11 ශ්‍රේණිය)

අප විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වන චාමර තුසිත රණවක මහතා විසින් රචිත “CCTV ස්ථාපන පුහුණුවට මාර්ගෝපදේශනය” නම් ග්‍රන්ථය එලි දැක්වීමේ උළෙල විදුහලේ ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා පැවැත්විණි.

CCTV ස්ථාපනය සහ තාක්ෂණය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් පළ කළ ප්‍රථම ග්‍රන්ථයට ද මෙය වන අතර CCTV සම්බන්ධ ප්‍රායේගික කරනු මනාව පැහැදිලි කර දෙන වටිනා ග්‍රන්ථයකි.

මෙහි කතෘවන චාමර තුසිත රණවක මහතාට අප විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ දී සහ ඊට පසුවද ගුරුහරුකම් ලබා දෙමින් ජීවිතය ජයගන්නට නිබඳව අත්වැලක් වූ අප විදුහලේ විදුහල්පතිතුමන් වන මේජර් ඩබ්. එම්. සුනිල් අමරතුංග ගුරු පියාණන්ට මෙම ග්‍රන්ථයේ පළමු පිටපත පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන පැරණි ගුරු මව්වරුන් පියවරුන්ට ද ආරාධනා කර තිබුණ අතර ප්‍රදේශවාසීන් රැසක් මෙන්ම බොහෝ දුර බැහැර සිට මෙම අවස්ථාව සඳහාම ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ.

වෘත්තීය අධ්‍යාපනය සඳහා නිසි මඟ පෙන්වීම සහ ඇගයීම අප විදුහලේ විදුහල්පති මේජර් ඩබ්. එම්. සුනිල් අමරතුංග ගුරු පියාණන්ගෙන් එදා සිටම ලැබුන බැවින් මේ ආකාරයට වෘත්තීය ක්ෂේත්‍රයේ රැදී සිටීමටත්, ගුරුවරයෙකු ලෙස තාක්ෂණික දැනුම ලබා දෙන්නට හැකි වූ බවත් චාමර රණවක මහතා පවසයි.

මේ වන විට පරිගණක උපදේශකයෙකු ලෙස සහ CCTV සම්බන්ධ උපදේශකයෙකු ලෙසත්, නැණස පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක වරයෙකු ලෙසත් මෙහි කතෘ වන චාමර තුසිත රණවක මහතා කටයුතු කරයි.

ඡායාරූප | 📸   සත්සර නිර්මාල්දශක දෙකකට වැඩි සේවා කාලයක් දහසකුත් දරුවන්ගේ නෙත් පාදමින් සිට විශ්‍රාම දිවියට සපැමිණි පූජ්‍ය ...
25/07/2024

ඡායාරූප | 📸 සත්සර නිර්මාල්

දශක දෙකකට වැඩි සේවා කාලයක් දහසකුත් දරුවන්ගේ නෙත් පාදමින් සිට විශ්‍රාම දිවියට සපැමිණි පූජ්‍ය වැලිමුවපොතානේ පියරතන හිමියන් මෙතෙක් අප විදුහල වෙත සිදුකළ සේවය අගයමින් සංවිධානය කළ උපහාර උත්සවයක් අප පාසලේ දී පවත්වන්නට යෙදුනි.

හොරොව්පොතාන නගරයේ සිට පූජ්‍ය වැලිමුවපොතානේ පියරතන හිමියන් පෙරහැරින් අප විදුහල වෙත මහත් හරසරින් වඩම්මවාගෙන විත් උපහාර උත්සවය සිදු කළ අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලා ද වැඩම කරන ලදි.

තවද අප පාසලේ සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවන විදුහල්පතිතුමන්ලා මෙන්ම ගුරු මැණිවරුන් පියවරුන් ද, රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන්ද, ආදී ශිෂ්‍යයන් ද අප විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කළ පූජ්‍ය වැලිමුවපොතානේ පියරතන හිමියන් වෙනුවෙන් සංවිධානය කළ උපහාර උත්සවය සඳහා පැමිණ එම අවස්ථාවට සහභාගි විය.

කැමරාකරණය | සත්සර නිර්මාල්
සුරංග ප්‍රසාද්

2024  කොට්ඨාස තරඟවල විශේෂ අවස්ථා.....කැමරාකරණය   |  📸   සත්සර නිර්මාල්
01/07/2024

2024 කොට්ඨාස තරඟවල විශේෂ අවස්ථා.....
කැමරාකරණය |
📸 සත්සර නිර්මාල්

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය- 2024/04/09Photo Part - 01 📸   සත්සර නිර්මාල්
21/05/2024

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය- 2024/04/09
Photo Part - 01
📸 සත්සර නිර්මාල්

12/04/2024

RCC Inter - House Sports Meet 2024
Video Credit | Rasadun Nimsara
Leo Creative Studio

එයාලා ආයෙමත් අපිව බලන්න ඇවිල්ලා ....
11/04/2024

එයාලා ආයෙමත් අපිව බලන්න ඇවිල්ලා ....

Address

Vavuniya Road, Horowpothana
Anuradhapura
50350

Alerts

Be the first to know and let us send you an email when A/Ruwanweli Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share