26/07/2026
🗓️World Mangrove Awareness Day
26th of June 2026
🌿🌊World Mangrove Awareness Day is observed every year on 26 July to raise awareness about the importance of mangrove ecosystems and the need to conserve them. Mangroves are unique coastal trees that grow where land meets the sea in tropical and subtropical regions. They protect shorelines from erosion, storms, floods, and tsunamis while providing essential habitats and nursery grounds for fish, crabs, shrimp, and many other marine species. They also support the livelihoods of millions of people who depend on healthy coastal ecosystems.
Mangroves play a vital role in combating climate change by storing large amounts of carbon, making them one of the world’s most effective natural carbon sinks. However, they are increasingly threatened by pollution, deforestation, coastal development, aquaculture, and climate change. Sri Lanka is home to about 22 true mangrove species, found in lagoons and estuaries across the country. Protecting these valuable ecosystems through conservation, restoration, and public awareness is essential to ensure a healthier environment and a sustainable future.
🌿🌊සෑම වසරකම ජූලි 26 වන දින ලොව පුරා කඩොලාන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය සමරනු ලබන්නේ කඩොලාන පරිසර පද්ධතිවල වැදගත්කම සහ ඒවා සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහාය.
කඩොලාන යනු නිවර්තන සහ උපනිවර්තන කලාපවල, මුහුදේ ලවණ ජලය සහ ගොඩබිමේ මිරිදිය එකිනෙක මිශ්‍ර වන වෙරළාශ්‍රිත ප්‍රදේශවල වර්ධනය වන විශේෂිත ගස් හා පඳුරු සමූහයකි. ඒවා වෙරළ ඛාදනය, කුණාටු, ගංවතුර සහ සුනාමි වැනි ස්වාභාවික විපත්වලින් වෙරළ තීරයන් ආරක්ෂා කරයි. එමෙන්ම මාළු, කකුළුවන්, ඉස්සන් සහ අනෙකුත් බොහෝ සාගර ජීවීන් සඳහා අත්‍යවශ්‍ය වාසස්ථාන සහ පැටවුන් වර්ධනය වන ආරක්ෂිත ප්‍රදේශ (nursery grounds) ලෙසද ක්‍රියා කරයි. තවද, සෞඛ්‍ය සම්පන්න වෙරළබඩ පරිසර පද්ධති මත යැපෙන මිලියන ගණනක් ජනතාවගේ ජීවනෝපාය සඳහාද කඩොලාන විශාල දායකත්වයක් ලබා දෙයි.
කඩොලාන පරිසර පද්ධති දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒවා විශාල ප්‍රමාණයක කාබන් ගබඩා කිරීමේ හැකියාව ඇති බැවින්, ලොව වඩාත් කාර්යක්ෂම ස්වාභාවික කාබන් අවශෝෂක (Natural Carbon Sinks) අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගෙන ඇත. කෙසේ වෙතත්, පරිසර දූෂණය, වනාන්තර විනාශය, වෙරළබඩ සංවර්ධන කටයුතු, ජලජීවී වගාව සහ දේශගුණික විපර්යාස හේතුවෙන් කඩොලාන පරිසර පද්ධති වර්තමානයේ දැඩි තර්ජනවලට මුහුණ දෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ සැබෑ කඩොලාන විශේෂ (True Mangrove Species) 22ක් පමණ වාර්තා වී ඇති අතර, ඒවා දිවයින පුරා පිහිටි කලපු, මෝය සහ අනෙකුත් වෙරළබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත. මෙම වටිනා පරිසර පද්ධති සංරක්ෂණය කිරීම, නැවත ප්‍රතිස්ථාපනය කිරීම සහ මහජන දැනුවත්භාවය වර්ධනය කිරීම මඟින් සුරක්‍ෂිත පරිසරයක් මෙන්ම තිරසාර අනාගතයක්ද සහතික කළ හැකිය.
References:
UNESCO – International Day for the Conservation of the Mangrove Ecosystem
https://www.unesco.org/en/days/mangrove-ecosystem-conservation
✒️Article by: Hiruni Kiriella
💻Designed by: Hiruni Kiriella