Haliela Central College- National School

Haliela Central College- National School education

වසර 13 ක පාසල් ගමනක අවසානයෙන් පසු, හෙට දින අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින අපේ දූ දරුවන්ට, තමන්ගේ සිහින සැබෑ කරගනි...
09/08/2026

වසර 13 ක පාසල් ගමනක අවසානයෙන් පසු, හෙට දින අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින අපේ දූ දරුවන්ට, තමන්ගේ සිහින සැබෑ කරගනිමින් සරසවි කඩඉම ජයගන්නට ධෛර්යය, නුවණ හා ශක්තිය ලැබේවා!❤️🧑‍🎓

තෙරුවන් සරණින් සියලු දූ දරුවන්ට ජයම වේවා! 🙏🌸

👦👧හෙට දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ගේ පුංචි සිහින සැබෑ වේවා!... තෙරුවන් සරණින් ජයම වේවා! 🙏❤️🌸
08/08/2026

👦👧හෙට දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම දූ දරුවන්ගේ පුංචි සිහින සැබෑ වේවා!...
තෙරුවන් සරණින් ජයම වේවා! 🙏❤️🌸

🙏🌸 පුංචි සිහිනවලට ආශිර්වාදයක්… 🌸බ/හාලිඇල ජාතික පාසලේ 5 ශ්‍රේණියේ දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයට සෙත් පතා පැවැත්වූ පිරිත් ...
08/08/2026

🙏🌸 පුංචි සිහිනවලට ආශිර්වාදයක්… 🌸

බ/හාලිඇල ජාතික පාසලේ 5 ශ්‍රේණියේ දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයට සෙත් පතා පැවැත්වූ පිරිත් පිංකම. 🙏🪷

අපේ පුංචි පැටවුන් වෙනුවෙන් කැපවෙන ගුරු මව්පියන්ටත්, ආදරණීය දෙමාපියන්ටත් හදපිරි ස්තූතිය! ❤️

සියලු දරුවන්ට තෙරුවන් සරණින් ජයග්‍රාහී අනාගතයක් වේවා! 🙏🌸

🌼 සිඟිති අත්, සිඟිති පියවර... ඒත්, ලොකු අරුතක් රැගත් ගමනක්... 🇱🇰බ/හාලිඇල ජාතික පාසලේ 1 ශ්‍රේණියේ පුංචි දූ දරුවන්ගේ "සිඟි...
06/08/2026

🌼 සිඟිති අත්, සිඟිති පියවර... ඒත්, ලොකු අරුතක් රැගත් ගමනක්... 🇱🇰

බ/හාලිඇල ජාතික පාසලේ 1 ශ්‍රේණියේ පුංචි දූ දරුවන්ගේ "සිඟිති පෙරහැර" අද අප සැමගේ හදවත් ස්පර්ශ කළා. ❤️

නොදන්නා ලෝකයකට පළමු පියවර තබන මේ පුංචි හිත්, අද අපේ උරුමය ආදරයෙන් දරාගෙන ගමන් කළා. ඔවුන්ගේ අහිංසක සිනහවන් සහ උද්යෝගය, බලා සිටි සැමගේ හදවත් සතුටින් පිරවූ මතකයක් බවට පත් වුණා.

මේ අමතක නොවන දිනය වෙනුවෙන් වෙහෙස වූ ගුරුභවතුන්, දෙමාපියන් සහ සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය පුද කරමු. ❤️

"අද ඔවුන්ගේ පියවර පෙරහැරක...
හෙට ඔවුන්ගේ පියවර රටේ අනාගතයට." 🌿 🙏

#සිඟිතිපෙරහැර

"දරුවෙකුගේ සිහිනය සැබෑ වන්නේ සමාජයක් එක්ව ඔහුගේ හෙට දවස ගොඩනඟන විටයි"... 🌸📚ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සම්මන්ත්‍රණය සාර...
05/08/2026

"දරුවෙකුගේ සිහිනය සැබෑ වන්නේ සමාජයක් එක්ව ඔහුගේ හෙට දවස ගොඩනඟන විටයි"... 🌸📚

ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සම්මන්ත්‍රණය සාර්ථකව පැවැත්වීමට කැපවූ අප ගුරුභවතුන්ටත්, දේව දානය සඳහා අතහිත දුන් දෙමාපියන්ට, අවට වෙළඳ ප්‍රජාවට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

දූ දරුවන්ගේ නැණස හා අනාගතය ආලෝකමත් වේවායි ප්‍රාර්ථනා කරමින් සරස්වතී පූජාවද පැවැත්විණි. අවට විදුහල්වල දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් මෙම අවස්ථාව තවත් අර්ථවත් විය.

සියලුම පුංචි දූ පුතුන්ගේ සිහින සැබෑ වන සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු. 💙✨

ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර විභාග  ලකුණු  ලබා දෙමින් ඔවුන් දිරි  ගැන්වීම හා වැඩිම ලකුණු ලබාගත් සිසුන්ට දුන් පොරොන්දු ඉට...
05/08/2026

ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර විභාග ලකුණු ලබා දෙමින් ඔවුන් දිරි ගැන්වීම හා වැඩිම ලකුණු ලබාගත් සිසුන්ට දුන් පොරොන්දු ඉටු කිරීම මගින් අනාගත ඉලක්ක කරා යොමු කිරීම

"රූපං ජීරති, නාමං න ජීරති..."කාලය දේහය වියැකුවද, හදවත් ස්පර්ශ කළ මිනිසුන් කිසිදා වියැකෙන්නේ නැත...ගරු රංජිත් පියසේන නියෝ...
01/08/2026

"රූපං ජීරති, නාමං න ජීරති..."

කාලය දේහය වියැකුවද, හදවත් ස්පර්ශ කළ මිනිසුන් කිසිදා වියැකෙන්නේ නැත...

ගරු රංජිත් පියසේන නියෝජ්‍ය විදුහල්පතිතුමනි, ඔබතුමාට නිවන් සුව! 🙏

අ.පො.ස (උසස් පෙළ) දූ පුතුන් සඳහා අද දින විභාග ප්‍රවේශ පත්‍ර ලබාදුන් අතර, ඔවුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් සෙත් පතා, ත...
30/07/2026

අ.පො.ස (උසස් පෙළ) දූ පුතුන් සඳහා අද දින විභාග ප්‍රවේශ පත්‍ර ලබාදුන් අතර, ඔවුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් සෙත් පතා, තුනුරුවනේ ආශිර්වාදය ලබාදීම පිණිස පාසල තුළ පිරිත් සජ්ජායනයක් ද පැවැත්විණි.

පාසල් දිවියේ අවසන් කඩඉම කරා පියනඟන අපගේ දූ පුතුන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් සරසවි වරම් හිමිකර ගැනීමට විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුභාශිංසන පිරිනමමු!

🌸 'මල් දන්සැල' 🌸– දයාව, බෙදාහදා ගැනීම සහ මනුෂ්‍යත්වය පෝෂණය කළ සුන්දර අත්දැකීමක්!නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, පළමු ශ්‍...
29/07/2026

🌸 'මල් දන්සැල' 🌸– දයාව, බෙදාහදා ගැනීම සහ මනුෂ්‍යත්වය පෝෂණය කළ සුන්දර අත්දැකීමක්!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, පළමු ශ්‍රේණියේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස හාලිඇල ජාතික පාසලේදී "මල් දන්සැල" වැඩසටහන සාර්ථකව පැවැත්විණි.

මෙම ක්‍රියාකාරකම තුළින් දූ දරුවන්ට ත්‍යාගශීලීත්වය, කරුණාව, බෙදාහදා ගැනීම, සහයෝගීතාව මෙන්ම සමාජීය හා සංස්කෘතික වටිනාකම් ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව උදා විය...
අධ්‍යාපනය යනු විෂය දැනුම පමණක් නොව, යහපත් ගුණාංගවලින් පිරිපුන් දරු පරපුරක් ගොඩනැඟීම බව මෙම වැඩසටහන මනාව ප්‍රකාශ කළේය.

මෙම සාර්ථක වැඩසටහන සංවිධානය කළ පළමු ශ්‍රේණිය භාර ගුරුභවතුන්ටත්, නොමසුරු සහයෝගය ලබාදුන් දෙමාපියන්ටත්, උනන්දුවෙන් සහභාගී වූ අපගේ ආදරණීය දූ දරුවන්ටත් හෘදයාංගම ස්තුතිය පුද කරමු. 💐💐💐

"අද රෝපණය කළ යහපත් ගුණාංග හෙට සමාජය සුවඳවත් කරන මල් බවට පත්වේවා!"🌼

🏆 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල – 2025 🏆සෑම ජයග්‍රහණයක් පිටුපසම ඇත්තේ නිහඬ කැපවීමක්, නිමක් නැති මහන්සියක් සහ කලාවට ඇති අවංක ආදර...
25/07/2026

🏆 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල – 2025 🏆

සෑම ජයග්‍රහණයක් පිටුපසම ඇත්තේ නිහඬ කැපවීමක්, නිමක් නැති මහන්සියක් සහ කලාවට ඇති අවංක ආදරයකි.

ඒ කැපවීමට ලැබුණු වටිනාම ඇගයීමක් ලෙස "රස පැණිත් තිත්තයි" නාට්‍යයේ වසරේ හොඳම රංග වස්ත්‍රාභරණ සඳහා වන රාජ්‍ය සම්මානය අප පාසලේ 'වික්‍රමසේන හෙට්ටිහේවා' සර් සහ 'විහිනි' දියණිය වෙත හිමිවිය.

මෙය සම්මානයක් පමණක් නොව, කලාව වෙනුවෙන් නොසැලී කැප වූ ආදරණීය ගුරුවරයෙකුගේත්, ඒ ගමනට ආදරයෙන් එක් වූ නිර්මාණශීලී හදවත්වලට කළ වටිනා ඇගයීමකි...

වික්‍රමසේන හෙට්ටිහේවා සර් ඇතුළු
"රස පැණිත් තිත්තයි" නාට්‍යයේ සමස්ත කණ්ඩායමටම හෘදයාංගම සුබපැතුම්! ❤️

ඔබ සැමගේ නිර්මාණශීලීත්වය තවත් බොහෝ වේදිකා ආලෝකමත් කරමින්, තවත් ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට ශක්තිය හා ආශිර්වාදය ලැබේවා! 🎭🏆

#රසපැණිත්තිත්තයි

Address

Haliela
Badulla
90060

Telephone

+9455 22 94304

Website

Alerts

Be the first to know and let us send you an email when Haliela Central College- National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Haliela Central College- National School:

Shortcuts

Share