Bakamuna Mahasen National School

Bakamuna Mahasen National School Excellence in academics, values, and character building since 1948 🇩🇪 Government school located in Bakamuna city.

Biggest school in Bakamuna area and more than 2000 students are learning Here.

▫️️▫️️▫️️ සුබ අලුත් අවුරුද්දක් වේවා.▫️️▫️️▫️️
14/04/2026

▫️️▫️️▫️️ සුබ අලුත් අවුරුද්දක් වේවා.▫️️▫️️▫️️

⭕ 2025 උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් හිමිවන දූ දරුවන් හා දෙමාපියන් ඇගයීම⭕ නව පාසල් වෙබ් අඩවිය විවෘත කිරීම⭕ පසුගිය මාසය ත...
07/04/2026

⭕ 2025 උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් හිමිවන දූ දරුවන් හා දෙමාපියන් ඇගයීම

⭕ නව පාසල් වෙබ් අඩවිය විවෘත කිරීම

⭕ පසුගිය මාසය තුළ විවිධ අංශ ඔස්සේ දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම

⭕ 'අපේ පන්තිය - හොඳම පන්තිය' ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කිරීම

"අසීරු කැපවීම් මධ්‍යයේ වුවද, තම ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ මගපෙන්වීම අකුරටම පිළිපදිමින් බකමූණ මහසෙන් දූ දරුවන් 104 ද...
05/04/2026

"අසීරු කැපවීම් මධ්‍යයේ වුවද, තම ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ මගපෙන්වීම අකුරටම පිළිපදිමින් බකමූණ මහසෙන් දූ දරුවන් 104 දෙනෙකු විශ්වවිද්‍යාල වරම් දිනාගෙන ඇත.
​විශේෂයෙන්ම කලා අංශයෙන් 80% ක් සහ භෞතික විද්‍යා අංශයෙන් 58% ක් වැනි සුවිශේෂී ප්‍රතිශතයන් වාර්තා කරමින්

පාසල් මාතාවගේ නාමය දිස්ත්‍රික් මට්ටමෙන් ඔබ්බට ගෙන ගිය සියලු දෙනාට අපගේ උත්තමාචාරය! 🏫 බකමූණ මහසෙන් නාමය සදා බැබළේවා! ❤️"

27 වනදාට පෙර අදාල අයදුම්පත පුරවා පාසල වෙත ලබා දීමට කටයුතු කරන්න..
02/04/2026

27 වනදාට පෙර අදාල අයදුම්පත පුරවා පාසල වෙත ලබා දීමට කටයුතු කරන්න..

2026 වර්ෂයේ අපොස සා පෙල විභාගයට මුහුණ දෙන සිසුන්,ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුභවතුන් සදහා දිශාභිමුඛ කිරීමේ වැඩසටහනක් ඊයේ(31)...
01/04/2026

2026 වර්ෂයේ අපොස සා පෙල විභාගයට මුහුණ දෙන සිසුන්,ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුභවතුන් සදහා දිශාභිමුඛ කිරීමේ වැඩසටහනක් ඊයේ(31) දිනය පුරාවට පාසලේදී පවත්වන ලදි.

මෙය හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂතුමා ,ඇළහැර කොට්ඨාස අධ්‍යක්ෂ තුමා, ගුරු උපදේශක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ අතර මෙයට සමගාමීව පසුගියදා චැම්පියන්ස් මලල ක්‍රීඩා තරඟාවලියේදී ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගත් දරුවන් දෙදෙනා ඇගයීමද සිදු කෙරිණි.

"අපේ පන්තිය හොදම පන්තිය"- බකමූණ මහසෙන් ජාතික පාසලමෙම වසරේදී ද  ශ්‍රේණි මට්ටමින් ගුණාත්මක පන්තිකාමරයක් දරුවන් වෙත ලබාදීමේ...
01/04/2026

"අපේ පන්තිය හොදම පන්තිය"- බකමූණ මහසෙන් ජාතික පාසල

මෙම වසරේදී ද ශ්‍රේණි මට්ටමින් ගුණාත්මක පන්තිකාමරයක් දරුවන් වෙත ලබාදීමේ අරමුණින් "අපේ පන්තිය හොදම පන්තිය" තරගය ශ්‍රේණි මට්ටමින් පවත්වන ලදි. මේ සදහා විනිශ්චය මණ්ඩලය ලෙස හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂතුමා ,ඇළහැර කොට්ඨාස අධ්‍යක්ෂ තුමා, ගුරු උපදේශක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

පින්බර බක් පොහෝ දිනයක් වේවා ! ☸️
01/04/2026

පින්බර බක් පොහෝ දිනයක් වේවා ! ☸️

මහසෙන් මාතාවට ජාත්‍යන්තර ජයග්‍රහණ✊රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වූ චැම්පියන්ස් මලල ක්‍රීඩා තරඟාවලියේදී බකමූණ මහසෙන් ජාතික...
30/03/2026

මහසෙන් මාතාවට ජාත්‍යන්තර ජයග්‍රහණ✊

රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වූ චැම්පියන්ස් මලල ක්‍රීඩා තරඟාවලියේදී බකමූණ මහසෙන් ජාතික පාසලේ

📢 D.W. දුවිඳු වර්ණිත ගමගේ
🥇16න් පහළ කවපෙත්ත - රන් පදක්කම
🥇 16න් පහළ යගුලිය - රන් පදක්කම
🎖️️තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා

📢 W.G. අශ්විද බණ්ඩාර
🥈14න් පහළ යගුලිය - රිදී පදක්කම
🥈 14න් පහළ හෙල්ල - රිදී පදක්කම

සමඟින් විශිෂ්ට දස්කම් දක්වමින් මහසෙන් නාමය ඉහළින්ම ඔසවා තැබූ වගයි..

මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ දරුවන්, පුහුණුකරු, දෙමාපියන් ඇතුළු සියලු දෙනාට විදුහල්පතිතුමා ඇතුළු පාසලේ ගෞරවණීය ස්තූතිය!

මහසෙන් ජාතික පාසලේ 2020 වසරේ ක්‍රීඩා නායකයා ලෙස පාසලට ජයග්‍රහණ රැසක් හිමිකරදුන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ  ගැමුණු හේවා බලකා...
24/03/2026

මහසෙන් ජාතික පාසලේ 2020 වසරේ ක්‍රීඩා නායකයා ලෙස පාසලට ජයග්‍රහණ රැසක් හිමිකරදුන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගැමුණු හේවා බලකායට මහසෙන් මෑණියන් විසින් දායාද කල 57 වන යුධ හමුදා විශේෂ බලකා පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවට හිමි කුසලානය හිමිකරගනිමින් පසුගිය මාර්තු 20 වනදින විසිරයාමේ පෙළපාලියට එක්වූ ලුතිනන් RGKG රාජපක්ෂ මහසෙන් පුතණුවන්ට උණුසුම් සුභ පැතුම්!!!🏆️♥️

ශ්‍රි ලංකා විකලාංග දන්ත ශල්‍ය වෛද්‍ය සංගමය මගින් මාර්තු මස 20 වන දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව අප පාසලේ 7 ශ්‍ර...
17/03/2026

ශ්‍රි ලංකා විකලාංග දන්ත ශල්‍ය වෛද්‍ය සංගමය මගින් මාර්තු මස 20 වන දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව අප පාසලේ 7 ශ්‍රේණියේ සිසුන් හට පවත්වන ලද දන්ත සායනය

ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය මනෝජ් ප්‍රසන්න මහතාගේ සම්බන්ධීකරණයෙන්

විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුලු වෛද්‍ය කණ්ඩායමක් සහ රෝහල් කාර්‍ය මණ්ඩලයේ සහයෙන් යුනිලීවර් ව්‍යාපාර සමූහයේ සිග්නල් වෙළඳ සන්නාමයේ අනුග්‍රාහක දායකත්වයෙන් ඊයේ(16) දින බකමූණ මහසෙන් ජාතික පාසලේදී පැවැත්විණි.

බකමූණ මහසෙන් 13න් පහළ දැඩි පන්දු ක්‍රිකට් කණ්ඩායම පිට පිට දෙවන ජයත් වාර්තා කරයි🤎පසුගිය සඳුදා(2) දින ගිරිතලේගම මහා විද්‍ය...
08/03/2026

බකමූණ මහසෙන් 13න් පහළ දැඩි පන්දු ක්‍රිකට් කණ්ඩායම පිට පිට දෙවන ජයත් වාර්තා කරයි🤎

පසුගිය සඳුදා(2) දින ගිරිතලේගම මහා විද්‍යාලයීය 13න් පහළ කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟයේදී විශිෂ්ට ජයක් වාර්තා කළ අප විද්‍යාලයීය 13න් පහළ කණ්ඩායම අද දින(8) දිඹුලාගල ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථාන කණ්ඩායම සමඟ දිඹුලාගල මෛත්‍රී ක්‍රීඩාංගණයේදී පැවති එක්දින තරඟයත් ලකුණු 32ක තියුණු ජයක් වාර්තා කරමින් මෙම සතිය තුළ පිට පිට දෙවන ජයත් වාර්තා කරන ලදි..

මෙම ජයග්‍රහණ වෙනුවෙන් කැපවූ දරුවන්,පුහුණුකරු සුපුන් මහතා,දෙමාපියන්,ක්‍රිකට් භාර ආචාර්ය තුමන් ඇතුළු සියලු දෙනාට පාසලේ ගෞරවනීය ස්තූතිය!

"සියලු සත්වයන් කෙරෙහි මෙත් සිතින් පිරි, උතුම් දහම් මග ගමන් කරන පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!"☸️
02/03/2026

"සියලු සත්වයන් කෙරෙහි මෙත් සිතින් පිරි, උතුම් දහම් මග ගමන් කරන පින්බර මැදින් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!"☸️

Address

Dambulla/Mahiyanganaya Road
Bakamuna
51250

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94662256604

Website

Alerts

Be the first to know and let us send you an email when Bakamuna Mahasen National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Bakamuna Mahasen National School:

Share