B/Kuda Kusum Girls School

B/Kuda Kusum Girls School An Educational Institute

09/05/2014
මෙම පුවතේ සඳහන් විදුහල්පති වරුන් අතරට කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ද අයත් බව කණගාටුවෙන් දැනුම් දෙමු
01/03/2014

මෙම පුවතේ සඳහන් විදුහල්පති වරුන් අතරට කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ද අයත් බව කණගාටුවෙන් දැනුම් දෙමු

08/02/2014

දිරි දියණියක්‌ නුඹ වැනි සුමට ආඩම්බරයි අප ඉපදුනු මේ බිමට! * කවදාවත් ලෝකයේ මියුරු හඬ අසා නැහැ... * උසස්‌ පෙළට A තුනයි ඇය සුපිපි මලකි. මල්වලටත් වඩා ඇය සුන්දර යෑයි සිතෙන තරම්ය. එහෙත් දෛවයේ සරදමට මල්වලට මෙන්ම ඇයටත් අප කියන දේ නොඇසේ. සවන් වහලක්‌ නොතිබෙන්නට ඇය සම්පූර්ණයෙන්ම බිහිරිය. යන්තමට හෝ ශබ්දයක්‌ ඇසෙන්නේ සවන් වහල නිසාය. එහෙත් ඇය මේ වන විට බොහෝ දෙනකුගේ කතාබහට ලක්‌ වී සිටින සුවිශේෂී චරිතයකි. ඒ ඉකුත් උසස්‌ පෙළ විභාගයෙන් ඇය විසින් ගන්නා ලද විශිෂ්ට ජයග්‍රහණය නිසාය. එනම් කලා අංශයෙන් ඒ සමාර්ථයන් තුනක්‌ ලබාගැනීමය. එම විභාගයෙන් ලංකාවේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්‌ථාන ලබාගත් දරු දැරියන් සිව් දෙනකු සිටිති. එමෙන්ම මෙවර උසස්‌ පෙළ සමතුන් සියලු දෙනාගේ ජයග්‍රහණයන් ද එක සිතින්ම අපි අගය කරන්නෙමු. එහෙත් ඒ සියලුම දෙනාට වඩා ඇයගේ ජයග්‍රහණය සුවිශේෂීය. ඒ ඇය මේ ජයග්‍රහණය අත් කරගත්තේ ශ්‍රවණාබාධිත දැරියක්‌ ලෙසිනි. මේ සුවිශේෂී ජයග්‍රාහිකාව එච්. එම්. විශානි දිලේකා කසුනි හේරත්ය. පසුගිය දිනක අප පාදුක්‌ක - හොරණ පාරේ අරලියවත්ත ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට යන විට දිලේකා මෙන්ම ඇයගේ මව සහ පියා ද නිවසේ සිටියහ. අප ඒ පුංචි නිවසට ඇතුළු වන විටම සඳක්‌ මෙන් සුන්දර සිනාවකින් දිලේකා අපව පිළිගත්තාය. කන්තලේ එච්. එම්. ප්‍රියන්ත දිලේකාගේ පියාය. වෘත්තීයෙන් ඇලුමිනියම් වැඩ කාර්මිකයෙකි. පාදුක්‌කේ දේවිකා ඇයගේ මවය. දේවිකා රැකියාවක්‌ නොකන්නීය. ඔවුන් දෙපළට දරුවන් දෙදෙනෙකි. දිලේකාට වැඩිමහල් සහෝදරයෙකි. ඔහු මේ වන විටත් වෙනම කැදැල්ලක්‌ තනාගෙන වෙන් වී සිටින්නේය. දිලේකා උපදින විට ඇගේ පිරිපුන් සුන්දරත්වය මිස කිසිදු වෙනසක්‌ පෙනෙන්නට නොතිබිණි. එහෙත් ඇය කෙමෙන් උස්‌ මහත් වෙද්දී මවගේ ආදර වදන්වලට ප්‍රතිචාර නොදැක්‌වූවාය. මව අතින් කරන දෙයක්‌ බලා පුංචි දිලේකා අත පය විසි කර සිනා සුනා හැරෙන්නට කිරි කැටි මුවින් ප්‍රතිචාර නොදැක්‌වූවාය. ප්‍රියන්ත සහ දේවිකා පුංචි දිලේකාව වෛද්‍යවරයකුට පෙන්නූහ. එහිදී එම වෛද්‍යවරයා ඇයට ශ්‍රවණාබාධයක්‌ ඇති බවට ඉඟි කර කන් සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කළේය. එම විශේෂඥ වෛද්‍යවරයා පරීක්‍ෂණ කිහිපයකින් පසු දිලේකාට දරුණු ශ්‍රවණාබාධයක්‌ ඇති බවට තහවුරු කළේය. පුංචි කුරුළු කූඩුවේ සතුට හොරු අරන් ගියේය. ප්‍රියන්ත සහ දේවිකාගේ ජීවිත නතර විය. ඔවුහු පුංචි දිලේකාව මෙරට කන් සම්බන්ධයෙන් සිටින සෑම විශේෂඥ වෛද්‍යවරයකුට වගේ පෙන්නූහ. එහෙත් ඵලක්‌ නොවිනි. අවසානයේ ඔවුහු ග්ලාස්‌ හවුස්‌හි ජපන් ජාතික වෛද්‍යවරයකුට දිලේකාව යොමු කළහ. එම වෛද්‍යවරයා පරීක්‍ෂා කර බලා පවසා ඇත්තේ දිලේකාගේ ශ්‍රවණාබාධය සුව කිරීමට නොහැකි බවත්, කථන පුහුණුව ලබාදීමෙන් හඬක්‌ ලබාගැනීමට හැකි බවත්ය. "ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ කුරුණෑගල මැල්සිරිපුර කුලි ගෙදරක. දුවට අවුරුදු තුනක්‌ වෙනකොට අපි ළදරු පාසලකට දාන්න හැදුවා. ඒත් දුවගේ කන් ඇහෙන්නේ නෑ කියලා භාරගත්තේ නැහැ. ඊට පස්‌සේ යග්පිටියේ විශේෂ අධ්‍යාපන ඒකකයට ගියා. එතැනදී දුවගේ කන් පරීක්‍ෂා කරලා බලලා කිව්වා අපි උත්සාහ කරලා බලමු කියලා. එතැන මානෙල් කියලා මැඩම් කෙනෙක්‌ හිටියා. එතුමිය දුවව ළඟට අරගෙන කිව්වා මම කොහොමහරි මේ දරුවට කතා කරන්න පුරුදු කරනවා. ඒ වචන ටික අපිව නැවත ජීවත් කෙරුව්වා" "ඒ වේලාවේ මම කිව්වා අනේ මැඩම්... වෙන මොනවත් කතා කරන්න ඕනැ නැහැ... අම්මා තාත්තා කියන්න විතරක්‌ පුරුදු කරලා දෙන්න කියලා" වචන ගැට ගැසිණි. කතාව ඉකිබිඳුමක්‌ විය. පියකුගේ මෙතරම් සංවේදී ස්‌වරයක්‌ මින් පෙර කිසිදු දිනක විඳ ඇති බවක්‌ මගේ මතකයට නොනැගිණි. ප්‍රියන්තගේ කඳුළු බර වැඩි විය. සිතට හොරා මගේ දෑස්‌ ද බොඳව ගියේය. කන් නොඇසෙන නිසා ලෝකය ගොළුයි කියා පුංචි දිලේකාට සිතෙන්න ඇත. ගොළු ලෝකයක වචන, ශබ්ද නැති බැවින් ඇය නොදඩා සිටින්න ඇත. එහෙත් ඒ මායාව මානෙල් ගුරුවරිය බොරු කළාය. මානෙල් ගුරුවරිය පුංචි දිලේකාගේ උගුර පිරිමදිමින්, උගුර තුළ සැඟවී තිබෙන වචන එකිනෙක එළියට ගත්තාය. 'අ' 'ආ' දිලේකා මුමුණන්නට වූවාය. මානෙල් ගුරුවරියගේ ජයග්‍රාහණයේ දොරගුළු විවර විණි. 'තාත්තා...' කිසි දිනක නොඇසෙන්නට තිබූ දිලේකාගේ මුවෙන් තාත්තා යන උත්තරීතර වචනය ගිලිහිණි. මනෙල් ගුරුවරියගේ සතුටු කඳුළුවලින් පුංචි දිලේකාගේ සුදු මුහුණ තෙත් විය. "දිලේකාගේ අම්මේ මෙන්න දිලේකා කතා කරනවා..." මනෙල් ගුරුවරිය දේවිකාට කියන්නීය. දේවිකා ගල් විණි. වචන නැති දේවිකාගේ මුහුණ දිගේ උණු කඳුළු රූරා වැටිණි. "අපි අහිංසක මිනිස්‌සු මැඩම්... මගේ දුව කවදාහරි හොඳට කතා කරනවා... ඒක මට දැනෙනවා..." කඳුළු මැදින් දේවිකා එසේ මුමුණන්ට වූවාය. "මානෙල් මැඩම් දුවට කතා කළේ සුදු බබා කියලා. මැඩම් දුවට පුදුම ආදරයක්‌ තිබුණේ. අනිත් ළමයි කෑකෝ ගහන නිසා දුවව වෙනම කාමරයක තියාගෙන තමයි කතා කරන්න පුරුදු කළේ" "දුව ටික ටික අම්මා තාත්තා කියන්න පටන් ගත්තා. ඒ එක්‌කම මැඩම් අකුරු ලියන්නත්, චිත්‍ර අඳින්නත් හුරු කළා. දුව පුංචි කාලේ ඉඳලා චිත්‍ර අඳින්න නිර්මාණ කරන්න හරිම ආසයි. සවන් වහල් දැම්මට පස්‌සේ යන්තමට ඇහෙන්නත් පටන් ගත්තා. මැඩම් උගුර අතගාලා, බැලුම් පුම්බන්න දීලා ව්‍යායාම කෙරෙව්වා. මැඩම්ගේ තොල් ශබ්ද වෙන විදිහ බලාගෙන දුවට කතා කරන්න පුරුදු කළා. දුවත් ඒ ක්‍රමය ඉක්‌මනට අල්ල ගත්තා. අදට වුණත් කවුරුහරි කියන දෙයක්‌ තේරුම් ගන්නේ කටේ තොල සෙලවෙන විදිහ බලලයි. අවුරුදු දෙකක්‌ විතර කතා කරන්න පුහුණු කරගෙන යනකොට හොඳට අම්මා තාත්තා කියන්න පටන් ගත්තා" "දුවට අවුරුදු පහක්‌ වුණාට පස්‌සේ විශේෂ අධ්‍යාපන ඒකකයෙන් බේල් ක්‍රමයට උගන්වන කුරුණෑගල නිශ්ශංක ඉස්‌කෝලෙට දාන්න හැදුවා. මානෙල් මැඩම් ඒකට ඉඩ දුන්නේ නැහැ. මැඩම් අපිට කිව්වා දිලේකාව ඒ පාසලට දාන්න එපා. මෙයා සාමාන්‍ය පාසලකට දාන්න. දරුවට හොඳට ඉගෙනගන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්‌සේ අපි කුරුණෑගල මැදමුල්ල ඉස්‌කෝලෙට දුවව භාර දුන්නා. මනෙල් මැඩම්ම මැදමුල්ල ඉස්‌කෝලේ විදුහල්පතිනිය මුණගැහිලා දුවගේ තත්ත්වය පැහැදිළි කරලා දුන්නා. ඒ විදුහල්පතිතුමියත් හරිම කරුණාවත්තයි. 'මේ දුවත් මගේ දරුවෙක්‌... මම හොඳට බලා ගන්නම්' විදුහල්තුමිය අපිට එහෙම කිව්වා. මැදමුල්ල ඉස්‌කෝලේ විදුහල්පතිතුමිය වගේ ගුරුවරුත් බොහෝම ආදරයෙන් දුවට ඉගැන්නුවා. පහ වසරට වෙනකම් දුව බොහෝම ආසාවෙන් ඉස්‌කෝලෙ ගියා. පහ වසරේදී අපි දුවව ශිෂ්‍යත්ව පන්තියකට දැම්මා. පළමු දවසේම දුව ඇවිත් කිව්වා අනේ තාත්තේ ඒ සර් කියන කිසිම දෙයක්‌ තේරෙන්නේ නැහැ මට පන්ති යන්න බැහැ කියලා. ඊට පස්‌සේ අපි පන්ති යන්න බල කළේ නැහැ. ඒත් දරුව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු අසූ තුනක්‌ ලබා ගත්තා. ඒ කාලේ වෙනකොට මැදමුල්ල ඉස්‌කෝලේ හිටපු විදුහල්පතිනිය වගේම ගුරුවරු ගොඩක්‌ දෙනෙක්‌ මාරුවෙලා ගිහින් තිබුණා. අලුතින් ආපු ගුරුවරු දුවගේ කන් ඇහෙන්නේ නැහැ කියලා දුවව පන්තියේ කෙළවරට දාලා තිබුණා. කොන් කරන්න පටන් ගත්තා. අපි දෙන්නා ඉස්‌කෝලේට ගිහින් ගුරුවරුන්ට වැඳලා කිව්වා දරුවට හොඳට ඉගෙනගන්න පුළුවන්. දරුවව පන්තියේ ඉස්‌සරහට ගන්න කියලා. එහෙම කිව්වහම සමහර ගුරුවරු කිව්වා ඉගෙනගන්න බැරිද පුළුවන්ද කියලා දන්නේ අපි. මෙයා නිසා අනිත් ළමයින්ට අසාධාරණයක්‌ කරන්න බැහැ කියලා. එතකොට ඒ ඉස්‌කෝලේ හිටියේ විදුහල්පති කෙනෙක්‌. අපි විදුහල්පතිතුමාව මුණගැහිලා විස්‌තරය කිව්වා. ඒත් වැඩක්‌ වුණේ නැහැ. බැරිම තැන දුව කිව්වා එයාව වෙන ඉස්‌කෝලෙකට දාන්න කියලා. අපි කිව්වා ඔයා හොඳට සාමාන්‍ය පෙළ විභාගය පාස්‌ කරගන්න එතකොට හොඳ ඉස්‌කෝලෙකට යන්න පුළුවන් කියලා. දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් දුව එක පාරින්ම වැඩ අටයි සම්මාන හයක්‌ අරගෙන විභාගය පාස්‌ වුණා. ඔය කාලේ වෙනකොට මම මහරගම පෞද්ගලික ආයතනයක වැඩ කළේ. එතැන ගොඩක්‌ දවස්‌වලට රෑ වැඩ කරන්න වුණේ. මොකද අපි ගොඩක්‌ම පාටිෂන් කළේ සුපර්මාකට්‌, ඔµsස්‌වල. එහෙම වුණහම රෑ දහයෙන් පස්‌සේ තමයි වැඩ පටන් ගන්නේ. ඒ නිසා කුරුණෑගල ඉඳලා එන්න යන්නත් කරදර නිසා නෝනාගේ දෙමව්පියොත් ළඟපාත ඉන්න නිසා අපි පාදුක්‌ක අරුක්‌වත්තෙන් කුලියට ගෙයක්‌ අරගෙන පදිංචියට ආවා. උසස්‌ පෙළ කරන්න දුවව බෝපේ රාජසිංහ ඉස්‌කෝලෙට ඇතුළත් කර ගත්තා. ඒ ඉස්‌කෝලේ ගුරුවරු බොහෝම කරුණාවන්තයි. හැම ගුරුවරයෙක්‌ම වගේම දුවට ආදරයෙන් සැලකුවා. ඉස්‌කෝලේ හැම දේකටම සම්බන්ධ කරගත්තා. බෑන්ඩ් කණ්‌ඩායමට බඳව ගත්තා. උදේට දුව ඉස්‌කෝලෙට යන්නේ පුදුම ආශාවකින්. කිසිම අමතර පන්තියකට ගියේ නැහැ. විභාගය ළං කරලා ඉස්‌කෝලේ සිංහල උගන්නපු ගුරුවරියගේ සිංහල පන්තියට ගියා. ඒත් ඒ ගුරුතුමිය සල්ලි ගත්තේ නැහැ. ඒ වගේම තමයි මීගොඩ සම්පත් මධ්‍යස්‌ථානයේ සර්ලා දුවට ගොඩක්‌ උදව් උපකාර කළා. දුවගේ සවන් වහල් දෙක පරණ වෙලා කියලා අපි ඒ මධ්‍යස්‌ථානයේ සරත් සර්ට කිව්වහම වෙනත් ළමයකුට හදපු සවන් වහල් දෙකක්‌ දුවට දුන්නා. ඒ වගේම නිතරම ඒ සර්ලා ඉස්‌කෝලෙට ගිහින් දුව ගැන හොයලා බැලුවා. ඒ සර්ලගේ රාජසිංහ ඉස්‌කෝලේ විදුහල්පතිතුමා, ගුරුවරු හැම කෙනෙකුගේම උපකාර කැපවීම නිසා තමයි දුව මේ තරම් ගමනක්‌ ආවේ" ප්‍රියන්තගේ කතාවට බලහත්කාරයෙන් විරාමයක්‌ තබා දේවිකා නැවත කතා කරන්න පටන් ගත්තාය. "වෙනදා දුව විභාගයකට වාඩි වෙනකොට කොහේ නැති උණ හෙම්බරිස්‌සාවක්‌ හැදිලා විභාගය ලියා ගන්න බැරිව යනවා. ඒ නිසා මේ පාර විභාගය ලියන්න ඉස්‌සර වෙලා මම හාමුදුරු කෙනෙක්‌ මුණගැහිලා දුවගේ විස්‌තරය කියලා තෙල් ටිකක්‌ හදාගෙන ඇවිත් විභාගයට යන දවසේ උදේට පහන පත්තු කරලා ඒ තෙල් ගලා තමයි පිටත් කළේ. අපේ දුව හැමදාම උදේ හවස බුදුන් වඳිනවා. කරවල, මස්‌, මාළු, බිත්තර මොනවත් කන්නේ නැහැ. වෛද්‍යවරයෙක්‌ කිව්වා දුව පාඩම් කරලා මහන්සි වෙන නිසා මාළු ටිකක්‌වත් දෙන්න කියලා. එතකොට දුව අපිට කිව්වා මට ඔය පිලී කෑම ඕනෑ නැහැ... හොඳට කොළ ටිකක්‌ දෙන්න කියලා. ඉතිං හැමදාම උදේට ගොටු කොළ මිටියක්‌ සම්බෝල හදලා බත් එක්‌ක දුවට කවනවා. දුවට අවුරුදු දහ නවයක්‌ වෙනවා. කිසිම දවසක උදේට දුවගේ අතින් බත් කාලා යන්නේ නැහැ. මම තමයි බත් කවන්නේ. සමහර දවසට අර හදන ගොටු කොළ සම්බෝලේම කවනවා. රෑටත් මොනවහරි කොළ වෑංජනයක්‌ හදනවා. අනේ අපේ දුව මාළු මස්‌ කෑවේ නැහැ කියලා කිසිම ලෙඩක්‌ දුකක්‌ හැදුනේ නැහැ... දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් කිසිම කරදරයක්‌ නැතිව විභාගය ලියව්වා..." අපට වචනයක්‌වත් කතා කිරීමට ඉඩක්‌ නැත. ප්‍රියන්ත සහ දේවිකා මාරුවෙන් මාරුවට සියල්ල විස්‌තරාත්මකව පැහැදිළි කළහ. නැවත ප්‍රියන්ත කතා කරන්නට පටන් ගත්තේය. "ප්‍රතිඵල පිට වෙලා කියලා දැනගන්නකොට දුව හිටියේ එයාගේ අයියලගේ ගෙදර. මම විභාග අංකය ගෙනිහින් හන්දියේ කොමිනිකේෂන් එකේ මල්ලිට කියලා ඉන්ටර්නෙට්‌ එකෙන් බැලෙව්වා. මට හුස්‌ම ගන්න බැරිව ගියා... දුවගේ නම ඉදිරියෙන් 'ඒ' තුනයි... මම පාර දිගේ ඇඬුවා. ගේ ළඟට එනකොට කෑගහලා ඇඬුණා. මට කිසිම දෙයක්‌ කියා ගන්න බැරිව ගියා. මම අඬනවා දැකලා දරුවගේ අම්මත් අඬන්න පටන් ගත්තා. අපි කෑගහනව ඇහිලා වටේ පිටේ මිනිස්‌සු එකතු වුණා. එදා අපි ඇඬුවේ සතුටට. අදත් දුවගේ හපන්කම ගැන කතා කරනකොට මට ඇඬෙනවා" අපි අදටත් ඉන්නේ කුලී ගෙදරක. කසාද බැඳපු දවසේ ඉඳලම හිටියෙත් කුලී ගෙවල්වල. ඒත් අපිට දුකක්‌ නැහැ. අපි දිනුම්... දුව උසස්‌ පෙළ පාස්‌. දුවව මේ තැනට ගේන්න අපි නොවිඳිනා දුක්‌ වින්දා. වැඩපළෙන් දවසකට මට ලැබුණේ රුපියල් 1000 යි. ඒ ලැබෙන මුදලෙන් දරුවගේ අධ්‍යාපන වැඩවලට අවශ්‍ය හැම දේම ගෙනිහින් දුන්නා. අපි ජීවත් වෙන්න කෑවා මිසක්‌ රජ බොජුන් කෑවේ නැහැ. හැම සතයක්‌ම වියදම් කළේ දරුවා වෙනුවෙන්. දුව උසස්‌ පෙළ කරපු අවුරුදු දෙකට ගෙදර ටී.වී. එකවත් බැලුවේ නැහැ. සමහර දවස්‌වලට දුව රෑ 12 වෙනකම් පාඩම් කරනවා. එහෙම වේලාවට මම හරි අම්මා හරි නැඟිටලා ඉන්නවා. කොයි මොහොතකවත් දුවව තනි කළේ නැහැ. සමහර දවසට දුව පාඩම් කරන්න පාන්දර 1-2 ඇහැරෙනවා. ඒ වේලාවට අම්මත් නැඟිටලා එයත් එක්‌ක පොතක්‌ පත්තරයක්‌ බලනවා. තේරෙන වයසේ ඉඳල දුවත් අතට අහුවෙන හැම පත්තර කෑල්ලක්‌ම කියෙව්වා. හැම වේලාවේම මොනවම හරි පොතක්‌ පත්තරයක්‌ කියනවා. ඒ වගේම තමයි දුව විනෝද චාරිකාවක්‌ ගියත් ඒ සිද්ධාස්‌ථානවල සටහන් කරලා තියෙන හැම දේවල්ම පොතක සටහන් කරගෙන එනවා..." ඔවුන් දෙපළගේ නොනවතින කතාවට අපි විරාමයක්‌ තැබීමේ අරමුණින් උපතින් උරුම වූ දුබලතා ජීවිතයේ අවසානව කර නොගත් දිලේකා සමග මොහොතක්‌ කතා කළෙමු. "දිලේකා අනාගතයේදී මොනව කරන්නද බලාපොරොත්තුවෙන් ඉන්නේ..." අපේ පැනය ඉදිරියේ දිලේකා අහිංසකව සිනාසුනාය. මොහොතකින් අමාරුවෙන් වචන ගොත ගසන්නට වූවාය. "මම පුරාවිද්‍යා කොමසාරිස්‌මිතුයක්‌ වෙනවා. ඈත දුෂ්කර ගම්වලට ගිහින් අපි වගේ දුප්පත් ළමයින්ට අපේ රටේ ඉතිහාසය ගැන උගන්වනවා" පිරී ඉතිරෙන හදවතින් අපි ඒ ජීවිත ප්‍රාර්ථනාව අසා සිටියෙමු. තරංග රත්නවීර ඡායාරූප සුජතා ජයරත්න
දිරි දියණියක්‌ නුඹ වැනි සුමට
ආඩම්බරයි අප ඉපදුනු මේ බිමට!

* කවදාවත් ලෝකයේ මියුරු හඬ අසා නැහැ...
* උසස්‌ පෙළට A තුනයි

ඇය සුපිපි මලකි. මල්වලටත් වඩා ඇය සුන්දර යෑයි සිතෙන තරම්ය. එහෙත් දෛවයේ සරදමට මල්වලට මෙන්ම ඇයටත් අප කියන දේ නොඇසේ. සවන් වහලක්‌ නොතිබෙන්නට ඇය සම්පූර්ණයෙන්ම බිහිරිය. යන්තමට හෝ ශබ්දයක්‌ ඇසෙන්නේ සවන් වහල නිසාය.

එහෙත් ඇය මේ වන විට බොහෝ දෙනකුගේ කතාබහට ලක්‌ වී සිටින සුවිශේෂී චරිතයකි. ඒ ඉකුත් උසස්‌ පෙළ විභාගයෙන් ඇය විසින් ගන්නා ලද විශිෂ්ට ජයග්‍රහණය නිසාය. එනම් කලා අංශයෙන් ඒ සමාර්ථයන් තුනක්‌ ලබාගැනීමය. එම විභාගයෙන් ලංකාවේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්‌ථාන ලබාගත් දරු දැරියන් සිව් දෙනකු සිටිති. එමෙන්ම මෙවර උසස්‌ පෙළ සමතුන් සියලු දෙනාගේ ජයග්‍රහණයන් ද එක සිතින්ම අපි අගය කරන්නෙමු. එහෙත් ඒ සියලුම දෙනාට වඩා ඇයගේ ජයග්‍රහණය සුවිශේෂීය. ඒ ඇය මේ ජයග්‍රහණය අත් කරගත්තේ ශ්‍රවණාබාධිත දැරියක්‌ ලෙසිනි.

මේ සුවිශේෂී ජයග්‍රාහිකාව එච්. එම්. විශානි දිලේකා කසුනි හේරත්ය. පසුගිය දිනක අප පාදුක්‌ක - හොරණ පාරේ අරලියවත්ත ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට යන විට දිලේකා මෙන්ම ඇයගේ මව සහ පියා ද නිවසේ සිටියහ. අප ඒ පුංචි නිවසට ඇතුළු වන විටම සඳක්‌ මෙන් සුන්දර සිනාවකින් දිලේකා අපව පිළිගත්තාය.

කන්තලේ එච්. එම්. ප්‍රියන්ත දිලේකාගේ පියාය. වෘත්තීයෙන් ඇලුමිනියම් වැඩ කාර්මිකයෙකි. පාදුක්‌කේ දේවිකා ඇයගේ මවය. දේවිකා රැකියාවක්‌ නොකන්නීය. ඔවුන් දෙපළට දරුවන් දෙදෙනෙකි. දිලේකාට වැඩිමහල් සහෝදරයෙකි. ඔහු මේ වන විටත් වෙනම කැදැල්ලක්‌ තනාගෙන වෙන් වී සිටින්නේය.

දිලේකා උපදින විට ඇගේ පිරිපුන් සුන්දරත්වය මිස කිසිදු වෙනසක්‌ පෙනෙන්නට නොතිබිණි. එහෙත් ඇය කෙමෙන් උස්‌ මහත් වෙද්දී මවගේ ආදර වදන්වලට ප්‍රතිචාර නොදැක්‌වූවාය. මව අතින් කරන දෙයක්‌ බලා පුංචි දිලේකා අත පය විසි කර සිනා සුනා හැරෙන්නට කිරි කැටි මුවින් ප්‍රතිචාර නොදැක්‌වූවාය. ප්‍රියන්ත සහ දේවිකා පුංචි දිලේකාව වෛද්‍යවරයකුට පෙන්නූහ. එහිදී එම වෛද්‍යවරයා ඇයට ශ්‍රවණාබාධයක්‌ ඇති බවට ඉඟි කර කන් සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කළේය. එම විශේෂඥ වෛද්‍යවරයා පරීක්‍ෂණ කිහිපයකින් පසු දිලේකාට දරුණු ශ්‍රවණාබාධයක්‌ ඇති බවට තහවුරු කළේය. පුංචි කුරුළු කූඩුවේ සතුට හොරු අරන් ගියේය. ප්‍රියන්ත සහ දේවිකාගේ ජීවිත නතර විය. ඔවුහු පුංචි දිලේකාව මෙරට කන් සම්බන්ධයෙන් සිටින සෑම විශේෂඥ වෛද්‍යවරයකුට වගේ පෙන්නූහ. එහෙත් ඵලක්‌ නොවිනි. අවසානයේ ඔවුහු ග්ලාස්‌ හවුස්‌හි ජපන් ජාතික වෛද්‍යවරයකුට දිලේකාව යොමු කළහ. එම වෛද්‍යවරයා පරීක්‍ෂා කර බලා පවසා ඇත්තේ දිලේකාගේ ශ්‍රවණාබාධය සුව කිරීමට නොහැකි බවත්, කථන පුහුණුව ලබාදීමෙන් හඬක්‌ ලබාගැනීමට හැකි බවත්ය.

"ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ කුරුණෑගල මැල්සිරිපුර කුලි ගෙදරක. දුවට අවුරුදු තුනක්‌ වෙනකොට අපි ළදරු පාසලකට දාන්න හැදුවා. ඒත් දුවගේ කන් ඇහෙන්නේ නෑ කියලා භාරගත්තේ නැහැ. ඊට පස්‌සේ යග්පිටියේ විශේෂ අධ්‍යාපන ඒකකයට ගියා. එතැනදී දුවගේ කන් පරීක්‍ෂා කරලා බලලා කිව්වා අපි උත්සාහ කරලා බලමු කියලා. එතැන මානෙල් කියලා මැඩම් කෙනෙක්‌ හිටියා. එතුමිය දුවව ළඟට අරගෙන කිව්වා මම කොහොමහරි මේ දරුවට කතා කරන්න පුරුදු කරනවා. ඒ වචන ටික අපිව නැවත ජීවත් කෙරුව්වා"

"ඒ වේලාවේ මම කිව්වා අනේ මැඩම්... වෙන මොනවත් කතා කරන්න ඕනැ නැහැ... අම්මා තාත්තා කියන්න විතරක්‌ පුරුදු කරලා දෙන්න කියලා" වචන ගැට ගැසිණි. කතාව ඉකිබිඳුමක්‌ විය. පියකුගේ මෙතරම් සංවේදී ස්‌වරයක්‌ මින් පෙර කිසිදු දිනක විඳ ඇති බවක්‌ මගේ මතකයට නොනැගිණි. ප්‍රියන්තගේ කඳුළු බර වැඩි විය. සිතට හොරා මගේ දෑස්‌ ද බොඳව ගියේය.

කන් නොඇසෙන නිසා ලෝකය ගොළුයි කියා පුංචි දිලේකාට සිතෙන්න ඇත. ගොළු ලෝකයක වචන, ශබ්ද නැති බැවින් ඇය නොදඩා සිටින්න ඇත. එහෙත් ඒ මායාව මානෙල් ගුරුවරිය බොරු කළාය. මානෙල් ගුරුවරිය පුංචි දිලේකාගේ උගුර පිරිමදිමින්, උගුර තුළ සැඟවී තිබෙන වචන එකිනෙක එළියට ගත්තාය.

'අ' 'ආ' දිලේකා මුමුණන්නට වූවාය. මානෙල් ගුරුවරියගේ ජයග්‍රාහණයේ දොරගුළු විවර විණි.

'තාත්තා...'

කිසි දිනක නොඇසෙන්නට තිබූ දිලේකාගේ මුවෙන් තාත්තා යන උත්තරීතර වචනය ගිලිහිණි. මනෙල් ගුරුවරියගේ සතුටු කඳුළුවලින් පුංචි දිලේකාගේ සුදු මුහුණ තෙත් විය.

"දිලේකාගේ අම්මේ මෙන්න දිලේකා කතා කරනවා..." මනෙල් ගුරුවරිය දේවිකාට කියන්නීය.

දේවිකා ගල් විණි. වචන නැති දේවිකාගේ මුහුණ දිගේ උණු කඳුළු රූරා වැටිණි.

"අපි අහිංසක මිනිස්‌සු මැඩම්... මගේ දුව කවදාහරි හොඳට කතා කරනවා... ඒක මට දැනෙනවා..."

කඳුළු මැදින් දේවිකා එසේ මුමුණන්ට වූවාය.

"මානෙල් මැඩම් දුවට කතා කළේ සුදු බබා කියලා. මැඩම් දුවට පුදුම ආදරයක්‌ තිබුණේ. අනිත් ළමයි කෑකෝ ගහන නිසා දුවව වෙනම කාමරයක තියාගෙන තමයි කතා කරන්න පුරුදු කළේ"

"දුව ටික ටික අම්මා තාත්තා කියන්න පටන් ගත්තා. ඒ එක්‌කම මැඩම් අකුරු ලියන්නත්, චිත්‍ර අඳින්නත් හුරු කළා. දුව පුංචි කාලේ ඉඳලා චිත්‍ර අඳින්න නිර්මාණ කරන්න හරිම ආසයි. සවන් වහල් දැම්මට පස්‌සේ යන්තමට ඇහෙන්නත් පටන් ගත්තා. මැඩම් උගුර අතගාලා, බැලුම් පුම්බන්න දීලා ව්‍යායාම කෙරෙව්වා. මැඩම්ගේ තොල් ශබ්ද වෙන විදිහ බලාගෙන දුවට කතා කරන්න පුරුදු කළා. දුවත් ඒ ක්‍රමය ඉක්‌මනට අල්ල ගත්තා. අදට වුණත් කවුරුහරි කියන දෙයක්‌ තේරුම් ගන්නේ කටේ තොල සෙලවෙන විදිහ බලලයි. අවුරුදු දෙකක්‌ විතර කතා කරන්න පුහුණු කරගෙන යනකොට හොඳට අම්මා තාත්තා කියන්න පටන් ගත්තා"

"දුවට අවුරුදු පහක්‌ වුණාට පස්‌සේ විශේෂ අධ්‍යාපන ඒකකයෙන් බේල් ක්‍රමයට උගන්වන කුරුණෑගල නිශ්ශංක ඉස්‌කෝලෙට දාන්න හැදුවා. මානෙල් මැඩම් ඒකට ඉඩ දුන්නේ නැහැ. මැඩම් අපිට කිව්වා දිලේකාව ඒ පාසලට දාන්න එපා. මෙයා සාමාන්‍ය පාසලකට දාන්න. දරුවට හොඳට ඉගෙනගන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්‌සේ අපි කුරුණෑගල මැදමුල්ල ඉස්‌කෝලෙට දුවව භාර දුන්නා. මනෙල් මැඩම්ම මැදමුල්ල ඉස්‌කෝලේ විදුහල්පතිනිය මුණගැහිලා දුවගේ තත්ත්වය පැහැදිළි කරලා දුන්නා. ඒ විදුහල්පතිතුමියත් හරිම කරුණාවත්තයි.

'මේ දුවත් මගේ දරුවෙක්‌... මම හොඳට බලා ගන්නම්' විදුහල්තුමිය අපිට එහෙම කිව්වා. මැදමුල්ල ඉස්‌කෝලේ විදුහල්පතිතුමිය වගේ ගුරුවරුත් බොහෝම ආදරයෙන් දුවට ඉගැන්නුවා. පහ වසරට වෙනකම් දුව බොහෝම ආසාවෙන් ඉස්‌කෝලෙ ගියා. පහ වසරේදී අපි දුවව ශිෂ්‍යත්ව පන්තියකට දැම්මා. පළමු දවසේම දුව ඇවිත් කිව්වා අනේ තාත්තේ ඒ සර් කියන කිසිම දෙයක්‌ තේරෙන්නේ නැහැ මට පන්ති යන්න බැහැ කියලා. ඊට පස්‌සේ අපි පන්ති යන්න බල කළේ නැහැ. ඒත් දරුව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු අසූ තුනක්‌ ලබා ගත්තා.

ඒ කාලේ වෙනකොට මැදමුල්ල ඉස්‌කෝලේ හිටපු විදුහල්පතිනිය වගේම ගුරුවරු ගොඩක්‌ දෙනෙක්‌ මාරුවෙලා ගිහින් තිබුණා. අලුතින් ආපු ගුරුවරු දුවගේ කන් ඇහෙන්නේ නැහැ කියලා දුවව පන්තියේ කෙළවරට දාලා තිබුණා. කොන් කරන්න පටන් ගත්තා. අපි දෙන්නා ඉස්‌කෝලේට ගිහින් ගුරුවරුන්ට වැඳලා කිව්වා දරුවට හොඳට ඉගෙනගන්න පුළුවන්. දරුවව පන්තියේ ඉස්‌සරහට ගන්න කියලා.

එහෙම කිව්වහම සමහර ගුරුවරු කිව්වා ඉගෙනගන්න බැරිද පුළුවන්ද කියලා දන්නේ අපි. මෙයා නිසා අනිත් ළමයින්ට අසාධාරණයක්‌ කරන්න බැහැ කියලා. එතකොට ඒ ඉස්‌කෝලේ හිටියේ විදුහල්පති කෙනෙක්‌. අපි විදුහල්පතිතුමාව මුණගැහිලා විස්‌තරය කිව්වා. ඒත් වැඩක්‌ වුණේ නැහැ. බැරිම තැන දුව කිව්වා එයාව වෙන ඉස්‌කෝලෙකට දාන්න කියලා. අපි කිව්වා ඔයා හොඳට සාමාන්‍ය පෙළ විභාගය පාස්‌ කරගන්න එතකොට හොඳ ඉස්‌කෝලෙකට යන්න පුළුවන් කියලා. දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් දුව එක පාරින්ම වැඩ අටයි සම්මාන හයක්‌ අරගෙන විභාගය පාස්‌ වුණා.

ඔය කාලේ වෙනකොට මම මහරගම පෞද්ගලික ආයතනයක වැඩ කළේ. එතැන ගොඩක්‌ දවස්‌වලට රෑ වැඩ කරන්න වුණේ. මොකද අපි ගොඩක්‌ම පාටිෂන් කළේ සුපර්මාකට්‌, ඔµsස්‌වල. එහෙම වුණහම රෑ දහයෙන් පස්‌සේ තමයි වැඩ පටන් ගන්නේ. ඒ නිසා කුරුණෑගල ඉඳලා එන්න යන්නත් කරදර නිසා නෝනාගේ දෙමව්පියොත් ළඟපාත ඉන්න නිසා අපි පාදුක්‌ක අරුක්‌වත්තෙන් කුලියට ගෙයක්‌ අරගෙන පදිංචියට ආවා. උසස්‌ පෙළ කරන්න දුවව බෝපේ රාජසිංහ ඉස්‌කෝලෙට ඇතුළත් කර ගත්තා.

ඒ ඉස්‌කෝලේ ගුරුවරු බොහෝම කරුණාවන්තයි. හැම ගුරුවරයෙක්‌ම වගේම දුවට ආදරයෙන් සැලකුවා. ඉස්‌කෝලේ හැම දේකටම සම්බන්ධ කරගත්තා. බෑන්ඩ් කණ්‌ඩායමට බඳව ගත්තා. උදේට දුව ඉස්‌කෝලෙට යන්නේ පුදුම ආශාවකින්. කිසිම අමතර පන්තියකට ගියේ නැහැ. විභාගය ළං කරලා ඉස්‌කෝලේ සිංහල උගන්නපු ගුරුවරියගේ සිංහල පන්තියට ගියා. ඒත් ඒ ගුරුතුමිය සල්ලි ගත්තේ නැහැ. ඒ වගේම තමයි මීගොඩ සම්පත් මධ්‍යස්‌ථානයේ සර්ලා දුවට ගොඩක්‌ උදව් උපකාර කළා. දුවගේ සවන් වහල් දෙක පරණ වෙලා කියලා අපි ඒ මධ්‍යස්‌ථානයේ සරත් සර්ට කිව්වහම වෙනත් ළමයකුට හදපු සවන් වහල් දෙකක්‌ දුවට දුන්නා. ඒ වගේම නිතරම ඒ සර්ලා ඉස්‌කෝලෙට ගිහින් දුව ගැන හොයලා බැලුවා. ඒ සර්ලගේ රාජසිංහ ඉස්‌කෝලේ විදුහල්පතිතුමා, ගුරුවරු හැම කෙනෙකුගේම උපකාර කැපවීම නිසා තමයි දුව මේ තරම් ගමනක්‌ ආවේ" ප්‍රියන්තගේ කතාවට බලහත්කාරයෙන් විරාමයක්‌ තබා දේවිකා නැවත කතා කරන්න පටන් ගත්තාය.

"වෙනදා දුව විභාගයකට වාඩි වෙනකොට කොහේ නැති උණ හෙම්බරිස්‌සාවක්‌ හැදිලා විභාගය ලියා ගන්න බැරිව යනවා. ඒ නිසා මේ පාර විභාගය ලියන්න ඉස්‌සර වෙලා මම හාමුදුරු කෙනෙක්‌ මුණගැහිලා දුවගේ විස්‌තරය කියලා තෙල් ටිකක්‌ හදාගෙන ඇවිත් විභාගයට යන දවසේ උදේට පහන පත්තු කරලා ඒ තෙල් ගලා තමයි පිටත් කළේ. අපේ දුව හැමදාම උදේ හවස බුදුන් වඳිනවා. කරවල, මස්‌, මාළු, බිත්තර මොනවත් කන්නේ නැහැ. වෛද්‍යවරයෙක්‌ කිව්වා දුව පාඩම් කරලා මහන්සි වෙන නිසා මාළු ටිකක්‌වත් දෙන්න කියලා. එතකොට දුව අපිට කිව්වා මට ඔය පිලී කෑම ඕනෑ නැහැ... හොඳට කොළ ටිකක්‌ දෙන්න කියලා. ඉතිං හැමදාම උදේට ගොටු කොළ මිටියක්‌ සම්බෝල හදලා බත් එක්‌ක දුවට කවනවා. දුවට අවුරුදු දහ නවයක්‌ වෙනවා. කිසිම දවසක උදේට දුවගේ අතින් බත් කාලා යන්නේ නැහැ. මම තමයි බත් කවන්නේ. සමහර දවසට අර හදන ගොටු කොළ සම්බෝලේම කවනවා. රෑටත් මොනවහරි කොළ වෑංජනයක්‌ හදනවා. අනේ අපේ දුව මාළු මස්‌ කෑවේ නැහැ කියලා කිසිම ලෙඩක්‌ දුකක්‌ හැදුනේ නැහැ... දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් කිසිම කරදරයක්‌ නැතිව විභාගය ලියව්වා..."

අපට වචනයක්‌වත් කතා කිරීමට ඉඩක්‌ නැත. ප්‍රියන්ත සහ දේවිකා මාරුවෙන් මාරුවට සියල්ල විස්‌තරාත්මකව පැහැදිළි කළහ. නැවත ප්‍රියන්ත කතා කරන්නට පටන් ගත්තේය.

"ප්‍රතිඵල පිට වෙලා කියලා දැනගන්නකොට දුව හිටියේ එයාගේ අයියලගේ ගෙදර. මම විභාග අංකය ගෙනිහින් හන්දියේ කොමිනිකේෂන් එකේ මල්ලිට කියලා ඉන්ටර්නෙට්‌ එකෙන් බැලෙව්වා. මට හුස්‌ම ගන්න බැරිව ගියා... දුවගේ නම ඉදිරියෙන් 'ඒ' තුනයි... මම පාර දිගේ ඇඬුවා. ගේ ළඟට එනකොට කෑගහලා ඇඬුණා. මට කිසිම දෙයක්‌ කියා ගන්න බැරිව ගියා. මම අඬනවා දැකලා දරුවගේ අම්මත් අඬන්න පටන් ගත්තා. අපි කෑගහනව ඇහිලා වටේ පිටේ මිනිස්‌සු එකතු වුණා. එදා අපි ඇඬුවේ සතුටට. අදත් දුවගේ හපන්කම ගැන කතා කරනකොට මට ඇඬෙනවා"

අපි අදටත් ඉන්නේ කුලී ගෙදරක. කසාද බැඳපු දවසේ ඉඳලම හිටියෙත් කුලී ගෙවල්වල. ඒත් අපිට දුකක්‌ නැහැ. අපි දිනුම්... දුව උසස්‌ පෙළ පාස්‌. දුවව මේ තැනට ගේන්න අපි නොවිඳිනා දුක්‌ වින්දා. වැඩපළෙන් දවසකට මට ලැබුණේ රුපියල් 1000 යි. ඒ ලැබෙන මුදලෙන් දරුවගේ අධ්‍යාපන වැඩවලට අවශ්‍ය හැම දේම ගෙනිහින් දුන්නා. අපි ජීවත් වෙන්න කෑවා මිසක්‌ රජ බොජුන් කෑවේ නැහැ. හැම සතයක්‌ම වියදම් කළේ දරුවා වෙනුවෙන්. දුව උසස්‌ පෙළ කරපු අවුරුදු දෙකට ගෙදර ටී.වී. එකවත් බැලුවේ නැහැ. සමහර දවස්‌වලට දුව රෑ 12 වෙනකම් පාඩම් කරනවා. එහෙම වේලාවට මම හරි අම්මා හරි නැඟිටලා ඉන්නවා. කොයි මොහොතකවත් දුවව තනි කළේ නැහැ. සමහර දවසට දුව පාඩම් කරන්න පාන්දර 1-2 ඇහැරෙනවා. ඒ වේලාවට අම්මත් නැඟිටලා එයත් එක්‌ක පොතක්‌ පත්තරයක්‌ බලනවා. තේරෙන වයසේ ඉඳල දුවත් අතට අහුවෙන හැම පත්තර කෑල්ලක්‌ම කියෙව්වා. හැම වේලාවේම මොනවම හරි පොතක්‌ පත්තරයක්‌ කියනවා. ඒ වගේම තමයි දුව විනෝද චාරිකාවක්‌ ගියත් ඒ සිද්ධාස්‌ථානවල සටහන් කරලා තියෙන හැම දේවල්ම පොතක සටහන් කරගෙන එනවා..." ඔවුන් දෙපළගේ නොනවතින කතාවට අපි විරාමයක්‌ තැබීමේ අරමුණින් උපතින් උරුම වූ දුබලතා ජීවිතයේ අවසානව කර නොගත් දිලේකා සමග මොහොතක්‌ කතා කළෙමු.

"දිලේකා අනාගතයේදී මොනව කරන්නද බලාපොරොත්තුවෙන් ඉන්නේ..." අපේ පැනය ඉදිරියේ දිලේකා අහිංසකව සිනාසුනාය. මොහොතකින් අමාරුවෙන් වචන ගොත ගසන්නට වූවාය. "මම පුරාවිද්‍යා කොමසාරිස්‌මිතුයක්‌ වෙනවා. ඈත දුෂ්කර ගම්වලට ගිහින් අපි වගේ දුප්පත් ළමයින්ට අපේ රටේ ඉතිහාසය ගැන උගන්වනවා"

පිරී ඉතිරෙන හදවතින් අපි ඒ ජීවිත ප්‍රාර්ථනාව අසා සිටියෙමු.

තරංග රත්නවීර
ඡායාරූප සුජතා ජයරත්න

09/01/2014

Someone called Miuru Wijesinghe (May be she is a past student) has been insulting one of the staff members of the school mentioning his name. We don't tolerate such insults and we have removed those comments. We certainly get TRUE information from the school but none of them are admins of this page. We are Genuine past students of this school and we never go behind any principal to get marks. We have seen Some OGA members going behind present principal, providing her transportation, proposing others to give parties to such filthy people.Of course, there are some genuine people in the OGA, including some high officials and they never bend their heads to corrupted principals

07/01/2014

Dear all Past and Current students of Kuda Kusum Girls School..

We do not mind if someone dislikes our page. But we are strong and brave enough to reveal the truth.. Several (so called Past students) officials of OGA are behaving like Idiots.. They just go behind the present principal, vice principal and try to show off.. Genuine Past students.. please think and try to recall the golden times of our school, think of Madam Sooriyage, Madam Dariju and Even Kalugalla teacher.. Open your eyes and see what has happened to our loving school

09/12/2013

තලේබාන් මැටි එළදෙනගේ හා කිරිල්ලී ගේ දූෂණ වංචා සියල්ල ලඟදීම අපි හෙළි කරන්නෙමු

05/11/2013

Address

Off Badulla Road
Bandarawela Town
90100

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Telephone

+94572222421

Alerts

Be the first to know and let us send you an email when B/Kuda Kusum Girls School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to B/Kuda Kusum Girls School:

Share