22/09/2026
💐💐 සමස්ත ලංකා සංගීත තරගාවලිය - 2026 (කොළඹ) 💐💐
සමස්ත ලංකා තරගාවලියකදී සංගීත අංශයෙන් විශිෂ්ට ජයග්රහණය ලබා ගත්
🌸 දහම්දි තෙවුනාරා දියණිය (10 ශ්රේණිය):
රාගධාරී වයලීන (ජ්යෙෂ්ඨ අංශය) - සමස්ත ලංකා 1 වන ස්ථානය (ශූරතාවය) දිනා ගැනීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්!
🌸 ශාක්ය දීපසික පුතණුවන් (10 ශ්රේණිය):
හාර්මෝනියම් වාදන අංශයෙන් - සමස්ත ලංකා 2 වන ස්ථානය (අනුශූරතාවය) දිනා ගැනීම වෙනුවෙන් සුබ පැතුම්!
🌸 සචින්ත සහ සුලෝචන පුතණුවන් (11 ශ්රේණිය):
පසුපසින් සංගීතය හසුරුවමින් ලබා දුන් අගනා සහයෝගය ඉතා අගය කරමි!
💐 මෙකී ජයග්රහණ පිටුපස සිටිමින් දූ දරුවන්ගේ දක්ෂතා ඔප්නැංවූ චමිලා එදිරිසිංහ මහත්මිය, තිරංගි තිසේරා මහත්මිය ඇතුළු සංගීත ආචාර්ය මණ්ඩලයටත්, නායකත්වය සහ ආශීර්වාදය ලබා දුන් නියෝජ්ය විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය, අනධ්යයන කාර්ය මණ්ඩලය සහ ආදරණීය දෙමාපියන් ඇතුළු මුළු පාසල් ප්රජාවටම මාගේ ගෞරවනීය ස්තූතිය හිමිවේ.
එමෙන්ම, අවශ්ය මගපෙන්වීම ලබා දුන් කලාප අධ්යාපන අධ්යක්ෂතුමා, කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂතුමා, සෞන්දර්ය අධ්යක්ෂතුමිය ඇතුළු සහය වූ සියලු දෙනාටම හෘදයාංගම ස්තූතිය!
බටුවත්ත මහා විද්යාලයේ නාමය තව තවත් ඉහළටම ගෙන යන්නට දූ දරුවන්ට ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්රාර්ථනා කරමි!
ස්තුතියි!
විදුහල්පති
බටුවත්ත මහා විද්යාලය
💐💐💐💐💐💐