20/09/2026
ප්රධාන වශයෙන් ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලය තුළ හා ව්යවහාරික විද්යා පීඨය තුළ පැවති, අදාළ අංශ දැනුවත් කළ ද මේ දක්වා නිසි විසඳුම් නොලැබුනු අධ්යයන හා සුබසාධන ගැටලු මූලික කර ගනිමින් ව්යවහාරික විද්යා පීඨ ශිෂ්ය සංගමය මඟින් සංවිධානය කරන ලද භූමි ක්රියාමාර්ගය 2026.09.17 වන දින ප.ව.12.00 ට බැලුම්ගල අසළ සිට විශ්වවිද්යාලයීය ප්රධාන පිවිසුම දක්වා සිදු කරන ලදී.
ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලයීය උපකුලපතිතුමන් සමඟ නැවත කඩිනම් සාකච්ඡාවක් සඳහා ලිපියක් ද පීඨ ගැටලු වාර්තාව සමඟ ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලයීය මහා ශිෂ්ය සංගමය මඟින් ගොනු කරන ලද සමස්ත පීඨයන්ගේ ගැටලු වාර්තාවක් ඊයේ දිනයේ දී උපකුලපතිතුමන් වෙත ලබා දෙන ලදී. අදාළ විසඳුම් ප්රමාණය ලැබෙන තෙක් ව්යවහාරික විද්යා පීඨ ශිෂ්ය ප්රජාව වශයෙන් මින් ඔබ්බට ඉදිරි ක්රියාමාර්ග ලබා ගන්නෙමු.
පීඨ බේදයකින් තොරව එකාවන් මහපොළවේ අරගලයට සම්බන්ධ සියලු ශිෂ්ය ප්රජාවටත්, ඉදිරි අරගලයටත් ජය වේවා🚩
ව්යවහාරික විද්යා පීඨ ශිෂ්ය සංගමය -
ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලය