Students' Union - Faculty Of Visual Arts - UVPA

Directions

Students' Union - Faculty Of Visual Arts - UVPA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Students' Union - Faculty Of Visual Arts - UVPA, College & University, JDA Art Gallery, Colombo.

20/09/2026

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කලා අනුකමිටුව සඳහා තේරීපත් වූ සහෝදරත්වයට අපගේ උණුසුම් සුභ පැතුම් !!

මහා ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

කලා අනුකමිටුව පත් කිරීම - 2026.09.17සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කලා අනුකමිටුව පත් කිරීමේ අවස්ථාව 2026.09.17 දින පැවැ...
17/09/2026

කලා අනුකමිටුව පත් කිරීම - 2026.09.17

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කලා අනුකමිටුව පත් කිරීමේ අවස්ථාව 2026.09.17 දින පැවැත්විණි.

විශ්වවිද්‍යාලයේ ඉදිරි කලා කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා අභිනවයෙන් පත් වූ සියලුම සහෝදර සහෝදරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

මහා ශිෂ්‍ය සංගමය-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

සත්‍යය වෙනුවෙන් ගැයු, මව්කම වෙනුවෙන් හැඬූ, විරහාව වෙනුවෙන් හඩ දුන්...ලක්ෂ සංඛ්‍යාත හදවත් වලට ගීතයෙන් ජීවය දුන් මහා කලාකා...
21/08/2026

සත්‍යය වෙනුවෙන් ගැයු, මව්කම වෙනුවෙන් හැඬූ, විරහාව වෙනුවෙන් හඩ දුන්...
ලක්ෂ සංඛ්‍යාත හදවත් වලට ගීතයෙන් ජීවය දුන් මහා කලාකාරිනිය.
ඔබ නිහඬ වුවද ඔබේ ගීතය නිහඬ නොවේ.

-ආචාර්ය නන්දා මාලිනී-
1943 - 2026
නිවන් සුව අත් වේවා!
#නන්දාමාලනිය

21/08/2026

*සුදු වත් අරගලකාරියනි*

භීෂණය හා අසාධාරණය වෙලාගත් අඳුරු යුගයන්හි, පෑන සහ හඬ ආයුධ කොට ගනිමින් ගැයූ ඒ නිර්භීත ගීතවල යශෝරාවය අදටත් සිත් සතන් තුළ ජීවමානයි.

ඔබ ගැයූ ඒ අපූරු විමුක්ති ගීත රාවය හදවත් තුළ සදාකාලිකව රැව් පිළිරැව් දෙනු ඇත.

මහා ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

13/07/2026
10/07/2026
කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වර්තමානයේ  මුහුණ දෙන දැවෙන ගැටලු බලධාරීන්ගේ අවධානයට යොමු කර, ඒවාට කඩිනම්...
10/07/2026

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වර්තමානයේ මුහුණ දෙන දැවෙන ගැටලු බලධාරීන්ගේ අවධානයට යොමු කර, ඒවාට කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් 2026.07.08 වන දින පවත්වන ලදී.

මෙම සාකච්ඡාවේදී පහත කරුණු කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු විය:

🚩අහිමි වන නේවාසිකාගාර අයිතිය
2026.06.03 දින විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ගත් අත්තනෝමතික තීරණය හේතුවෙන්, 2 වන සහ 3 වන වසර සිසුන්ට හිමිව තිබූ නේවාසිකාගාර පහසුකම් අහෝසි වීමෙන් සිසුන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව බලධාරීන්ට කරුණු සහිතව ඉදිරිපත් කරන ලදී.

🚩නේවාසිකාගාර යටිතල පහසුකම්
වර්තමානයේ නේවාසිකාගාර තුළ පවතින පහසුකම් අඩුවීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය ගැටලු.

🚩අධ්‍යයන හා සුබසාධන අර්බුදය
අධ්‍යයන කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමේදී ඇතිවන බාධා මෙන්ම විශ්වවිද්‍යාලය තුළ පවතින සුබසාධන පහසුකම්වල බරපතල අඩුපාඩු සහ ශිෂ්‍යයන්ට සුදුසු අධ්‍යන පරිසරයක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු විය.

දෘශ්‍ය කලා පීඨ ශිෂ්‍ය සංගමය ලෙස අපි, මහා ශිෂ්‍ය සංගමයේ තීරණයට සම්පූර්ණයෙන් එකඟ වෙමින්, සිදු කර ඇති මෙම අධ්‍යාපන හා සුබසාධන කප්පාදුව දැඩිව හෙළා දකිමු. ශිෂ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට අප සූදානම්. මෙම සාධාරණ ගැටලු සඳහා වහාම ප්‍රායෝගික විසඳුම් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් වූ අපගේ අරගලයෙන් කිසිවිටෙකත් පසු නොබසින බවද අවධාරණය කර සිටිමු.

දෘශ්‍ය කලා පීඨ ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

18th General Convocation 🧑‍🎓👨‍🎓University of Visual & Performing Arts *Congratulations to all graduates*🌿🎨As you success...
30/06/2026

18th General Convocation 🧑‍🎓👨‍🎓
University of Visual & Performing Arts

*Congratulations to all graduates*🌿🎨

As you successfully complete your academic journey, we celebrate your creativity, dedication, and passion for the visual arts. May your talent continue to inspire, innovate, and shape the future of art. Wishing you every success as you begin this exciting new chapter.

Student's Union - Faculty of Visual Art
University of visual and performing art

#2026

Address

JDA Art Gallery
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union - Faculty Of Visual Arts - UVPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share