Department of Sociology

Directions Website

Department of Sociology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Sociology, College & University, Nugegoda, Colombo.

25/09/2026
"අකුරට අත්වැලක්  5 වන අදියර- 2026" අධ්‍යාපනික සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව සාර්ථකව නිමාවට.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්...
24/09/2026

"අකුරට අත්වැලක් 5 වන අදියර- 2026" අධ්‍යාපනික සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව සාර්ථකව නිමාවට.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය මඟින් අඛණ්ඩව පස්වන වරටත් සංවිධානය කරන ලද "අකුරට අත්වැලක් - 2026" අධ්‍යාපනික සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව, පසුගිය 14, 15, 16 යන තෙදින පුරා කොටියාගල, මො/ සී/ රාහුල විද්‍යාලය මූලික කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන් මාලාව යටතේ පහත සඳහන් අංශයන් ආවරණය කරමින් පුළුල් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

- සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉලක්ක කරගත් විෂය මූලික සම්මන්ත්‍රණ මාලාවන්
- පාසලේ අධ්‍යාපනික ගුණාත්මකභාවය නංවාලීම සඳහා පරිගණක යන්ත්‍ර, පුස්තකාල පොත්, ක්‍රීඩා භාණ්ඩ හා පාසල් උපකරණ ඇතුළු ද්‍රව්‍යාධාර බෙදා දීම
- ප්‍රජාව මූලික කර ගනිමින් සිදු කරන ලද බෝධි පූජා වැඩ සටහන
- ශිෂ්‍ය අභිප්‍රේරණය, නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන්
- පාසල් සිසු දක්ෂතා ඇගයීමේ සංස්කෘතික වැඩසටහන හා පාසල් භූමිය තුළ රුක් රෝපණ වැඩසටහන
- ප්‍රජාව මූලික කරගත් සෞඛ්‍ය සායනය

මීට අමතරව, ප්‍රජාව හා සිසුන් දැනුවත් කිරීම උදෙසා විශේෂ වැඩසටහන් ත්‍රිත්වයක් ද සංවිධානය විය:
1. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන (අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය)
2. අල්ලස් හා දූෂණය පිටුදැකීමේ වැඩසටහන (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව)
3. ප්‍රජනන හා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
( ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය)

මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා අප සමඟ අත්වැල් බැඳගත් සියලුම ආයතන වෙත අපගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමන්නෙමු.

එමෙන්ම, අපගේ මාධ්‍ය අනුග්‍රාහකයින් වන Jpura Flames හා Sirasa TV වෙත ද, පාසල හා විශ්වවිද්‍යාලය සම්බන්ධීකණය සිදු කල වට්ටාරම වීනිත ස්වාමින්වහන්සේටද, මෙම අධ්‍යාපනික හා ප්‍රජාසත්කාරක වැඩ වැඩසටහන සාර්ථකව සංවිධානය කර ක්‍රියාත්මක කිරිමට මූලිකත්වය ගත් ⁣සමාජවිද්‍යා ගෞරව උපාධි තෙවන වසර විද්‍යාර්ථීන්ටද, සම්මන්ත්‍රණ සදහා සහය දුන් ඉංජිනේරු පීඨයේ හා ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන්ටද, විශ්වවිද්‍යාල පාර්ශවය සහයෝගය ලබාදුන් සැමට, නන් අයුරින් සහය දුන් කොටියාගල රාහුල විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසී සැමට ද අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

සමාජවිද්‍යා අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

#2026年

Congratulations 🌹
05/09/2026

Congratulations 🌹

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ දේශපාලන සමාජවිද්‍යාව විෂය හදාරන දෙවන වසර විද්‍යාර්ථීන් සහ ආචාර...
17/08/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ දේශපාලන සමාජවිද්‍යාව විෂය හදාරන දෙවන වසර විද්‍යාර්ථීන් සහ ආචාර්යවරුන් 2026.08.10 වන දින පාර්ලිමේන්තු ක්ෂේත්‍ර අධ්‍යයනයක් සදහා සහභාගී විය.

ඒ සඳහා අනුමැතිය ලබා දෙමින් ලබා දුන් සහයෝගයට පාර්ලිමේන්තු මහ ලේකම්තුමිය, සහකාර මහලේකම්තූමා හට, පාර්ලිමේන්තුෙව් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව දේශනයක් සිදුකළ ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) චන්දිමා සුභසිංහ මහත්මිය, වැඩසටහන සම්බන්ධීකරනය සිදුකළ සන්නිවේදනය දෙපාර්තමේන්තුවේ මහජන සේවා නිලධාරී ඉෂාරා වික්‍රමසිංහ මිය ඇතුලු මහජන සේවා කණ්ඩායම ඇතුලු මේ සදහා සහාය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පළ කර සිටිමු.

වසර ගණනාවක් පුරා මෙවැනි වැඩසටහන සංවිධානය කරමින් අපට ලබා දෙන සහයෝගය කෘතඥ වන අතර ඉදිරිෙය්දිත් මෙවැනි වැඩසටහන් සඳහා සහභාගිවීමට බලපොරොත්තු වෙමු.

06/05/2026

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ වී ඇත.

මෙම අයදුම්පත් භාරගැනීමේ ක්‍රියාවලිය 2026 මැයි මස 19 දක්වා ක්‍රියාත්මක වන අතර, සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් හට එම කාලසීමාව තුළ තම අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා පිරිනමන උපාධි පාඨමාලාවන් මෙහි දැක්වේ.

පීඨයේ උපාධි පාඨමාලාවන් කිහිපයක් ඉංග්‍රීසි මාධ්‍ය‍යෙන් පමණක් හැදෑරිය හැකි අතර අනෙකුත් සියලු පාඨමාලාවන් සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය ද්විත්වයෙන් ම හැදෑරීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් දන්වා සිටිමු.

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට පාඨමාලා හඳුනාගැනීමේ පහසුව උදෙසා එම එක් එක් අධ්‍යයන පාඨමාලාවට අදාළ විෂය කේත(Uni-Codes) පහතින් දක්වා ඇත.

කලා විෂය ධාරාව යටතේ අයදුම් කළ හැකි පොදු ප්‍රවේශය:
019C- කලා (Arts)

කලා විෂය ධාරාව යටතේ අයදුම් කළ හැකි විශේෂ ප්‍රවේශ:

068C - සංගීතය (Music)
105C - ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම (Teaching English as a Second Language - TESL)
112C - සමාජ කාර්යවේදය (Social Work)
128C - කලා - තොරතුරු තාක්ෂණය (Arts - Information Technology)

විවිධ විෂය ධාරා යටතේ අයදුම් කළ හැකි විශේෂ ප්‍රවේශ:

131C - මූල්‍ය ආර්ථික විද්‍යාව (Financial Economics)
134C - නිර්මාණාත්මක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය (Creative Music Technology and Production)

https://fhss.sjp.ac.lk/blog/2026/05/04/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%a2%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92-3/

ආරාධිත දේශන මාලාවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ "නීතිය හා සමාජය - SOC2133" විෂය ඒකකය යටතේ සං...
24/03/2026

ආරාධිත දේශන මාලාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ "නීතිය හා සමාජය - SOC2133" විෂය ඒකකය යටතේ සංවිධානය කරනු ලබන ආරාධිත දේශන මාලාව සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

🎥 මාධ්‍යය: ZOOM තාක්ෂණය ඔස්සේ..

🗓️ දේශන කාලසටහන

1️⃣ 2026.03.25

📌 මාතෘකාව: Practical Law for Life

🎙️ සම්පත්දායකත්වය:
Mr. Chamara Rathnayake
(B.A, LLB, Attorney at Law)

🔗 Zoom Link:https://learn.zoom.us/j/91056980373?pwd=iDEfI7malUb6jZnb2zYarKBjoNrEyB.1

2️⃣ 2026.03.26

📌 මාතෘකාව: Cyber Crime and Law

🎙️ සම්පත්දායකත්වය:
Mr. Nirosh Ananda
BIT, MBA (E-Gov), MSc (HRM), MSc (IS), PMP, C|EI, MCSSL,
Chief Information Security Officer - CERT|CC

🕒 කාලය: පස්වරු 7.00 සිට 9.00 දක්වා

Zoom:https://learn.zoom.us/j/92683378313?pwd=3ZLn2EHw8TR8epsES6MEXIAFFbTinG.1

සංවිධානය:
සමාජවිද්‍යා අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

21/03/2026
16/03/2026

On International Social Work Day, we celebrate the voices that uplift the unheard, the hands that support the vulnerable, and the hearts that work tirelessly to build a society filled with hope, justice, and harmony

The *Unifyx* 2026 Social Work day celebration organized by the J'pura Social Work Club of the Department of Sociology invites you to join the International Social Work Day Celebration Programme . This is a moment to celebrate compassion, unity, and the power of social work in transforming lives. 🌍🤝

Together, let us inspire change, empower communities, and create a future where dignity and equality belong to everyone. 💙

📅 17th of March
⏰ 9.00 AM – 12.00 PM
📍 Sumangala Auditorium





On International Social Work Day, we celebrate the voices that uplift the unheard, the hands that support the vulnerable...
15/03/2026

On International Social Work Day, we celebrate the voices that uplift the unheard, the hands that support the vulnerable, and the hearts that work tirelessly to build a society filled with hope, justice, and harmony

The *Unifyx* 2026 Social Work day celebration organized by the J'pura Social Work Club of the Department of Sociology invites you to join the International Social Work Day Celebration Programme . This is a moment to celebrate compassion, unity, and the power of social work in transforming lives. 🌍🤝

Together, let us inspire change, empower communities, and create a future where dignity and equality belong to everyone. 💙

📅 17th of March
⏰ 9.00 AM – 12.00 PM
📍 Sumangala Auditorium

Design by:- Prabodhi Sansala
Caption by:- Tanuli Dulari


'purasocialworkclub


Address

Nugegoda
Colombo

Alerts

Be the first to know and let us send you an email when Department of Sociology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share