Buddhist Students Association - University of Colombo

Directions

Buddhist Students Association - University of Colombo "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"
"Who Follows Dhamma, Will Be Protected By Dhamma"

සදහම් සිසිල ගලා හැලෙන පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා ☸️🌹🌼🙏නිකිණි පුන් පෝ දිනය ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට මෙන්ම සම්බුද්ධ ශ...
27/08/2026

සදහම් සිසිල ගලා හැලෙන පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා ☸️🌹🌼🙏

නිකිණි පුන් පෝ දිනය ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට මෙන්ම සම්බුද්ධ ශාසන ඉතිහාසයට ද ඉතා වැදගත් සිදුවීම් රැසක් සලකුණු කරන පූජනීය දිනයකි.

☸️ පළමු ධර්ම සංගායනාවේ ආරම්භය
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ධර්ම ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වුණු ප්‍රථම ධර්ම සංගායනාවේ මූලික කටයුතු ඇසළ මාසයේදී රජගහනුවර වෙහෙර විහාර අලුත්වැඩියා කරමින් ආරම්භ වූ අතර, සංගායනාව නිල වශයෙන් ආරම්භ වූයේ නිකිණි අවපෑළවිය දා ය.

☸️ ආනන්ද හිමියන්ගේ අරහත් ඵලය
සංගීතියට පෙරදින (නිකිණි පුන් පෝදා) රාත්‍රිය වන තෙක්ම වීර්ය කළද ආනන්ද හිමියන්ට රහත් වීමට නොහැකි විය. අලුයම මද විවේකයක් පිණිස යහන මත හිස තබන මොහොතේ — එනම් පාද දෙක පොළොවෙන් මිදී, හිස කොට්ටයට නොපැමිණි අතරමැදි මොහොතේදී — උන්වහන්සේ උතුම් අරහත් භාවයට පත් වූහ. මෙය ශාසන ඉතිහාසයේ සතර ඉරියව්වෙන්ම තොරව සිදුවූ එකම අරහත් ඵල ලැබීමයි.

☸️ පසුවස් එළඹීම (පච්ඡිමිකා වස්සූපනායිකාව)
ඇසළ පෝයට පසු දින (ඇසළ අවපෑළවිය) පෙරවස් එළඹීමට යම් රෝගයක් හෝ නොවැළැක්විය හැකි හේතුවක් නිසා නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය පරිදි නිකිණි පෝයට පසු දින (නිකිණි අවපෑළවිය) "පසුවස්" එළඹීමේ අවස්ථාව හිමිවේ.

☸️ මිහින්තලේ අටසැට ලෙන් පූජාව
ශ්‍රී ලංකාවේ ප්‍රථම වස්සූපගමනය සිදු වූයේ මිහිඳු මාහිමියන් ඇතුළු 62ක් රහතන් වහන්සේලා මිහින්තලයේ (චේතියගිරිය) අටසැට (68) ලෙන් හි වස් විසීමෙනි. එම සිදුවීම ශ්‍රී ලංකාවේ ගිහි-පැවිදි සබඳතාවයේ අලුත් පිටුවක් පෙරළීය.

සියලු ලෝවාසී බෞද්ධ ජනතාවට පින්බර නිකිණි පුන් පෝ දිනයක් වේවා! 🕊️

බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ විශ්ව විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් පස්වන වතාවටත්  වාර්‍ෂිකව සංවිධානය කරන ලද  රුහිරු පාරමී 2026  #රැහිරුපාරම...
30/06/2026

කොළඹ විශ්ව විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් පස්වන වතාවටත් වාර්‍ෂිකව සංවිධානය කරන ලද රුහිරු පාරමී 2026

#රැහිරුපාරමී2026 #ජීවිතසුරකිමු #ලේදන්දීම

Album 3

කොළඹ විශ්ව විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් පස්වන වතාවටත්  වාර්‍ෂිකව සංවිධානය කරන ලද  රුහිරු පාරමී 2026  #රැහිරුපාරම...
30/06/2026

කොළඹ විශ්ව විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් පස්වන වතාවටත් වාර්‍ෂිකව සංවිධානය කරන ලද රුහිරු පාරමී 2026

#රැහිරුපාරමී2026 #ජීවිතසුරකිමු #ලේදන්දීම

Album 2

කොළඹ විශ්ව විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් පස්වන වතාවටත්  වාර්‍ෂිකව සංවිධානය කරන ලද  රුහිරු පාරමී 2026  #රැහිරුපාරම...
30/06/2026

කොළඹ විශ්ව විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් පස්වන වතාවටත් වාර්‍ෂිකව සංවිධානය කරන ලද රුහිරු පාරමී 2026

#රැහිරුපාරමී2026 #ජීවිතසුරකිමු #ලේදන්දීම

28/06/2026

ආලෝකේ කොහෙදෝ බුදු සමිදේ...

ගායනය: කවීෂා තත්සරණි ( නීතී පීඨය තෙවන වසර )

මුල් ගායනය : පුන්සිරි සොයිසා

🩸❤️ රැහිරු පාරමී 2026 | අදයි! ❤️🩸"මියැදෙන හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු."ජීවිතය සමඟ සටන් කරන රෝගීන්ට නව බලාපොරොත්තු...
22/06/2026

🩸❤️ රැහිරු පාරමී 2026 | අදයි! ❤️🩸

"මියැදෙන හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු."

ජීවිතය සමඟ සටන් කරන රෝගීන්ට නව බලාපොරොත්තුවක් ලබාදීමට ඔබගේ ලේ බිඳුවත් අදම පරිත්‍යාග කරන්න.

📅 දිනය : අද (ජූනි 22)
⏰ වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය : විශ්වවිද්‍යාලයීය කහ මේස කලාපය

ලේ බිඳක් දන් දීමෙන් සුවහසක් ජීවිතවලට බලාපොරොත්තුවක් දායාද කළ හැකිය. ඔබේ සුළු දායකත්වය කෙනෙකුගේ ජීවිතය රැකගැනීමට හේතුවක් විය හැක.

✨ අදම එක්වන්න.
❤️ ජීවිත සුරකින්න.
🩸 ලේ දන් දෙන්න.

#රැහිරුපාරමී2026 #ලේදන්දීම #ජීවිතසුරකිමු #රුහිරුපාරමී ❤️🩸

මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිදක් දන්දෙමු.❤️🩸 රෝගී බවට පත්වූ පිළිසරණක් අවැසි ඔවුන්ගේ ජීවිත සුරැකීම උදෙසා කොළඹ විශ්වවිද...
21/06/2026

මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිදක් දන්දෙමු.❤️🩸

රෝගී බවට පත්වූ පිළිසරණක් අවැසි ඔවුන්ගේ ජීවිත සුරැකීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය පස්වන වරටත් සංවිධානය කරනු ලබන.....

✨🌞 රැහිරු පාරමි 2026✨🌞

ලේ දන් දීමේ පින්කම ජූනි මස 22 වන දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා විශ්ව විද්‍යාලයීය කහ මේස කලාපයේදී පැවැත්වේ.

ලේ බිදක් දන් දී සුවහසක් රෝගී ජීවිත සුරකිනු කැමති පින් කැමති ඔබ සැමට ආරාධනා🌹🙏

බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

රකින්නට තව ජීවයක් පුදමු අපි තව ලේ බිදක් ❤️🩸වියැකෙනා හදවතකට පණනලක් වී නිහඩ වීරයකු ලෙස සතුට අත් විදින්න ඔබටත් අවස්ථාවක් 💖🌟...
20/06/2026

රකින්නට තව ජීවයක් පුදමු අපි තව ලේ බිදක් ❤️🩸

වියැකෙනා හදවතකට පණනලක් වී නිහඩ වීරයකු ලෙස සතුට අත් විදින්න ඔබටත් අවස්ථාවක් 💖🌟

කොළඹ විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන.....

✨🌞 රැහිරු පාරමි 2026 ✨🌞

ලේ දන් දීමේ පින්කම ජූනි මස 22 වන දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා විශ්ව විද්‍යාලයීය කහ මේස කලාපයේදී පැවැත්වේ.

ලේ බිදක් දන් දී සුවහසක් රෝගී ජීවිත සුරකිනු කැමති පින් කැමති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා🙏🌸🌸

විමසීම් - 0701085729 ( ඉමාෂා දිසානායක )

බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

ජාතියේ නිහඩ වීරයකු වන්නට ඔබටත් ඇරයුම්  🕊️💖  ජීවිත රැසක් ජීවත් කරවන උත්තරීතර පුණ්‍යකර්මයට දායක වෙමින් කොළඹ විශ්වවිද්‍යාලය...
19/06/2026

ජාතියේ නිහඩ වීරයකු වන්නට ඔබටත් ඇරයුම් 🕊️💖

ජීවිත රැසක් ජීවත් කරවන උත්තරීතර පුණ්‍යකර්මයට දායක වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය පස්වන වරටත් සංවිධානය කරනු ලබන.....

✨🌞 රැහිරු පාරමි 2026✨🌞

ලේ දන් දීමේ පින්කම ජූනි මස 22 වන දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා විශ්ව විද්‍යාලයීය කහ මේස කලාපයේදී පැවැත්වේ.

ලේ බිදක් දන් දී සුවහසක් රෝගී ජීවිත සුරකිනු කැමති පින් කැමති ඔබ සැමට ආරාධනා🌹🙏

විමසීම් - 0701085729 ( ඉමාෂා දිසානායක )

බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

bsa

Address

Buddhist Students Association, University Of Colombo, Colombo 03
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist Students Association - University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share