23/08/2026
මෙරට තුළ සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා කිසියම් කණ්ඩායමක් සුදුසුකම් සපුරාලනුයේ ඔවුන් MBBS හෝ ERPM විභාගය සඳහා පෙනීසිටින කාලසීමාවෙහි අනුපිළිවල අනුවය.
වර්තමානයේදී මෙම ERPM හා MBBS සම්පූර්ණ කොට සීමාවාසික පුහුණුව සඳහා ඇතුල්වීමට පවතින නීතිය වන්නේ,
"Commencement of internship appointment for candidates with foreign qualification should coincide with the commencement of appointment of the interns from the faculties of medicine in Sri Lanka."
"විදේශීය සුදුසුකම් ඇති අපේක්ෂකයින් සඳහා සීමාවාසික පත්වීම් ආරම්භ කිරීම, මෙරට වෛද්‍ය පීඨවලින් සීමාවාසිකයින් පත් කිරීම ආරම්භ කිරීමත් සමඟ සමපාත විය යුතුය." යන්නයි.
මෙරට තුළ පවතින නීතියට අනුකූලව ERPM කණ්ඩායමක් සීමාවාසික පුහුණුව සඳහා බඳවාගත යුත්තේ ඔවුන්ට වඩාත් ආසන්නතම ලෙස MBBS සම්පූර්ණ කළ කණ්ඩායම සමඟයි.
මේ වසරේ මාර්තු මාසයේ පැවති
ERPM විභාගයෙන් තේරී පත්වූ විදෙස්ගත අපේක්ෂකයන් Intern සඳහා සුදුසුකම් ලැබූයේ 2018 repeat කණ්ඩායම සමඟයි.
ඒ 2017 repeat, 2018 Proper සහ 2018 repeat batches සියල්ල MBBS උපාධිය සම්පූර්ණ කර, මාස ගණනාවක් සීමාවාසික පුහුණුව අපේක්ෂාවෙන් රැඳී සිටි පසුබිමකයි.
මෙවර 2019 Final MBBS විභාගයේ commom mcq පත්‍රය 2026 අගෝස්තු 31 වන දිනට අදාළව ආරම්භ වීමට නියමිත පසුබිමක 2026 වර්ෂයට අදාළව දෙවන වරට අදාළ ERPM විභාගය 2026 අගෝස්තු මස 24 දිනට අදාලව පැවැත්වීමට සූදානම් බවට SLMC ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වසරකට දෙවරක් පවත්වනු ලබන ERPM විභාගය අගෝස්තු 24 පැවත්වීමෙන් මෙරට MBBS සම්පූර්ණ කිරීමට සිටින 2019 proper කණ්ඩායමට පෙර ඔවුන් ERPM සඳහා මුහුණ දෙන පසුබිමක ඔවුන් 2019 MBBS කණ්ඩායමට පෙර සීමාවාසික පුහුණුව සඳහා සුදුසුකම් සැපිරීම සැලකිය යුතු තරමේ බරපතළ ගැටළුවකි.
මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දේශීය වෛද්‍ය උපාධිදාරීන් මගහැර, විදේශගත MBBS හැදෑරූ ERPM සිසුන්ට මුල්තැන දෙන විනිවිදභාවයක් නැති පිළිවෙතක් අනුගමනය කරන වගක් පෙනී යයි.
නිසි කුසලතා මත තේරී පත් වූ නිදහස් අධ්‍යාපනයෙන් බිහිකළ දේශීය වෛද්‍ය උපාධිදාරීන් නොසලකා හැරීමට ලක් වන මෙවන් තීරණ අපි හෙළා දකිමු.
ලිපි භාර දෙමින් දැනුවත් කිරීම - ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -