Station Masters' Model Training School-SMMTS

Call Directions Website Contact the university

Station Masters' Model Training School-SMMTS This page will help you to study, find special railway technical pics, study about SLR signaling system, system of working in SLR & much more

12/10/2026
🚌🚆 දුම්රියෙන් කොළඹට එන ඔබට, නගරය පුරා පහසුවෙන් ගමන් කරන්න මෙට්‍රෝ බස් CM06!දුම්රිය සහ බස් සේවා ඒකාබද්ධ කරමින්, කොළඹ නගරය...
11/10/2026

🚌🚆 දුම්රියෙන් කොළඹට එන ඔබට, නගරය පුරා පහසුවෙන් ගමන් කරන්න මෙට්‍රෝ බස් CM06!

දුම්රිය සහ බස් සේවා ඒකාබද්ධ කරමින්, කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසකට පහසුවෙන් ළඟා වීමේ අවස්ථාව දැන් CM06 – කොල්ලුපිටිය චක්‍රීය මෙට්‍රෝ බස් සේවාව හරහා!

🚆 දුම්රිය මගීන්ට විශේෂ පහසුවක්!

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන සහ සවස කාර්යබහුල වේලාවන්හි දුම්රිය කාලසටහන් සමඟ සම්බන්ධ වන පරිදි මෙට්‍රෝ බස් ධාවන වේලාවන් සකස් කර ඇත.

📍 කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන හරහා පැමිණෙන මගීන්ට පුරහල, නෙළුම් පොකුණ, නිදහස් චතුරස්‍රය, ජාවත්ත, නාරාහේන්පිට සහ හැව්ලොක් ටවුන් ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන, කාර්යාල, අධ්‍යාපනික හා වාණිජ කලාප රැසකට පහසුවෙන් ගමන් කළ හැකිය.

⏰ සේවා ආරම්භය: පෙ.ව. 5.30 සිට

🚌 කාර්යබහුල වේලාවන්හි: සෑම මිනිත්තු 15කට වරක් බස් සේවා

📱 බස් කාලසටහන්, නැවතුම්පොළ, ගාස්තු සහ ඇස්තමේන්තුගත පැමිණීමේ වේලාවන් (ETA) දැනගැනීමට LMT GO App භාවිත කරන්න.

දුම්රියෙන් නගරයට — මෙට්‍රෝ බසයෙන් ඔබේ ගමනාන්තයට! 🇱🇰

උපුටාගැනීම : Lanka Metro Transit - LMT

පොල්ගහවෙල – පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන්ට සහ අනෙකුත් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් 2026 ඔක්තෝබර් 12 වැ...
09/10/2026

පොල්ගහවෙල – පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන්ට සහ අනෙකුත් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් 2026 ඔක්තෝබර් 12 වැනිදා සිට නව දුම්රිය ධාවන වාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

පාදුක්ක දුම්රිය ස්ථානයට ජාතික ඵලදායිතා සම්මානයක්! ​🏆🚂ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ ජාතික ඵලදායි...
08/10/2026

පාදුක්ක දුම්රිය ස්ථානයට ජාතික ඵලදායිතා සම්මානයක්! ​🏆🚂
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයක් දිනා ගැනීමට පාදුක්ක දුම්රිය ස්ථානය සමත් විය!

​මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ, පාදුක්ක ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති Sameera Sandaruwan මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත්, සහයෝගය ලබා දුන් සියලු දෙනාටත්, ප්‍රදේශයේ දුම්රියට හිතැති. ජනතාවටත් ප්‍රණාමය පුදකර සිටිමු.

පසුගිය වසරේදී හරිත දුම්රිය ස්ථානය තේරීමේ තරගාවලියෙන් රිදී සම්මානය දිනා ගැනීමටද මෙම දුම්රිය ස්ථානය සමත් විය.

"එක්ව එකාවන්ව නොහැක්කක් නොමැත."

The පූසා 😻😻😻😻😻
08/10/2026

The පූසා 😻😻😻😻😻

06/10/2026

රත්මලානෙහි පූර්ණ අලුත්වැඩියාවෙන් ධාවනයට එක්වන දෙවැනි බලවේග කට්ටලයත් සූදානම්!🚆

එන්ජින් සහ මැදිරි වෙන් වෙන්ව අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම වෙනුවට, සම්පූර්ණ දුම්රියක් ලෙස අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කළ S8-831 බලවේග කට්ටලයේ පරීක්ෂණ ධාවනය පසුගිය අගෝස්තු 14 දින සාර්ථකව සිදු කෙරුණි.

එහි දෙවැනි බලවේග කට්ටලය වන S8-830 ද අද (06) දින පරීක්ෂණ ධාවනයට එක් කෙරිණි.

එසේම මීට පෙර අලුත්ගම ධාවනාගාරයේදී ද එක් දුම්රියක් මෙලෙස අලුත්වැඩියා කළ අතර මෙම වසර තුළ දුම්රියන් 3ක් ධාවනය සඳහා එක් කර ඇත.

නුදුරේදීම මෙම බලවේග කට්ටලයද කොළඹ තදාසන්න දුම්රිය මාර්ගවල මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිතය. 🇱🇰

බල්ලන්ගේ බිරුමට අප බියවිය යුතු නැත..නමුත් වැස්සට බියවිය යුතුය.දිට්වා නිසා වැනසී තිබුන රේල්පාර යම් තරමකට පිළිසකර කර පහුගි...
05/10/2026

බල්ලන්ගේ බිරුමට අප බියවිය යුතු නැත..නමුත් වැස්සට බියවිය යුතුය.

දිට්වා නිසා වැනසී තිබුන රේල්පාර යම් තරමකට පිළිසකර කර පහුගිය සිකුරාදා (2026/10/02) ගම්පොල දක්වා දුම්රිය ධාවනය නැවත ආරම්භ කරන ලදී. එහි සමාරම්භය ලෙස විශේෂ දුම්රියක් එදින අළුයම කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හන්දිය දක්වා ධාවනයේ යෙදවුනි. දිට්වා නිසා දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට විවිධ අන්දමින් දායකවූ පෞද්ගලික සමාගම් වල සේවක මහත්ම මහත්මීන්,තාක්ෂණික නිලධාරීන් හා ඉංජිනේරුවරුන් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමක්ම නියෝජනය කරන සේවක පිරිස් හා සමහර දුම්රිය ස්ථාන අවට ගම්වාසීන් ද එම දුම්රියේ එදා ගමන්කළේ විවිධ බාධක මැද වුවද ගම්පොල දක්වා දුම්රියක් ධාවනය කළ හැකි මට්ටමට දුම්රිය මාර්ගය යළි සකසාගැනීමට හැකිවීම පිළිබඳව හද පිරි සතුටකිනි.

එහෙත් මේ දුම්රිය ගමන ගැන නොසතුටු පිරිසක් ද ජන සමාජයේ මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලත ද සිටිනා බව කිව යුතුය. ඉන් ඇතැමෙක් ඉහත විශේෂ දුම්රියේ ගමනට සහභාගිවන ලෙස ඇරයුම් ලැබත් නාවෝය.

මේ අතර ඊයේ රඹුක්කනින් උඩහටත්, අද කොළඹටත් වැස්සේය.

ඊයේ කඩිගමුව පැත්තට වැටුනු වැස්ස නිසා යටිවැල්දෙණිය හරියේ රේල් පාරට ඉහලින් තිබූ පස් කණ්ඩියක් වැටී රේල් පාර අවහිර විය. මොහොතකට පසුව එතැනින් ධාවනය වූ දුම්රියක් ඒ පස් කණ්ඩියේ හා ගල්වල ගැටී පීලි පැන්නේය. නුවරසිට,පේරාදෙණියේ සිට හා ගම්පොල සිට දිට්වා වලින් පසුව අද දුම්රියෙන් කොළඹ එන්නට සිතා ගොඩවූ මගීන්ගේ බලාපොරොත්තු සුන්විය. දුම්රිය පීලි පැන්නේ 56 වන සැතපුම ආසන්නයේ ය. එය කලින් නායා ගිය හෝ පස් කඳු කඩා නොවැටුණු තැනකි. එවැනි තැන් තව බොහෝමයක් මේ දුම්රිය මාර්ගයේ ඇත.

ඊයේ වැස්සෙන් පසුව දුම්රිය පීලි පැන්න බවත්,පහුගිය සිකුරාදා ඇරයුම් ලැබත් දුම්රියේ යන්නට ඇතැම් අය නාපු බවත්, මම කීවෙමි.
ඒ නාපු බල්ලෝ දැන් බුරති. මුහුණු පොත සිසාරා මෙවැනි බිරුම් රැසක් මම අද දුටුවෙමි.

උන් බුරන්නේ සරළ නාදයකින් ද නොවේ..ඉතිහාසයේ සිදුවූ පළමු දුම්රිය පීලි පැනීම මේ යැයි කියැවෙන හඬකිනි.

1865 සිට අද දක්වා දුම්රිය ඉතිහාසය පිරික්සා බැලුවොත් රඹුක්කනට ඉහළින් දුම්රිය මාර්ගයේ පස්කඳු කඩාවැටීමක් සිදු නොවුනු සහ දුම්රියක් පීල්ලෙන් ඉවතට නොපැන්න එක අවුරුද්දක්වත් සොයාගැනීමට නැත. මේ මාර්ග ප්‍රදේශය වැස්සත් සමග ඒ තරමට ම අවදානම් සහගත ය. ඉතිහාසයේ,වර්තමානයේ සේම එය අනාගතයේද එසේ වීමට වැඩි ඉඩකඩක් පවතී.

ඒ බැවින් අපි වැස්සට බිය විය යුතු වෙමු. මාර්ගයේ ඉහලින් ඇති ගස්,ගල් සේම පස්ද වැස්සට තෙමී බුරුල් වී තිබි මාර්ගයට නැවත කඩාවැටිය හැකි බැවිනි.

බල්ලන්ගේ බිරුමට කඳු කඩා නොවැටේ.

නමුත් වැස්සට කදු කඩාවැටීමට ඉඩ ඇත..!
✒️NDKA

05/10/2026

අද දින සිදුවීම. ..........

🚆 මාර්ග අවහිරතාවය අවසන් — දුම්රිය ධාවනය යළි ඇරඹේ..අද උදෑසන සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතාවය, යුහුසුලු...
05/10/2026

🚆 මාර්ග අවහිරතාවය අවසන් — දුම්රිය ධාවනය යළි ඇරඹේ..

අද උදෑසන සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතාවය, යුහුසුලුව සිදුකළ කටයුතුවලින් අනතුරුව මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.

කණගාටුදායක ලෙස අද දින නගරාන්තර දුම්රිය ධාවනය කිරීමට නොහැකි වුවද, අනෙකුත් දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

🔹 ප.ව. 4.35 – අංක 1035 කොළඹ කොටුව – ගම්පොළ දුම්රිය
🔹 ප.ව. 5.15 – අංක 1037 කොළඹ කොටුව – පේරාදෙණිය දුම්රිය

දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කළ සියලු දෙනාට ස්තූතියි. 🫡

📢 ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්. 🛑 දුම්රිය පීළි පැනීමක්පෙ.ව.04/40 ට පේරාදෙණිය හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන 1038 දර...
05/10/2026

📢 ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.
🛑 දුම්රිය පීළි පැනීමක්

පෙ.ව.04/40 ට පේරාදෙණිය හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන 1038 දරන සීඝ්‍රගාමී දුම්රිය ගංගොඩ උප දුම්රිය ස්ථානය සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරදී දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරලීම හේතුවෙන් (ඊයේ දින පැවති අධික වර්ෂාව ආසන්නතම හේතුවෙන් ), පීලිපැනීමකට ලක්වීම නිසා එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇත.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ එම දුම්රිය ස්ථානයන් අතරදී ඉහළ සහ පහළ ⁣දෙසට ධාවනය වීමට නියමිත සියළුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වේ.

2026/10/05

Address

Railway Model Training School, Maradana, Colombo 10
Colombo

Alerts

Be the first to know and let us send you an email when Station Masters' Model Training School-SMMTS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Station Masters' Model Training School-SMMTS:

Shortcuts

Share