Station Masters' Model Training School-SMMTS

Station Masters' Model Training School-SMMTS This page will help you to study, find special railway technical pics, study about SLR signaling system, system of working in SLR & much more

06/09/2026

📢 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බඳවාගැනීම්..! 🚆
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු සහයක - III ශ්‍රේණියේ තනතුරු 80ක් සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
📅 අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2026.09.28
📌 අයදුම් කිරීමේ ක්‍රමවේදය, අවශ්‍ය සුදුසුකම් සහ අනෙකුත් සියලු තොරතුරු නිල බඳවාගැනීමේ නිවේදනයෙන් ලබාගත හැකිය. 👇
https://www.gazette.lk/.../sri-lanka-government-gazette...

06/09/2026

📢 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බඳවාගැනීම්..! 🚆
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක සේවයේ දුම්රිය ආරක්ෂක - III ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
👮‍♂️ පිරිමි අයදුම්කරුවන් සඳහා තනතුරු - 239
👮‍♀️ කාන්තා අයදුම්කරුවන් සඳහා තනතුරු - 17
📅 අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය - 2026.09.28
📌 අයදුම් කිරීමේ ක්‍රමවේදය, අවශ්‍ය සුදුසුකම් සහ අනෙකුත් සියලු තොරතුරු නිල බඳවාගැනීමේ නිවේදනයෙන් ලබාගත හැකිය.
https://www.gazette.lk/.../sri-lanka-government-gazette...

වැඩ අවසන් අදියරේ පවතින උඩරට මාර්ගයේ උලපනේ තැඹිලිගල ආසන්නයේ වැඩ බිම......
06/09/2026

වැඩ අවසන් අදියරේ පවතින උඩරට මාර්ගයේ උලපනේ තැඹිලිගල ආසන්නයේ වැඩ බිම......

හෙල්ලයේ රජු රුමේෂ් තරංග බ්‍රසල්ස් නුවරදී ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙස අභිශේක ලබමින් සිංහ කොඩිය අංක 1 තබයි 🇱🇰🔥  බෙල්ජීයමේ බ්‍රස...
06/09/2026

හෙල්ලයේ රජු රුමේෂ් තරංග බ්‍රසල්ස් නුවරදී ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙස අභිශේක ලබමින් සිංහ කොඩිය අංක 1 තබයි 🇱🇰🔥

බෙල්ජීයමේ බ්‍රසල්ස් නුවර ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග මීටර් 89.04ක සුපිරි දක්ෂතාවයක් දක්වමින් අතිවිශේෂ ඩයමනඩ් කුසලානය දිනාගනිමින් ලක් මාතාවගේ නම ජාත්‍යන්තරයේ නැවත නැවතත් බබලවන ලදි.🫡🇱🇰

රබාට් ඩයමන්ඩ් ලීග් දෙවන ස්ථානය🥈✅
රෝම ඩයමන්ඩ් ලීග් පලමු ස්ථානය🥇✅
ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් රන් පදක්කම🥇 ✅
පොදුරාජ්‍ය මන්ඩලීය රන් පදක්කම🥇✅
ලොසෑන් ඩයමඩ් ලීග් පලමු ස්ථානය🥇✅
සූරිච් ඩයමන්ඩ් ලීග් පලමු ස්ථානය🥇✅ අතිවිශේෂ ඩයමන්ඩ් ශූරතා කුසලානය💎🏆️✅

තරගාවලි 7යි.ලක්මව දිනවපු අවස්ථා 7යි.විශිෂ්ටයි අතිවිශිෂ්ටයි. උපන් රටට ණය නැති මිනිස්සු මේ.🫡🇱🇰

Congratulations Rumesh Tharanga ආඩම්බරයි❤️

Dream destination ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයෙන් නවීකරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා පර...
03/09/2026

Dream destination ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයෙන් නවීකරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට.....!!

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ, දුම්රිය ස්ථාන 100ක් පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ''සිහින ගමනාන්තය'' ජනතා වැඩසටහන මඟින් නවීකරණය කල පොළොන්නරුව දුම්රිය ස්ථානය යලි ජනතා පරිහරණයට පවරා දීම අද දිනයේ සිදුකලා ...!!

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, පෞද්ගලික ව්‍යවසායකත්ව සේවා හා මූල්‍ය දායකත්වයෙන්, සිහින ගමනාන්තය දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජනතා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා ...!!

අද දිනයේ ජනතා පරිහරණයට පත් කල පොළොන්නරුව දුම්රිය ස්ථානය අරලිය සමූහ ව්‍යාපාරය විසින් රුපියල් මිලියන 35 ක මුදලක දායකත්වයෙන් නවීකරණය කර ඇති අතර, ඒ යටතේ විවේකාගාර, දුම්රිය භාණ්ඩ ගබඩාව, පූජ්‍ය පක්ෂය, පුරුෂ සහ කාන්තා විවේකාගාර ආදී පහසුකම් ද පැරණි ගොඩනැගිල්ල නවීකරණය කිරීමෙන් පසු ගොඩනගා ඇත ...!

මුහුණු පොතෙන් උපුටා ගත්තකි ...!උඹට සතුටුයිද දැන්...?අද දුර ගමනක් යන්න මරදාන දුම්රියපොළට ආව...!පුදුම වෙනසක්...!!පිරිසිදු ...
03/09/2026

මුහුණු පොතෙන් උපුටා ගත්තකි ...!

උඹට සතුටුයිද දැන්...?

අද දුර ගමනක් යන්න මරදාන දුම්රියපොළට ආව...!
පුදුම වෙනසක්...!!

පිරිසිදු වේදිකාවල්, පිලිවෙලට ආසන, සනීපාරක්ෂක වැසිකිළිය, ලාභදායි හා පිරිසිදු කැන්ටින් එක..!

යචකයො නෑ, ජංගම වෙළෙන්දො නෑ, වෙනද දකින මරුමුස් මූනුත් නෑ..!
කෝච්චිය ටිකක් ප්‍රමාද උනත් වෙනදට දැනෙන අසහනකාරීබවත් මටනම් නෑ අවංකවම...!

කවුරුහරි ඇහුවොත්,
උඹට සතුටුයිද දැන් කියල ඔව් ඇත්තටම අවංකවම සතුටුයි..!
හොඳ දේවල් අගය කරන්නත් පුරුදු වෙමු...!!
-------------------------------------------------

මිනිස්සුන්ට ඕනකරන වටපිටාව ඇතුලේ මිනිස්සු තමයි වෙනස් වෙන්නේ ...! රටකට ඕනකරන්නෙත් ඒ වෙනස ..!!

03/09/2026
දුම්රිය ස්ථානය කුමක්ද ?
02/09/2026

දුම්රිය ස්ථානය කුමක්ද ?

Address

Railway Model Training School, Maradana, Colombo 10
Colombo

Alerts

Be the first to know and let us send you an email when Station Masters' Model Training School-SMMTS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Station Masters' Model Training School-SMMTS:

Shortcuts

Share