UVPA Students' Union

UVPA Students' Union Student's Union - University of Visual & Performing Art - No,21, Albert Crescent, Colombo 07

13/07/2026
*පවතින දැඩි ඩෙංගු අවදානම් තත්ත්වය හමුවේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම තාවකාලිකව කල් දැමීම හා සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ත...
13/07/2026

*පවතින දැඩි ඩෙංගු අවදානම් තත්ත්වය හමුවේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම තාවකාලිකව කල් දැමීම හා සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධව යොමු කළ ලිපිය සම්බන්ධව.*

කොළඹ දිස්ත්‍රික්කය පුරා මේ වන විට ඩෙංගු අවදානම දරුණු ලෙස වර්ධනය වෙමින් පවතී. කොළඹ අවට ඇති ප්‍රධාන රෝහල්වල පවා මේ වන විට ඇඳන් ධාරිතාවයද ඉක්මවා ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ලබයි. නිසි සෞඛ්‍ය ආරක්ෂිත තක්සේරුවකින් තොරව 2026.07.13 වන දින අප විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පරිපාලනය තීරණය කර ඇත.

මේ අවස්ථාවේ මූලිකත්වය දිය යුත්තේ අධ්‍යයන හා විභාග කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීම වෙනුවට, විද්‍යාර්ථීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට බව අපි තරයේ විශ්වාස කරමු.

වර්තමානයේ විද්‍යාර්ථීන් මුහුණ දී ඇති සැබෑ අවදානම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මහා ශිෂ්‍ය සංගමයක් ලෙස අපගේ ස්ථාවරය, පරිපාලනය වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ නිල ලිපිය පහතින් දක්වා ඇත.

*මහා ශිෂ්‍ය සංගමය – සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය*

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වර්තමානය වන විට පවතින නේවාසිකාගාර ගැටළුව සහ අනෙකුත් අධ්‍යයන හා සුබසාධන ගැටළු සම්බන්ධව සාකච්...
09/07/2026

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වර්තමානය වන විට පවතින නේවාසිකාගාර ගැටළුව සහ අනෙකුත් අධ්‍යයන හා සුබසාධන ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා, විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී 2026:07:08 දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

මහා ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

18 වන උපාධි ප්‍රදානෝත්සවය නිමිත්තෙන් 2019/2020 සහෝදරත්වයට සුබ පැතුම්!.🎓 Congratulations to the 2019/2020 Batch! 🎉The **M...
30/06/2026

18 වන උපාධි ප්‍රදානෝත්සවය නිමිත්තෙන් 2019/2020 සහෝදරත්වයට සුබ පැතුම්!.
🎓 Congratulations to the 2019/2020 Batch! 🎉

The **Main Students' Union** proudly extends its heartfelt congratulations to all graduates of the **2019/2020 Batch** on the occasion of the **18th General Convocation**.

Your dedication, perseverance, and hard work have led you to this remarkable achievement. As you begin a new chapter, may your knowledge, creativity, and determination continue to inspire the world.

We wish you every success and a bright future ahead.

**Congratulations once again!**

MAIN STRUDENT'S UNION
UNIVERSITY OF THE VISUAL AND PERFORMING ART**

අරහත් ම්හිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දුන් පුණ්‍යවත් පොසොන් පොහෝ දිනයේ, කරුණාව, මෛත්‍රිය, දාන...
29/06/2026

අරහත් ම්හිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දුන් පුණ්‍යවත් පොසොන් පොහෝ දිනයේ, කරුණාව, මෛත්‍රිය, දානය හා ප්‍රඥාවෙන් පිරි ජීවිතයක් ගත කිරීමට සියලු දෙනාටම ශක්තිය හා ආශීර්වාදය ලැබේවා!

සෞන්දර්යයේ ඩෙංගු අර්බුදයට තවමත් විසඳුම් නැත! විද්‍යාර්ථයින්ගේ ජීවිත දැඩි අවදානමක! 🚨
27/06/2026

සෞන්දර්යයේ ඩෙංගු අර්බුදයට තවමත් විසඳුම් නැත! විද්‍යාර්ථයින්ගේ ජීවිත දැඩි අවදානමක! 🚨

කොළඹ ප්‍රදේශය ඩෙංගු අධි අවදානම් කලාපයකි.ලැබී ඇති තොරතුරු අනුව, විද්‍යාර්ථීන් 50කට අධික පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති...
26/06/2026

කොළඹ ප්‍රදේශය ඩෙංගු අධි අවදානම් කලාපයකි.
ලැබී ඇති තොරතුරු අනුව, විද්‍යාර්ථීන් 50කට අධික පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති අතර, වෛරස් උණ රෝගයෙන් පෙළෙන විද්‍යාර්ථීන් සංඛ්‍යාව 100 ඉක්මවා ඇත.

එසේ තිබියදීත්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් සුපුරුදු පරිදි විභාග කටයුතු පැවැත්වීමට සියල්ල සූදානම් කරමින් සිටින අතර, 80% පැමිණීමේ ප්‍රතිශතය ද ක්‍රියාත්මක කරමින් සුපුරුදු පරිදි දේශන පවත්වාගෙන යනු ලබයි.

විද්‍යාර්ථීන්ගේ ජීවිත අවදානම පිළිබඳව සැලකිල්ලක් නොදක්වන පරිපාලනය මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත.

මෙම දුර්වල විශ්වවිද්‍යාල පරිපාලනය පිළිබඳ මහා ශිෂ්‍ය සංගමය දැඩි අප්‍රසාදය පළ කරන අතර, මෙම ගැටලුව සඳහා කඩිනම් හා සාධාරණ විසඳුමක් ලබා දෙන තුරු සියලු විද්‍යාර්ථීන් අවධානයෙන් සිටින බව අවධාරණය කරන්නෙමු.

අනිච්චාවත සංඛාරා !සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේනර්තන හා නාට්‍ය කලා පීඨයේ,පහතරට නර්තන අධ්‍යයනාංශයේ දෙවන වසරේ,ඉගෙනුම ලබමින්...
23/06/2026

අනිච්චාවත සංඛාරා !

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ
නර්තන හා නාට්‍ය කලා පීඨයේ,
පහතරට නර්තන අධ්‍යයනාංශයේ දෙවන වසරේ,
ඉගෙනුම ලබමින් සිටි,
හෂිනි තාරුකා ගරුසිංහ සොහොයුරියගේ,
අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු.!

නූපන් පරපුරක හෙට දිනය වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම් සිහිපත් කරමින්,සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් සං...
22/06/2026

නූපන් පරපුරක හෙට දිනය වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම් සිහිපත් කරමින්,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ
"සිසු විරු දින සැමරුම – 2026" වැඩසටහන.

මහා ශිෂ්‍ය සංගමය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

Address

2nd Floor, Music Faculty Building, , No, 21, Albert Crescent
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when UVPA Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to UVPA Students' Union:

Shortcuts

Share