29/07/2026
"ධම‍්මචක‍්කං පවත‍්තෙතුං ගච‍්ඡාමි කාසිනං පුරං
අන්‍ධභූතස‍්මිං ලොකස‍්මිං ආහඤ‍්ඡං අමතදුන්‍දුභිං”
"මම දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්‍ධ වූ ලෝකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි"
(මහාවග්ගපාළි- මහාක්ඛන්ධක)
අභිනිෂ්ක්‍රමණය, ප්‍රථම ධර්ම දේශනාව, මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම සහ මවු කුස පිළිසිඳ ගැනීම ඇතුළු බුද්ධ චරිතයේත්, ලංකා ශාසන ඉතිහාසයේත් අතිශය වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🪷🙏
🔸 ඇසළ පොහොය දින වැදගත්කම
📌 බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම්
සිද්ධාර්ථ කුමරුන් මවු කුස පිළිසිඳ ගැනීම.
සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙයින් නික්මී මහා අභිනිෂ්ක්‍රමණය කිරීම.
රාහුල කුමරුගේ උපත සිදු වීම.
බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් උදෙසා ප්‍රථම ධර්ම දේශනාව වන "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" දේශනා කිරීම.
අඤ්ඤාකොණ්ඩඤ්ඤ තවුසාණන් සෝවාන් ඵලයට පත් වීම.
ගණ්ඩබ්බ රුක් මුලදී යමක මහා ප්‍රාතිහාර්යය පෑම.
තවුතිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙව්බඹුන්ට අභිධර්මය දේශනා කිරීම ආරම්භ කිරීම.
📌 ශාසනික හා ශ්‍රී ලාංකීය ඓතිහාසික වැදගත්කම
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩම කර මූලික කටයුතු ඇරඹීම.
භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් වීම (වස් විසීම).
මහා අරිට්ඨ හිමියන් ප්‍රමුඛ ලාංකිකයන් පනස් හය දෙනෙකු මහණ උපසම්පදාව ලැබීම.
දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහා සෑය තැනීමට මගුල් ගල තැබීම සහ මහා සෑයේ ධාතු නිධානය සිදු කිරීම.
ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වීම.
ලොව්තුරු අමා මහ නිවන් මඟ පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් සිත් සතන් සුවපත් වන, ප්‍රඥාවෙන් බැබළෙන පින්බර ඇසළ මංගල්‍යයක් වේවා! 🪷
🔅 Caption: Ven. Mahawaththe Sominda
🔅 Design: Thilini navodya