11/12/2024
මම ජීවිතේ එක් කාලයකදි කිසිම දෙයක් නොතේරුනුකමට. කිසිම දෙයක් බරක් පතලක් නොදැනෙන නිසා o/l ලියලා A/L ක්ලාස් පටන් ගන්න මුල් කාලේ jeography විශයට සර් ගෲප් එකක් හදලා සර්ගෙ හැම ක්ලාස් එකකම ලමයි ඇඩ් කරලා තිබුනා
මෙතනින් තමයි අපේ කතාව පටන් ගන්නේ....
2020 නොවැම්බර් 21 මම එයාට වට්ස් ඇප් එකෙන් Hi කියලා මැසේජ් එකක් යවනවා. එයත් ටික වෙලාවක් ගිහින් මට එයට පිලිතුර එවනවා.මෙහෙම කතා බහ කරලා ඉද්දි මන් එයාගෙන් කෙලින්ම ඇහුවා ඔයා මට කැමතිද කියලා.
ඇය දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක්...
මෙහෙමයි මට තව කෙනෙක් මැසේජ් කරනවා .ඔයා මාත් එක්ක මැසේජ් කරන්න මන් ඔයාව අදුරන්නෙත් නෑ අපි ටික කලක් ඉදලා බලමු කියලා..
මෙහෙම ඉද්දි මම එයාගෙන් පොටෝ දෙක තුනක් එක් දවසක් ඉල්ලා ගත්තා.එම ගනිපු එක් පොටෝ එකක් එක දවසක මන් මගේ propile picture එකට දා ගත්තා.
එපාර එයා ඇහුවා ඇයි මේ මගේ පොටෝ එකක් ඔයා ඔයාගෙ propile. එකට දාගෙන කියලා
මන් කිව්වා ඒ මන් ඔයාට ආදරේ නිසා කියලා.
එදාම රෑ එයා මට මෙන්න මෙහෙම දෙයක් කිව්වා..
අයියේ මන් ඔයාට ආදරෙයි කියලා.
මමත් පුදුම උනා ඒ උන දේට.
එපාර කතා උනේ අපි දෙන්නා හම්බුවෙන්න.දිනයක් දා ගන්න
අපි දිනේට දා ගත්තේ 2024/2/14 අපි දෙන්නට දෙන්නා හම්බ උනා කතා බහ කරලා පොටෝස් ගහලා අපි ආදරෙන් දෙන්නා දෙන්නගෙ ගෙවල් වලට ගියා .
කාලයක් හරි ආදරෙන් මැසේජ් කරගෙන දෙන්නට දෙන්නව නැති වෙන්න බැරි තරමට අපි ආදරේ කරා.
එයාලගෙ අම්මලා තදින්ම විරුද්ද උනා අපේ සම්බන්දෙට
ඒ අපිට ඒ කාලේ ලොකුවට ආර්තිකේ අතින් වත්කමක් තිබුනෙ නැති නිසා.
එයා ඒත් ආදරේ කරා මමත් එයාට ආදරේ කරා
ඇත්තටම එයා මට එයාට පුලුවන් විදියට හැම මොහොතකම උදවු කරා මමත් මට පුලුවන් විදියට එයා එක්ක ආස දේවල් කාලා බීලා ආදරෙන් කාලෙ ගත කරා..
ටික කලක් මෙහෙම ගත් වෙද්දි අවෘදු 3යි මාස 3ක් වගේ යද්දි එයා මාව මගහැරියා. එයාට ගාර්මන්ට් යන්න ඕන කිව්වා එයා විබාගෙ ලියලා ගෙදර ඉන්නෙ ඒ නිසා කියලා.මම යන්න එපා කිවා
ඒත් එයා ඇහුවෙ නෑ ඔයත් ජොබ් එකක් කරනවනෙ මටත් කරන්න ඕන කිව්වා
ඔන්න ඔහොම තවමාසයක් ගත උනා
එයා ජොබ් එකට ගියා
ගිහින් සති දෙකකින් බ්‍රහස්පතින්දා දවසක හරියටම එයා මාව බ්ලොක් කරලා තිබුනා 2024/3/6
මට ආවේ ලොකු දරාගන්න බැරි වේදනාවක් උනත් මන් ඒක ඉවසන් හිටියා2024/3/8 එයා මාව දාලා වෙන කෙනෙක් ලගට ගිහිල්ලා
මන් එයාට මාව දාලා යන්න එපා කියලා හැම මොහොතෙම කිව්වත් එයා මාව දාලා වෙන කෙනෙක්
හොයා ගෙන තිබුනා.මන් එයාට වෙන නම්බර් වලින් කෝල් ගත්තා ඒ හැම මොහොතෙම එයා මට කුනුහර්පෙන් බැන්නා උබ වැඩක් නෑ උබට ඇති දේකුත් නෑ කියලා.
ඒවත් ඉවසුවා ඒත් දාලා ගිය එක ඉවසන්න බැරි උනා
අන්තිමේදි එයාට මාව වැඩක් නැති මනුස්සයෙක් විතරක් උනා...
මේ මගේ එක කාලෙක සිද්ද වෙච්ච ජීවිත කතාවෙ කොටසක්...
මන් මේක ලියන්න ගත්තේ කවමදාවත් කිසිම කෙනෙක් ආදරේ කරද්දි ඒ කෙනාව මගදි සතෙක් වගේ අතරමන් කරලා දාලා යන්න එපා කියන්න..
මගේ ජීවිත කතාවෙන් ඔයාලත් ආදර්ශයක් ගනී කියලා මන් හිතනවා ..😊