Faculty of Management - ATI Galle

Faculty of Management - ATI Galle Higher Education

2023 හෝ ඊට පෙර වර්ශයක අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඔබට ගණකාධීකරන ,කළමණාකරන, ව්‍යාපාර පරිපාලන ,සංචාරක සත්කාරක කළ...
07/07/2024

2023 හෝ ඊට පෙර වර්ශයක අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඔබට ගණකාධීකරන ,කළමණාකරන, ව්‍යාපාර පරිපාලන ,සංචාරක සත්කාරක කළමණාකරන සහ ඉංග්‍රීසි යන කේෂ්ත්‍රවල විශිෂ්ටයෙකු වීමට සිහින දකිනවාද?
මේ අවස්ථාව ඔබටයි

වැඩි විස්තර සදහා
☎️
දුලංගි- 0765869565
තාරුක - 0776946933
නිකේශ්- 0719026517
රචිනි- 0710475681
රුචිර- 0714933690
උමේශ්- 0702412154

පාඨමාලාවන්ට අයදුම් කරන ආකාරය,
1. පලමුව පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැර කොට රිසිට් පතක් ලබා ගන්න. (මෙම රිසිට්පත් අංකය අයදුම්පත්‍රයේ සටහන් කල යුතු වේ.) මෙහිදී එක් කාණ්ඩයකට රු.1000ක මුදලක් තැන්පත් කළ යුතු වේ. (ATM යන්ත්‍ර මගින් මුදල් තැන්පත් කිරීමෙන් වලකින්න.)

ගිණුම් තොරතුරු:
025-2-001-1-3397613
Peoples Bank,
Hyde Park Branch,
Colombo 02

2. මුදල් ගෙවීමෙන් අනතුරුව http://apply.sliate.ac.lk වෙබ් අඩවියට පිවිස "Apply Online" මත Click කරන්න.
3. ඉන්පසු ලැබෙන තිරයේ ඇති "Create new account" මත Click කර ඔබ විසින් නව ගිණුමක් සාදා ගත යුතුය.
4. මීලගට ලැබෙන තිරයේ අසා ඇති ඔබගේ Email ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය (NIC), ජංගම දුරකතන අංකය යොදා මුර පදයක් ඇතුලත් කර ලියාපදිංචි විය යුතුයි.
5. ඉන් අනතුරුව ඔබ විසින් ඇතුලත් කරන ලද දුරකථන අංකයට හෝ Email ලිපිනය ලැබෙන OTP අංකය ඇතුලත් කර ඔබේ ගිණුම තහවුරු කල යුතු වේ.
6. ගිණුම තහවුරු කිරීමෙන් අනතුරුව ඔබ අයදුම් කරන්නේ පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පාඨමාලා ද යන්න සදහන් කල යුතුය. HNDA,HNDM,HNDBA,HNDTHM,HNDE පාඨමාලාවට අයදුම් කිරීම සදහා පූර්ණ කාලීන (Full Time) යන්න තෝරන්න.
7. ඉන්පසු ඔබගේ අ.පො.ස උසස් පෙළ සහ අ.පො.ස සාමන්‍ය පෙල විභාගයන්ට අදාල දත්ත ඇතුලත් කල යුතුය.
8. මීලගට ලැබෙන තීරයේ පලමු කැමත්ත ලෙස HNDA,HNDM,HNDBA,HNDTHM,හෝ HNDE පාඨමාලා එකක් තෝරා, ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනය තෝරන්න.
9. ඉන් පසුව ඔබ විසින් මුදල් ගෙවා ලබා ගත් කුවින්තාසියට අදාල TXN අංකය ඇතුලත් කොට, කුවින්තාසියේ ඡායාරූපයක් ඇතුලත් කල යුතුය. මෙම ඡායාරූපයේ ප්‍රමාණය 1MB හෝ ඊට වඩා අඩු විය යුතුය.
10. ඉන්පසුව "Submit" යන බොත්තම මත Click කරන්න. ඉන් පසු ඔබගේ Email එකට ඔබගේ අයදුම්පතේ පිටපතක් ලැබෙන අතර එය Save කරගන්න. තවද ඔබගේ දුරකථන අංකයට Reference Number එකක් ලැබෙන අතර එයද සටහන් කරගන්න.
11. ඔබ පාඨමාලාව වෙත තෝරාපත් වුවහොත් සති දෙකක කාලයක් තුල ඒ පිළිබදව ඔබව Email හෝ SMS පණිවිඩයක් හරහා දැනුවත් කරනු ලැබේ.

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://www.1plusinfo.lk/2024/06/6790.html

අයදුම් කල හැකි අවසාන දිනය: 2024.07.19



රජයේ විශව විද්‍යාලයකට යාමට සිහින දකින ඔබට,2019,2020,2021,2022 උසස්පෙල ප්‍රතිපල තුලින් රජයේ පිලිගත් උසස් ජාතික ඩිප්ලෝමා ප...
05/06/2024

රජයේ විශව විද්‍යාලයකට යාමට සිහින දකින ඔබට,
2019,2020,2021,2022 උසස්පෙල ප්‍රතිපල තුලින් රජයේ පිලිගත් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න. ඔබගේ සිහිනය සැබෑ කරගන්න අදම අයදුම් කරන්න

ගාල්ල උසස් තාක්ශන ආයතනයේ ගණකාධිකරණ ,කළමනාකරණ,ව්‍යාපාර පරිපාලන , සංචාරක සත්කාරක සහ ඉංග්‍රීසි යන පාඨමාලා අයදුම් කිරීමට අපේක්ශාවෙන් සිටින සිසුන් මෙම Google form එක පිරවීමට යුහුසුළු වන්න.
https://forms.gle/rfMARxnAd3KvxT4L7

Online ඇප්ලයි කිරීමට මෙතනින් පිවිසෙන්න👇
apply.sliate.ac.lk

01/06/2024
27/05/2024

👨‍🎓 _*ARE YOU A ATI Galle Management student?*_🧑‍🎓

🎯 _*THIS IS YOUR CHANCE*_ 🥂
Hurry Up!!! Place Your Order Now!!!

☑️Our Products & Price Details

⭕ Mega Pack - 2500/=*
(T-Shirt + wristband )
⭕ T-Shirt - 2300/=*
⭕ Wristband- 300/=*

☑️Specification of T-Shirt:-*
Dark Gray


☑️Specification of Bangle
Black and White Color

*Contact Us For More Details*
• Gayan- 077 330 1197
• Haritha - 071 293 2448

Faculty of Management - ATI Galle
Five Hearts

අමා බුදුගුණ බලෙන් ලෝ සත දුකින් මිදී සුවපත්ම වේවා!දැවී අලුවුනු සෑම හිතකම කෙලෙස් මල් හැම පරවයත්වා!ලොවක් සනසපු තිලෝගුරු බුද...
23/05/2024

අමා බුදුගුණ බලෙන් ලෝ සත දුකින් මිදී සුවපත්ම වේවා!
දැවී අලුවුනු සෑම හිතකම කෙලෙස් මල් හැම පරවයත්වා!
ලොවක් සනසපු තිලෝගුරු බුදු මගේ යන්නට සිත් සැදේවා!
බුදු රදුන්ගේ උතුම් බුදු ගුණ මහිමයෙන් ලොව පිරී යත්වා!
ඔබ සැමට සිත් නිවී සැනසෙන පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා!🙏🤍



Admission of Academic Year 2023/2024අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය - 2024.05.27Admissions are open now!!!visit us on: ht...
09/05/2024

Admission of Academic Year 2023/2024

අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය - 2024.05.27

Admissions are open now!!!
visit us on: https://apply.sliate.ac.lk

Advanced Technological Institute - Galle










ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කළමණාකරණ පීඨයේ පවතින පාඨමාලා 5 පිලිබදව තොරතුරු  කිහිපයක් ගැන තොරතුරු පහත දැක්වේ.*උසස් ජාතික ගණ...
08/05/2024

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ කළමණාකරණ පීඨයේ පවතින පාඨමාලා 5 පිලිබදව තොරතුරු කිහිපයක් ගැන තොරතුරු පහත දැක්වේ.

*උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමාව Higher National Diploma In Accountancy

***(උපාධි සමානාත්මතාවය ලබා දී ඇත.)
පාඨමාලා කාලය: වසර 4කි
* දෙවන වසර අවසානයේ මාස 6ක අනිවාර්‍ය පුහුණුවක් ලැබිය යුතුයි.(audit firm එකක හෝ account section එකක පුහුණුව ලැබිය හැක)
ඉතිරි අවුරුදු 2ක පුහුණුව ලබන ගමන් සති අන්තයේ පාඨමාලාව හැදෑරිය හැක.
පාඨමාලාව අවසානයේ ගණකාධිකාරි අංශයේ රැකියාවක් ලබාගත හැක.

පාඨමාලාවේ විශේෂත්වය :-

- 1990 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 46/90 මගින් පිළිගත් විශ්ව විද්‍යාලයක වාණිජවේදී (B.com) උපාධියකට සමාන වේ.

- HNDA සම්පුර්ණ කළ සිසුන්ට වරලත් ගණකාධිකාරණ පාඨමාලාවේ
*ව්‍යාපාර පලමු අදියරේ BL1,BL2,BL3,BL4
*ව්‍යාපාර දෙවන අදියරේ BL6,BL7
*වෘත්තීය කුසලතා CS1,IT1
සම්පූර්ණයෙන් ම නිදහස් වීම.

- HNDA තෙවන වසර සම්පූර්ණ කළ සිසුන්ට AAT පළමු සහ දෙවන අදියර නිදහස් වේ

- සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ පාඨමාලාවෙහි (CMA) Fundation level සහ Operation Level සම්පුර්ණයෙන් ම නිදහස් වීම් සහ Managerial Level හි විෂයන් 03 ක් නිදහස් වීම.

- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ විභාගයේ ව්‍යාපාර ගිණුම්කරණය විෂය නිදහස් වීම.

- HNDA ඩිප්ලෝමාධාරීන්ට Hertfordshire University (UK) අවසාන වසර දක්වා නිදහස් වීම් හිමි වීම.

- HNDA ඩිප්ලෝමාධාරීන්ට MBA සහ PHD උපාධි හැදෑරීමට අවස්‍ථාව උදාවීම.

- HNDA නිම කිරීම රජයේ ගණකාධිකරණ සේවයේ විභාගයට සහ රජයේ විගණකාධිකරණ විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලැබීම.

රැකියා අවස්ථා :-

- පොදු සමාගම් හැර අනෙකුත් සමාගම් විගණනය කිරීමේ බලය ලැබීම
- රාජ්‍ය විගණන සේවය
- රජයේ ගණකාධිකාරණ සේවය
- පෞද්ගලික විගණන ආයතන වල සේවය කිරීමට් අවස්ථාව හිමි වීම
- විදේශ රටවල ගණකාධිකරණ සේවයේ රැකියා සදහා විශේෂ සුදුසුකමක් වීම (Special Australia, Canada, Middle East countries)

*උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව (HNDM)

මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක්
පුරා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී
NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.
1.විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම.
2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.
3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.
4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.
5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.

*උසස් ජාතික ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව Higher National Diploma in Business Administration - HNDBA
මූල්ය ක්ශේත්රයේ ප්රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්යාපාර මූල්ය පිලිබඳ ශ්රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට
ඔබටත් අවස්තාවක් .
පාඨමාලා කාලයෙන් පසුව යොමු විය හැකි රැකියා ක්ෂේත්‍ර
1. පරිපාලන ක්ෂේත්රයේ රැකියා
2.බැංකු ක්ෂේත්රයේ රැකියා
3.කළමනාකරණය ක්ෂේත්රයේ රැකියා
4.ගිණුම්කරණය ක්ෂේත්රයේ රැකියා
5.අළෙවිකරණ ක්ෂේත්රයේ රැකියා
6.පරිඝණක ක්ෂේත්රයේ රැකියා
ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව ව්යාපාරි ලෝකයේ සියලුම ක්ෂේත්ර ආවරණය වන ලෙස සැකසුනු පාඨමාලාවකි..
*පාඨමාලා කාලය වසර: 2 1/2
*දෙවන වසර අවසානයේදී මාස 6 ක ප්රායෝගික පුහුණුව .

*උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.
*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අද්‍යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.
පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අද්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.

රැකියා අවස්ථා
Tourism Department Officer
Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
Job in srilanka Tourism Development Authority(SLTDA)
Transportation Company
Foreign Sector
Job In Cruise Ship
Event Management sector
Tour Operator
Aviation Service
Cargo Company
Consultation
SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ බාශා ප්‍රවීණත්වයක් ලබා දෙන එකම පඨමාලාව වනුයේ මෙයයි.

HIGHER NATIONAL DIPLOMA IN ENGLISH (HND in English)
උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව

පාඨමාලාව පිළිබද තොරතුරු

❌පාඨමාලා කාලය වසර 2 මාස 6 කි.පූර්ණකාලීන පාඨමාලාව සදහා ගාස්තු අයකිරිමක් නොමැත.

❌පාඨමාලාව හදාරන වසර 2 මාස 6 තුළ අවසන් සමාසිකය ප්‍රයෝගික පුහුණුවක් සහිතය.එම ප්‍රයෝගික පුහුණුව රජයේ පාසලක ලබාගතහැක.

💢පූර්ණකාලීන සිසුන්ට සතියේ දිනවල දේශන පැවැත්වෙන අතර අර්ධකාලීන සිසුන්ට සති අන්ත දින වල දේශන පැවැත්වේ.

~ පාඨමාලාව හැදෑරිමට අවශ්ය සුදුසුකම් ~

⭕️අ.පො.ස. (උ/පෙළ) ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා සිටීම.
සහ
අ.පො.ස. (සා/පෙළ) ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට සාමාන්‍ය සාමාර්ථයක් (S) හෝ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් (C) ලබා සිටීම හෝ අ.පො.ස. (උ/පෙළ ) සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය සාමාර්ථයක් ලබාසිටිම

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබට පිළිගත් විශ්වවිද්යලයක උපාධිය හැදෑරීමට අවස්ථාව හිමිවේ.

~ රැකියා අවස්ථා ~
💢රජයේ හෝ පෞද්ගලික පාසලක ගුරු සේවයේ නිරත විය හැක.
💢ජනමාධ්‍ය වෘත්තියේ නිරත වීමට හැක.
💢විදෙස් රැකියා සදහා පිවිසීමට අවස්ථාව හිමිවේ.
💢භාෂා පරිවර්තන ක්ෂේත්රයේ රැකියා අවස්ථා

~ ආයතනික වරප්‍රසාද ~

💢මහපොළ දීමනා, පුස්තකාල පහසුකම්, බස්රථ වාර ප්‍රවේශ පත්‍ර , ක්‍රිඩා සහ සුභසාධක පහසුකම්, ආපනශාලා පහසුකම් හිමිවේ.
💢සියලුම සිසුන් තෝරාගනු ලබන්නෙ අභියෝගතා පරීක්ෂණයක් මගිනි.
💢අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කර සරසවි වරම් ලබා ගැනීමට අවස්ථාව අහිමි වූ ඔබට ලැබී ඇති අගනා අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය...

ගාල්ල උසස් තාක්ෂණ ආයතනය හා සම්බන්ධ වීමට අදහස් කරන සිසුන් පහත google form එක පුරවා තමන්ගේ විස්තර ලබා දීමට කාරුණික වන්න.

https://forms.gle/rfMARxnAd3KvxT4L7




පිංබර සසුන් කෙත අස්වද්දනු වස්නොඉදුල් දෙපෙති කුලුදුල් බිජු ඉසින්නටලකබර,උතුම් බුදු පා පහස ලැබූපින්බර දුරුතු පොහෝ දින අදයි....
25/01/2024

පිංබර සසුන් කෙත අස්වද්දනු වස්
නොඉදුල් දෙපෙති කුලුදුල් බිජු ඉසින්නට
ලකබර,උතුම් බුදු පා පහස ලැබූ
පින්බර දුරුතු පොහෝ දින අදයි.


ඔබ සැමට පිංබර පුන් පොහෝ දිනයක් වේවා.....!




🌼නමෝ බුද්ධාය🌼

*"ඔබටත් ,ඔබගේ* *ආදරණීයයන්ටත්* *සතුට , සාමය පිරි ප්‍රීතිමත් පොංගල් මංගල්‍යයක් වේවා..."**"May your home be filled with lov...
15/01/2024

*"ඔබටත් ,ඔබගේ* *ආදරණීයයන්ටත්*
*සතුට , සාමය පිරි ප්‍රීතිමත් පොංගල් මංගල්‍යයක් වේවා..."*

*"May your home be filled with love, desire, joy, and sweetness.*
*Wishing you and your loved ones a joyous Pongal.”*

*"அன்பும், ஆசையும் பொங்க, இன்பமும், இனிமையும் பொங்க உங்கள் வீட்டில் மகிழ்ச்சி பொங்க பொங்கலோ பொங்கல் வாழ்த்துகள்!"*

එක් වසරක් නිමා වී,තවත් වසරක ආරම්භයයි..ඉතිම්, නව ආරම්භය මතවිශ්වාසය තබන්න...ඔබ සැමට සාමය, සතුට සහ ආදරය සපිරි සුබ නව වසරක් ...
31/12/2023

එක් වසරක් නිමා වී,
තවත් වසරක ආරම්භයයි..
ඉතිම්, නව ආරම්භය මත
විශ්වාසය තබන්න...

ඔබ සැමට සාමය, සතුට සහ ආදරය සපිරි සුබ නව වසරක් වේවා...!

Another year has passed,
Another year has come.
So, trust the magic of
New beginnings ...

Wish you a happy new year
With peace, joy and Love.

ஒரு வருடம் நிறைவுற்று,
இன்னொரு வருடம் தொடர்கிறது..
எனவே, புது ஆரம்பத்தின் மீது நம்பிக்கை வையுங்கள்...

உங்கள் அனைவருக்கும் சமாதானம்,மகிழ்ச்சி மற்றும் அன்பு நிறைந்த புதுவருட வாழ்த்துக்கள் !

රැදුරු රලපෙල සොරකම් කල සෙනෙහසේ කැදලිවලහිස්තැන් එමටයි අදටත් බොහොමදහනම වසරක විලාපයන් එක්කනිහඩව රැලිනගයි මහමුහුද තවමබිදුනු ...
26/12/2023

රැදුරු රලපෙල සොරකම් කල සෙනෙහසේ කැදලිවල
හිස්තැන් එමටයි අදටත් බොහොම
දහනම වසරක විලාපයන් එක්ක
නිහඩව රැලිනගයි මහමුහුද තවම
බිදුනු ලක්බිම අලුගසා නැගිටවන්නට
අතින් අත් බැද,එකතු වෙමු අප

Address

Siridamma Mw, Labuduwa, Akmeemana
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Faculty of Management - ATI Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share