We Batch 13 - Ruhuna EFac

We Batch 13 - Ruhuna EFac 13th Batch of University of Ruhuna - Faculty of Engineering

The Global Challenge aims to encourage Young Professionals across the globe to address a real world engineering challeng...
07/05/2015

The Global Challenge aims to encourage Young Professionals across the globe to address a real world engineering challenge with their diverse academic and technical exposure. The Challenge will focus on the technical feasibility, efficiency and innovation of the proposed solution as well as challenge the marketing skills of participants.
===========================================================
There are various laptop cooling pads available in the market. They come in different brands, sizes, components and designs. The main requirement of a cooling pad is to reduce the operating temperature of the laptop. In using cooling pads in high temperature zones, just the airflow is not sufficient to reduce the internal temperature of the laptop. Passive coolers absorb heat from the laptop and use conduction to reduce temperature. This type is also not suitable to be used in high temperature zones since the reduction of temperature by conduction occurs relative to the environmental temperature.
Our proposed iCooler is compatible with high environmental temperatures and it can control the temperature of the laptop. The proposed iCooler is also designed to be intelligent to change its functional properties according to the environment.
============================================================
They select 4 teams from competitors over the world for the second round. Then the winner is selected! We Nirmani Ranchagoda, Thanura Malinga and Najath Akram) were lucky enough to be selected for the second round!!!
=============================================================
We'd like to thank You all for the support given.
Lecturers, Seniors, Families, Colleagues, most importantly the 13th Batch of Faculty of Engineering which is our 200 members family and all other helped people for the utmost support given.
Thank You all!

26/12/2014
26/12/2014

ඉස්කෝලේ කලේ මන් ලස්සන කොලු ගැටයා – රුහුණු කැම්පස් එකෙන් අපූරු ගීතයක්

වීඩියෝව බලන්න - http://www.reader.lk/?p=7356

---------------------------------------------------------

සරාගී ඡායාරූප ගන්න නුවන්ගිට තනියම හෝටලයක කාමරයකට එන්න කියලා

සම්පුර්ණ විස්තරය කියවන්න - http://www.reader.lk/?p=6279

26/12/2014
26/12/2014

ඉස්කෝලේ කාලේ මං
ලස්සන කොලුගැටයා..
දිග කලිසම ඇදලා..
කමිසය යටකෙරුවා..
:D :D :D :D :D :D :D :D :D
2014© All Rights Reserved █║▌│█│║▌│█║
කැම්පස් ඇති නැති ඔක්කොමලා අපේ පිටුවට ලයික් එකක් දාල කැම්පස් සෙට් එකේ සාමාජිකයෙකු වෙමු!!
Campus Set Eka/කැම්පස් අපේ පිටුව
යාළුවන් සමග බෙදා ගන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e̲̅ කරන්න.
Like ✔Comment ✔Tag ✔Share✔

https://www.youtube.com/watch?v=oRnZYaAlSQE
26/12/2014

https://www.youtube.com/watch?v=oRnZYaAlSQE

This Video was done by 13th Batch of Faculty of Engineering - UoR for the Farewell party (going down) given to the 12th Batch of FoE-UoR. Track Composed / Mi...

15/12/2013
ටිකෙන්... ටික... ටිකෙන් ටික...අපි ආ... මග මේ තරම් දුර...කටින්... කට... කටින් කට...ලෝ...කය දැනගෙන අපේ... ගැන...විටින්... ...
05/10/2013

ටිකෙන්... ටික... ටිකෙන් ටික...
අපි ආ... මග මේ තරම් දුර...
කටින්... කට... කටින් කට...
ලෝ...කය දැනගෙන අපේ... ගැන...
විටින්... විට විටින් විට...
සමහරු අපි ගැන.... ගෙතු පද....
එකක්... හැර.. එකක් හැර...
ජය ගත්තා අද.... අපේ... ලොව...

දහතුනට දැන් දෙකයි...

සුබ උපන් දිනයක් වේවා...!!!

ජනප්‍රියත්වය යනු බොහෝ විට වර්තමානයේ නිර්මාණය වන ගීතයක ප්‍රධාන ම අභිමතාර්ථය යි. එසේ නිර්මාණය වී ජනප්‍රිය වන ගීත වල‍ට වෙනස...
07/09/2013

ජනප්‍රියත්වය යනු බොහෝ විට වර්තමානයේ නිර්මාණය වන ගීතයක ප්‍රධාන ම අභිමතාර්ථය යි. එසේ නිර්මාණය වී ජනප්‍රිය වන ගීත වල‍ට වෙනස් රූප රචනා යෙදීම හෝ ඒ ගීතවල තනු යොදාගෙන ලියැවුණු පද මාලා වලට රූප රචනා නිර්මාණය කිරීම අලුත් දෙයක් නොවේ.
නමුත් මෙසේ නිර්මාණය වන ගීත බොහෝ විට සමාජයේ උපහාසයට ලක් වෙයි. මුල් ගීතය විනාශ කරන බවට එහෙමත් නැති නම් කන බවට චෝදනාවට ලක් වෙයි.. විශේෂයෙන් ම ගීතයේ මුල් නිර්මාණකරුවා අපහසුතාවට පත් වීම මෙමගින් බොහෝ විට සිදු වේ.. මෙය ද අලුත් දෙයක් නොවේ.

නමුත් මෙසේ නිර්මාණය වන ගීතයක් මුල් නිර්මාණ කරුවාගේ ඇගයීමට ලක් වෙනවා නම්, එහෙමත් නැතිනම් එසේ කෙරුණු ප්‍රතිනිර්මාණය ප්‍රසිද්ධ කරවීම මුල් නිර්මාණ කරු අතින් ම සිදු වෙනවා නම්, එය සැබවින් ම අලුත් දෙයකි. අමුතු දෙයකි.

අපි එය කළෙමු. දහතුනේ අපි සාර්ථකව ඒ ප්‍රතිනිර්මාණය කළෙමු.

මේ දිනවල බෙහෙවින් ම ජනප්‍රිය ' අද අපේ තාත්තා' ගීතය දහතුනේ අප ප්‍රතිනිර්මාණය කළේ විශ්ව විද්‍යාල ජීවිතය, එහෙමත් නැතිනම් uni life එක සහ විභාග පදනම් කර ගත් පද මාලාවක් යොදා ගනිමිනි. එය සාර්ථක ව තිබේ.. ඒ බව කියන්නේ අප නොවේ. ගීතය ඇසූ අපේ මිතුරු මිතුරියන් ද නොවේ. ගීතයේ මුල් නිර්මාණකරුවා යි.!

ඉතින් දහතුනේ විශිෂ්ටත්වය කියන්නට මීට වඩා අටුවා ටීකා අවශ්‍ය ද?
දහතුනේ වීම ගැන අපිට ආඩම්බර නොවී සිටිය හැකි ද!!

---දහතුනේ අපි---

21/07/2012

2013 ඔක්තෝම්බර් 22 වැනිදාට, එනම් අදට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා හිසට පරාල ඇණ ගසා, ඝාතනය කර වසර 25 ක් සම්පූර්ණ වේ.

• පද්මසිරි ති‍්‍රමා විතාන- කොළඹ විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය
• දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය.
• මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලය
• උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය.
• 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර මිලේජ්ච ලෙස මරා දමා තිබුණි.
• රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් වැදුනේය, මෙහි අවසන් ජයග්‍රාහී ප්‍රථිපලය වූයේ එය රජයට පවරා ගැනීමය.
• චිත්‍ර ශිල්පියෙකි අංකුර කවියෙකි.

වර්ෂ 1977 දී බලයට පත් ජයවර්ධන රජය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත ගෙන එන ලදි.මෙලෙස 1978 අංක16 දරණ විශ්වවිද්‍යාල පනත මඟින් නව ප‍්‍රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්‍යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි.මේ අනුව විශ්වවිද්‍යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නට විය.

ඒඅනුව රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවරා දෙන ලදි.පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතේ 40 ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියේ මේ අවස්ථාවේදීය.
වෛද්‍ය සිසුන්ගේ අරගලය වසරක් පුරා නොකඩවා ඇදී ආවේය. අරගලය උත්සන්න කිරීම වස් වෛද්‍ය පීඨ සිසුන් වර්ෂ පූර්ණ සංවත්සරයට සූදානම් වූහ. වෛද්‍ය අධ්‍යාපනය නැවතී වසරයි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇද රට පුරා ඇලවීමට වෛද්‍ය සිසුන් ක‍්‍රියා කළහ.
රාජ්‍ය භීෂණය වෛද්‍ය ශිෂ්‍ය අරගලයේ පළමු පෙළ නායකයන් සියල්ල අතුරුදහන් කළ ද ඔවුන් විසින් ගොඩනැගූ අරගලය රට පුරා නොනිවී දැල්විනි. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රශ්නය විසදිය යුතු විය.

එබැවින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය තාවකාලිකව හකුලා ගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලදි. තවත් රජයේ වෛද්‍ය පීඨයක් දේශයට උරුම කර දීමට වෛද්‍ය සිසු අරගලයට හැකි විය. ඒ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි.

සම්පුර්ණ කතාව - http://kannangaradaruwo.blogspot.nl/2012/10/24.html #.UIpYfmfou6s...............................................................
නිදහස් අධ්‍යාපනය රැක දීමට සටන්කර ,නිදහස් අධ්‍යාපනයේ දිනන මග අපට කියා,නොකියාම බැසගිය ඒ පහන් තාරකාවල කතාව ඔබට කියන්නට අප සුදානම්.
මේ සඳහා ඔබගේ වටිනා අදහස් යෝජනා අපවෙත යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර මීට අදාළ තොරතුරු ඔබ සතුව ඇත්නම් අප වෙත යොමු කරන ලෙසද අප ඉල්ලසිටිමු .

21/07/2012

වෙනුර එදිරිසිංහ
වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය
• පොහොසත් පවුලක උපත නොළැබූ ඔහු පුත්තලම ප්‍රදේශයේ පදින්චි කරුවෙකි.
• මාදම්පේ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් විය.
• රාජකීය විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා හා උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේම පළමු වැනියා ලෙසින් වෛද්‍ය පීඨයට ඇතුළු විය.
• 1984 වසරේ විදයාලයීය ත්‍යාග ප්‍රධානෝත්සවයේදී
ඇල්ෆ්‍රඩ් ඇන්ඩීස් අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව සඳහා),පී. සී. ඩබ්ලිව්. පීරිස් අනුස්මරණ ත්‍යාගය (සත්ත්ව විද්‍යාව සඳහා), එෆ්. ඊ. වීරසූරිය අනුස්මරණ ත්‍යාගය (ජීව විද්‍යා අංශයේ හොඳම ශිෂ්‍යයා),තිස්ස වීක්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව හා සත්ත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා), අ. පො. ස. (උ.පෙළ) විභාගයේ හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය,එම්. ඥාණරත්නම් අනුස්මරණ ත්‍යාගය
යන සියලුම ත්‍යාග දිනාගන්නා ලදී.
• කොල්ලූපිටියේදී පැහැරගෙන 1989 සැප්තැම්බර් 21 දින ඝාතනය කරන ලදී.
වෛද්‍ය ශිෂ්‍ය සංවිධාන කමිටුවේ සභාපතිවරයා වශයෙන් ප්‍රතම වසරේදීම පත් විය.ඔහු හොඳ ක‍්‍රීඩකයෙක් හා කලා කරුවෙක් ද වුනා. ඒ වගේ මානව හිතවාදී සංවේදී සහෘදයෙක්ද වුනා. බාලේ ගේ (නිමල් බාලසූරිය) මරාදැමුන දවසේ මහා හඬින් ඔහු හඬා වැටුණු හැටි ඔහුගේ සමකාලීනයන් තවමත් මතක් කරනවා. ඒ වගේම පුංචි කාලෙ ඔහුගේ යාලූවා මියගිය විට ඒ දුක දරාගත නොහැකිව දින ගණනාවක් නොකා නොබී සිටි මේ සංවේදී දරුවා මේ සා දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයකට නායකත්වය දුන්නා යැයි ඔහුගේ මව පවා පිළිගන්නේ පසුවයි. නිමල් බාලසූරිය ගෙන් පසු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය ගන්නේ වෙනුර එදිරිසිංහ සොයුරායි. 1989 කොල්ලූපිටියේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන තුරු ලංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නා.
අපේ උපාධිය ‍රැකදුන් නුඹට උපාධිය පමණක් නොවෙයි, ජීවිතයද අහිමි වුණා.
අපේ උත්තමාචාරය නුඹේ ඒ සාධු ගුණයටයි.....

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when We Batch 13 - Ruhuna EFac posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to We Batch 13 - Ruhuna EFac:

Share