30/08/2018
✈️ අරුම පුදුම ජපානය 🇯🇵
ජපානය දූපත් 6,852කින් පමණ සමන්විතය. හොන්ෂූ, හොක්කයිදෝ, කියුෂු, ෂිකොකු යන පධාන දූපත් 4කි සමන්විත වන අතර එය සමස්ත ජපන් භුමියෙන් 97% පතිශතයකි. කලාප (regions) 8කින් සහ දිස්තික්ක (prefectures) 47කින් සමන්විත ජපානය දකුණින් ඔකිනාවා කලාපයද, උතුරින් හොක්කයිදො කලාපයද පිහිටා ඇත.
ජපානය සම්බන්ධ ලිඛිත ඉතිහාසය 1 වන සියවස දක්වා දිව යයි. ජපානය පිළිබදව තතු විති චීන සහ යුරෝපා ඉතිහාස මූලාශ වල දැක්වේ. 12 වන සියවසේ සිට 18 වන සියවස දක්වා ජපානය පාලනය කරනු ලැබුවේ ෂෝගුන් නමින් හදුන්වන මිලිටරි පාලන කමවේදයකි. 17-18 සියවසේදී දැඩි ඇමරිකානු බලපෑම් වලටද යටත් වූ ජපානය, දශක දෙකකට අධික යුද්ධ වලින් පසුව 1868දි චෝෂු සහ සත්සුමා යන ගෝත වල ඒකාබද්ධයෙන් ජපන් අධිරාජ්‍යය පිහිටවන ලදී. 19- 20 වන සියවසේ අගභාගයේදී පළමුවන සිනෝ ජපන් යුද්ධය, රුසියානු ජපන් යුද්ධය, පළමුවන ලෝක යුද්ධය ආදී යුද්ධ වලින් ලද ජයගහන හේතුවෙන් ජපන් අධිරාජ්‍ය තවත් ව්‍යාප්ත විය. දෙවන සිනෝ-ජපන් යුද්ධය දෙවන ලෝක යුද්ධය දක්වාම වර්ධනය වූ අතර එය 1941දී ආරම්භ වී 1945දී හිරොෂිමා, නගසකි නගර වලට පරමාණු බෝම්බ හෙලීමෙන්, ජපානය කොන්දේසි විරහිතව මිත හමුදාවන්ට යටත් වීමෙන් අවසන් විය. 1947 මැයි 3 වන දින නව ව්‍යවස්ථාවක් මගින් ජපානය අධිරාජ්‍යයා සමග ඒකාබද්ධ පාර්ලිමේන්තු කමයක් මගින් පාලනය කරයි.
ජපානය UN(United Nations), OECD (Organization for Economic Cooperation and Development), G7, G8, G20 යන ලෝක බලවතුන්ගේ සංවිධාන වල සාමාජිකත්වයද දරනු ලබයි. ජපානය යුධ පකාශ කිරීමේ අයිතිය ඇති රටක් ලෙස නැවත නිළ වශයෙන් නිවේදනය කර ඇති අතර, ලෝකයේ 8වන විශාලතම හමුදා අයවැය වාර්තාවද පවත්වාගෙන යමින් ස්වයං ආරක්ෂන හමුදාවක් පවත්වාගෙන යයි. (Self Defense Force). අධ්‍යාපනය සහ කාර්යක්ෂමතාවය අතරින් ජපානය ලෝකයේ ඉදිරියෙන්ම සිටි. ඉතාම ඉහළ මානව සංවර්ධිත දර්ශක සහ ඉහළම ආයු අපේක්ෂාව, ලෝකයේ 3වන අඩුම ළදරු මරණ අනුපායටද හිමිකම් කියයි.
ජපනුන් ජාතියක් ලෙස ගත් කල නිහතමානී , විනීත , කාර්‍යක්ශමතාවය අතින් ඉහල ජන වර්ගයකි.