Soft Skill Development, Leadership Training & Outbound Training.

Soft Skill Development, Leadership Training & Outbound Training. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Soft Skill Development, Leadership Training & Outbound Training., College & University, 430, Colombo Road, Gampaha.

පුද්ගලයෙකුට, පුද්ගලික සමාගමකට, ඕනෑම ප්‍රජා සoවිධානයකට, හෝ රටකට ප්‍රගමනයට තිබෙන ප්‍රධානම බාධාව වන්නේ කුමක්ද?ඒ තමයි මෙතෙක්...
22/12/2019

පුද්ගලයෙකුට, පුද්ගලික සමාගමකට, ඕනෑම ප්‍රජා සoවිධානයකට, හෝ රටකට ප්‍රගමනයට තිබෙන ප්‍රධානම බාධාව වන්නේ කුමක්ද?

ඒ තමයි මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙල අත්හැරදමා අළුත් ක්‍රියාදාමයකට යාමට ඇති අකමැත්ත. අපි පුද්ගලයින් වශයෙන් හෝ පොදුවේ අකමැතියි පුරුදුවී සිටින ඇබ්බැහිකම් අත්හරින්න. හේතුව අපි ඇබ්බැහිකම් වලට මුළුමනින්ම අනුගතවී සිටීමයි. ඒකට කියන්නේ 'පහසු කළාපය' තුල සිරගත වීම කියායි. Limiting in a Comfort Zone එහෙම වුනාම කිසිම අළුත් දේකට අත තියන්න බිය වෙනවා.

ඉතින් අපි රටක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් හෝ සoවිධානයක් වශයෙන් මෙතෙක් කල් කරගෙන ආ දේවල් තව අවුරුදු කීයක් ඉදිරියට කරගෙන ගියත් ප්‍රථිඵළය මේකම තමයි. "එකම දේවල් කරමින් වෙනස් ප්‍රථිඵළ අපේක්ශා නොකරන්න" (Albert Einstein is widely credited with saying, “The definition of insanity is doing the same thing over and over again, but expecting different results)”ප්‍රථිඵළය වෙනස් කිරීමට උවමණා නම් ආදානය හෙවත්, යෙදවුම (Input) වෙනස් කල යුතුමයි.

ඉතිහාසයේ ශ්‍රී විභූතිය ආවර්ජනය කරමින් වගාඩම්බර පෑමෙන් වර්ථමානය වෙනස් නොවේ. වර්ථමානය වෙනස් විය යුතුයයි ඔබ සිතන්නේ නම් කලයුතු වන්නේ යෙදවුම හෙවත් අප අඛණ්ඩව කරමින් සිටින පුරුදු සහ ඇබ්බැහිකම් වලින් මිදී නව පුරුදු සහ ඇබ්බැහිකම් වලට හුරුවීමය.

ඒ සඳහා මුලින්ම කලයුත්තේ අප සිතන ක්‍රමය හෙවත් ආකල්ප වෙනස් කරගැනීමයි. මන්ද යත් ඕනෑම ක්‍රියාවක් ආරම්භ වන්නේ මිනිසෙකුගේ මනස තුල හටගන්නා සිතුවිල්ලකින් බැවිනි. මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයේ පටන් මේ දක්වා මේ මිහිපිට සිදුවූ සියළු විශ්මිත නිර්මාණ මුලින්ම බිහිවූයේ මිනිසකුගේ මනස තුලය. ඉන්පසු ඒවා කඩදාසි මතටත්, අවසානයේදී මහපොලොව මත සැබෑවක් බවටත් පත්වුනා.

ඒ නිසා ඕනෑම දෙයක් වෙනස් කරන්න අවශ්‍ය නම් වෙනස් කල යුත්තේ අපගේ අවධානය යොමුවී සිරවී තිබෙන තැනින් ඉවතට ගැනීමයි. සිතන ක්‍රමය වෙනස් නොකර කිසිවක් වෙනස් නොවේ. මෙය පුද්ගලයෙක් වශයෙන් මෙන්ම රටක් වශයෙන්ද එකලෙස අදාලය. අපට දැනට තිබෙන්නේ ලෝකයේම ඉහලම දේවල්ය කියා බහුතරයක් සිතා සිටින තාක් කල්ම අපේ වර්ථමාන ස්වභාවයේ කිසිදු වෙනසක් සිදුකිරීමට නොහැකිය.

Never Let Your Ego Take Control Of Your Life!
21/12/2019

Never Let Your Ego Take Control Of Your Life!

Don’t Let Your Ego Take Control Of Your Life - Fearless Soul Download or stream more Fearless Soul speeches on: iTunes: https://goo.gl/RCwnn1 Spotify: https:...

smart
30/03/2019

smart

ඉoජිනේරු කාර්යයන් පිලිබඳව මධ්‍යම උපදේශන කාර්යාoශයේ Central Engineering Consultancy Bureau කාර්යමණ්ඩලය වෙනුවෙන් 2019.03.30 දින උස්වැටකෙයියාව මාලිමා ක්ලබ් හවුස් හෝටලයේදී පැවැතුවූ මෘදු නිපුනතා ප්‍රවර්ධන වැඩමුළුව.

06/10/2018

ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් සඳහා 2018.10.05 දින මීගමුව "ජෙට්වින් සීස්" හෝටලයේදී පැවති තාක්ෂණික පුහුණු වැඩ මුළුවේ සමාරම්භක අභිප්‍රේරණ සැසිය.

14/01/2018

"ආත්මීය ආශාව කිසිවිටෙක පරාජය නොවේ" Passion Never Fails.

" මෙහෙයුම් කළමනාකරණ කාර්‍යක්ශමතාව සඳහා අත්‍යවශ්‍ය මෘදු නිපුණතා " " Essential Soft Skills Required for Operational Effect...
27/10/2017

" මෙහෙයුම් කළමනාකරණ කාර්‍යක්ශමතාව සඳහා අත්‍යවශ්‍ය මෘදු නිපුණතා " " Essential Soft Skills Required for Operational Effectiveness"

පෞද්ගලික ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ සoගමයේ මෙහෙයුම් කළමනාකරුවන් සඳහා 2017.10.27 දින ශ්‍රීලoකා සoවර්ධන පරිපාලන අයතනයේදී පැවැත්වූ පුහුණු වැඩ සටහන.

ශ්‍රීලකා වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශකයින් සඳහා 2017.06.10 දින පැවැත්වූ අභිප්‍රේරන වැඩ මුළුව.
11/06/2017

ශ්‍රීලකා වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශකයින් සඳහා 2017.06.10 දින පැවැත්වූ අභිප්‍රේරන වැඩ මුළුව.

"ඉළක්ක ජයගැනීම සඳහා මිනිසුන් ප්‍රේරණය කිරීමේ කළාව" The Art of Influencing, in order to get what you want done. It is no ...
21/01/2017

"ඉළක්ක ජයගැනීම සඳහා මිනිසුන් ප්‍රේරණය කිරීමේ කළාව" The Art of Influencing, in order to get what you want done. It is no longer enough to lead by virtue of power alone.

සoකීර්ණ සහ විස්තීර්ණ සමාජ ආර්ථික සoදර්භයක් මගින් බලගැන්වුනු සේවාදායක වටපිටාවක සාර්ථක ලෙස කාර්‍යය ඉටු කරවාගැනීම සඳහා මිනිසුන් ප්‍රේරනය කිරීමේ කළාව. Today’s business/public environments and people issues are far too complex to return to a top-down, power based style leadership. Leaders now need to manage and lead an empowered workforce.

දියතලාව ශ්‍රී ලoකා යුදහමුදා ස්වේච්ඡා බළසේනා පුහුණු මධ්‍යස්ථානයෙහිදී 20. 01. 2017 දින අණ දෙන නිලධාරීන් සඳහා පැවත්වූ පුහුණු වැඩ මුළුව.

ශ්‍රී ලoකා මහ බැoකුවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා 2016.09.28 දින වාද්දුව ලයා බීච් හෝටලයේදී පැවැත්වූ "වෘත්තීය ස...
29/09/2016

ශ්‍රී ලoකා මහ බැoකුවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා 2016.09.28 දින වාද්දුව ලයා බීච් හෝටලයේදී පැවැත්වූ "වෘත්තීය සඵලත්වය සඳහා අත්‍යාවශ්‍ය මෘදු නිපුණතා" පුහුණු වැඩසටහන.

Address

430, Colombo Road
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Soft Skill Development, Leadership Training & Outbound Training. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share