13/04/2026
සරසවිය සවිය විය යන්න එකී සරසවි සීමාවෙන් ඔබ්බට ගෙන යන්නට ගත් උත්සහයෙන් බිදක් .......
මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ විදුලි ඉංජිනේරු සංගමය (Electrical Engineering Club) විසින් සංවිධානය කරන ලද "ශිල්ප යාත්‍රා " සම්මන්ත්‍රණ මාලාවේ එක් අදියරක් 2026 ජනවාරි මස 26 වන දින දීපන්ගොඩ මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වීමට හැකි විය . 10 සහ 11 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් හට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අත්වැලක් ලෙස මෙම ගණිත සම්මන්ත්‍රණ වැඩමුළුව පවත්වන ලදී. අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම , ඊට සමගාමීව අපහසු ගණිත ගැටලු සරලව විසදාගැනීමට මග පෙන්වීම සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බියෙන් තොරව මුහුණ දීමට ඔවුන්ගේ සිත් තුල යහපත් මානසිකත්වයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.